17/01/2022
විවාහයට කුජ දෝෂයෙන් බාධාද?💔
-------------------------------------
විවාහ ජීවිතය පීඩාවට පත්කරන දෝෂ තත්ත්ව අතරින් කුජ දෝෂය ප්‍රධාන ස්ථානයක් ගනියි. අතීතයේ සිටිම මේ දෝෂය තිබෙන අය හ විවාහ වීමට අනෙක් පාර්ශවයෙන් මැලිකමක් දක්වනවා. එයට හේතුව මේ දෝෂය ඇති විට විවාහය කඩාකප්පල් වීම හෝ සහකාරිය හෝ සහකරු මිය යන බව කියා තිබෙන නිසාය. නමුත් ඒ කියන තරම් දෝෂයක් නොවේ. සරලවම පිළියම් යොදන්න පුලුවන් දෝෂයක් වගේම ඒ කියන තරම් අහිතකර ප්‍රතිපල එන ගැටලුවක් නොවේ. නමුත් තවත් දෝෂ පවතින අවස්ථාවක කුජ දෝෂයද ඇත්නම් එය ඉතාම ගැටලුවක් වෙනු ඇත. ඒ වගේම කුජ දෝෂය නිසි ලෙස හඳුනාගැනීමද ඉතා වැදගත්ය.
කුජ දෝෂයේ වියවුල විසඳා ගැනීමට නොහැකි වීමෙන් හා සාමාන්‍ය ජන්මපත්‍ර පරික්ෂාවෙන් හරි ආකාරව එය හඳුනාගැනීමට නොහැකි වීමෙන් බොහෝදෙනෙක් කුජ දෝෂයට වඩා දෝෂයක් හිසමත තබාගෙන පීඩා විඳිති. කුජ දෝෂය සම්බන්ධ නිවැරදි හා පැහැදිලි විග්‍රහයක් අප ඔබ වෙත ගෙන එන්නේ එබැවිනි.
🟢 කුජ දෝෂයට බිය විය යුතුද?
සමාජයේ බහුතරයක්දෙනා තුළ තිබෙන වැරදි මතයක් තමයි කුජ 7 වැන්නේ සිටීමෙන් පමණයි කුජ දෝෂය හටගන්‍නේ කියන කාරණය. නමුත් එතනින් එහාට ගිය විශ්ලේෂණයක් සිදුකරලා බැලුවොත් යමෙකුගේ ජන්ම පත්‍රයේ 1,2,4,7,8 සහ 12 යන භාවයන් වල කුජ තැම්පත්ව සිටිනවා නම් එයත් කුජ දෝෂය ලෙස සළකනු ලබනවා.
යමෙකුගේ දළ කේන්ද්‍රයේ කුජ දෝෂය තිබූ පමණින් හෝ තමන්ට කුජ දෝෂය තිබූ පමණින් තමන්ගේ විවාහය සාර්ථක වෙන්නේ නැතැයි සිතීම වැරදියි. විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තමයි සාමාන්‍ය ජන්ම පත්‍ර පරික්ෂාවකින් හෝ දළ කේන්ද්‍ර පරික්ෂාවකින් පමණක් කුජ දෝෂය සැබවින්ම තමන්ට ඇත්ද, නැත්ද යන්න පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබාගන්න හැකියාවක් නැහැ. පැහැදිලිවම ඒ සඳහා ගැඹුරු හා සූක්ෂම ජන්ම පත්‍ර පරික්ෂාවක් සිදුකළ යුතු වෙනවා භාව කේන්ද්‍රය භාවිතා කරමින්.
ඒ ආකාරයේ ගැඹුරු සහ සූක්ෂම පරික්ෂාවක් සිදුකිරීමේ හැකියාවක් තිබෙන්නේ භාව කේන්ද්‍ර පරික්ෂාව තුළින් පමණයි. සාමාන්‍ය ජන්මපත්‍ර පරික්ෂාවක් තුළින් හා දළ කේන්ද්‍ර පරික්ෂාවකින් පමණක් කුජ දෝෂය පිළිබඳව නිගමන වලට එළඹීමට යාමෙන් සිදුවන්නේ ඇතැම් අවස්ථාවල කුජ දෝෂය සැබවින්ම නැති නමුත් එසේ තිබෙන බව සළකා කුජ දෝෂය පවතින අයෙක් සමග විවාහය සිදුවීමයි. එය සුබදායක නොවන බව ඔබට වැටහෙනවා ඇති.
🟢 භාව කේද්‍රයෙන් ඇසුරින් කුජ දෝෂය හඳුනාගන්නා හැටි
මේ ආකාරයෙන් කුජ දෝෂයේ වියවුල විසඳා ගැනීමට නොහැකිව හා අනවශ්‍ය බියක් ඇතිකරගෙන විවාහ වෙලා විවාහය බිඳ වට්ටවාගත් සහ තමන්ගේ විවාහය ප්‍රමාද කරමින් සිටින විශාල පිරිසක් නිතිපතා අප හමුවට පැමිණෙනවා. ඉන් අති බහුතරයක් පීඩා විඳින්නේ වැරදි ජන්ම පත්‍ර විනිශ්චයන් නිසයි.
උදාහරණයක් ලෙස පෙම්වතුන් දෙදෙනෙක් සිටිනවා ඔවුන්ගේ ප්‍රේම සබඳතාවය වසර ගණනාවක සිට තිබෙන දෙයක්. ඒ වසර ගණනාව පුරාවට ඔවුන් දෙදෙනා අතර ගැටලු ඉතා අවමයි. ඉතා සමගියෙන් අවබෝධයෙන් ආදරය ගලා යනවා. නමුත් සාමාන්‍ය ජන්මපත්‍ර පරික්ෂාවකින් ජ්‍යොතිර්වේදියෙක් විනිශ්චයක් ලබාදෙනවා මේ දෙදෙනාගෙන් අයෙක්ට කුජ දෝෂය පවතිනවා. ඒ නිසා විවාහය අසුභයි කියලා.
හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි ජන්ම පත්‍රයක කුජ ග්‍රහයා 1,2,4,7,8 සහ 12 යන භාවයන්වල යෙදී සිටි පමණින්ම කුජ දෝෂය ඇතිවෙන්නේ නැහැ. භාව කේන්ද්‍ර පරික්ෂාවේදී අපි බලනවා මේ කුජ තැම්පත්ව සිටින නැකත, නැකත උපත් ස්ථානය, කුජ දෝෂය නිශේධනය කරන වෙනත් සුබ ග්‍රහ පිහිටීම් හෝ ග්‍රහ දෘෂ්ටි තිබෙනවාද නැත්නම් කුජ දෝෂය භංග කරන පිහිටීම් යනාදි කාරණා රැසක්. ඒ නිර්ණායක අනුවයි අපි කුජ දෝෂය හා එහි බලපෑමේ ප්‍රමාණය පිළිබඳ විනිශ්චයකට පැමිණෙන්නේ.
🟢 කුජ දෝෂය මට්ටු කරන හැටි
කුජ දෝෂය පිළිබඳ නිගමනයකට පැමිණීමේදී සූක්ෂම කාරණා රැසක් සළකා බලනවා. එතනදි සාමාන්‍ය ජන්මපත්‍ර පරික්ෂාවකින් කුජ දෝෂය පවතිනවා යැයි සඳහන් කළ ජන්ම පත්‍රයක සැබවින්ම කුජ දෝෂය භංග වී තිබෙන්න පුළුවන් වගේම සාමාන්‍ය ජන්මපත්‍ර පරික්ෂාවකින් කුජ දෝෂය නැතැයි සඳහන් කළත් සැබවින්ම කුජ දෝෂයේ බලපෑම පවතින්න හැකියාව තිබෙනවා. ඒ පැවතියත් භාව කේන්ද්‍ර පරික්ෂාව මගින් කුජ දෝෂයේ බලපෑම කෙතෙක්ද යන්න නිශ්චය කරගන්න හැකියාව තිබෙනවා.
ඒ අනුව කුජගේ අහිතකර බලය නිශේධනය හෝ භංග කරවන වෙනත් සුභ ග්‍රහයන්ගේ පිහිටීම් බලවත් කිරීම, සුභ ග්‍රහ දෘෂ්ටි බලවත් කිරීම, සෙත්කවි, යන්ත්‍ර පැලඳීම යනාදී සුවිශේෂී ප්‍රායෝගික පිළියම් රැසක් තිබෙනවා කුජ දෝෂය හා එහි බලපෑම මට්ටු කරන්න.
අකුර ජ්‍යෝතිශ සේවය ඔස්සේ භාව කේන්ද්‍ර පරික්ෂාව තුළින් ඔබේ ජන්මපත්‍රයද නිවැරදිව පරික්ෂා කරගැනීමට හැකියාව පවතියි.