Kotte Rajamaha Wiharastha Dayaka Sabhawa

Kotte Rajamaha Wiharastha Dayaka Sabhawa විහාරස්ථ දායක සභාවේ සම්බුද්ධ ශාසනික මෙහෙවර

ශ‍්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ විහාරස්ථානයන් අතර ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. වසර 600 කට ආසන්න ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන කෝට්ටේ රජමහා විහාරය ඓතිහාසික සිදුවීම් රාශියක් මුල්කොටගත් කෝට්ටේ ශ‍්‍රී විභූතිය විදහා දක්වන ආගමික හා සමාජීය වශයෙන් වැදගත්කමක් උසුලන පූජනීය ස්ථානයකි. වර්තමානයෙහි ඓතිහාසික ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය ලෙස පතල වුවද ප‍්‍රදේශවාසීන් අතර කෝට්ට

ේ මහා විහාරය ලෙස පතල මෙහි ආරම්භය ක‍්‍රි. ව. 1415 හයවන ශ‍්‍රී පරාක‍්‍රමබාහු රජ දවස දක්වා විහිදී යයි.
කෝට්ටේ රජමහා විහාරය මුල් කොටගෙන කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝසභාව ආරම්භ කොට උපසම්පදාව ආරම්භ වීමත් සමග සංඝ සභාවේ මූලාරම්භය බවට පත් වන්නේ කෝට්ටේ රජමහා විහාරයයි. 1855 දී පිහිටවනු ලැබූ ජයවර්ධනපුර කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග්‍රී
ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා කර්මය 1894 වර්ෂයේ සිට සිදු කර ඇති අතර අද වන විට මෙම විනය කර්මය පැවැත්වෙනුයේ 1963 දී ඉදිකළ වර්තමාන විහාර භූමියෙහි දක්නට ලැබෙන සීමාමාලකයෙහිය.
මහනුවරින් උපසම්පදාව ලබාගැනීමට නොහැකි වූ භික්‍ෂූන් පහතරටට පැමිණ කෝට්ටේ රජමහා විහාරයේ සීමාමාලකයෙහිදී උපසම්පදාව ලබා ඇති අතර ලංකාවේ ගොඩබිම පිහිටි එකම සීමාමාලකය මෙය වීමද විශේෂ වේ.
තවද, 1886 වසරේ වික්ටෝරියා රැජිණගේ පනස්වැනි විවාහ සංවත්සරය හෙවත් රිදී ජුබිලිය නිමිත්තෙන් කෝට්ටේ රජමහා විහාරයේදීද උත්සව පවත්වා ඇති බවට විවිධ මත පවතී.
මෙවන් ඓතිහාසික වටිනාකමක් ඇති කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති ධුරය හොබවන්නේ ශ‍්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝසභාවේ උප නාම ලේඛකාධිකාරී ආචාර්ය පුජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන්ය.
විහාරස්ථ දායක සභාවේ සභාපති , ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු පිලිවෙලින් නිශාන්ත සෙනෙවිරත්න , නිහාල් ඈපා සෙනෙවිරත්න සහ අශෝක් විතාරණ යන මහත්වරු දරන අතර තරුණ සංගමයේ සභාපති වශයෙන් සාම විනිසුරු දයානන්ද සිල්වා මහතා විහාරස්ථානයේ බෞද්ධ සහ සංස්කෘතික කටයුතු සඳහා අනගි සේවයක් ලබා දේ.

Address

Colombo
CO10120

Website

Alerts

Be the first to know and let us send you an email when Kotte Rajamaha Wiharastha Dayaka Sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kotte Rajamaha Wiharastha Dayaka Sabhawa:

Shortcuts

Share