SL Buddhism

SL Buddhism ඇසුර වැරදුනොත් සසරම වරදිනවා..! ��

🙏❤️
09/12/2025

🙏❤️

කර්මය...හොඳින් බලන්න එ ඡායාරූප දෙස ඔබට මොන අඩුපාඩු ද...🙂❓    ඔබ පෙර කරන ලඳ කුසල් හේතුවෙන් ලැබුන මෙ ජීවිතය කුමකටද යොදවන්න...
25/11/2025

කර්මය...

හොඳින් බලන්න එ ඡායාරූප දෙස ඔබට මොන අඩුපාඩු ද...🙂❓

ඔබ පෙර කරන ලඳ කුසල් හේතුවෙන් ලැබුන මෙ ජීවිතය කුමකටද යොදවන්නෙ අකුසලයට...❓
ඇයි ඔය ඔබශරීර කූඩුවෙන් නිසිආකාර ප්‍රයෝජන නොගෙන පසට යට වීමට ඉඩ හරින්නෙ...❓

කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුවරුන් මහා කරුණා සමාපත්ති සුවයෙන් වැඩ සිටියාවූ ද..මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍ර...
18/11/2025

කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුවරුන් මහා කරුණා සමාපත්ති සුවයෙන් වැඩ සිටියාවූ ද..
මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් මුනි ධාතූන් වහන්සේලා සිංහ සෙය්‍යාවෙන් නිර්මිත බුදු රුවක් මවා පාමින් සැතපී වැඩ සිටින්නා වූ ද...
අනූ හය කෝටියක් මහරහතන් වහන්සේලා වැඩ සිටියා වූ ද...
අනාගතයේ මහා ධාතු පරිනිර්වාණය සිදු වන්නා වූ ද...
ඒ උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට
පළමුවත්..දෙවනුවත්..තෙවනුවත්..මම නමස්කාර කරමි !....
සාදු 🙏🌷සාදු 🙏🌷 සාදු 🙏🌷
මාගේ නමස්කාරය වේවා !

17/11/2025

බණක් අහන්නත් පිනක් කරන්නත් ඒ වගේම ඒම පිංකම දැකබලා අනුමෝදන් විමටත් සසරේ පින් තියෙන්න ඔනි
🙏❤️‍🩹✨

🌸 සැප ලබන්නේ පින නිසාමයි 🌸🌻විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව🌻පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම...
17/11/2025

🌸 සැප ලබන්නේ පින නිසාමයි 🌸
🌻විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව🌻
පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට පත් පිරිස් භික්ෂූන් වහන්සේලා අතර සිටියා. භික්ෂුණීන් වහන්සේලා අතරත් සිටියා. උපාසකවරුන් අතරත් සිටියා. උපාසිකාවන් අතරත් සිටියා. ඒ සිව්වණක් පිරිස තුළ විශේෂ ගුණධර්මයන් වැඩුණු උතුමන් හට බුදුරජාණන් වහන්සේ අගතනතුරු දී වදාළා.
විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුනා. උපාසකවරුන් අතරේ අගතනතුරු ලැබුනේ අනේපිඬු සිටුතුමාටයි.
මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා ඒ මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුනා.
ඒ වගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. ඒ කියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුනා. ඒ කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුනා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුනා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුනා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුනා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුනේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. ඒ වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුනා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුනා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුනා. අනෙක බන්ධුල මල්ලිකාව සතුවුනා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුනා.
දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින් රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුනා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුනා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුනේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු ඒ ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලූවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුනා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුනා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. ඒ වන විට ඒ මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. “දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. ඒ නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. ඒ නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා” කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.
මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී ඒ ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා. “ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. ඒ මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”
“එහෙමනම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස අසපුවක් තනවන්න.” ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක අසපුවක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.
එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුනා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූදරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.
“සුදුපැහැයෙන් බබලන ඒ – සුරම්‍ය ප‍්‍රාසාදේ
විහාරයක් කොට දුන්නෙමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
ඇඳ පුටු හා මෙට්ට පැදුරු – ඇතුරුව ප‍්‍රාසාදේ
සේනාසන බඩු දුන්නෙමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
රස මසවුළු බොජුන් යුතුව – නිරතුරු දන් සාලේ
උතුම් සංඝ දාන දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
සිනිඳු කසී සළුවෙන් යුතු – සකසා තුන් සිවුරේ
දහස් ගණන් සිවුරු දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
ගිතෙල් වෙඬරු මී පැණි තෙල් – ගිලන්පසට සෑදේ
සංඝයාට බෙහෙත් දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ ”
ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා ඒ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලූ දෙනාටම ආදර්ශවත් වුනා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුනා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුනා වත්ද?”
“පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.
යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං
සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතු පින් මාලා
සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
නිරතුරු පින් කළ යුතුමයි – මාල ගොතන ලෙස නිතිනා
පින්වතුනේ, පින්වත් දරුවනේ, මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුනා. අන්තිමේදී පසෙකට වාඩි වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා. “පින්වත් දියණිය, හඬන්නේ ඇයි?” ”අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුනා. ඒ නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”
ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුනා. “පින්වත් දියණිය දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.” ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.
මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

🙏❤️‍🩹✨
17/11/2025

🙏❤️‍🩹✨

ශ්‍රී රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනාව 🌸🌸🌿══════════════════════ නමෝ තේ ඉත්ථිකාජඤ්ඤනමෝ තේ පුඤ්ඤ උත්තමාසද...
17/11/2025

ශ්‍රී රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනාව 🌸🌸🌿
══════════════════════
නමෝ තේ ඉත්ථිකාජඤ්ඤ
නමෝ තේ පුඤ්ඤ උත්තමා
සදේව කස්මිං ලෝකස්මිං
නත්ථි තේ පටි ඉත්ථිකා 🌺

ශ්‍රේෂ්ඨ වනිතාවෙනි,
ඔබට නමස්කාර වේවා !
පුණ්‍යවන්ත උත්තමාවියනි,
ඔබට නමස්කාර වේවා !
දෙවි මිනිසුන් සහිත මේ තුන් ලෝකයන්හි
ඔබතුමිය වැනි ස්ත්‍රී රත්නයක් නම්
වෙන නොමැත ! 🌼

යා අභිරූපා දස්සනීයා
භික්ඛුනීසංඝ සෝභනී
සා ආසවා පරික්ඛීණා
වීතරාගා මහිද්ධිකා
තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
වන්දාමි රාහුලමාතා යශෝධරා 'ති 🌺🌿

ඉතා මනහර රූ ඇති
දැකුම්කලු වූ පෙනුමැති
යම් තෙරණියක්
භික්ෂුණී සඝරුවන හොබනී ද
කෙලෙසුන් නසා ඕ
වීතරාගී මහා සෘද්ධිය ඇත්තී
මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ
රාහුල මාතා යශෝධරා
සාදරයෙන් වඳිමි මම ! 🌼🌿

•═•═🌿🌸🌿═•═🌿🌸🌿═•═🌿🌸
විශ්වයේ වනිතා ශ්‍රේෂ්ඨාව, බුද්ධ පතිවෘතාව, තුන්ලොව අනුත්තරීය ස්ත්‍රීරත්නය බිම්බා දේවී රාහුල මාතා යශෝධරා මහ රහත් උත්තමාවීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා ! 🌸🌸🌿
🌸🌿 සාදු! 🙏 🌸🌿 සාදු! 🙏🌸🌿 සාදු! 🙏🌸

සාධු🌸 සාධු🌺🌸 සාධු🌸🌺🌸සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලිති පතිත නාමංවන්දාමහං ථුපවරං මහග්ඝංස...
17/11/2025

සාධු🌸 සාධු🌺🌸 සාධු🌸🌺🌸

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලිති පතිත නාමං
වන්දාමහං ථුපවරං මහග්ඝං

සාධු🌸 සාධු🌺🌸 සාධු🌸🌺🌸

ඒ මාගේ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජිවමානව වැඩසිටින උතුම් රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේට මම නමස්කාර කරමි...🌸🙏
මාගේ නමස්කාරය වේවා...🌸🙏

සාධු🌸 සාධු🌺🌸 සාධු🌸🌺🌸

උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට
මාගේ ජිවිතය භාර කරමි...!!
මාගේ ජිවිතය පුජා කරමි...!!
මාගේ ජිවිතය පුජා වේවා...!!

සාධු🌸 සාධු🌺🌸 සාධු🌸🌺🌸

2025.11.13 වන දින හිමිදිරි උදැසන පටන් රැය පහන් වන තුරුම උතුම් මහා සෑ පිංබිම වන්දනා මාන කිරිමට පැමිණෙන පින්වන්ත බැතිමතුන් සිදුකරන සියලුම වන්දනා හා සියලුම පුජාවන් වලින් රැස්වුන සහ රැස්වෙන සියලු පිං ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව සතුටු සිතින් මම අනුමෝදන් වෙමි..🌸🙏
අනුමෝදන් වෙත්වා..🌸🙏

🌸🌺🌼 ගෞතම සම්බුදු සසුන ආරක්ෂා කරන්නා වූ දෙදෙව් ලොව අධිපති ශක්‍ර දෙවිඳුන්,
සහම්පති, සනන්කුමාර, ඝටීකාර, තිස්ස මහාබ්‍රහ්මයන් වහන්සේලා ඇතුළු ආර්ය බ්‍රහ්මයන්,
ධෘතරාෂ්ඨ, විරූඪක, විරූපාක්ෂික, වෛශ්‍රවණ සතරවරම් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා සහ දිව්‍යමය නාගලෝකය ඇතුළු මහේශාක්‍ය අල්පේශාක්‍ය සියළු දෙවිවරුන්ට මා ලැබු මේ පිං අනුමෝදන් වෙත්වා 🌼🌸🌺

🌼 මා හැදු වැඩු අම්මාට තාත්තාට ද
🌼 සහෝදර සහෝදරියන්ට ද
🌼 ගුරුවර ගුරුවරියන්ට ද
🌼 සියලුම නැදෑයින්ට ද
🌼 පින්වන්ත කල්‍යාණ මිත්‍ර ඔබ සැමට ද
🌼 මියගිය ඥාතීන් සියලු දෙනාට ද

🌸ලංකා වාසි ලෝක වාසි 31 භූමි තලයන් හි සිටින සියලු සත්වයින්ට

මා ලැබු මේ පිං සතුටු සිතින් යුතුව අනුමෝදන් කරමි..🌸🙏
අනුමෝදන් වෙත්වා.. 🌸🙏

සාධු🌸 සාධු🌺🌸 සාධු🌸🌺🌸

නිවන් දකිනා ජාති දක්වා නිවනටම මේ පිං හේතුවක් ම වෙත්වා..🙏🙏🙏

කර්මය යනු කුමක් ද?සම්බුදු දහමේ කර්මය යනු චේතනාව වේ. ඒ බව මෙසේ දැක්වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්...
17/11/2025

කර්මය යනු කුමක් ද?

සම්බුදු දහමේ කර්මය යනු චේතනාව වේ. ඒ බව මෙසේ දැක්වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්මය යැ යි වදාරමි කියා ය. මේ අනුව සිතන චේතනාව අනුව සිදුකරන කර්මය ද යහපත් හෝ අයහපත් විය හැකි ය. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල ධර්ම, දස පාරමී ධර්ම, සමසතලිස් කර්මස්ථාන ආදී පින් කටයුතු යහපත් කර්ම ගණයට ද, පස්පව්, දස අකුසල්, අධර්ම වෙළදාම් ආදිය අයහපත් කර්ම සංඛ්‍යාවට ද වැටෙනු ලැබේ. එසේ ම යහපත් කර්ම හේතුවෙන් සැප දායක සැනසුම් ඵලවන යහපත් විපාක ද, අයහපත් කර්ම හේතුවෙන් දෙනෙත් කඳුලින් තෙත් කරවන දුක් විපාක ද ගෙන දෙනු ලැබේ. යහපත් කර්ම වලට ගෙන දෙන සැප විපාක ආනිසංස නමින් ද දක්වා ඇත. යහපත් කර්මයන් ගේ දායාදය ද එය ම වේ.

කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා හතරක් ධර්මයෙ හි සදහන් වේ.

(1) දිට්ඨධම්මවේදනීය
(2) උපපජ්ජවේදනීය
(3) අපරාපරියවේදනීය
(4) අහෝසි කර්ම කියා ය,

තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොව විපාක ලැබේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත වීථියෙහි පළමු ජවනයේ ශක්තියෙනි) නිදර්ශන ලෙස පුණ්ණ නම් දුගියා, චිංචිමානවිකාව, සුප්පබුද්ධ රජු ආදි අය දැක්විය හැක. මේවා දිට්ඨධම්මවේදනීය විපාක යැයි කෙටියෙන් දත යුතු ය.

එසේම අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු
ලැබේ. (එහි පහළ වූ චිත්ත වීථියෙහි සත්වන ජවනයාගේ ශක්තියෙනි) මේවා උපපජ්ජවේදනීය කර්ම යැ යි කියනු ලැබේ. නිදර්ශන ලෙස දෙව්දත් තෙරුන් අපාගත වීම, සැරියුත් මහ රහතන් වහන්සේට පහරදුන් නන්ද යක්ෂයා ගේ අපාගත විම, මහා ගුණැති උප්පලවන්නා මෙහෙණිය දූෂණය කළ නන්ද මානවකයා අපාගත වීම, ඉන්දික දුගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක් දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම, බණ අසමින් සිටි මැඬියා දෙව්ලොව ඉපදීම ආදිය දැක්විය හැකි ය.

අපරාපරියවේදනීිය නම් මේ ජීවිතය ද මතු මීළග ජීවිතය ද හැරුනු කළ දිගු සසර දී විපාක දෙන කර්ම වේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත විථියේ ජවන සතින් මැද ජවන පහ වේ. එනම් 2, 3, 4, 5, 6 යන ජවන පහ වේ.) නිදර්ශන ලෙස චක්ඛුපාල හිමි ගේ දෙනෙත් අන්ධ වීම, මුගලන් මහ රහතන් වහන්සේට සොරුන් පහර දීම, අපුත්තක සිටුවරයාට ධනය ලැබීම, උප්පලවන්නා රහත් මෙහෙණියට විශිෂ්ඨ රූ සම්පත් ලැබීම දැක්විය හැක.

මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නො
ලැබුණොත් මතු විපාක නො දෙනු ලැබේ. ඒ විපාක කොටස අහෝසි වී යයි. පරලොව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් නො පැමිණිය හොත් අහෝසි වී යයි. උදාරහණයක් ලෙස දෙව්දත් තෙර අවුරුදු 36 ක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත. ඒ අනුව එම හොඳ කර්මයන් ගේ හොඳ විපාක කොටසක් මතු දිවියේ ලැබිය යුතුව ඇත. නමුත් ඔහු අපාගත වූ බැවින් ඒ හොඳ සැප විපාක ඒ ස්ථානයේ නො දිය හැකි බැවින් එය මතු ජීවිතයට ලැබීමට තිබු සැප විපාක කොටස ද අහෝසි වී යනු ලැබේ. නමුදු පිරූ මහණදම අපතේ නො යන්නේ ය. මතු එම කුසල බලය අපරාපරියවේදනීය ලෙස මතු වී සට්ඨිස්සර නමින් පසේබුදු බව ලබන්නේ වේ. යමෙක් බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වුවහොත් සියලු කර්ම ඉන් එහා දිවියකදී විපාක දීම නැතිවන්නේ ය. උදාහරණ ලෙස අංගුලිමාල මහ රහතන් වහන්සේ දැක්විය හැක.

මතු සම්බන්ධයි!

The post has belongs to the original owner.

27/10/2025

සියලු සත්වයෝ සුවපත් වෙත්වා..! 🙏🤍✨

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SL Buddhism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share