All Ceylon Buddhist Congress

All Ceylon Buddhist Congress Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from All Ceylon Buddhist Congress, Religious organisation, No. 380, Bauddhaloka Mawatha, Colombo – 07, Colombo.

ACBC
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
1919 දී , ශ්‍රී ලංකාවේ බෞද්ධ සංගම් සමඟ සම්බන්ධ වී ස්ථාවරත්වය සහතික කිරීමට විශේෂ සංවිධානයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, ශ්‍රී ලංකාවේ පමණක් නොව අනෙකුත් රටවල ද බුද්ධාගම ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී ඇති ආයතනයකි.

*"* *අයං වස්සාන කාලෝ* *"* සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසි...
30/08/2026

*"* *අයං වස්සාන කාලෝ* *"*
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කඨින පින්කමෙහි දෙවන සිව්පස දානය පූජා කිරීම ශ්‍රී බු.ව. 2570/2026 නිකිණි මස 29 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ දී පැවැත්විය. . මෙම පින්කම ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධිරාජ්‍ය විහාරයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංස තිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරිණි. මෙම අවස්ථාව සඳහා බෞද්ධ මහා සම්මේලනයේ ගරු උප සභාපති, ආගමික හා සංස්කෘතිකූ කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලීකා සේනානායක මැතිනිය, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේමණ්ඩලයේ ගරු උපසභාපති ආචාර්ය කිර්ති තිලකරත්න මහතා හා ගරු ලේකම් වන දීපිකා ජයවර්ධන මහත්මිය ඇතුළු කමිටු සාමාජිකාවන් එක්ව සිටියේය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ  ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනියගේ සං...
29/08/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනියගේ සංවිධානයෙන් සෑම මසකම අවසන් සිකුරාදා දින “සංකථන මණ්ඩපය“ නමින් සිංහල ජාතිය හා සම්බුද්ධ ශාසනයත් අපගේ හෙළ සංස්කෘතිය පිළිබඳවත් සංවාදශීලී වැඩ සටහනක් මාලාව 2026 අගෝස්තු මස 28 වැනි සිකුරාදා දින සවස 3.00 සිට 5.00 ට “පහතරට යාග සාහිත්‍යයෙන් පිලිබිඹු කෙරෙන බෞද්ධාගමික මුහුණුවර“ මැයෙන් විද්වත් දේශනයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්.බී.ආරියපාල ශාලාවේදි පැවැත්විය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසින් සිදු කරනු ලබන අගෝස්තු මස 27 වන නිකි...
29/08/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසින් සිදු කරනු ලබන අගෝස්තු මස 27 වන නිකිණි පොහෝ දින වැඩසටහන

මෙරට සිංහල සංස්කෘතික හා බෞද්ධ ආගමික ප්‍රබෝධයට මහත් සේ ආලෝකයක් වු පානදුරාවාදය පවත්වා වසර 153 සැපිරිම නිමිතිකොට ගෙන  මේ වි...
25/08/2026

මෙරට සිංහල සංස්කෘතික හා බෞද්ධ ආගමික ප්‍රබෝධයට මහත් සේ ආලෝකයක් වු පානදුරාවාදය පවත්වා වසර 153 සැපිරිම නිමිතිකොට ගෙන මේ විවාදයට නායකත්වය දුන් පූජ්‍ය හික්කඩවේ ශ්‍රී සුමංගල සමිඳුන් හා පුජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේලා අනුස්මරණය කරමින් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනාව නිකිණි පුන් පොහොය දින පැවැත්වේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ *ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය* විසින් සිදු කරනු ලබන *අගෝස්තු මස 27 වන න...
25/08/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ *ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය* විසින් සිදු කරනු ලබන *අගෝස්තු මස 27 වන නිකිණි පොහෝ දින වැඩසටහන සඳහා *සිල් සමාදන්වීමට* කැමති උවැසි උවැසියන්හට *පින් සිතින් ආරාධනා කර සිටින අතර,* මෙම පින් කටයුත්ත සඳහා ඔබටද සහභාගී වී දායක වීමට හැකියාව ඇත,
තෙරුවන සරණයි !!!

නිලීකා සේනානායක
ගරු සභාපතිනි
ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය

🌿 පනස් වසරක ආදරණීය බැඳීමක්… ජීවිත 10කට නව පියවරක්! 🌿අනුර සෝමරත්න මහතා සහ එම මහත්මියගේ 50 වන විවාහ සංවත්සරය නිමිත්තෙන්, ජ...
24/08/2026

🌿 පනස් වසරක ආදරණීය බැඳීමක්… ජීවිත 10කට නව පියවරක්! 🌿
අනුර සෝමරත්න මහතා සහ එම මහත්මියගේ 50 වන විවාහ සංවත්සරය නිමිත්තෙන්, ජීවිතයේ නව පියවරක් තැබීමට අපේක්ෂාවෙන් සිටින තැනැත්තන් දස දෙනෙකු වෙනුවෙන් “සවිසුව” කෘත්‍රිම පාද ව්‍යාපෘතිය සඳහා රුපියල් 650,000ක (හය ලක්ෂ පනස් දහසක) මූල්‍ය දායකත්වයක් ලබා දෙන ලදී.
මෙම උතුම් පරිත්‍යාගය 2026 අගෝස්තු 24 වන දින, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඔවුන්ගේ අර්ධ ශතකයක ආදරණීය යුග දිවිය සැමරීමට, තවත් ජීවිත 10කට නැවත දෙපයින් නැගී සිටීමට සවියක් ලබාදීම සැබවින්ම අගනා සත්කාරයකි. ❤️
🙏 ඔබ දෙපළට අපගේ හෘදයාංගම ස්තුතිය හා සුභාශිංසන!
සවිසුව – දෙපයින් නැගී සිටින්නට සවියක් වෙමු. 🦿❤️

නිරෝගි දරු පරපුරක් ප්‍රබුද්ධ සමාජයක් උදෙසා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන් වෙනුවෙන් සිදු කරන අධ්‍යාපන හා මනෝ විද්‍ය...
22/08/2026

නිරෝගි දරු පරපුරක් ප්‍රබුද්ධ සමාජයක් උදෙසා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන් වෙනුවෙන් සිදු කරන අධ්‍යාපන හා මනෝ විද්‍යා උපදේශ වැඩසටහන 2026.08.22 වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ශාලාවේදී සිදු විය. මේ සදහා බස්නාහිර පළාත් කොමසාරිස් හිමාලි පී විමලසේන මහත්මිය විසින් මනෝ උපදේශනය සහ සස්නක සන්සදයේ සමාජිකයන් වෙතට ළමා සංවර්ධන මධ්‍යස්ථාන සමග ගනුදෙනු කිරීමේදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නීතිමය වපසරිය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්විය.

එමෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය භාග්‍යා අබේසිංහ මැතිනිය විසින් දරුදැරියන්ගෙ මානසික සුවට උදෙසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අප ළමා සංවර්ධන මධ්‍යස්ථානවල පාලක සභාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

මීට අමතරව විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා විසින් නිරෝගි දරු පරපුරක් බිහි කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳව මෙන්ම දරුවන්ගෙ වයස සමග ඔවුන්ගෙ කායික මානසික වර්ධනයේ වෙනස්කම් පිළිබඳ සභාව දැනුවත් කරන ලදි.

මේ හා සමගාමිව විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ මහතා විසින් මව් පදවියට පත්වන දෙමාපියන් උදෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එතුමාගෙ කෘතියක් ඇසුරු කරගනිමින් වටිනා තොරතුරු සභගත පිරිස සමග දැනුම බෙදා ගන්නට කටයුතු කරන ලදි.
මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් දරුවන්ගේ කායික සෞඛ්‍යය, මානසික සුවතාව, අධ්‍යාපනය සහ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරමින්, හෙට දවසේ නිරෝගී හා ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගීමට හැකි වනු ඇත. 🌱

🙏 දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දැනුම, ආදරය සහ වගකීම සමඟ එක්වෙමු.

2026.08.20 වෙන දින පැවැත්වෙන  ගරු කෘත්‍යාධිකාරි  මණ්ඩල රැස්වීමේදීදානපති  අශෝක සෝමරත්න  මහතා විසින් හික්කඩුව  ප්‍රදේශයෙහි...
20/08/2026

2026.08.20 වෙන දින පැවැත්වෙන ගරු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී
දානපති අශෝක සෝමරත්න මහතා විසින් හික්කඩුව ප්‍රදේශයෙහි තම ධන පරිත්‍යාගයෙන් අලුතෙන්ම සාදා නිම කරන ලද ජේෂ්ඨ පුරවැසි නිවාසයක් සම්මේලනය වෙත පරිත්‍යාග කිරීම,

මෙහි දී ගරු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරියේ ජේෂ්ඨ පුරවැසි නිවාසයේ යතුරු අශෝක සෝමරත්න මහතා විසින් සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා වෙත ලබා දෙන අවස්ථාව.

Address

No. 380, Bauddhaloka Mawatha, Colombo – 07
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when All Ceylon Buddhist Congress posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share