පොල්හේන දහම්පාසල - Polhena Dahampasala

පොල්හේන දහම්පාසල - Polhena Dahampasala ශ්‍රී ප්‍රඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය පොල්හේන කැලණිය.

ශ්‍රී ප්‍රඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය කැලණිය පොල්හේන ප්‍රදේශයේ වසර ගණනාවක් පුරා දහම් පාසල් සිසු සිසුවියන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් දැනුම කුසලතා ආකල්ප දියුණු කරමින් ඉතාමත් ගුණාත්මකව අධ්‍යාපනය ලබා දෙන ධර්ම විද්‍යාලයක්ය.මෙය එහි නිල ෆේස්බුක් සමාජ ජාලා පිටුවයි.

🪷පින්බර නිකිණි පුන් පොහොය දිනය අදයි.....න තං මාතා පිතා කයිරා - අඤ්ඤේ වා පි ච ඤාතකාසම්මාපණිහිතං චිත්තං - සෙය්යසෝ නං තතෝ ක...
27/08/2026

🪷පින්බර නිකිණි පුන් පොහොය දිනය අදයි.....

න තං මාතා පිතා කයිරා - අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං - සෙය්යසෝ නං තතෝ කරේ

(ධම්ම පදය චිත්ත වග්ගය - 10 වන ගාථාව)

අදහස: මව්පියන් හෝ නෑදෑ හිතවතුන් හෝ වෙනත් කිසිවෙකු විසින් කරදෙන යහපතට වඩා වැඩි යහපතක්, උසස් බවක් සහ දියුණුවක් (ආර්ය මාර්ගයෙහි) මනා කොට පිහිටුවා ගත් සිත විසින් පුද්ගලයාට උදාකර දෙයි.

ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය,
පොල්හේන,
කැලණිය.

සැකසුම හා සටහන-: G.L.සෙනුජ සෙහත්

🪷පින්බර ඇසළ පුන් පොහොය දිනය අදයි.....න හි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනංඅවේරේන ච සම්මන්ති - ඒස ධම්මෝ සනන්තනෝ(ධම්ම පදය ...
29/07/2026

🪷පින්බර ඇසළ පුන් පොහොය දිනය අදයි.....

න හි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්ති - ඒස ධම්මෝ සනන්තනෝ

(ධම්ම පදය යමක වග්ගය - 5 වන ගාථාව)

අදහස: මේ ලෝකයෙහි වෛර කිරීමෙන් කිසිදිනක වෛරය සංසිඳෙන්නේ නැත. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් හෙවත් මෛත්‍රියෙන්ම පමණි. මෙය අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් එක ලෙස වලංගු වන සනාතන සත්‍යයකි.

ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය,
පොල්හේන,
කැලණිය.

සැකසුම හා සටහන-: G.L.සෙනුජ සෙහත්

🪷පින්බර පොසොන් පුන් පොහොය දිනය අදයි.....මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චතියදා ච පච්චති පාපං පච්චති අථ බාලෝ දුක්ඛං නිගච්...
29/06/2026

🪷පින්බර පොසොන් පුන් පොහොය දිනය අදයි.....

මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං පච්චති අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

(ධම්ම පදය බාලවග්ගය - 5 වන ගාථාව)

අදහස: පාපය යම්තාක් විපාක නොදේද, ඒතාක් අනුවණයා එය මී මෙන් රසවත්ව සිතයි. යම් විටක පාපය විපාක දෙයිද එවිට අනුවණයා දුකට පැමිණෙයි.

ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය,
පොල්හේන,
කැලණිය.

සැකසුම හා සටහන-: G.L.සෙනුජ සෙහත්

☸️උතුම් පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "පොසොන් බ...
28/06/2026

☸️උතුම් පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "පොසොන් බැති ගී සරණිය 2026" මෙවරත් පොසොන් මස 29 වන පොසොන් පුන් පොහෝ දින සවස 6.30 සිට පොල්හේන ශාන්ත්‍යාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

පොසොන් සඳ සිසිලේ බැති ගී මිහිරෙන් සැනසෙන්නට ඔබ සැමට බැති සිතින් ආරාධනා.

සංවිධානය:
ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය,
පොල්හේන,
කැලණිය.

🪷පින්බර වෙසක් පුන් පොහොය දිනය අදයි....."අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදංඅප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා"(ධම්ම පදය...
30/05/2026

🪷පින්බර වෙසක් පුන් පොහොය දිනය අදයි.....

"අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා"

(ධම්ම පදය අප්පමාද වග්ගය - 1 වන ගාථාව)

අදහස: (සුචරිතධර්‍ම විෂයයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්‍වාණාධිගමයට කරුණු ය. (සුචරිතධර්‍ම විෂයෙහි) පමා බව (පමා වූවහු ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින්) මරණයට කරුණු ය. (කල්‍යාණධර්‍මයෙහි) නො පමා වූවෝ නො මියෙති. යම් කෙනෙක් ධර්‍මයෙහි පමා වෙත් ද, ඔහු (ජාත්‍යාදියෙන් නොමිදුණු බැවින්) මළවුන් වැනි වෙත්.

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී පොහෝ දිනයකි, මක් නිසාද යත් අප මහා ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනයකයි.

ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය,
පොල්හේන,
කැලණිය.

සැකසුම හා සටහන-: G.L.සෙනුජ සෙහත්

🌞 කොහෝ හඬින් පරිසරය අවදි වී, එරබදු මලින් මග සැරසෙන මේ සොඳුරු වසන්ත සමයේ, ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ...
14/04/2026

🌞 කොහෝ හඬින් පරිසරය අවදි වී, එරබදු මලින් මග සැරසෙන මේ සොඳුරු වසන්ත සමයේ, ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත නව වසරක් වේවා! පරණ අවුරුද්දේ අඳුරු මතකයන් දුරු වී, අලුත් බලාපොරොත්තු දල්වමින් කිරි ඉතිරෙන්නාක් මෙන් ඔබ සියලු දෙනාගේම ජීවිත ද සතුටින් උතුරා යන, නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය මෙයින් ප්‍රාර්ථනා කර සිටිමු!

ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලය,
පොල්හේන,
කැලණිය.

සැකසුම හා සටහන-: G.L.සෙනුජ සෙහත්

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* අදයි!ගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු...
05/04/2026

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* අදයි!

ගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු ඔබ සැමට ආරාධනා....

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* ට ඇත්තේ තව දින 01යිගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශ...
04/04/2026

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* ට ඇත්තේ තව දින 01යි

ගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු ඔබ සැමට ආරාධනා....

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* ට ඇත්තේ තව දින 02යිගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශ...
03/04/2026

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* ට ඇත්තේ තව දින 02යි

ගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු ඔබ සැමට ආරාධනා....

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* ට ඇත්තේ තව දින 03යිගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශ...
02/04/2026

🌞 ශ්‍රී පඤ්ඤාසීහ ධර්ම විද්‍යාලයේ සබඳකම් අලුත් කෙරෙන *අවුරුදු උදානය'26* ට ඇත්තේ තව දින 03යි

ගුරුභවතුන්, දරු දැරියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු ඔබ සැමට ආරාධනා....

Address

No. 05, Skelton Road, Colombo 05.
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when පොල්හේන දහම්පාසල - Polhena Dahampasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share