Sama Vihara

Directions Website

Sama Vihara In a city, fast reaching new modern status, crafted with fresh infrastructure and new architecture, this tiny temple, Sama Vihara without confining itself S.P.

Wellawatta weaving mill as a major provider of employment since the times of colonial masters was an income generating venture to the country which also simultaneously remained the central hub for trade union struggles as the time. With the entry of the open economy in the 1970s, many local industries were compelled to close down and the Wellawatta weaving mill too met with the same doom. The whole complex with about 20 acres in extent became deserted, its raw materials were sold and it was virtually reduced to a non-man zone. However the tranquil Samadhi Buddha Statue, erected by the mill’s Buddhist association remained intact without being exposed to any type of harm whatsoever. The subtle process of dismantling structures and removing the huge statue set in afterwards with the objective of disposing the entire land for commercial purposes. Attempts for the removal of the statue, largely venerated by the civilians of the area, however, evoked a huge public protest, supported by the members of the Maha Sangha in the vicinity. It resulted in the birth of tiny Sama Vihara with the small monastery by the side of the Budhha Statue. It is believed that the miraculous unseen might of the Buddha Statue itself overcame all barriers and challenges faced by this place of religious importance. All the passers-by along the main road facing the statue, never failed to pay respect to the statue, a common sight throughout the day. In addition, hundreds of Hindus attending the nearby Hindu Kovil as well as devotees of other faiths, bowed to this sacred object in veneration. School students were among the most visible segment paying such respect to this statue on a daily basis. Foreseeing the future of this congested tiny monastery with minimum facilities in the abandoned mill complex, Mr Yasasiri Kasturiarachchi, former Basnayake NIlame at Ruhunu Maha Kataragama Devala, offered his support to further develop the place. During towards the end of the year 1994, Buddhist came forward to undertake an initiative in view of its sanctity and sacred nature with the blessings of Venerable Professor Bellanwila Wimalarathana Anunayaka Thero. Since then one of the student monks, Ven. Dharmacharya Rammala Dhammarakkitha Thero as the resident monk had been providing religious services to the people in the area, amidst a barrage of social and other challenges and numerous difficulties deserves appreciation. Later, Mr. Tao's entry as a foreign investor through Mireka Capital Company Ltd, chaired by him, for redevelopment and conservation of the Mill complex via the company's 'Havelock city ' condominium, was blessing in disguise. Remember with gratitude, Mrs. Sumi Munasinghe, the former chairperson at Bank of Ceylon who introduced Mr. Tao to Sama Vihara. He decided to sponsor the project and with his family members found the time to visit Bellanwila, and pledged to build the Wellawatta Sama Viharaya at his own expenses as a symbolic tribute to the Bellanwila temple. The new temple complex was constructed under a modern plan with the financial assistance provided by Mr. Tao. The statue was constructed on the instructions of the Chancellor of the Sri Jayawardenapura University Venerable Professor Bellanvila Wimalarathana Anu Nayake Thero and under the direction of chief Incumbent of Sama Vihara Ven. Atapattukande Ananda Thero. A host of investors from many corners of the world come to Sri Lanka for numerous business projects, but we are yet to hear of another business magnate putting up such monasteries for fostering Buddha sasana, which it self is a phenomenon that goes into history. As a reputed and well experienced business magnate in the South Asian region, Mr. Tao has a broad understanding of religious needs and the Buddha Lasagna in Sri Lanka. This project and, therefore, will remain a mile stone in Mr. Tao's successful life, now in an advanced stage

🙏
29/09/2023

🙏

සන්නස් පත්‍රය පිළිගැන්වීම මාර්තු මස 06 වන දින ඓතිහාසික මහනුවර මංගල උපෝසථාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර  පිළිගැනීම හ...
04/03/2022

සන්නස් පත්‍රය පිළිගැන්වීම මාර්තු මස 06 වන දින ඓතිහාසික මහනුවර මංගල උපෝසථාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර පිළිගැනීම හා උපහාර දැක්වීමේ උත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමාගේ සහභාගිත්වයෙන් BMICH හි
මාර්තු මස 20 වන දින සවස 2.30ට සිදු කිරීම ට නියමිතව ඇත ...

කොළඹ 06, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, හැව්ලොක් සිටි සාම විහාරස්ථකඨින මහා පිංකම 2019/11/03 වැනි දිනගරු විහාරාධිපති ශාස්...
03/11/2019

කොළඹ 06, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, හැව්ලොක් සිටි සාම විහාරස්ථ
කඨින මහා පිංකම

2019/11/03 වැනි දින
ගරු විහාරාධිපති ශාස්ත්‍රපති ගරු පූජ්‍ය අතපත්තූකන්දේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි ගරු විහාරාධිකාරී
ශාස්ත්‍රපති පූජ්‍ය ගරු රම්මල ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේගේ
සංවිධායකත්වයෙන්

කොළඹ 06, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, හැව්ලොක් සිටි සාම විහාරස්ථකඨින මහා පිංකම 2019/11/03 වැනි දින දක්වාගරු විහාරාධිපත...
03/11/2019

කොළඹ 06, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, හැව්ලොක් සිටි සාම විහාරස්ථ
කඨින මහා පිංකම

2019/11/03 වැනි දින දක්වා
ගරු විහාරාධිපති ශාස්ත්‍රපති ගරු පූජ්‍ය අතපත්තූකන්දේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි ගරු විහාරාධිකාරී
ශාස්ත්‍රපති පූජ්‍ය ගරු රම්මල ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේගේ
සංවිධායකත්වයෙන්

කොළඹ 06, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, හැව්ලොක් සිටි සාම විහාරස්ථකඨින මහා පිංකම 2019/11/03 වැනි දින ගරු විහාරාධිපති ශාස...
03/11/2019

කොළඹ 06, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, හැව්ලොක් සිටි සාම විහාරස්ථ
කඨින මහා පිංකම

2019/11/03 වැනි දින
ගරු විහාරාධිපති ශාස්ත්‍රපති ගරු පූජ්‍ය අතපත්තූකන්දේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි ගරු විහාරාධිකාරී
ශාස්ත්‍රපති පූජ්‍ය ගරු රම්මල ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේගේ
සංවිධායකත්වයෙන්

14/08/2019
හැව්ලොක් ටවුන් හී සාම විහාරස්ථානයේ  වස් ආරාධනා පින්කමෙහි අවස්ථාවන්. 2019.07.17
18/07/2019

හැව්ලොක් ටවුන් හී සාම විහාරස්ථානයේ වස් ආරාධනා පින්කමෙහි අවස්ථාවන්. 2019.07.17

අපවත්වී වදාළ කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක ධුරන්ධර ,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ,බෙල්ල...
03/02/2018

අපවත්වී වදාළ කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක ධුරන්ධර ,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ,බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි ,මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමාමහ නිවන් සුව!
chancellor University of Sri Jayawardhanapura and Bellanwila Raja maha Vihara Temple's cheep incombent, kotte kalyani samagree sanga counsil' s sub-chief, senior professor Most venerable Bellanwila Wimala Rathana Nayaka Thero passed away today's morning. our very sympathy.and we wish to our professor nayaka thero attend the nibbhana!

2018.01.31 දින ලංකාදීප පුවත් පතෙහි පළ කළ පොහොය ලිපියකම් සැපයට ගිජුවීම දුක උරුමකර ගැනීමකි.පුප්ඵානි හේව පචිනන්තං   -  බ්‍ය...
31/01/2018

2018.01.31 දින ලංකාදීප පුවත් පතෙහි පළ කළ පොහොය ලිපිය

කම් සැපයට ගිජුවීම දුක උරුමකර ගැනීමකි.

පුප්ඵානි හේව පචිනන්තං - බ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව - මච්චු ආදාය ගච්ජති

(ධම්ම පදය - පුප්ඵ වග්ගය)

කම් සැපයෙහි ඇලුනාහු නොතිත් සිතින් දුක් සහිතව මිය යති.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සදහා දේශණා කොට ඇති ධර්මය ඉතා සුමටව ධාරණය කර ගැනීම සදහා විවිධ දේශණා ක්‍රම භාවිතා කොටගෙන ඇති ආකාරය ඉතා ප්‍රකට වූවකි. වඩාත් හොදින් තේරුම් කරලීම සදහා විවිධ උපමා උපමේය භාවිතා කරමින් සිදු කරන ලද දේශණා ත්‍රිපිටකය පුරා දක්නට ලැබෙනවා මතු නොව බොහෝ විට එම සූත්‍ර නම් කොට ඇත්තේද එම උපමා රූපක නමිනි. බොහෝ ගැඹුරු දහම් කරනු ඉතා සරළව තේරුම් ගත හැකි අයුරින් ප්‍රකාශිත ධම්මපදය නම් වූ බොදුණුවන්ගේ අත් පොතෙහිද බොහෝ දේශණා සදහා යොදා ගත් උපමා රූපක දැක ගත හැකිය. එම බොහෝ උපමා එදා සමාජයෙහි බෙහෙවින්ම මහ මඟ ගමන් කිරීමේදී නිරායාසව දැකගත හැකිවූ වස්තුන් බවද නොඅනුමානය. එහිදී සාමාන්‍ය පරිසරය තුළ දක්නට ලැබෙන තුරු ලතාදිය මතු නොව විවිධ පුෂ්පයන් ආදී බොහෝ සුන්දර දෑ උපමා වශයෙන් භාවිතා කොට ඇති අයුරු දැක ගත හැකි වේ. ධම්මපදයෙහි පුප්ප වග්ගය එසේ උපමා වශයෙන් මල් භාවිත කොට ගෙන ධර්මය ප්‍රකාශිත විශේෂ පරිච්ජේදයක් ලෙස සදහන් කළ හැකි අතර ඉදිරියේදී ඉදිරිපත් කරනුයේ එම ධර්ම කරුණු බව සදහන් කළ යුතුව ඇත.

ඒ අනුව ඉහත ගාථා ධර්මයෙහි ඇතුළත් “පුප්ඵානි පචිනන්තං ඉව” යන පාඨයෙන් දැක්වෙන උපමාවෙන් මල් හා මල් රැස්කරන්නෙකු උපමා කොටගෙන කරුණු දක්වනු ලැබේ. සුපිපුණු විවිධ ගුණ සුවදින් යුතු මලින් ගැවසුණ අලංකාර උයනකට පිවිසෙන මල්කරුවෙකු මල් එක්රැස් කිරීමේදී අමන්දා නන්දයට පත්වන්නේ මතුනොව ඒවාට විවිධ අයුරින් ඇලුම් කෙරේ. ඇතැම් ගසක සුපිපුණ කුසුම්හී සුවදවත් බව, තවත් ගසක මනාව සුපිපී බව මෙන්ම තවත් ගසක හෝ වැලක පිපි කුසුම් හී පැහැය පමණක් නොව කල් තබා ගැනීමේ හැකියාව ආදී විවිධ ගුණයන් මෙන්ම ශක්තින් පිළිබද සිතමින් විවිධ වූ පූෂ්පයන් පිළිබදව ඇලෙමින්, ගැලෙමින් නොසැහීමට පත්ව ක්‍රියා කරනු ලැබේ. එමෙන්ම එසේ සුපිපී පුෂ්පෝද්‍යානයක් බදු රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ යන පඤ්ච කාම සම්පත් ගුණයන් සදිසි උයනට පිවිසි පුද්ගලයාද ඒ ඒ කම් සැපයන්හි ගුණ විදින්නෙකු මතු නොව දකිමින් ලබන ලද සම්පත් හී නොසෑහිමකට පත්ව අරමුණු වල ඇලෙමින් ගැලෙමින් සිටින්නේ මරු මුවට පත්ව අපායගාමි වන බව සදහන් වේ. “බ්‍යාසත්ත මනසං” යන්නෙන් හදුන්වන්නේ එසේ පස්කම් සැපයෙහි බෙහෙවින් ඇලුන සිත පිළිබදවය. “මහෝඝෝ” යන්නෙන් ප්‍රකාශ වන්නේ මහා සැඩපහර හෙවත් මහා ජල පහරය. එය මහා ගංවතුරක් යැයි සදහන් කිරීම තේරුම් ගැනීමට වඩාත් පහසු වනවා මතු නොව එහි ස්වාභාවය වන්නේ ගොඩ බිම ඇති අප්‍රාණිකවූත් සප්‍රාණිකවූත් සියල්ල මුහුදට ගසාගෙන යාමේ ප්‍රවණතාවයයි. සසර ස්වාභාවයද මෙබදු වනවා මතු නොව එය අතිශය බියජනක වනවා මෙන්ම සංඛ්‍යාත්මකව එය දක්වා ඇත්තේ “සිව් ඕඝය” නමිනි. මෙසේ වූ සාංසාරික සැඩ පහරින් ආරක්ෂාවීම සදහා පුෂ්පෝපමාවකින් සිදු කෙරෙන මනා දිරිගැන්වීමක්ද මෙහි ඇතුළත්ව ඇති බව සදහන් කළ යුතුය. “කුසලෝ පූප්ඵං ඉව” යන්නෙන් එය දක්වා ඇති අතර එහි ඇතුළත් වන්නේ දක්ෂ මල් කරුවෙකු සුපිපී කුසුමන්ගෙන් ගැවසීගත් මනරම් මල් වත්තකට පිවිස තම හැකියාවන් අනුව ඊට අනාලයව විවිධ මල් වර්ග ඉතා මැනවින් තෝරා බේරා ගනිමින් අතිශය ගුණාත්මක මල් පමණක් එක්රැස් කරන බවය. එහිදී නොපිපි කුසුම් කෘමින් විසින් හානි කරන ලද කුසුම් මෙන්ම පිපි පරවීමට ලක්වෙමින් පවතින කුසුම්ද ඉවත් කොට පැහැයෙන් සුවදින් සුපිපී කුසුම් පමණක් එක් රැස්කර ගන්නා බව දක්වා තිබේ . මෙම තෝරා ගැනීම සිදුකළ හැකි වන්නේ “සේඛ” නම් වූ තෙවදෑරුම් ශික්ෂණයෙන් ශික්ෂිත වූ සුවිශේෂී පුද්ගලයන්ට පමණක් බව මෙහිදී අවධාරණය කෙරේ. එහිදී කුණුපයන්ගෙන් හටගෙන කුණුපයන් වගුරණ සිදුරු වූ බදුනක් බදු එකළොස් ගින්නකින් දැවෙමින් පවතින ශරීරය පෙණ පිඩක් මතු නොව මිරිගුවක් වැනියැයි තේරුම් ගැනීම අයෝග්‍ය මල් තෝරා ඉවත දැමීමට සමානය. එසේ ජීවිතය යථාර්තවාදීව තේරුම්ගෙන ක්‍රියා කරන්නෝ සසර ඕඝයෙන් මිදෙන්නේ මතු නොව පස්කම් සුව සදිසි පුෂ්පයන්හි සිත් අලවා නොසැහිමට පත්ව එහි ඇලිගැලී සිටින්නෝ නිදිගත් ගමක් මහා ගංවතුරකට හසුව මහ සයුරට ඇද හෙළන්නාක් මෙන් කෙළෙස් නින්දේ සිටියදීම අපායට ඇද හෙළන බව මෙම දම් දෙසුමෙන් අවධාරණය කොට තිබේ.

මෙම ධර්ම දේශණය විඩූඩභ නම් රජ කෙනෙකු අරමුණු කොට දේශණා කොට ඇත්තේ මතු නොව එය වාර්ගික ගැටුමක් නිසා සිදුවූ මහා ව්‍යසනයක් පිළිබද ඛේදනීය සිදුවීමකි. බුද්ධ කාළිනව නිරන්තරයෙන්ම භික්‍ෂුන් වහන්සේලාට ඉතා සංවිධානාත්මකව දන් පැන් දුන් දෙපළක් ලෙස අනේපිඩු සිටුතුමා සහ විසාඛා මහා උවැසිය පිළිබදව සදහන් වේ. මේ පිළිබද කොසොල් රජතුමාට කිසියම් දොම්නසක් පැවතියේ මතු නොව තම මාළිගයටද වැඩමවා දන් පිළිගන්නැයි බුදුපාමොක් මහා සඟනට ආරාධනාවක්ද සිදුකෙරිණි. බුදුරදුන් එම කාර්ය අනඳ තෙරුන්ට පවරන ලදුව භික්‍ෂුන් සමග රජ මැඳුරට වැඩමවා දන් පිළිගන්නා ලදහ. මෙසේ කාලයක් ගත වූයේ ඒ සදහා වූ රජුගේ අවධානය අඩුවීම නිසා රජ මැදුරෙහි දන් වැට අසංවිධිත වූයේ මතු නොව ක්‍රමයෙන් භික්‍ෂු පිරිස නොපැමිණියේ අවසන අනඳ තෙරුන් පමණක් රජ මැදුරට වැඩමවීම සිදුවුනි. වත්මන් දේශපාලකයන් මෙන්ම කොසොල් රජුද තමන්ගෙන් සිදු වූ නොසැළකිල්ල, සැළකිල්ලට නොගත්තේ මතු නොව බුදුරදුන් හමුවේ සගුන් නොවැඩීමට හේතු විමසීය භාග්‍යවතුන් වහන්සේද සඟුන්ගේත් වරදක් නොදුටුයේ රජුගේ වරදද නොපවසමින් තමන් වහන්සේගේ භික්‍ෂු පිරිසත් රජතුමා අතරත් පවතින දුරස්ථ සබදතාව නිසා එසේ විය හැකියයි දේශණා කළහ. එසේ වුවත් ශාක්‍ය වංශය හා තමන් අතර පවතින නොනෑකම මේ සදහා හේතු විය හැකියැයි සිතූ රජු භාග්‍යවතුන් වහන්සේ සමග සමීප ඥාතිත්වයක් ඇති කර ගැනීමේ අදහසින් ශාක්‍ය කුමාරියක සමග විවාහ වී ඇය අග මෙහෙසිය කරගැනීම සදහා සුදුසු කුමරියක් තෝරා ගැනීමට ශාක්‍යන්ට පණිවුඩ යැවීය. මහත් මාන්නාධික ශාක්‍යයෝ එයට අකමැති වුයේ නමුදු උපක්‍රමිකව රජුගේ අදහස සපිරීමට ක්‍රියා කළහ. ඒ අනුව අමිතෝදන රජුගේ පුත් මහානාම ශාක්‍ය රජුගේ දියණියක ලෙස දාසියකගේ කුස ඉපිද වියපත්ව සිටි වාසභ ඛත්තියා නම් කුමරිය වංචා සහගතව කොසොල් රජුට පාවා දෙන ලද්දේ රජුගේ ප්‍රබලත්වය නිසාය. මෙසේ කොසොල් රජු බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් එම කුමරියගේ කුස උපන් කුමරු විඩූඩභ නම් විය. වයසින් වැඩෙත්ම සිය මව් පාර්ශවයේ ඥාතින් වූ ශාක්‍යයන් දැකීමේ අදහසින් කිඹුල්වතට ගියේ මානාධික ශාක්‍යන්ගෙන් මෙම කුමරාට යහපත් පිළිගැනීමක් නොලැබුණේ මතු නොව හෙතෙම නොතකා හරිමින් හිද ගත් අසුන පවා සෝදා පිරිසිදු කරනා ලද්දේ දාසියගේ පුතු යැයි අවමනට ලක් කරමිනි. තරුණ විඩූඩභ කුමරු තමාට සිදුකළ අපහාසාත්මක ක්‍රියා පිළිබද තොරතුරු දැන ඉතා වෛරීව ශාක්‍යය වංශිකයන් කිසියම් දිනයකදී සමූළ ඝාතනය කොට වනසා දමන්නේමැයි ක්‍රෝධ සහගත තීරණයකට එළඹුනි. අනතුරුව රාජ්‍යත්වයට පමණි විඩූඩභ ශාක්‍යයන් වැනසීමේ ක්‍රියාන්විතයට අවතීර්ණව යුධ වැදීමට තීරණය කරන ලද අතර තම ඥාතින් සමූළ ඝාතනයකට ලක් කිරීමේ දරුණු මෙහෙයුම බුදු නැණින් දුටු භාග්‍යවතුන් වහන්සේ යුධ බිම ආසන්නයට වැඩමවා රුක් සෙවනක වැඩ විසූහ. ඉදිරියට ගමන් ගන්නා රජු භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩමවා තොරතුරු සාකච්ජා කරනුයේ ඥාතීන්ගේ සෙවන තමන් වහන්සේට මහත් සිසිලසක් ගෙන දෙන බව පවසමින් යුද්ධයෙහි ඇති කුරීරු බව ප්‍රකාශ කළහ. මෙසේ තෙවරක්ම තම ඥාතින් ආරක්ෂා කරමින් දම් දෙසන ලද්දේ වුවද. විඩූඩභගේ ක්‍රෝධය නොසංසිදුනේ මතුනොව පෙර භවයක තම ඥාති සමුහයා විසින් සිදුකොට ඇති බලවත් අකුසලයක විපාක විදීම නොවැලැක්විය හැකි බව දැන සිව්වෙනි වර යුධබිමට නොවඩින ලදහ. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව ශාක්‍ය සංහාරය ඉතා පහසුවෙන් සිදුකිරීමට විඩූඩභ සමත් වුයේ මතු නොව තම හමුදා බලමුළු සමග ආපසු ගමන් කරනුයේ අචිරවති ගග අසබඩ කඳවුරු බැද යුධ ජයග්‍රාහනයෙන් ඔද වැඩි එදින රාත්‍රියෙහි සුවසේ නිදන්නට වුණි. කිසිවෙකුත් නොසිතු ලෙසින් ගඟ දිය කුරීරුවීමෙන් හටගත් මහා ගංවතුරට හසු වූ රජු ඇතුලු සියලු සේනාවෝ මුහුදු බත් වූහ. තථාගතයන් වහන්සේ මෙම සිදුවීම පාදක කොටගෙන දම් දෙසනුයේ පස්කම් සැපයෙහි ගිජුව කෙළෙස් නින්දෙහි නිදන්නන්ද ඉහත ආකාරයෙන් අපාය නම් වූ මුහුදට ගසා ගෙන යන බව දේශණා කරන ලදහ.

නවම් පුර පොහෝ දිනය වූ අද දිනය ශාසන ඉතිහාසයෙහි වැදගත් සංසිද්ධීන් කිහිපයක් පිළිබදව සදහන් වේ. මහරහතන් වහන්සේලා 1250ක් භාග්‍යවතුන් වහන්සේලා සමග එක්රැස්ව එක් ස්ථානයක එකට වැඩ සිටීම කෙතරම් පුණ්‍යවන්ත වූ අසිරිමත් දසුනක් වන්නේද? සම්බුදු සසුනෙහි එම මහා ප්‍රථම සග සමුළුව පැවැත් වූ දිනය අදවන් දිනයක සිදුව ඇතිවා මතු නොව එහිදී සැරියුතු මුගලන් දෙනම අග්‍රශාවක පදවි වල පිහිටුවා ඇති ආකාරයද සදහන් කෙරේ. ශික්‍ෂා පද පැනවීමකින් තොරව භික්‍ෂු ශික්ෂණය සදහා ඕවාද ප්‍රාති මෝක්ෂය දේශණා කිරීමද මෙදවස සිදු වූ අතර පිරිණිවන්පෑම සදහා වූ කාළය තීරණය කොට ප්‍රකාශ කිරීම නම් වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආයු සංස්කාරය අත්හැරීම නම් වූ පුහුදුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් දොම්නසට පත් කළ දුක් සහගත සිදුවීමද සිදු වී ඇත්තේ අද වැනි දිනකය. එසේ එදවස සිදු වූ සිදු වීම් ලෙස වාර්තා ගතව ඇති එම සුවිශේෂී ශාසනික සිදු වීම් අනුස්මරණය කරමින් කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරය මගින් දසක තුනකට වැඩි කාලයක් කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන පවත්වන නවම් මහා පෙරහෙරද අද දවසේ සිදු කෙරෙන බෞද්ධ සංස්කෘතික මහා කළා මංගල්‍යයකි. මෙම සියලු කරුණු අවධානයට ගනිමින් සාංසාරික මහා ගංවතුරින් අත්මිදීමට උත්සාහ ගත යුතුව ඇත.

කොළඹ 06, හැව්ලොක් සිටි සාමවිහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි..

Address

Mayura Place
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sama Vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share