SriLanka Vaishnava Unity

SriLanka Vaishnava Unity 🌸 ඕම් නමෝ භගවතේ වාසුදේවාය 🌸

අප ගෞඩිය වෛශ්නව දහමේ ආදරණීය පරම ශාස්තෲන් වහන්සේ වන ශ්‍රී චෛතන්‍ය මහාප්‍රභූන් වහන්සේගේ ජන්මදිනය අදයි. අදින් වසර 540කට පෙර...
03/03/2026

අප ගෞඩිය වෛශ්නව දහමේ ආදරණීය පරම ශාස්තෲන් වහන්සේ වන ශ්‍රී චෛතන්‍ය මහාප්‍රභූන් වහන්සේගේ ජන්මදිනය අදයි. අදින් වසර 540කට පෙර බටහිර බෙංගාලයේ නවද්වීප ධාමයේදී විශ්වාම්බර නමින් උන්වහන්සේ උපත ලැබීය.
භගවාන් ශ්‍රී ශ්‍රී රාධා ක්‍රිෂ්ණ ඒකාත්මික ස්වරූපය ලෙසින්ද මහාවිෂ්ණු දෙවිඳුන්ගේ කලියුග අවතාරයක් ලෙසින්ද උන්වහන්සේගේ පහළවීම සිදුවිය.
24 වන වියේදී ගිහිගෙයින් නික්ම පැවිදි භාවයට පත් වූ උන්වහන්සේගේ අරමුණ වූයේ ක්‍රිෂ්ණ භක්ති මාර්ගය දේශනා කීරීම සහ පීඩාවට පත් ලෝක සත්ත්වයා සංසාරයෙන් එතෙර කිරීමයි. ඔබ සැමට ශුභ ගෞර පූර්ණිමා දිනක් වේවා...!!!

*චෛතන්‍ය මහාප්‍රභූ ප්‍රණාම මන්ත්‍රය*

නමෝ මහා වදාන්‍යාය
ක්‍රිෂ්ණ ප්‍රේම ප්‍රදායතේ
ක්‍රිෂ්ණාය ක්‍රිෂ්ණ චෛතන්‍ය
නාම්නේ ගෞරත්වශේ නමඃ

*පංච තත්ත්ව ප්‍රණාම මන්ත්‍රය*

ජය ශ්‍රී ක්‍රිෂ්ණ චෛතන්‍ය
ප්‍රභූ නිත්‍යානන්ද
ශ්‍රී අද්වෛත ගධාදර
ශ්‍රී වාසාදි ගෞර භක්ත වෘන්ද

*මහාමන්ත්‍රය*
හරේ ක්‍රිෂ්ණ හරේ ක්‍රිෂ්ණ
ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණ හරේ හරේ
හරේ රාම හරේ රාම
රාම රාම හරේ හරේ

13/02/2026

කලියුගයේ වේදාන්ත ආචාර්යවරුන්ගේ සර්ව වේදාන්ත දර්ශන.

04/02/2026
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක.මාගේ උත්කර්ෂවත්, ආශ්චර්‍යවත් විද්‍යාමානත්වයන් අතර ප්‍රමුඛතම විද්‍යාමානත්වයන් පිළිබඳ ...
21/01/2026

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක.
මාගේ උත්කර්ෂවත්, ආශ්චර්‍යවත් විද්‍යාමානත්වයන් අතර ප්‍රමුඛතම විද්‍යාමානත්වයන් පිළිබඳ පමණක් මා විසින් ඔබට ප්‍රකාශ කරන්නෙමි. මාගේ ශ්‍රී විභූතීන් අනන්තයි සීමා විරහිතයි. මම සියලු ජීවාත්මියෙකුගේම හෘදය තුල පරමාත්මා ලෙසින් වැඩ සිටින්නෙමි. සියලු ජීවීන්ගේ ආරම්භයත් මධ්‍යයත් අවසානයත් මමම වෙමි.
ආදිත්‍යයන් අතර විෂ්ණු මම වෙමි.
ආලෝකයන් අතර සූර්යයා මම වෙමි.
වායූන් අතර මරිචි මම වෙමි.
තාරකාවන් අතර චන්ද්‍රයා මම වෙමි.
වේදයන් අතර සාම වේදය මම වෙමි.
දේවතාවන්ගේ රජු ඉන්ද්‍ර මම වෙමි.
ඉන්ද්‍රියන් අතරින් මනස මම වෙමි.
ජීවාත්මීන්ගේ සවිඤ්ඤානකත්වය මම වෙමි.
පූජකයන් අතරින් බ්‍රහස්පති මම වෙමි.
සෙන්පතියන් අතරින් ස්කන්ධ මම වෙමි.
ජලාශයන් අතරින් සාගරය මම වෙමි.
ඍෂිවරුන් අතරින් භෘගු මම වෙමි.
ශබ්දයන් අතරින් ඕම්කාරය මම වෙමි.
යජ්නයන්ගේ ජපය මම වෙමි.
නිශ්චල වස්තූන් අතරින් හිමාල පර්වතය මම වෙමි.
සියලු වෘක්ෂයන් අතරින් නුග වෘක්ෂය මම වෙමි.
දේවතාවන් අතර මහාඍෂින්ගෙන් නාරද මම වෙමි.
ගාන්ධර්වයින් අතරින් චිත්‍රරථ මම වෙමි.
පරිපූර්ණත්වයට පත්වූවන් අතරින් කපිල මුණි මම වෙමි.
අශ්වයන් අතරින් උච්චෛස්‍රවා මම වෙමි.
හස්තීන් අතරින් ඓරාවන මම වෙමි.
මිනිසුන් අතර අධිරාජයා මම වෙමි.
ආයුධ අතරින් වජ්‍රය මම වෙමි.
එළදෙනුන් අතරින් සුරභි මම වෙමි. ප්‍රජනන හේතුකාරකයේ කන්දර්ප මම වෙමි.
සර්පයන් අතර වාසුකී මම වෙමි.
බොහෝ ශීර්ෂයන්ගෙන් යුත් නාගයන් අතරින් අනන්ත නාග මම වෙමි.
සමස්ථ ජලජ ජීවීන්ගේ වරුණ දේවතාවා මම වෙමි.
මියගිය මුතුන්මිත්තන්ගේ ආර්යමා මම වෙමි.
නීතිය ක්‍රියාත්මක කරන්නන් අතර යම මම වෙමි.
දෛත්‍යයන් අතුරින් බැතිමත් ප්‍රහ්ලාද මම වෙමි.
මැඩලන්නන් අතරින් කාලය මම වෙමි.
මෘගයන් අතර සිංහයා මම වෙමි.
පක්ෂීන් අතර ගරුඩා මම වෙමි.
පවිත්‍ර කරන්නන් අතර සුලඟ මම වෙමි.
අවි දරන්නන් අතර රාම මම වෙමි.
මත්ස්‍යන් අතරින් මකර මම වෙමි.
ගංගාවන් අතරින් ගංගා මම වෙමි.
සියලු නිර්මානයන්ගේ ආරම්භය අවසානය සහ මධ්‍යයද මමම වෙමි.
සියලු විද්‍යාවන් අතරින් ආධ්‍යාත්මික විද්‍යාව මම වෙමි.
තර්කවාදීන් අතරින් නිගමනාත්මක සත්‍ය මම වෙමි.
අක්ෂර අතරින් අ අක්ෂරය මම වෙමි.
සමාස අතුරින් ද්වන්ධ සමාසය මම වෙමි.
ක්ෂය නොවන කාලයද මම වෙමි.
මැවුම්කරුවන් අතර බ්‍රහ්ම මම වෙමි.
සියල්ල ගොදුරට ගන්නා මරණය මම වෙමි.
සමස්ථය නිර්මාණය කරන උත්පාදක මූලධර්මයද මම වෙමි.
ස්ත්‍රීන්ගේ කීර්තිය, වාසනාව, ප්‍රිය වචනය, මතකය, බුද්ධිය, අචලත්වය සහ ඉවසීමද මම වෙමි.
සාම වේද ගීතිකාවන්ගේ බෘහත්සාම ගීතිකාව මම වෙමි.
කාව්‍ය ජන්දස් අතර ගායත්‍රි ගීතිකාව මම වෙමි.
මාස අතුරින් මාර්ගශීර්ෂ මම වෙමි.
ඍතු අතරින් වසන්තය මම වෙමි.
සියලු වංචා අතරින් දූකෙලිය මම වෙමි. තේජසේ තේජස මම වෙමි.
විජයග්‍රහණය මම වෙමි.
නිර්භීතම, අවදානම්ම සහ දුෂ්කරම ක්‍රියාවත් මම වෙමි.
ශක්තියේ ශක්තිය මම වෙමි.
වෘෂ්ණිගෙන් පැවත එන්නන්ගේ වාසුදේව මම වෙමි.
පාන්ඩවයන් අතරින් අර්ජුනත් මම වෙමි.
මුණිවරු අතරින් ව්‍යාස මුණි මම වෙමි.
ශ්‍රේෂ්ඨ චින්තකයන් අතර උශනා මම වෙමි.
මර්ධනයන් අතර දන්ඩනය මම වෙමි.
විජයග්‍රහනය අපේක්ෂා කරන්නන්ගේ සදාචාරය මම වෙමි.
රහසිගත දෙයහි නිශ්ශබ්දතාව මම වෙමි.
ප්‍රඥ්ඥාවන්තයින්ගේ ප්‍රඥ්ඥාව මම වෙමි.

ඕ අර්ජුන, මම සමස්ථ පැවැත්මේ බීජ ජනනය කරමින් සිටිමි. නිශ්චල හෝ චංචල හෝ කිසිඳු ජීවියෙකුට මාගෙන් ව්‍යුක්තව පැවතිය නොහැක්කේය.
දිව්‍යමය ප්‍රකටවීම්වල සීමාවක් නොමැත්තේය. මා විසින් ඔබට පවසන ලද මේ සියල්ල යනු මාගේ අනන්ත වූ ශ්‍රී විභූතීන් පිළිබඳ හුදෙක්ම හැගවීමක් පමණි.

(භගවත් ගීතාව 10:19 - 10:40)

හරේ ක්‍රිෂ්ණා !!!කොලඹ කොටහේන ශ්‍රී ශ්‍රී රාධා ක්‍රිෂ්ණ දේව මන්දිරයේ ප්‍රාණ ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය සහ මහා කුම්භාභිෂේකම් උත...
21/01/2026

හරේ ක්‍රිෂ්ණා !!!
කොලඹ කොටහේන ශ්‍රී ශ්‍රී රාධා ක්‍රිෂ්ණ දේව මන්දිරයේ ප්‍රාණ ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය සහ මහා කුම්භාභිෂේකම් උත්සවය.

ජාත්‍යන්තර ක්‍රිෂ්ණ සවිඤ්ඤානකත්ව සංගමයේ ශ්‍රී ලංකා ශාකාව 1976 වසරේ පිහිටවූ දා සිට අද දක්වා වූ කාලයේ අතිශයින්ම වැදගත් සංධිස්ථානයක් වන මෙම උත්සවය සදහා භක්තිමත් ඔබ සැමට කරන ගෞරවණීය ආරාධනයයි මේ....

Hare Krishna,
You are cordially invited to attend the Prāṇa Pratiṣṭhā Mahā Kumbhābhiṣekam of the Sri Sri Radha Krishna Temple in Colombo, Sri Lanka.

This sacred and historic occasion marks a significant milestone for ISKCON Sri Lanka, since its establishment in 1976. The temple community is devoted to spiritual practice and selfless community service, firmly rooted in the teachings of His Divine Grace A.C. Bhaktivedanta Swami Śrīla Prabhupāda.

"ශ්‍රීමන් නාරායණ හට පමණක් භක්තිය පුදකරමින් වෙනත් කිසිඳු දේවතාවෙක් හට නමස්කාර නොකිරීම සම්බන්ධයෙන් බොහෝවිට වෛශ්නවයන් විවේච...
09/01/2026

"ශ්‍රීමන් නාරායණ හට පමණක් භක්තිය පුදකරමින් වෙනත් කිසිඳු දේවතාවෙක් හට නමස්කාර නොකිරීම සම්බන්ධයෙන් බොහෝවිට වෛශ්නවයන් විවේචනයට ලක්වේ. එය සත්‍යකි. නමුත් උදාහරණයක් ලෙස කිසියම් භාර්‍යාවක් තමන්ගේ ස්වාමිපුරුෂයා හැර වෙනත් ස්වාමියෙකු ගැන සිතන්නේ කෙසේද. එවිට ඇයගේ පතිවෘතයට සිදුවන්නේ කුමක්ද. යමෙකුට පතිවෘතතාව රකින යහපත් භාර්‍යාවකට ඇයි ඔබ ඔබේ ස්වාමියා ගැන පමණක් සිතන්නේ ඇයි ඔබට අන්‍ය පුරුෂයන් ගැන සිතිය නොහැකිද යනුවෙන් විවේචනය කළ නොහැකිය. එලෙස කරන්නේනම් එය වරදකි. එනිසා කරුණාකර මෙය වටහාගන්න. අප ආචාර්ය ශ්‍රී රාමානුජාචාර්යන් පවසන්නේ ශ්‍රීමන් නාරායණ යනු අපගේ එකම ස්වාමියා බවයි. අප ජීවාත්මීන් සියල්ල ඔහුගේ භාර්යාවන් බවයි. එනිසා පරමාත්ම විෂ්ණු යනු මගේ ස්වාමියායි, මම ඔහුගේ භාර්‍යාවයි. අප බලන්නේද සිතන්නේද ඔහු ගැන පමණයි. මට නාරායණ සමග ඇත්තේ ස්වාමි භාර්යා සම්බන්ධයයි. එම සම්බන්ධය ඔහු හා මා අතර පමණයි."
~ ආචාර්ය ශ්‍රී වේලුක්කුඩි ක්‍රිෂ්ණන් ස්වාමි~

"ඕම් තද් විෂ්ණෝ පරමම් පදම් සදාපෂ්‍යන්ති සූර්යෝ දිවීව චක්ෂුර් අතතම්තද් විප්‍රාසෝ විපන්‍යවෝ ජාග්‍රිවාම්සහ්සමින්දතේ විෂ්ණෝ ...
09/01/2026

"ඕම් තද් විෂ්ණෝ පරමම් පදම් සදා
පෂ්‍යන්ති සූර්යෝ දිවීව චක්ෂුර් අතතම්
තද් විප්‍රාසෝ විපන්‍යවෝ ජාග්‍රිවාම්සහ්
සමින්දතේ විෂ්ණෝ යත් පරමම් පදම්...."

"අහසේ හිරු කිරණ ලෞකික දර්ශනය දක්වා විහිදෙනවා සේම, ප්‍රඥාවන්ත හා උගත් බැතිමතුන් සැමවිටම විෂ්ණුන්වහන්සේගේ උත්තරීතර වාසස්ථානය දකී. එම අතිශයින් ප්‍රශංසනීය හා අධ්‍යාත්මිකව අවබෝධයට පත් බ්‍රාහ්මණයන්ට අධ්‍යාත්මික ලෝකය දැකගත හැකි බැවින්, ඔවුන්ට විෂ්ණුන්වහන්සේගේ එම උත්තරීතර වාසස්ථානය හෙළි කිරීමටද හැකි වේ."

~ ඍග් වේදය ~

"වෛශ්නව බැතිමතෙකු කිසිවිටෙකත් තමන්ගේ වර්ථමාන තත්වය පිළිබඳ කම්පා නොවේ. තමන් මේ මොහොතේ සිටින්නේ පීඩාවිදිමින්ද නැතහොත් විනෝ...
08/01/2026

"වෛශ්නව බැතිමතෙකු කිසිවිටෙකත් තමන්ගේ වර්ථමාන තත්වය පිළිබඳ කම්පා නොවේ. තමන් මේ මොහොතේ සිටින්නේ පීඩාවිදිමින්ද නැතහොත් විනෝද වෙමින්ද යන්න වෛශ්නව භක්තිකයා නොසිතයි. ඔහු හෝ ඇය උනන්දුවන්නේ මේ මොහොතේ තමන්ට උත්තරීතර දෙවියන් වහන්සේ වෙනුවෙන් කළහැකි සේවාව කුමක්ද යන්න පමණි. වෛශ්නව මනෝභාවය එයයි."

~ පූජ්‍ය දෛවී ශක්ති මාතාජි ~

06/01/2026

Immerse yourself in the divine grace of Shri Krishna! 🌸✨

Let the serene notes of Shri Vishnu Dhyanam uplift your spirit, filling your heart with devotion. 🩷🙌🏼

Address

Devinuwara

Telephone

+94762010854

Website

Alerts

Be the first to know and let us send you an email when SriLanka Vaishnava Unity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share