Imbulakanda Temple - ඉඹුලකන්ද විහාරය

Imbulakanda Temple - ඉඹුලකන්ද විහාරය Triple Gem Bless You
May you all attain Nibbana!!!

29/08/2026

සිත් සුවපත් වේවා.

සිත් සුවපත් වේවා.තිසරණ සරනයි.
29/08/2026

සිත් සුවපත් වේවා.
තිසරණ සරනයි.

සිත් සුවපත් වේවා තිසරණ සරනයි.
28/08/2026

සිත් සුවපත් වේවා
තිසරණ සරනයි.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට(27) යෙදී තිබේ . බෞද්ධ ජනතාවට ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙර...
27/08/2026

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට(27) යෙදී තිබේ . බෞද්ධ ජනතාවට ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන පොහොය දිනයක් ලෙස නිකිණි පොහොය සැලකේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු අජාසත්ත රජුගේ අනුග්‍රහය හා දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම නිකිණි පොහොය දිනය හා සම්බන්ධ ප්‍රධාන ඓතිහාසික සිදුවීමකි. එහිදී බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය හා විනය සුරක්ෂිත කර අනාගත පරපුර වෙත රැගෙන යාම සඳහා මහරහතන් වහන්සේලා එක්ව කටයුතු කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම, ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමද නිකිණි පොහොය හා සම්බන්ධ වැදගත් සිදුවීමකි. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ශාසනයේ ධර්මය සුරක්ෂිත කර ගැනීම සඳහා ආනන්ද හිමියන් ඉටු කළ මෙහෙවරද බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගනී.

තවද, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය ඉදිකිරීම ආරම්භ කිරීමද නිකිණි පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ සිදුවීමක් ලෙස සැලකේ.

වස් කාලය ආරම්භ වීමත් නිකිණි පොහොය සමඟ සම්බන්ධ වේ. පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවන අතර, වස් කාලය තුළ භික්ෂූන් වහන්සේලා විහාරස්ථානවල වැඩවසමින් ආගමික කටයුතු හා ධර්ම දේශනා සිදු කරති.

සිත් සුවපත් වේවා.
තිසරණ සරනයි.

ඓතිහාසික ඉඹුලකන්ද විහාරය
හෝමාගම.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, දර්ශනසූරී, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය ...
25/08/2026

මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, දර්ශනසූරී, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ සිදුකරනු ලබන ජාතික, ආගමික, සාසනික, සාමාජික හා අධ්‍යාපනික උදාර මෙහෙවර චිරාත් කාලයක් සිදු කරමින් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය, ධෛරය්ය හා නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර සුභ ජන්ම දිනයක් වේවායිද ප්‍රාර්ථනා කරමු.

ඓතිහාසික ඉඹුලකන්ද විහාරය
හෝමාගම.

ඓතිහාසික ඉඹුලකන්ද සහ එහි පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා සහ ඒ වෙනුවෙන් අප විහාරස්ථානය ඉදිකිරීමට මූලිකත්වය ගත් පළමු පරම්පරාව...
23/08/2026

ඓතිහාසික ඉඹුලකන්ද සහ එහි පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා සහ ඒ වෙනුවෙන් අප විහාරස්ථානය ඉදිකිරීමට මූලිකත්වය ගත් පළමු පරම්පරාවේ තවත් සාමාජිකාවක් වන රන්වලගේ කරුණාවතී උපාසිකා මාතාව පසුගියදා ජන්මාන්තර ගතවූ අතර කරුණාවතී මාතාවගේ අවසන් ආගමික චාරිත්‍ර අද (23) දිනයේදී පිංකෙත පාර සැනසුම් සේවා මාවතේ පිහිටි ඇයගේ නිවසේදී සිදුවිය.

එම අවස්ථාවට කරුණාවතී උපාසිකා මාතාවට ඥාතීත්වයක් උසුලන මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ සියනාදී සිවුකෝරලයේ උපප්‍රධාන සංඝනායක සහ හෝමාගම පිටිපන පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද හෝමාගම සීලවංශ ලොකුහාමුදුරුවන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති පූජ්‍යපාද යහමුල්ලේ අනුරවංශ හිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය සහභාගීවූ අතර විශේෂයෙන්ම ඉඹුලකන්ද ගල් පර්වතය කඩා බිඳ දැමීමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කළ අවස්ථාවේ, හෝමාගම දිසා අධිකරණයේ මහජන පීඩා පනත යටතේ පැවරු නඩුවේදී පැමිණිලි පාර්ශ්වයේ සාමාජිකාවකවූ කරුණාවතී උපාසිකා මාතාව නොකඩවා නඩු වාරවලට සහභාගි වෙමින් ඉටුකල භාරදූර මෙහෙවර කිසිදා අමතක කළ නොහැක.

කරුණාවතී රන්වල මාතාවට අජරාමර නිවන්සුව ලැබේවා...!

ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථ කාර්ය සාධක සමිතිය.
2026-08-23

අභාවප්‍රාප්ත සිංහල ගීතයේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියට නිවන් සුව ලැබේවා ! අප කලසියලු පිං එතුමියට අනුමෝදන් වේවා.ඓතිහාසික ඉ...
20/08/2026

අභාවප්‍රාප්ත සිංහල ගීතයේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනියට නිවන් සුව ලැබේවා ! අප කල
සියලු පිං එතුමියට අනුමෝදන් වේවා.

ඓතිහාසික ඉඹුලකන්ද විහාරය
හෝමාගම.

හක්මන ලාල්පේ ශ්‍රී විවේකාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොත්තේවල ප්‍රාදේශීය සංඝ සභාවේ දිසා පාලක අති පූජ්‍ය ගැටම...
19/08/2026

හක්මන ලාල්පේ ශ්‍රී විවේකාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොත්තේවල ප්‍රාදේශීය සංඝ සභාවේ දිසා පාලක අති පූජ්‍ය ගැටමාන්නේ ධම්මාලංකාර නා හිමියන්ගේ අපවත් වීම පිලිබඳව සාතිශය සංවේගය! අප කල සියලු පිං අනුමෝදන් වේවා.

ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය

Address

Gemunu Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when Imbulakanda Temple - ඉඹුලකන්ද විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Imbulakanda Temple - ඉඹුලකන්ද විහාරය:

Shortcuts

Share