Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය

Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය පරත්‍ථං පටිපජ්ජථ - පරාර්ථය පිණිස කටයුතු කරන්න

ලක්වැසි ලෝවැසි සියලු වැසියන්ට ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා! 🙏ඔබ සැමට තෙරුවන් සරණයි!ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයඩී. ...
14/04/2026

ලක්වැසි ලෝවැසි සියලු වැසියන්ට ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා! 🙏
ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට යෙදී තිබෙනවා.ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වු මෙම පොහොය ද...
01/04/2026

බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වු මෙම පොහොය දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

චූලෝදර හා මහෝදර නා රජවරුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කිරිම සදහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට දෙවන වර වැඩම කිරීම බක් පුරපසළොස්වක පොහොය දිනයේ සිදුවිණි. එහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මහෝදර නාරජුගේ සහායට පැමිණි ඔහුගේ මයිලනුවන් වන මනිඅක්ඛිත නා රජු විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය වෙත වඩින මෙන් ආරාධනා කළේ ද අද වැනි පොහොය දිනයක බව වාර්තා වේ.

සිදුහත් කුමරු සතරපෙර නිමිතිවලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලාගේ රුව දැක ඇත්තේ ද බක්පුර පසළොස්වක පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සදහන් වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

මැදින් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට යෙදී තිබෙනවා.බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි කරුණු රැසක් සිදුවු මැදින් පුර පසළොස්වක පොහො...
02/03/2026

මැදින් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි කරුණු රැසක් සිදුවු මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් මෙන්ම ලාංකිකයින් වශයෙන් ද ඉතා වැදගත් වු පොහො දිනයක් ලෙස සැළකේ.

බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහො දිනකය.

බුදුවීමෙන් 10වන මාසයේ සුද්දෝධන පියරජුගේ ආරාධනයකට අනුව රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්නුවරට වැඩමකරවීම සිදුව තිබේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමහා මා පෙළහැර පෑම, සුද්දෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම වැනි කරුණු සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

12/02/2026
නවම් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් අද වන් නවම් පුර පසළොස්වක ...
01/02/2026

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් අද වන් නවම් පුර පසළොස්වක පෝය දිනය මුල් කරගෙන සිදුව ඇති බව සඳහන්.

බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක වනවා.
ප්‍රථම ධර්ම සංඝායනාව සිදු වී ඇත්තේ ද අද වන් වූ නවම් පෝ දිනකයි.

බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනක වීමද සුවිශේෂී කරුණක්.

ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයක වනවා.

ශ්‍රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, නවම් පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් දිනයක්.

මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවක් බවයි දහම් පොත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම උතුම් නවම් පොහොය දිනයේ දී සිදුවී තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

Old Senanayakians' Buddhist Society of D.S. Senanayake College, Colombo 07, is honored to organize a Uposatha Ashtanga S...
25/01/2026

Old Senanayakians' Buddhist Society of D.S. Senanayake College, Colombo 07, is honored to organize a Uposatha Ashtanga Seela program for one hundred visually impaired persons.

This meritorious event will be held on Navam Poya Day, 1st February 2026, at the Sri Mangalarama Maha Viharaya, Thalagala.

The ceremony will be conducted under the distinguished leadership of the society's Chief Patron, His Holiness Thalagala Sumanarathana Nayaka Thero, who is also the Chief Judicial Sanghanayake of the Panadura region and the Incumbent of Sri Mangalarama Maha Viharaya.

Your presence and generous support for this noble act of compassion are earnestly requested. 🙏

Dananjaya Senarath - 071 599 8920
Sasanka Amarasiri - 077 366 6007
Yasitha Gunasekara - 076 305 4379

May the triple gem bless you!
Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය

කොළඹ 07, ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය ආදී සේනානායකයන්ගේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්ධ පුද්ගලයින් සියදෙනෙකු ...
06/01/2026

කොළඹ 07, ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය ආදී සේනානායකයන්ගේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්ධ පුද්ගලයින් සියදෙනෙකු (100) උතුම් අෂ්ඨාංග සීලය සමාදාන් කරවීමේ මහා පිංකම 2026 වර්ෂයේ පෙබරවාරි මස 01 වන උතුම් නවම් පුන් පොහෝ දින තලගල ශ්‍රී මංගලාරාම මහා විහාරයේ දී, ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක, පානදුර තොටමුණ සහිත රයිගම්, සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්තී ශ්‍රී සිද්ධාර්ථ, හෝමාගම, තලගල ශ්‍රී මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

මෙම උතුම් පිංකම සඳහා සැදැහැති පින්වත් ඔබගේ නොමසුරු දායකත්වයන් අපේක්ෂා කෙරේ. මහත් වූ කුසලානිසංස උපදවා ගැනීමට අප හා එක්වන මෙන් පින්වත් ඔබට ආරාධනා..!

ධනංජය සෙනරත් - 071 599 8920
සසංක අමරසිරි - 077 366 6007
යසිත ගුණසේකර - 076 305 4379

තෙරුවන් සරණයි! 🙏
Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. උදා වූ නව වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. එ...
03/01/2026

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

උදා වූ නව වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. එය අංශ කිහිපයකින්ම බෞද්ධ ජනයාට වැදගත් වේ.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්ව නවවැනි මාසයේ එළඹි දුරුතු පොහෝ දින උරුවෙල් දනව්වෙහි තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දමනය කිරීමෙන් අනතුරුව ලංකාද්වීපයට වැඩම කළහ. එවකට ලක්දිව නොදියුණු යක්ෂ ගෝත්‍රික සේනාව දමනය කිරීම උදෙසා උන්වහන්සේ මෙහි වැඩම කළහ.

මහානාග නම් වනෝද්‍යානයට රැස් වූ යක්ෂ පිරිස එකිනෙකා සමග යුද වැදීමට සැරසී සිටි අවස්ථාවේ බුදු හිමියෝ එම ස්ථානයට වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ සුමන සමන් දිව්‍යරාජයා සෝවාන් වූ බවද පැවසෙයි. වැඳුම් පිදුම් කිරීම සඳහා පූජනීය වස්තුවක් ලබාදෙන ලෙස සුමන සමන් දෙවිඳුන් කළ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ ශීර්ෂය පිරිමැද කේශ ධාතු මිටක් ලබාදුන් බවද ඉතිහාසයේ සඳහන් වේ.

කැලණි විහාරයේ වාර්ෂික පෙරහර ආරම්භ වීම සිදුවන්නේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේදීය. තවත් ආගමික හා ශාසනික වශයෙන් වැදගත් වූ කරුණු රැසක් දුරුතු පුන් පොහෝදින සිදු වී තිබේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා...
04/12/2025

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි. දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. ශ්‍රී ලංකාවට වැඩම කරවූ ශ්‍රී මහා බෝධිය අද ආසියාවේ ඇති ඉපැරණිම වෘක්‍ෂයද වන්නේය.

එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන පිරිස මෙහි වැඩම කරවා මෙහෙණි සස්න පිහිටුවීම තුළින් මෙරට කාන්තාවන්ට පෙර නොවූ විරූ ජාතික හා ආගමික නිදහසක් ද ලැබිණි.

සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.

සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.

මීට අමතරව බෞද්ධ බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරනු ලබන සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේම වීම විශේෂත්වයක්.

එමෙන්ම, මේ උදාවී ඇති විප­ත පිළි­බ­ඳව ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනාම එක්සත් වී එක මත­ය­කට පැමිණ ඉතා­මත් බුද්ධි­මත්ව මේ විප­තෙන් ගොඩ­වී­මට විස­ඳුම් සෙවිය යුතුය. එම විස­ඳුම් දෙයා­කා­ර වේ. එනම්, කෙටි කාලීන සහ දිගුකාලීන විස­ඳුම් ය. ශ්‍රී ලාංකික මිනි­සුන් තුළ පව­තින මනු­ස්ස­කම කෙත­රම්ද යන වග මේ සමාජ වට­පි­ටාව විසින් අපිට කියා ඇත. සුනා­මි­යෙන් පවා සිදුවූ විනා­ශ­යෙන් ගොඩ­නැ­ඟුණු අපි නව සිතුම් පැතු­ම්ව­ලින් පිරුණු සංක­ල්ප­ව­ලින් එකතු විය යුතුය.

උඳු­ව­ප්පුර හඳ අහසේ බබ­ළ­මින් අපට කියා­පාන්නේ අන්න ඒ කතා­වයි. විවිධ මිනි­සු­න්ගෙන් සහ විවිධ රට­ව­ලින් අපිට උදවු උප­කාර ලැබේවි. මේ කාල­යේදී ඉව­සී­මෙන් කල්ප­නා­වෙන් විම­සුම් නුව­ණින් කට­යුතු කර­මින් විපත සැප­තක් බවට හරවා ගැනී­මට යුහු­සුළු වීම අපි කොයි කාටත් දුෂ්කර යැයි කියා අත්මි­දිය නොහැකි උතුම් යුතු­ක­මකි.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

ඔබගේ රුධිර පරිත්‍යාගය මැනිය නොහැකි ත්‍යාගයකි. ස්තූතියි!සත්‍ය වශයෙන්ම, සැබෑ ජයග්‍රාහකයින් වන්නේ රුධිරය අවශ්‍ය රෝගීන් ය. ම...
07/11/2025

ඔබගේ රුධිර පරිත්‍යාගය මැනිය නොහැකි ත්‍යාගයකි. ස්තූතියි!

සත්‍ය වශයෙන්ම, සැබෑ ජයග්‍රාහකයින් වන්නේ රුධිරය අවශ්‍ය රෝගීන් ය. මන්දයත්, සෑම රුධිර පරිත්‍යාගයක්ම ජීවිත තුනක් දක්වා බේරා ගැනීමට උපකාරී වේ. ඔබගේ පරිත්‍යාගය රුධිර ලබන්නන්, ඔවුන්ගේ ආදරණීයයන් සහ අප සියලු දෙනා විසින් සැබවින්ම අගය කරනු ලැබේ.

අද දින රුධිරය දන් දුන් මෙන්ම අපගේ මෙම ව්‍යායාමය සාර්ථක කරගැනීම පිණිස සහයෝගය දුන් ඔබගේ කාලය, ත්‍යාගශීලීභාවය සහ අන් අයට උපකාර කිරීම සඳහා ඇති කැපවීම පිළිබඳව අපි ඉතා කෘතඥ වෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07
💛🖤💛

ලේ බිඳක් දන් දී මියදෙනා හදකට පණ නලක් වෙමූ. 🩸ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය විසින් සංවිධානය ...
06/11/2025

ලේ බිඳක් දන් දී මියදෙනා හදකට පණ නලක් වෙමූ. 🩸

ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුර

අදයි

⏱️වේලාව :- පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා
🏢ස්ථානය :- ආදි ශිෂ්‍ය සංගම් ශ්‍රවණාගාරය, ඩී. ඇස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07.

මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා සිය රුධිරය පරිත්‍යාග කිරීම උතුම් සත්පුරුෂ ක්‍රියාවකි. විද්‍යාව කෙතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිපදවිය නොහැක. එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබා ගත යුතුය. මිය දෙනා, අසරණ රෝගීයෙකුට ජිවත් වීමේ බලාපොරොත්තුවක් ලබා දීමට ඔබත් අප හා අද දිනයේ දී එක් වන මෙන් ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමයෙන් ආරාධනා..! 🙏

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07
💛🖤💛

ඉල් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස,...
05/11/2025

ඉල් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

අවබෝධ කර ගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම්ගම් වෙත පිටත්කර හැරියේ අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!
ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය
ඩී. එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07

Address

No. 62, R G Senanayake Mawatha, Colombo 07
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Old Senanayakians' Buddhist Society - ආදි සේනානායකයන්ගේ බෞද්ධ සංගමය:

Share