21/08/2021
ජුසේ තුමා මාව බේරුවා....
ජීවිතේ සුන්දරද මෙතරම්...
ජීවිතය අපි හිතන්නෙවත් නැති විදියට වෙනස්ම අතකට යද්දි... අපි නොහිතපු විදියට කොරෝනා ව අපි අතරට ආවා... බාධක මයි මුලු ජීවිතේම කිසි නිදහසක් නැහැ... ආර්ථික වශයෙන් මානසික අතින් බිංදුවටම වැටිලා ඉන්න කාලායක් තමයි මේ කොරෝනා කාලේ...
මට හොදම යාළුවෝ කියලා 7දෙනෙක් ඉන්නවා... අපි 7දෙනාම එකම දවසේ කාර්යාල කාර්යයක් සදහා කලුතර යනවා.. ඒ ගිහිල්ලා අපි කට්ටය හරිම සතුටිං දවස ගත කලා, එක පේර ගෙඩිය බෙදාගෙන කෑවා... අපි ගෙවල් වලට ආවා..
දවස් ගෙවෙද්දි මම ගොඩක්ම ආදරේ කරන අයියා කෙනෙක්ට උණ, ආයේ දවසක මට වඩා ටිකක් බාල ජීවිතේ ගැන ගඹුරින් හිතන එයා , හොදට බඩ පිරෙන්න කෑම කන "ස" මෙහෙම අගවන්නම්.. 😁 එයාටත් උණ.. අපි ඒත් හිතුවා වෛරස් උණක් වෙන්න ඇති කියලා..
එහෙම්ම යද්දි මාත් සමග සේවය කරන මාගේ ලගම මිතුරියක් වන, මගේ ආසනයේ අනිත් පැත්තේ ඉන්න එයාටත් උණ, අපි දෙන්නා එක පේර ගෙඩිය කෑවෙ, අපි දෙන්නම එකට ගිහින් වැක්සීන් කලේ.. ඒ වෙද්දිත් එයාට ලෙඩේ ඇගට ඇවිල්ලා..
පස්සේ දැනගත්තා අපේ යාළුවෝ 5කට කොරෝනා කියලා.. පස්සේ මම බය උනා මගේ අම්මා, අයියා ගැන හිතලා... මම නිසා එයාලට කරදරයක් වෙන්න එපා කියලා..
ඔය ඉන්න අතරේ මට හමිබුනා හරි අපූරු චරිතයක්.. දෙවියන්ගෙන් ඈත් වෙලා හිටපු මාව දෙවියන්ට ලං කලා.. බයිබලය කියවන්න යාච්ඤා වේ ජීවිතයක් ගත කරන්න මට කිව්වා..
මාසයක් ගෙවුනා, මගේ පපුව කැක්කුම නිසා ලේ එකක් බලන්න මගේ හිත කිව්වා,
ලේ එක බැලුවා, අනේ දෙවියනේ මට කොලෙස්ටරෝල් හොදටම වැඩි 256ක්.. වැඩිම ආසන්නයේ.. මාව කඩා වැටුනා ගොඩක්.. ඒත් මම යාච්ඤා ව අතෑරියේ නෑ .. යාච්ඤා කලා..
මගේ යාළුවන්ට කිව්වම එයාලා කිව්වා බයවෙන්න එපා උඹ මැරෙන්නේ නෑ කියලා.. මෙච්චර දෙයක් උනත් මම යාච්ඤා ව අතෑරියේ නෑ .. මම දෙවියන්ට ස්තුති කලා , මම දන්නවා මට කොරෝනා හැදුනනම් මම මැරෙනවා කියලා.. මොකද නිදන්ගත රෝගයකින් මම පීඩා විදින නිසා...
මාව ජුසේ තාත්තා බේරුවා... මගේ විශ්වාසය එය..
මොනවා මොන දේ උනත් යාච්ඤාව අතාරින්න එපා... දෙවියන් එක්කම කාලය ගෙවන්න.. තම ආදරණීයන් එක්ක කාලය ගෙවන්න...
ජේසු පිහිටයි...
මම සමාජ සේවා නිළධාරිනියක්