Siri Samanthabhadra Arhat Maha Thero

Siri Samanthabhadra Arhat Maha Thero The official page of Siri Samanthabhadra Arhat Maha Thero; The enlightened one of the moder

සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ අනුශාසනාව සහ මග පෙන්වීම යටතේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය කැනේඩියානු සමාගමක් වන Cha's org...
13/08/2026

සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ අනුශාසනාව සහ මග පෙන්වීම යටතේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය කැනේඩියානු සමාගමක් වන Cha's organic ආයතනයෙහි නිර්මාතෘන් වන Chanaka Kurera හා Marise දෙපළගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුණු හබරණ eco park හි අලිඇතුන් සඳහා පිරිසකල කළ ජලාශ ව්‍යාපෘතිය කැනේඩියානු "Grocer Impact Award" සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා. සිදුකළ මෙම වැව් ව්‍යාපෘතිය නිසා අද එම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් අවම වී, සතුන්ගේ ජල අවශ්‍යතා සම්පූර්ණ වීමත්, එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාර හරහා ඩොලර් මිලියන ගණනක ආදායමක් ඉපැයීමටත් හැකියාව ලැබීම සතුටට කරුණකි.
🔸🔸🔸

Under the visionary guidance and counsel of Siri Samanthabhadra Arhat Maha Thero, the Umandawa Global Buddhist Village spearheaded a reservoir restoration project for wild elephants at the Habarana Eco Park. This noble initiative, generously sponsored by Chanaka Kurera and Marise, the founders of the Canadian company Cha's Organics, has proudly been honored with the prestigious Canadian "Grocer Impact Award."
It is a matter of immense joy and satisfaction to witness the positive outcomes of this revitalized reservoir project. Today, it has successfully fulfilled the water requirements of the local wildlife, thereby significantly mitigating the human-elephant conflict in the region. Furthermore, it is highly commendable that this initiative has paved the way for the area to generate millions of dollars in revenue through a flourishing tourism industry

Here it is.
https://canadiangrocer.com/2026-impact-awards-winners-sustainability














(Corporate Social Responsibility)

පසුගිය 2025 වසරේදී හිමාල කඳුකරයේ ලඩාක් හි මහාබෝධි විහාරයට වැඩම කල අවස්ථාවේ උමංදාව විසින් ඉදි කරනු ලැබූ අඩි 20ක් උස සමාධී...
11/08/2026

පසුගිය 2025 වසරේදී හිමාල කඳුකරයේ ලඩාක් හි මහාබෝධි විහාරයට වැඩම කල අවස්ථාවේ උමංදාව විසින් ඉදි කරනු ලැබූ අඩි 20ක් උස සමාධී බුද්ධ ප්‍රතිමාව දැකබලා වැඳ පුදා ගන්නටත්, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ පිලිරුව දැකගැනීමටත් අද දින ටිබෙටයේ අධ්‍යාත්මික නායක දළයිලාමා වැඩම කරනු ලැබුවා. සිංහල ප්‍රතිමා කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන සමාධි බුද්ධ ප්‍රතිමාව දලයිලාමා තුමා විසින් මහත් සේ අගය කරනු ලැබුවා. එම ප්‍රතිමා වහන්සේ හෙල බොදු සංස්කෘතියේ ඓතිහාසික සලකුණක් ලෙස තවත් බොහො කලක් හිමාල කඳු මුදුනේ සමාධිමත්ව වැඩ හිඳිනු ඇත

උතුරත් දකුණත් ආධ්‍යාත්මික ආදරයෙන් එක් කෙරෙන උමංදාව ප්‍රේමයේ චාරිකාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් මඩකළපුව දිස්ත්‍රික්කයත්...
06/08/2026

උතුරත් දකුණත් ආධ්‍යාත්මික ආදරයෙන් එක් කෙරෙන උමංදාව ප්‍රේමයේ චාරිකාව

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් මඩකළපුව දිස්ත්‍රික්කයත් වෙන්වන මායිමේ පිහිටි
වෙරුගල්ආරු කුඩා කතරගම දේවාලයට පාදයාත්‍රාවේ පැමිනෙන 30,000 කට අධික බැතිමතුන් වෙනුවෙන් උමංදාව මගින් සැප්තැම්බර් 24 දිවා ආහාරය පිලියෙල ලබාදීමට සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේත්, වෙරුගල් දේවාලයේ භාරකාර තුමන් හා ප්‍රාදේශීය ලේකම් හා අනෙකුත් පිරිස සමඟ අද දින සාකච්ඡා කරනු ලැබුවා.

ඔබටත් මේ සදහා ශ්‍රමයෙන් ,ධනයෙන් දායකත්වය දක්වන්න පුළුවන්
Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
People's bank dehiwala.
Acc No: 019100130010152
Swift Code: PSBKLKLX

[email protected]
+94773686686 ( whatsapp )
+94775440888 (/whatsapp )

උමංදාව පොහොය වස් ආරාධනාව ඊයේ ඇසළ පුන්පොහෝ දා  Siri Samanthabhadra Arhat Maha Thero ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එයට අනුග...
30/07/2026

උමංදාව පොහොය වස් ආරාධනාව ඊයේ ඇසළ පුන්පොහෝ දා Siri Samanthabhadra Arhat Maha Thero ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එයට අනුග්‍රහය දක්වන ලද්දේ එංගලන්තයේ පදිංචි අයිරාංගනී රාජපක්ෂ මහත්මියයි. ඇසළ පුන්පොහෝ දින සවස් යාමයේදී සුපුරුදු පරිදි බොහෝ ජනකායක් උමංදාව වැඳපුදා ගැනීමට පැමිණියහ.

ඇසළ පොහොය දින සද්ධර්ම දේශනාව අද දින දෙහිවල බෙල්ලන්තර Siri Sadaham Ashramaya දී පැවැත්වුණා. එහිදී Siri Samanthabhadra Arh...
29/07/2026

ඇසළ පොහොය දින සද්ධර්ම දේශනාව අද දින දෙහිවල බෙල්ලන්තර Siri Sadaham Ashramaya දී පැවැත්වුණා.
එහිදී Siri Samanthabhadra Arhat Maha Thero විසින් සිදු කළ දේශනාව තුළදී මතු කෙරුණු කරුණු නම්, කෙනෙකු විසින් ශ්‍රවනය කල සියල්ල එම පුද්ගලයාගේ අවබෝදය නොවන බවද, බොහෝ විට තමන්ගේ ව්‍යාජ සිත නිවන් මාර්ගය හුවා දක්වමින් ලෞකික ආශාවන් පසු පස යන බවද,
ලෞකික පුද්ගලයෙකුගේ සිතුවිලි එක තැන පල් වන ජලාශයක රැස් වී ඇති කොල ගොඩක් ලෙසද, පුළුල් සිහියක් ඇති ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන පුද්ගලයාගේ සිතුවිලි ගලා යන ජල මාර්ගයක ගමන් කරනා කොල ලෙසද උදාහරණ ගනිමින් උන්වහන්සේ විසින් පෙර නොඇසූ නිර්වාණ මාර්ගය දේශනා කලහ.

තවද තම ශක්තිය අවදිකර දේවත්වයට පත් වූ අය කිසිදා වයසට නොයන බවද, ඔවුන් සදාකාලික තාරුණ්‍යයජ් තුළ මංගල්‍යයක් සමරන බවද කතරගම දෙවියන්, වල්ලි අම්මා හා තේවානි අම්මා උදාහරණ ලෙස ගනිමින් උන්වහන්සේ විසින් සාම්ප්‍රදායික නොවන ආධ්‍යාත්මික තත්ව පිලිබඳවද දීර්ඝ ලෙස පැහැදිලි කලහ.
අනතුරුව සිරි සඳහම් ආශ්‍රමයේ වැඩ වසන ස්වාමින්වහන්සේ ලා වෙනුවෙන් වස් අරාධනවා ඉන්ද්‍රා පෙරමුණගේ හා සශික රණසිංහ මහත්මා විසින් සිදුකරනු ලැබුණි.

අනතුරුව ශ්‍රමදානය හා පැමින සිටි සියලු දෙනා හට පිලිගැන්වූ දහවල් දන්සලෙන් අනතුරුව අද දින වැඩසටහන නිමාව දුටුහ.

සොබාදහම නම් වූ දෙවියන් තුල අධ්‍යාත්මය අවදි කරගැනීම පිළිබඳ සදාතනික පණිවිඩයක් වන ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් වෙනුවෙන්...
28/07/2026

සොබාදහම නම් වූ දෙවියන් තුල අධ්‍යාත්මය අවදි කරගැනීම පිළිබඳ සදාතනික පණිවිඩයක් වන ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන මහ පෙරහැරට සියල්ල සූදානම් වන අතරේ Siri Samanthabhadra Arhat Maha Thero කතරගම පුදබිමට ඊයේ දින වැඩම කරනු ලැබුවා.
🔸🔸🔸
"As all preparations are underway for the grand procession dedicated to Skanda Kumara, also known as the God of Kataragama—which embodies the eternal message of spiritual awakening within the divinity of nature—Siri Samanthabhadra Arhat Maha Thero arrived at the sacred grounds of Kataragama yesterday
🔸🔸🔸
"இயற்கை என்னும் தெய்வத்தினுள் ஆன்மீகத்தை விழிப்படையச் செய்வது குறித்த நித்திய செய்தியாக விளங்கும், ஸ்கந்த குமாரன் எனப்படும் கதிர்காமத் தெய்வத்திற்காக நடைபெறும் மாபெரும் பெரஹரவிற்கான அனைத்து ஏற்பாடுகளும் தயாராகி வரும் வேளையில், ஸ்ரீ சமந்தபத்ர அரஹத் மஹா தேரர் நேற்று கதிர்காமப் புனித பூமிக்கு வருகை தந்தார்."

හැමදෙනාම බොහොම කැමති අතීතයේ සුන්දර මතකයන් තුල වර්ථමානයේ ජීවමාන වෙන්න...  නමුත් ඒ අතීතය "ගෙවී අවසන්" නැවත එයට ජීවය ලබාදිය...
27/07/2026

හැමදෙනාම බොහොම කැමති අතීතයේ සුන්දර මතකයන් තුල වර්ථමානයේ ජීවමාන වෙන්න... නමුත් ඒ අතීතය "ගෙවී අවසන්" නැවත එයට ජීවය ලබාදිය නොහැකිබව ඔබ ඔබේ හිතට කියන්න...නමුත් හිත එය නොපිලිගනීවි...මතක තියාගන්න මට ඕන විදිහට මම කැමති අය එමෙන්ම ලෝකය ද නොපවතින බව සතුටුවන්න පුරුදුවන්න දැන් ඔබට තියෙනදේ හොදම දේය කියා එවිට අර කියූ සුන්දර අතීතය තුල නුඹ නැවත ජීවමාන වනු ඇත.අලුත් මිනිසෙකු ලෙසින්...

සිය ධූර කාලය අවසන් වී ශ්‍රී ලංකාවට සමුදීමට නියමිත වත්මන් චීන තානාපති  H.E. Qi Zhenhong මහතාගේ ආරාධනයකට අනුව අද Siri Sama...
26/07/2026

සිය ධූර කාලය අවසන් වී ශ්‍රී ලංකාවට සමුදීමට නියමිත වත්මන් චීන තානාපති H.E. Qi Zhenhong මහතාගේ ආරාධනයකට අනුව අද Siri Samanthabhadra Arhat Maha Thero කොළඹ පිහිටි චීන තානාපති කාර්‍යාලයට වැඩම කොට චීන තානාපතිතුමන් මුණ ගැසුණා. චීන තානාපති තුමන් දේශීය වටිනාකම් හඳුනාගනිමින් ලංකාවට සිදුකළ සේවාව සහ සියලු පාර්ශව සමඟින් රාජ්‍ය තාන්ත්‍රිකව සුහදව කටයුතු කිරීම සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ විසින් එහිදී ඉමහත් සේ අගය කළා. එමෙන්ම Umandawa Global Buddhist Village මඟින් කරගෙන යනු ලබන ව්‍යාපෘතිය හා සේවාවන් බෙහෙවින් එතුමන් විසින් පැසසුමට ලක්කලා

Venerable Siri Samanthabhadra Thero visited the Chinese Embassy in Colombo today to meet with the current Chinese Ambassador, H.E. Qi Zhenhong, who is scheduled to bid farewell to Sri Lanka following the completion of his tenure.
During the meeting, Venerable Siri Samanthabhadra Thero highly commended the Ambassador for the services he rendered to Sri Lanka while recognizing local values, as well as for his cordial and diplomatic engagement with all parties.
Furthermore, the Ambassador highly praised the projects and services being carried out by the Umandawa Global Buddhist Village.

今天,尊敬的 Siri Samanthabhadra 尊者访问了位于科伦坡的中国大使馆,会见了任期届满、即将告别斯里兰卡的现任中国驻斯大使戚振宏阁下。
在会面中,Siri Samanthabhadra 尊者高度赞扬了大使在尊重当地价值观的同时为斯里兰卡所做出的贡献,以及他与各界人士保持的友好且富有外交风范的交流。
此外,大使也对乌曼达瓦全球佛教村(Umandawa Global Buddhist Village)正在开展的各项项目与服务给予了高度评价

#ශ්‍රීලංකාව #චීනය #උමංදාව #සිරිසමන්තභද්‍රස්වාමින්වහන්සේ

සිරි සදහම් ආශ්‍රමය සැමදා සත්‍ය ගවේශකයන්ගේ තෝතැන්නයි.සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ විසින් ඇසළ විපස්සනා භාවනා වැඩසටහන...
21/07/2026

සිරි සදහම් ආශ්‍රමය සැමදා සත්‍ය ගවේශකයන්ගේ තෝතැන්නයි.

සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ විසින් ඇසළ විපස්සනා භාවනා වැඩසටහනේදී කෙනෙක් ආධ්‍යාත්මික මාර්ගයේදී තමන්ගේ මමත්වයට බර තීරන නොගැන සිටීම පිලිබඳවද, බාහිර ලෝකයේ ඇති කුණු සොයමින් තමන්ගේ ශක්තිය බාහිර ලෝකයේ විසිරුවා නාස්ති කරගන්නා ජීවිතය හා තමාගේ ආධ්‍යාත්මය ගවේශනය කරමින් සිත සතුටින් පුරවාගන්නා ආකාරයද, බාහිර කුනු සොයමින් එලියට විසුරුවා ඇති තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය නැවත එක් කරගනිමින් තමන්ගේ පිරිසිදු ආධ්‍යාත්මය මතුකොට ශක්තිමත් කරගන්නා ආකාරය හා තමා අවට සිටින මිනිසුන් "කාර්‍යාල" මට්ටමින් (අතේ දුරින්) පමණක් ආශ්‍රය කිරීමෙන් බොහෝ රැවටීම් වලින් ඉවත්විය හැකි බවද උන්වහන්සේ විසින් තව තවත් පැහැදිලි කළහ.

අනතුරුව ශ්‍රමදානය හා මාසයක් පාසා දෙනු ලබන යාචක දානයෙන් අනතුරුව ඇසල මස විපස්සනා ධර්ම දේශනාව නිමාව දුටුහ.

Address

Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Siri Samanthabhadra Arhat Maha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Siri Samanthabhadra Arhat Maha Thero:

Shortcuts

Share