Mahamevnawa Anagarika Asapuwa- Muthugala

Mahamevnawa Anagarika Asapuwa- Muthugala This is the official FaceBook page of Mahamevnawa Buddhist Nuns Monastery.

29/08/2026

අතහැරීමෙන් උපදින සිතේ සැනසීම...

29/08/2026

දිවා රෑ පින් වැඩෙනා පින් ගඟුලට එක් වන්න..!!!

සියලු විමසීම් - 077 6815 215

28/08/2026

විශේෂභාගී කර්ම උපදවන ධර්මශාලාව...

28/08/2026

දෙවියනුත් පතන මිනිස් ලොව උතුම්ම ලාභය...

අප්පකං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථි...
28/08/2026

අප්පකං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණන්ති.

‘මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකට ය, සුළු මොහොතකට ය, ඉතා කෙටි ය, බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ පීඩා ඇත්තේ ය, එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය, කුසල් කළ යුත්තේ ය, බඹසරෙහි හැසිරිය යුත්තේ ය, උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය’

(අංගුත්තර නිකාය - සත්තක නිපාතෝ - අරක සුත්තං)

28/08/2026

“අප්‌පමිදං භික්ඛවේ මනුස්‌සානං ආයු, ගමනීයෝ සම්‌පරායෝ, කත්‌තබ්‌බං කුසලං, චරිතබ්‌බං බ්‍රහ්‌මචරියං, නත්‌ථි ජාතස්‌ස අමරණං.”

“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ඉතාම ස්වල්පය ය. පරලොව යා යුත්තේය. එහෙයින් උපන් මිනිසා කුසල් කටයුත්තේය. බඹසර හැසිරිය යුත්තේය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේය.”

- භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ -
(පඨම ආයු සූත්‍රය - සං.නි. 1)

නිකිණි පුන් පෝ දින සීල භාවනා වැඩසටහන - ශ්‍රී බු.ව. 2570🌼 අපගේ භාග්‍යවතුන් වහන්සේටත්, මහරහතන් වහන්සේලාටත්, මහ රහත් තෙරණින...
28/08/2026

නිකිණි පුන් පෝ දින සීල භාවනා වැඩසටහන - ශ්‍රී බු.ව. 2570

🌼 අපගේ භාග්‍යවතුන් වහන්සේටත්, මහරහතන් වහන්සේලාටත්, මහ රහත් තෙරණින් වහන්සේලාටත් පූජා පිණිස පැවැත්වු උදෑසන ක්ෂීර පායාස පුජාවන්...
🌼 මහමෙව්නා වාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් විසින් සිදුකළ සදහම් වැඩසටහන...
🌼 අසිරිමත් ආනන්ද ථේරාභිවන්දනාව
🌼 සිඟිති දහම් සෙවණේ පින්වත් දූ පුතුන් විසින් සිදු කළ පිරිත් සජ්ජායනාව
🌼අසපු භූමිය වන්දනාව පැමිණි සැදැහැවතුන්ට ලබා දුන් සුප් දන්සැල...

රැස් කළ සියලු පුණ්‍යධර්මයන් උපකාර කළ සියලු දෙනාටත් දැක බලා සතුටු වන ඔබටත් අනුමෝදන් වේවා!

ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්නට සියලු දෙනාටම වාසනාව උදා වේවා!

27/08/2026

දහම් අසන්නට පැමිණෙන දහස් ගණනක් හදවත් සැනසෙන පින්බිම තනන්නට ඔබත් එක්වන්න..!

27/08/2026

වෙනස් වන මිනිසුන් හමුවේ ඔබ...., ඔබේ සිතේ සැනසීම රැකගන්න...

ආනන්ද තෙරුන්ගේ ගාථා1017. කේලාම් කියාගෙන, ක්‍රෝධ කරගෙන, මසුරුකම් කර කර විනාශ වෙලා යන්ට කැමැති උදවිය ඉන්නවා. ඒ ගොල්ලන් එක්...
27/08/2026

ආනන්ද තෙරුන්ගේ ගාථා
1017. කේලාම් කියාගෙන, ක්‍රෝධ කරගෙන, මසුරුකම් කර කර විනාශ වෙලා යන්ට කැමැති උදවිය ඉන්නවා. ඒ ගොල්ලන් එක්ක මිත්‍රවෙන්ට ඤාණවන්තයෙක් කැමැති නෑ. පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්.

1018. ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, ප්‍රඥාවන්ත උදවිය ඉන්නවා. ඒගොල්ල ධර්මයත් හොඳට දන්නවා. ඤාණවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි. සත්පුරුෂයන් සමග ඇසුරු කිරීම සුන්දර දෙයක්.

1019. ඇට නහරවලින් ගලපා සකස් කරන ලද නොයෙක් ලෙඩ රෝගවලින් ගහන මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි බලන්ට ඕන. එහෙත් අඥාන ජනයා නොයෙක් කාම සිතුවිලි සිත සිතා මේ ශරීරය විචිත්‍ර විදිහට සරසනවා. ඒ වුණත් මේ කයේ ස්ථිර පැවැත්මක් නෑ.

1020. මේ ශරීරය ඔතල තියෙන්නෙ හමකින්. ඇට ගොඩක් ඇතුළෙ තියෙනවා. නමුත් පිටතින් මුතු මැණික් ආභරණවලින් ලස්සනට හැඩ ගන්වල තියෙන්නෙ. මේ ශරීරය හැඩට පෙනෙන්නෙ වස්ත්‍රවලින් වෙළෙන නිසයි.

1021. යටිපතුල් පාට කරල තියෙන්නෙ. සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරල තියෙන්නෙ. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් කිසි පලක් නෑ.

1022. ඔලුවට නොයෙක් කොණ්ඩා මෝස්තර දානවා. ඇස්වල අඳුන් ගානවා. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් හොයාගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.

1023. මේ කුණු ශරීරය නොයෙක් විදිහට සරසල අලුත් භාජනයක් වගේ තියාගත්ත ද, මෝඩ ජනතාවගේ මෝඩකමට විතරයි ඒක ගැලපෙන්නෙ. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.

1024. මුව වැද්දා මුවන් අල්ල ගන්ටයි උගුල අටෝල තියෙන්නෙ. ඒ වුණාට මුවා නම් උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬන කොට අපි ගොදුරු කාල පැනල දුවනවා.

1025. මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා නම් උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙනකොට අපි ගොදුරු කාල පැන දුවනවා.

1026. ගෞතම ගෝත්‍ර ඇති ඒ භික්ෂුව විචිත්‍ර ධර්ම කථිකයෙක්. බහුශ්‍රැත කෙනෙක්. බුදු සමිඳුන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ඔහු තමා. කෙලෙස් බර පැත්තකින් තියල සියලු දුකින්ම වෙන්වෙලා සැතපෙන්නෙ.

1027. ඒ භික්ෂුව තුළ ආශ්‍රවයන් නෑ. ඔක්කොම කෙලෙස් වලින් ඉවත් වුණා. ඒ කෙලෙස්වලින් නිදහස් වුණා. ඇත්තෙන්ම එයා නිවී ගියා. ඉපදෙන මැරෙන මේ සංසාරෙන් එතෙර වෙලා අන්තිම ශරීරය දරාගෙනයි ඉන්නෙ.

1028. හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන්ගේ ධර්මය තමයි ඔහුගේ හදවතේ පිහිටා තියෙන්නෙ. ඒ ගෞතම ගෝත්‍ර ඇති ආනන්ද භික්ෂුව නිවනට යන මාර්ගයේ ඉන්න කෙනෙක්.

1029. බුදු සමිඳුන් ගෙන් ධර්මස්කන්ධ අසූ දෙදාහක් මං ලබාගත්තා. ශ්‍රාවකයින් ගෙන් දෙදහසක ධර්මස්කන්ධයක් මං ලබාගත්තා. මං ප්‍රගුණ කරගත්තා ධර්මස්කන්ධ අසූහාරදහසක්.

1030. ධර්ම ඥානයක් නැති කෙනා හැදෙන්නෙ හරකෙක් වගේ. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. ඔහුට ප්‍රඥාව වැඩෙන්නෙ නෑ.

1031. එහෙත් බහුශ්‍රැත තැනැත්තා අර දහම් දැනීමක් නැති කෙනාව තමන්ගෙ ධර්ම ඥානයෙන් අවනත කර ගන්නවා නම් එබඳු බහුශ්‍රැත උදවිය ගැන මට හිතෙන්නෙ මෙහෙම. එයා පහනක් අතින් දරාගෙන ඉන්න අන්ධයෙක් වගේ.

1032. ඇසුරු කරන්ට ඕන බහුශ්‍රැත කෙනෙක්වමයි. එතකොට තමන් අහල තියෙන දේ නැති වෙන්නෙ නෑ. මේ බ්‍රහ්මචාරී ජීවිතයට ඒක මුල් වෙනවා. එනිසා ධර්මධරයෙක් වෙන්ට ඕන.

1033. ඉතා හොඳින් ධර්මය ගැලපීමට දන්නා, ඒ ධර්මයෙහි අර්ථය දන්නා, ධර්ම අර්ථ විස්තර කිරීමට දක්ෂ කෙනා ඒ ධර්මය ගන්නේ ඉතා යහපත් ලෙසින්. අර්ථය ද නුවණින් විමසයි.

1034. ජීවිතයට ධර්මය ගලපා බලන කොටයි ධර්මයේ හැසිරෙන්නට කැමැත්තක් ඇතිවන්නේ. එතකොටයි උත්සාහයෙන් ධර්මයේ හැසිරෙන්නෙ. ඒ කෙනා භාවනාවට වීරිය කරයි. තමන්ගේ සිතත් සමාධිමත් කරගනී.

1035. බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ප්‍රඥාවන්ත, බුද්ධිමත් ශ්‍රාවකයා, ධර්ම ඥානය ලබාගැනීමට හරිම කැමතියි. ඇසුරු කළ යුත්තේ අන්න එබඳු ශ්‍රාවකයන්වයි.

1036. මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරගෙන ඉන්න බහුශ්‍රැත, ධර්මධර, පූජනීය වූ ඒ භික්ෂුව සියලු ලෝකයට ඇසක් වගේ.

1037. ධර්මය තුළ ජීවත්වෙන ධර්මයටම ඇලී සිටින, ධර්මයම සිහි කරන, ධර්ම චින්තා ඇති භික්ෂුව කවදාවත් ධර්මයෙන් පිරිහෙන්නෙ නෑ.

1038. ශරීරය ගැන ලෝභකමින්, ශරීරයටම ගරු කර කර ඉන්න කෙනා ශරීරය පිරිහෙන කොට ධර්මයෙනුත් පිරිහිලා යනවා. ශරීර සැපයට ගිජු වුණොත් ශ්‍රමණ සැපයක් කොහොම ලබන්ටද?

1039. මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තමයි සැරියුත් තෙරුන්. උන්වහන්සේ පිරිනිවන් පෑව බව ආරංචි වුණහම හැම දිශාවක්ම පේන්නෙ නැතුව ගියා. ධර්මය වැටහෙන්නෙ නැතුව ගියා. මට හැඟුණේ මුළු ලෝකයම අඳුරු වෙලා ගියා වගේ.

1040. කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සෙ ශාස්තෘන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ ඇත්තෙන්ම මට කායානුපස්සනාව තරම් වෙන මිත්‍රයෙක් නෑ.

1041. ඒ පැරණි මිතුරන් දැන් නෑ. අළුත් මිතුරන් මට ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා වැස්සෙන් බේරෙන්ට කැදැල්ලට ආපු කුරුල්ලෙක් වගේ මං තනියම භාවනා කරනවා.

1042. නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින් මාව මුණ ගැසෙන්ට බලා සිටිනවා. ඒ ගොල්ලන්ව වලක්වන්ට එපා! බණ අහන්ට කැමති ඒ හැමදෙනාම මාව දකිත්වා! දැන් එයට කාලයයි.

1043. නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින් බුදු සමිඳුන්ව දැකගන්ට බලාගෙන හිටියා. එතකොට ශාස්තෘන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. සදහම් ඇස් ඇති මුනිඳුන් ඔවුන්ව වැලැක්කුවේ නෑ.

1044. මං අවුරුදු විසිපහක් ම ගත කළේ නිවන් මග පුහුණු වන (සේඛ) භික්ෂුවක් හැටියට. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැඟීමක් වත් නෑ.

1045. අවුරුදු විසිපහක් ම මං ගත කළේ සේඛ භික්ෂුවක් හැටියට. ධර්මයේ ආශ්චර්යය බලන්න. එතෙක් කාලෙකට මං තුළ ද්වේෂය ගැන හැඟීමක් වත් ඇතිවුණේ නෑ.

1046. අවුරුදු විසිපහක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත කයින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

1047. අවුරුදු විසිපහක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත වචනයෙන්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

1048. අවුරුදු විසිපහක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත සිතින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

1049. බුදු සමිඳුන් සක්මන් කරද්දි මාත් උන්වහන්සේ පිටුපසින් සක්මන් කළා. උන්වහන්සේ දහම් දෙසද්දී තමයි මට ඥානය පහළ වුණේ.

1050. මං තවමත් ඉන්නෙ නිවන් මග පුහුණු වන කෙනෙක් හැටියට. කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. අරහත්වයට පත්වුණ කෙනෙක් නෙමෙයි. නමුත්, මං ගැන ගොඩක්ම අනුකම්පා කොට වදාළ ශාස්තෘන් වහන්සේ දැන් පිරිනිවන් පෑමට ආසන්නයි.

1051. සියලුම උත්තම ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ සම්බුදු සමිඳුන් පිරිනිවන් පා වදාළ වෙලාවෙ මුළු ලෝකයම කම්පා වුණා. බියජනක හඬ පැතිරුණා. ලොමුදහ ගැනීම් ඇතිවුණා.

1052. මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ, මුළු ලෝකයට ඇසක් වැනි ආනන්දයන් වහන්සේත් පිරිනිවන් පෑවා.

1053. මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ආනන්දයන් වහන්සේ මුළු ලෝකයට ඇසක් වගේ අඳුර දුරලනවා.

1054. ඥාන ගති ඇති, සිහි නුවණ ඇති, බලවත් ප්‍රඥා ඇති, ඉසිවරයෙක් වන ආනන්දයන් වහන්සේ ශ්‍රී සද්ධර්ම මාණික්‍යයන් දරාගෙන සිටින මැණික් ආකරයක් වගෙයි.

1055. මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නෑ.

මේ වනාහී ආයුෂ්මත් ආනන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

Address

Mutugala
Dambadeniya

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94373155955

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Anagarika Asapuwa- Muthugala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Anagarika Asapuwa- Muthugala:

Shortcuts

Share