නොබැඳි දහම් සෙවන

නොබැඳි දහම් සෙවන නව ඇරඹුමක මං පෙත් විවරණයකි,යහපත් ධර්ම

15/01/2023

*🌿🌷🍂 නව අරහාදී බුදු ගුණ 🌿🌷🍂*


1. 🌸අරහං🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක.🙏🙏🙏

2. 🌸සම්මා සම්බුද්ධෝ🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.🙏🙏🙏

3. 🌸විජ්ජාචරණ සම්පන්නෝ🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.🙏🙏🙏

4. 🌸සුගතෝ🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.🙏🙏🙏

5. 🌸ලෝක විදූ🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.🙏🙏🙏

6. 🌸අනුත්තරෝ පුරිසදම්ම සාරථී🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්‍ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.🙏🙏🙏

7. 🌸සත්ථා දේවමනුස්සානං🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.🙏🙏🙏

8. 🌸බුද්ධෝ🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.🙏🙏🙏

9. 🌸භගවා🌸

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.🙏🙏🙏


තෙරුවන් සරණයි !!!

17/06/2022

🌸🌼 *දවසෙ දහම් පැනය*🌸🌼

*වැඳුම් පිදුම් කිරීමේ දී ගාථා කිය යුතු ම ද? ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීම වරදක් ද?*

වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් වුවමනා බවක් පිටකත්‍රයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. පැරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය. චෛත්‍යය හෝ බෝධිය වැඳිය යුතු ආකාරය සාමඤ්ඤ ඵල සූත්‍ර‍ අටුවාවෙහි දක්වා ඇත්තේ ය.

චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං. ඛුද්දකං චෙ තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං, චෙතියං වන්දිත්වා බොධියංගණං පත්තෙනා පි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බොධිං වන්දිතබ්බො.

“සෑ මලුවට නැඟ ඉදින් සෑය මහත් වේ නම් තුන් වරක් ප්‍ර‍දක්ෂිණා කොට සතර තැනක දී වැඳීම කළ යුතු ය. ඉදින් සෑය කුඩා නම් එසේ ම ප්‍ර‍දක්ෂිණා කොට අට තැනක දී වැඳිය යුතු ය. චෛත්‍යය වැඳ බෝ මලුවට පැමිණියහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව කොට බෝධිය වැඳිය යුතුය” යනු එහි තේරුම ය.

ගාථා කිය යුතු බවක් එහි සඳහන් වී නැත. එහි සඳහන් වන්නේ ප්‍ර‍දක්ෂිණා කරමින් තැනින් තැන නැවතී පසඟ පිහිටුවා වැඳිය යුතු බව ය. මේ කරුණ මෙසේ ම තවත් අටුවාවල ද සඳහන් වී ඇත්තේ ය. වැඳුම් පිදුම් කිරීමෙන් ලත් අනුසස් දැක්වෙන කථා බොහෝ ගණනක් අපදාන - විමානවත්ථු යනාදි පොත්වන එන්නේ ය. කවරකු විසින්වත් ගාථා කියා වැඳුමක් පිදුමක් කළ බවක් ඒ කථාවල සඳහන් නො වන්නේ ය. අපදානයේ කථා කීපයක ගාථා කියා බුදුන් වහන්සේට ස්තුති කළ බව සඳහන් වී ඇත්තේ ය. ඒ අය ඒ ගාථා කීයේ ස්තුති පූජාවක් වශයෙනි.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී උන් වහන්සේ වෙත පැමිණෙන ජනයා ගාථා කියා වඳින්නට පටන් ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතු ය. උන් වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම කළේ ගාථා නැතිව ය. මල් ආදිය පිදුවේත් ගාථා නො කියා ය. එසේ ම දැනුදු ගාථා නො කියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම කළාට ඇති වරදක් නැත.
විහාරයට චෛත්‍ය මලුවට හෝ බෝ මලුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණීම්භූතව වැන්දාම වැඳීමේ කුශලය අත්පත් වේ. බුදුනට පිදීමේ අදහසින් මල් පහන් ආදිය පූජාසනය මත තැබුවාම පූජා කිරීමේ කුශලය අත්වේ. ගාථා නො කීමෙන් වැඳීම පිදීම සිදු නො වීමක් නැත. ඇතැම්හු ගාථා කියන්නත් වුවමනා ම ය යි වරදවා සිතා ගෙන ගාථා නො දැනීම නිසා වැඳුම් පිදුම් කරන්නට ද නො යෙති. එය වැරදි හැඟීමෙකි. ගාථා නො දත් අය විසින් ගාථා නො කියා වැඳුම් පිදුම් කළ යුතු ය.

ඇතැම්හු තමන් ගාථා කියන්නට නො දත් බැවින් වැඳුම් පිදුම් කරන්නට වුවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති. දේව පූජා වලට කපුවකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවන අය සෙවීමට වුවමනා නැත. කියවන කෙනකු ඇති නම් ගාථා කියවා ගත්තාට ද වරදක් නැත. ගාථා කීමේ සිරිත මෑත කාලයේ ඇති වූවකි. තේරුමක් නො දැන ගාථා කීම එතරම් පලක් ඇති වැඩකැයි නො කිය හැකි ය. තේරුම දැන ගෙන ගාථා කියනවා නම් එසේ කරන්නා හට වචනයක් පාසා කුශල් ඇති වේ. ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැන ගන්නටත් උත්සාහ කළ යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිත කිරීම වඩාත් හොඳ බව කිය යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍ර‍ය ගුණ කී පමණට පින් සිදු වන බව සැලකිය යුතු ය.

මා හිතවත් ස්වාමින් වහන්සේ නමක්  මගෙන් ඉලිමක් කලා.ඒ කාච කරඩු වහන්සේ නමක්  අරන් දෙන්න උදව් කරන්න පුලුවන්ද කියලා .අරන් දෙන්...
11/01/2022

මා හිතවත් ස්වාමින් වහන්සේ නමක් මගෙන් ඉලිමක් කලා.ඒ කාච කරඩු වහන්සේ නමක් අරන් දෙන්න උදව් කරන්න පුලුවන්ද කියලා .අරන් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. ස්වමින් වහන්සේ මම සම්බන්ධ කර දෙන්නම් .මාතර කෙනෙක් නම් වඩා හොදයි.පන්සල මාතර පිහිට තියන නිසා .මගේ දු: අංකය - 0778700354

02/07/2021

*🌼🍃 මෙතෙක් පහළ වූ සියලු බුදුවරුන්ගේ අරමුණ සහ සාරාංශය...😇🙏*

*🍃“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා*
*සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං”*

“🌼සියලු පව් නොකිරීමට කුසල් වැඩිදියුණු කිරීමට තමන්ගෙ සිත පිරිසුදු කිරීමද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි”. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත් වන්නේ සියලු බුදුවරුන්ගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයටයි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ මාර්ගය වශයෙන් දෙසා වදාරති. දිර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු නොවේ. ඒ නිසා උන්වහන්සේලා ඛුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක් වශයෙන් දෙන්නේ, අනුශාසනාවක් වශයෙන් පණවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැනි අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවල විනය පැනවීම සිදුවෙයි. එහෙත් උන්වහන්සේලාත් විනය පණවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැණවීමක් සිදු නොවීය. එම කාලය තුළ උන්වහන්සේ අඩමසකට වරක් පොහෝ දිනවල සංඝයා රැස්කොට මේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව පමණක් සිදු කළහ. එය බුදුවරුන් සංඝයා සමඟ පොහොය කිරීමද වේ. උදාන පාලියේ මෙන්ම අංගුත්තර අට්ඨක නිපාතයේ උපෝසථ සූත්‍රයේ සඳහන් වන පරිදි එක් පොහොය කරන දිනක ප්‍රාතිමෝක්ෂ දේශනාවට රැස් වූ භික්ෂූන් අතර දුස්සීල භික්ෂුවක් සිටීම නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සඳහටම අත්හිටුවා වදාළහ. එහිදී උන්වහන්සේ වදාළේ .

“මහණෙනි, අද පටන් කොට මම පොහොය නොකරමි. පාමොක් නොදෙසමි. තථාගතයන් වහන්සේලා අපිරිසුදු පිරිස් මැද පොහොය නොකරන්නාහ. පාමොක් නොදෙසන්නාහ. යන මේ කාරණය සිදුවිය නොහැක්කකි යනුවෙනි. එතෙකින් බුදුරජාණන් වහන්සේගේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව, පොහොය කිරීම නැවතිනි. එතැන් පටන් සංඝයාට පොහොය කරන්නට ප්‍රාතිමෝක්ෂ දෙසන්නටත් අනුදැන වදාළහ. එහිදී දෙසන්නට නියම කළේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂ නොව ආණාප්‍රාතිමෝක්ෂයයි. එනම් බුදුරදුන් විසින් සංඝයාට පණවා වදාළ විනය ශික්ෂාපද සමූහයයි. ඒ අනුව එම ශික්ෂාපද සමූහයද ප්‍රාතිමෝක්ෂ නමින් හැඳින්වෙයි.

එතැන් පටන් භික්ෂූන්ට අවවාද කරන අවස්ථාවලද මහණෙනි, ඉතා කුඩා වරදෙහි පවා බිය දකිමින් ප්‍රාතිමෝක්ෂ සංවරයන්හි සංවරව වෙසෙන්නැයි වදාළේ මේ විනය ප්‍රාතිමෝක්ෂය ගැනයි. එතැන් පටන් සංඝයා සෑම අටමසකට වරක්ම පොහොය සීමාවට රැස්ව මේ විනය ප්‍රාතිමෝක්ෂය දේශනා කරති. පොහොය කිරීම යනු එයයි. එයට බුදුවරු සහභාගී වන්නේ නැත.

මෙතෙක් කී කරුණු අනුව ‘සබ්බ පාපස්ස අකරණං’ ආදී ගාථාව බුද්ධ ශාසනයක සමස්ත පණිවුඩය සමස්ත අනුශාසනාව ගැබ් කොට ඉතා සංක්ෂිප්තව දේශනා කරනු ලබන සුවිශේෂී දේශනාවක් බව පැහැදිලි වේ. මෙය දේශනා කරන බොහෝ දෙනා මෙහි අන්තිම පදය ‘ඒතං බුද්ධානු සාසනං’ යනුවෙන් වරදවා කියති. එහි නිවැරදි පදය වන්නේ ‘ඒතං බුද්ධාන සාසනං’ යනුවෙනි. එනම් මෙය බුදුවරුන්ගේ ශාසනය යන්නයි. ශාසනය යනු ශික්ෂා මාර්ගයයි. ප්‍රතිපදාවයි. ධර්ම විනය යනුද එයයි. ‘ශාසන’ යන්නෙහි පණිවුඩය යන අර්ථයක්ද ඇත. ඒ අනුව ශික්ෂණය සඳහා දෙන අවවාදය, අනුශාසනය ඒ තං බුද්ධාන සාසනං’ කීම එයයි.

‘සබ්බ පාපස්ස අකරණං’ යන්න නෙතකීපවරණ පාලියේ සඳහන්වන පරිදි සබ්බ පාපයන් එනම් කාය දුශ්චරිත, වාග් දුශ්චරිත සහ මනෝ දුශ්චරිතයයි. ඒවා නම් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, පරුෂාවාච, සම්පප්ලාප, අභිජ්ඣා ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටි යන දස අකුසල කර්ම පාපයෝය. මෙම දස අකුසල කර්ම වශයෙන් දෙකට බෙදේ. එනම් චේතනා කර්ම හා චේතසික කර්ම යනුවෙනි.

අකුසල මුල් ක්‍රියාත්මකවීමේදී පුද්ගලයා සතර අගතියට යයි. එනම් පත්නොවියයුතු තැනට පත්වේ.

ඒ අගතීන් අතුරින් ඡන්දයෙන් අගතියට යාම ලෝභය නිසා සිදුවේ. දෝසාගතියට යාම ද්වේශය නිසා සිදු වේ. මෝහයන්ගෙන් අගතියට යාම මෝහය නිසා සිදුවේ. මේ මේ අකුසල මූලයන්ගෙන් අගතියට පත්ව පව් සිදු කර ගැනීමේ ගමන වළකාලන ප්‍රතික්‍රියාවන් ද බුදු දහමෙහි දක්වා තිබේ.

ඒ අනුව ලෝභය අසුභානුස්සතියෙන් හෙවත් රූපාදී ධර්මයන්ගේ අසුභය මෙනෙහි කිරීමෙන් ප්‍රහාණය වෙයි. ද්වේශය මෛත්‍රියෙන් ප්‍රහාණය වෙයි. මෝහය විදර්ශනා ප්‍රඥාවෙන් ප්‍රහාණය වෙයි. එසේම ලෝභය උපේක්ෂාවෙන් ද ප්‍රහාණය වේ. එනම් අරමුණ පිළිබඳව සුබ වශයෙන් මෙනෙහි නොකොට මධ්‍යස්ථවීමෙන් ලෝභය සංසිඳේ. කාමච්ඡන්ද යනු ද ලෝභයයි. ද්වේෂය මෛත්‍රී කරුණා දෙකෙන්ද මෝහය මුදිතාවෙන් ද දුරුවෙන බව දැක්වේ. මුදිතාව යනු ලෝකයාගේ දියුණුව සතුට දැක තමනුත් සතුටුවීමේ ගුණයයි. එය කළ හැක්කේ නුවණින් කල්පනාකරන අයකුට පමණි. ඒ නුවණ නැතිකල, ඒවා තමන්ට නැතිවීම ගැන හීන මානයට හෝ අනුන්ට තිබීම ගැන ඊර්ෂ්‍යාවට හෝ පත් වෙයි. මුදිතාවෙන් මෝහය දුරුවේ යැයි කීවේ එයයි. මෙසේ ලෝභ, ද්වේෂ හා මෝහයන් මැඩ පැවැත්වූ තැනැත්තා පාපයට නැඹුරුවීම වළකයි. ‘සබ්බ පාපස්ස අකරණං’ යනුවෙන් සියලු පව් නොකිරීම හෝ සියලු පවින් වැළකීම සිදු වන්නේ මේ ආකාරයෙනි.

තවද සමස්ත වශයෙන් සියලු පව් යන්නෙන් මිථ්‍යා අංග අට එනම් මිච්ඡාදිට්ඨී, මිච්ඡාසංකප්ප මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යන අටයි. මේ මිථ්‍යා අංග අට නොකිරීම එහි නොයෙදීම ‘සබ්බ පාපස්ස අකරණං’ යන්නෙන් ප්‍රධාන වශයෙන් සැලකේ. වෙනත් විදියකින් කියතොත් අර්හත්වයෙන් අවසන් වන ආර්ය මාර්ගයේ දී සබ්බ පාපස්ස අකරණං’ යනු ඒ මිථ්‍යා අංග අටෙන් වැළකීමයි.

‘කුසලස්ස උපසම්පදා’ ඒ මිථ්‍යා අට දුරුවන විට සම්‍යක් අංග අට සම්පූර්ණ වේ. ඒ අනුව සම්මා දිටිඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධි යන සම්‍යක් අංග අට හෙවත් යහපත් මාර්ග අංග අට සම්පූර්ණ කිරීම සම්පාදනය කිරීම, අර්හත්වය සඳහා යන බෞද්ධ මාර්ගයේදී ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් ගැනේ.

‘සචිත්ත පරියොදපනං’ යනු පෙර බුදුවරුන්ගේ පටන් පැවත එන මාර්ගය වැඩීමයි. ‘පරියොදපන’ යනු පිරිසුදු කිරීමයි. ඒ අනුව තමාගේ සිත පිරිසුදු කිරීමේ ක්‍රම දෙකකි. පළමුවෙන්ම සමථ විදර්ශනා මාර්ගයෙන් නීවරණ ප්‍රහාණය කොට සිත පිරිසුදු කිරීමයි. දෙවැන්න ආර්ය මාර්ගය වැඩීමෙන් අනුගමනය ධර්ම සහමුලින්ම උදුරා දැමීමයි. සිත පිරිසුදු කරන ආර්ය මාර්ගයෙන් පින්වත් ඔබත් ගමන්කොට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධකරගෙන උතුම් නිවනින් සැනසෙත්වා🍃🙏 ---------------------------------
*🍃⃟✦⃝🌼තෙරුවන් සරණයි...!!!🙏🌸*
*නමෝ බුද්ධාය...!!!🌼᭄᭄᭄̊̊̊̊̊̊࿔*😇🙏🌸
"""""""""""""""""""""""""""""""""""""""

29/03/2021
තියෙන්නෙ 7 වසර දරුවෙක් තමන්ට හිතට දැනුණු දේ චිත්‍රයකින් සහ තම වචන වලින් ප්‍රකාශ කරපු එක අවස්ථාවක්.හොඳට කියවලා බලන්න .මෙහ...
31/10/2020

තියෙන්නෙ 7 වසර දරුවෙක් තමන්ට හිතට දැනුණු දේ චිත්‍රයකින් සහ තම වචන වලින් ප්‍රකාශ කරපු එක අවස්ථාවක්.හොඳට කියවලා බලන්න .මෙහෙම කියන්න හේතුවක් තියෙනවා .ඒ තමන්ගේ පියා මත්ද්‍රව්‍යය වලට ලොල් වීම නිසා තම පියා නිසා ගෙදර ඇතිවන ගැටළු එම දැරිය නිරන්තරයෙන් දකින නිසා .

ඔව් ඇත්තටම ළමයින්ට මත්ද්‍රව්‍ය වලින් තොර පරිසරයක ජීවත් වීමට අයිතියක් තියෙනවා .ඒ වගෙම එවැනි සමාජයක් බිහිකිරීම පියවරුන්ගෙ ද යුතුකමක් වනවා .ඔබ කරන වැරදි වලින් වන්දි ගෙවන්නේ අහිංසක දරුවන් .බීමත් මිනිස්සු නිසා පවුල් පරිසරය ,සමාජ පරිසරය තුළ තුල ඇතිවන ගැටලු මම ඔබට අමුතුවෙන් කියන්නේ නැහැ .මොකද එය හැමෝම දන්න නිසා .බීමත්කම නිසා පුද්ගලිකව මගේ ජීවිතේ වේදනා කරි අවස්තා තිබිලා තියනවා.ඒ වගේම මම කරන සමාජ සත්කාර සමග මගේ යහළුවන් මට මේ වගේ ගැටළු කියලා තියනවා .හැබැයි ඒ හැමෝගෙම පවුල් ජීවිත අන්තිම බින්දුවටම වැටිලා .ගොඩ ඒමක් නැහැ .ඉතින් පුළුවන් විදිහට ඔවුන්ගේ ජීවිත දිනන්න හැකිතරම් උපදෙස් මම ලබපු අත්දැකීම් එක්ක ලබාදීලා තියෙනවා .

එක දෙයක් ඉල්ලන්නම් ඔබ නිසා ඔබගේ ලස්සන පවුල් ජීවිත ඒ වගේම දරුවන්ගේ ලස්සන අනාගතය විනාස කරන්න එපා .එහි විපාක සසර පුරාවටම ඔබට ගෙවලා නිම කරන්න බැරි වේවි . ඒ වගේම ශ්‍රී ලංකාව ගැන හදවතින්ම කැක්කුමක් තියනවා මගේ රටේ අනාගතය ගැන .මගේ පවුලේ අය විතරක් නෙමෙයි .මම කැමතියි හැමෝම සතුටින් ඉන්නව නම්.හැමෝම දියුණුවෙලා ඉදිරියට එනවනම් .එහෙම උනොත් මේ රට සහයෝගි තාවයෙන් ලස්සන කරන්න අපිට පුළුවන් .ඒක නිසා දැන්වත් අපි හැදෙමු .මනුස්සකම නැති කරගන්න එපා .තෙරුවන් සරණයි🙏🙏🙏

හදවත මොහොතකට නතර වුණා.අද දින වැල්ලවාය මෙත් සේවා පදනම වේත ලබා දුන්න දානය අතර තුර ගත් ඡායාරූප වල හද සසල කර මොහොතක් .අද සමජ...
24/09/2020

හදවත මොහොතකට නතර වුණා.අද දින වැල්ලවාය මෙත් සේවා පදනම වේත ලබා දුන්න දානය අතර තුර ගත් ඡායාරූප වල හද සසල කර මොහොතක් .අද සමජයේ කොතරම් පිරිසක් ඉන්නවද ජීවත් වෙන්න අසා ජිවිතය ඉල්ලන කිදෙනෙක් ඉන්නවාද 😭 .මොවුන් අපේක්ෂා කරන ජිවිතට පොඩි හරි සතුටක් අපිට දෙන්න පුළුවන් නම් එක ලොකු පිනක් .අපි අපේ ශරීරයේ තවකලික අයිති කරයෙක් විතරයි.මේ කුනු වන ශරීරය අත හැර යන්න වෙනවා කව්දා හරි.ඒ ටික කලේ අපි කරන පින් විතරයි අරන් යන්නෙ .ඉතින් පුළුවන් තරම් පින් දහම් කරන්න .

අද මේ ඡායාරූප දැකලා මගේ හදවතට ලොකු දුකක් දැනෙනවා .මොකද අපේ අපේ රටේ සිටින සමහර අයගේ වරදින් මේ දෙවල් සිදුවන නිසා .මොවුන්ට මාපිය මා පිය සෙනෙහස ලැබෙන්නේ නැහැ .නමුත් අපි හැමෝගෙම ආදරය ආශිර්වාද ඔවුන්ට හැමදාමත් ලැබෙනවා.ඔවුන් වෙනුවෙන් මටත් උදව් කරන්න පුළුවන් පුලුවන් උන එක ගැන දැනෙන සතුට වචන වලට හරවන්න බෑ.ඒ පිනට මාව සම්බන්ධ කල Rajeewa Jayanath සහෝදරයා ඔබට ගොඩක් පින් .ඒ වගේම මාව විස්වාස කරලා මට මේ පින් කමට උදව් කරපු කොටසක් ඉන්නවා.මගේ අම්මා ,ගමේ කිප දෙනෙක් ,Jeewandar Sumanawathi,Samanmali Gamage, සමන්මාලි සමන්මාලි, Wasana Godamunavithanagr, ඔබටත් ගොඩක් පින් මාව විශ්වාස කරලා මේ පින් කමට සම්බන්ධ වුණාට .මේ පින් බලයෙන් ඔබ කරන කියන සියලු දෙවල් සාර්ථක වෙන්න කියලා පර්තනා කරනවා .ඒ වගේම ඔබටත් ඔබේ පවුලේ අයටත් නිදුක් නිරෝගී සුවය පර්තනා කරනවා .තෙරුවන් සරණයි

මෙත් සේවා පදනම වැල්ලවාය අපි යනවා සැප්තැම්බර් 24 ,25  ඔබත් හැකිනම් සම්බන්ධ වන්න .අප හා සම්බන්ධ විමට නොහැකි නම් ඔබගේ අදාර ...
31/08/2020

මෙත් සේවා පදනම වැල්ලවාය අපි යනවා සැප්තැම්බර් 24 ,25 ඔබත් හැකිනම් සම්බන්ධ වන්න .අප හා සම්බන්ධ විමට නොහැකි නම් ඔබගේ අදාර මේහි ඇති මෙත් සේවා පදනම දුරකථන අංකයට කතා කර ලබා දිය හැකිය .තවද ඔවුන් වෙනුවෙන් ආහාර (දානයක්)ලබා දිමට අවශ්‍ය නම් ඒ සදහා දිනයක් වෙන්කර ගැනීමට ඔවුන් සමග සම්බන්ධ වන්න .තෙරුවන් සරණයි

තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.අලුතින් හදන පන්සලකට සහ ස්වාමීන්  වහන්සේ නමකට වස් කාලය ගත කිරීම සඳහා අවශ්‍ය බඩු වගයක් ඉල්ලු...
13/06/2020

තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.අලුතින් හදන පන්සලකට සහ ස්වාමීන් වහන්සේ නමකට වස් කාලය ගත කිරීම සඳහා අවශ්‍ය බඩු වගයක් ඉල්ලුම් කර තිබෙනවා.ඔබටත් හැකි අයුරින් උදව් කරන්න කියලා ආරාධනා කරනවා .කැමති අය ඉන්නවනම් කතා කරන්න .එම ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය මා ලබා දෙන්නම්

..🙏🙏විනාඩියක් අරන් කියවන්න 🙏🙏ඔබ කවදාවත් නැවත මේ වරද කරන්න එපාසර්පයින් හා භූමිතෙල් ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක්...
20/05/2020

..🙏🙏විනාඩියක් අරන් කියවන්න 🙏🙏

ඔබ කවදාවත් නැවත මේ වරද කරන්න එපා

සර්පයින් හා භූමිතෙල්

ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම . නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි. සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ. ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක. දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ. මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ. තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා. අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.
සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක් වන්න......

Address

446/1 Godalla Road Malabe
Colombo

Telephone

0094778700354

Website

Alerts

Be the first to know and let us send you an email when නොබැඳි දහම් සෙවන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share