17/08/2026
☸ බුද්ධ වන්දනා ශාලාව ප්‍රතිසංස්කරණය ☸
━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ බුද්ධ වන්දනා හා භාවනා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම. 2026.08.17 දින.
විහාරස්ථානයට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව පිණිස ඉදිකරන ලද බුද්ධ වන්දනා හා භාවනා ශාලාව දිරාපත්ව ඇති තහඩු පිළියම් කොට වැසි ජලය නිසි ලෙස බැහැර වන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමේ මහානිය පින්කම. මේ උතුම් අටමහා පින්කමේ දායකත්වයන් දරන ලද්දේ මාසිකව ආලෝක පූජාවේ දායකත්වය දරන පින්වතුන්ලාගේ දායකත්වයෙනි,
පිනැති ඔබ විසින් වෙහෙස මහන්සි වී උපයා ගත් මිල මුදලින් කොටසක් විහාරස්ථානයේ මාසික විදුලි ආලෝක පූජාව සඳහා කරන ලද මූල්‍යමය පරිත්‍යාගමය පුණ්‍ය කර්මය පින් සිතින් යුතුව සිහිපත් කරමි. ඒ උතුම් පරිත්‍යාගය තුළින් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද මෙම භාවනා ශාලාව බොහෝ සැදැහැවතුන්ගේ ප්‍රයෝජනය පිණිස හේතුවේ.එය උතුම් අටමහා කුසලයකි. පිනැති ඔබ විසින් සිදු කළ මෙම උතුම් අටමහා කුසලය තුළින් ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා! දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ඔබ විසින් කරන කියන කටයුතු රැකී රක්ෂා ව්‍යාපාර සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! හැදූ වැඩූ දයාබර මෑණියන්ට පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා ! සසර ජීවිතය සැපවත් වේවා ! ඔබටත් පවුලේ සැමටත් නමින් මියගිය සැමටත් මේ උතුම් පුණ්‍ය කර්මය නිවන් සුව පිණිසම පාරමී ධර්මයක් ම වේවා ! 🙏🙏🙏🙏🙏