Sri Puja Bhanda

Sri Puja Bhanda අටපිරිකර සහ සියළුම පූජා භාණ්ඩ සඳහා විශ්වාසනීය නාමය...

Atapirikara & all Buddhist offering goods..

🌼 නිකිණි පොහොය දිනයේ වැදගත්කම 🌼ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. ...
27/08/2026

🌼 නිකිණි පොහොය දිනයේ වැදගත්කම 🌼

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු ය. නිකිණු පුනු පොහෝ දිනය භික්‍ෂූන් වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි වපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළඹෙන හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්‍ය්‍යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ, වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි මහා වග්ගයේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතු ය. පසු වස් එළඹීය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූණ් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හ, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදී ස්ථාන වල නො එළඹිය යුතු ය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං, යො උපගච්ඡෙය්‍ය ආපත්තී දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹීය යුතු ය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි දේශනා කොට ඇත. වහළක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතු ය. වස් විසීමට සෙනසුනක් කරවා දෙන දායක කාරකාදී කෙනෙකුන් නැතිනම් උපකාරකයන් සොයාගෙන ‍හෝ සෙනසුනක් කරවා ගත යුතු බවත් උපකාරකයන් ද සොයා ගන්නට නො හැකි නම් තමා විසින් ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතු බවත් වදාරා ඇත. කොතරම් සැලකිල්ලෙකින් මේ ශාසන ප්‍රතිපත්ති රැකිය යුතු ද යනු මේ බුද්ධ නියමයෙන් පැහිදිලි වෙයි.

🌸 ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්‍මසංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්‍ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ. වීර්‍ය්‍ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මදක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා පොළොවෙන් මිදින. හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන්වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදු විය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.

තායිලන්තයන් ආනයනය කරණලද ක්‍රිස්ටල්/ ඇක්‍රලික් ධාතු මංජුසා මිළ දී ගැනීමට අමතන්න/WhatsApp 077 549 1491  #ධාතු   #මංජුසා   ...
20/08/2026

තායිලන්තයන් ආනයනය කරණලද ක්‍රිස්ටල්/ ඇක්‍රලික් ධාතු මංජුසා මිළ දී ගැනීමට අමතන්න/WhatsApp 077 549 1491

#ධාතු
#මංජුසා


🌷දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං🌷☸️ ලෝකයෙහි සම්බුදු උපත දුර්ලභය ☸️“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දු...
16/08/2026

🌷දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං🌷
☸️ ලෝකයෙහි සම්බුදු උපත දුර්ලභය ☸️

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩුව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.

ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.

එසේ වුව ද බුදුඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුදගලයන් එතරම් ගණන් නොගත්තද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභව ලැබෙන එබඳු වටිනාදේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මතම ජීවත් වන්නේ මුළාව නිසාය.

ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

“භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය.”

බුදුහිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභව ලැබිය යුතු බව පැහැදිලි වේ.

🪷පළමු වැනි කරුණ වන්නේ බුදුඋපතයි. බුදුඋපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.

“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව - 19)

මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක්ම බුද්ධත්වය ලබන්නේය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකිය. සාගරය පරදා රුධිරයද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හදුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේය.

🪷දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.

“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)

බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මකව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.

“මහණෙනි , පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක්ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක්ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේද?”

මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝය.එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේය” මිනිසත් බවෙහි දුුර්ලභත්වය එයින්ම පැහැදිලි වේ.

“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන්ද එය පැහැදිලිවේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේම දෙවි වන්නේද පේ‍්‍රත, භූ®ත වන්නේද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුවය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාටය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙරව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අදම වෙහෙසිය යුතුය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “ අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතුය.

🪷තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවටය. පින්කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.

1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. ප්‍රේතව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය

මේ අවස්ථා අටම පින් කිරීමට අපහසු කාලයන්ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතුය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා...” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතුය.

🪷සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීමද හැම කෙනකුටම සිදු කළ නොහැකිය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත්ව ද්වේෂයෙන් දූෂිතව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේය.

🪷පස්වැනි දුර්ලභව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නොලැබේ. අද වුවද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රිකව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.

දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකිය. “ධම්මං විනා නÀථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.

මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතුය. එයට හේතුව දුල්ලභව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේදැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතුය.

අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය - පණ්ඩිත වග්ගය)

“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩම ඔබ මොබ දුවන්නෝය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔව්හු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝය.”

ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින්ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධවේ. එබැවින් අද අදම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩුව ලබාගත යුතුය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස්ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහාද වෙහෙසිය යුතුය.

තෙරුවන් සරණයි !

Copied...

කප්රුක්/කංචුක පුජාවන් අලුතින්ම පමණක්  නිමවා ගැනීමට අමතන්න. 077 549 1491 #කප්රුක්  #කංචුක
07/08/2026

කප්රුක්/කංචුක පුජාවන් අලුතින්ම පමණක් නිමවා ගැනීමට අමතන්න. 077 549 1491

#කප්රුක් #කංචුක

මංගල නැකැත් මංජුසා  #නැකැත් #මංජුසා #මංගල #සන්නස්
01/05/2026

මංගල නැකැත් මංජුසා

#නැකැත්
#මංජුසා
#මංගල
#සන්නස්

Shout out to my newest followers! Excited to have you onboard! Nayanajith Palliyaguruga, Ruwan Madsanka Madusanka
29/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Nayanajith Palliyaguruga, Ruwan Madsanka Madusanka

යශෝධරා මහ රහත් තෙරණියඋස 7" #යශෝධරා
20/04/2026

යශෝධරා මහ රහත් තෙරණිය
උස 7"

#යශෝධරා

28/03/2026

Address

285, Old Kandy Road, Dalugama
Dalugama
11300

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 07:30 - 20:00
Wednesday 07:30 - 20:00
Thursday 07:30 - 20:00
Friday 07:30 - 20:00
Saturday 07:30 - 20:00
Sunday 08:00 - 13:00

Telephone

+94775491491

Alerts

Be the first to know and let us send you an email when Sri Puja Bhanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Puja Bhanda:

Shortcuts

Share