Siri Vajirarama Dhamma School.

Siri Vajirarama Dhamma School. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Vajirarama Dhamma School., Buddhist Temple, Siri Vajirarama Temple, Vajira Road, Bambalapitiya, Colombo 04, Colombo.

Siri Vajiraramaya is the best known Sri Lankan Buddhist temple throughout the world which aims at molding a complete man, full of Buddhist qualities,a man well versed in the Buddhist way of life. Siri Vajiraramaya is arguably the best known Sri Lankan Buddhist temple throughout the world which aims at molding a complete man, full of Buddhist qualities,a man well versed in the Buddhist way of life.

10/08/2026
මහින්ද මඩිහහේවා සුධීශ ගුණානුස්මෘතිඑඩිය ඇති ව ම දනන් සුව සෙත                 පිණිස තම මුළු දිවිය වැය කැරමඩිහෙ මහ නාසමිඳු ...
10/08/2026

මහින්ද මඩිහහේවා සුධීශ ගුණානුස්මෘති

එඩිය ඇති ව ම දනන් සුව සෙත
පිණිස තම මුළු දිවිය වැය කැර
මඩිහෙ මහ නාසමිඳු වෙත බැති
බර ව එ සමිඳු මඟට දී වැර
වැඩිපුර ම යහපතට අනුන ගෙ
විවර කළ නිරතුරු ව තුන් දොර
මඩිහහේවා මිහිඳු මැති සඳු සෙවී
සග සුව මනු ලොව ද හැර

තුරුණු කල රූ සිරින් සරු ඔබ
තුරුණු සවියෙහි නයු පදවි ලැබ
පිරුණු නුවණින් තුරුණු සිල් වැඩ -
සටහනට නව පණක් දී සුබ
දියුණු සලසන සසුන් සේවා
සමිතියෙ ද මුල් නයු ව සබ ගැබ
අරුණු විදුර'රමට ද නැංවී
එහි ගමන් මඟ කරවමින් පොබ

'විකුම්රුවනට' රැකුම් දී නිති
විකුම් දුන්නෝ අනෙක් කවුරු ද
තැකුම් නො කැර ම තමා ගේ වැඩ
ළබැඳි සොහොවිරියට ම කැර පුද
විකුම් පෙන්වූ 'විකුම්රුවනේ'
මහිම පාමින් ලොවේ හැමට ද
උතුම් මිනිසා අබිමනින් අද
මුලසුනින් බැස යයි සඳක් ලෙද

වැඩ කරන ජනතාව වෙනුයෙන්
රජයු කාරියෙ නියමුවා වී
හැඩය එහි වෙනසක් කළෝ ඔබ
ඇමැති මැති පැසැසුමට ලක් වී
මැඬ මැඬ ම පෑගෙන දනන් දුක
දැක ම නෙත් සිත් සොවින් තෙත් වී
වැඩ සැදූ කමිසුරා කම්කරු
මෙහෙය ඇත හද සහන් වැට වී

ළබඳ සොවුරෙකි කලණ සැමියෙකි
ළතෙත් ගුණ යුත් පිය කෙනෙක් ම ය
නොමඳ පෙම සිය ළයෙහි සඟවා
එළිය දුන් මයිලණු කෙනෙක් ම ය
සුහදයන් නෑසියන් සැම හට
පිහිට සැලැසූ නෑ කෙනෙක් ම ය
කිසි ද දවසෙක වෙනස් වී නැති
දුලබ මහසත් හදැතියෙක් ම ය

උදේ සිට රෑ නින්ද යන තුරු
අනුන් යහපත නිතර හිතුවා
ඇඳේ ලෙඩ වී සිටින කල්හි ද
හැම දෙනා ගෙ ම දුක ද ඇසුවා
හදේ නෙක් රෝ දුක් තියාගෙන
විවේකය සිය කයින් මිදුවා
තදේට ම ඔබ නැති අඩුව දැන්
දැනේ මෙ වියෝ වානු බැරුවා

පන්සලට පාසලට සරසවි
කෙතට කළ මෙහෙවර නිමක් නැත
පින්කමක් මඟුලක් වියෝවක්
ඇතොත් එහි ලා බැඳිණි ඔබ නෙත
දෙන්නට ම නිති සැදුණු සිරිතෙකි
කිසිත් යළි නො පතා ම තම වෙත
මඩිහහේවා මහරු ගුණ කඳ
සුවඳ දේ වැදිවැදී දිගු බිත

සොඳුරු රන් පතිනියක සෙනෙහස
නොමඳ විඳි පති කෙනෙකි පොහොසත්
මියුරු තෙපුලැති තරහ නො ම දත්
ඉසුරු සරු මහතුමෙකි මහසත්
ඉවුරු සසරේ බිඳැර සෙද ඔබ
ලබත් වා නිවනින් ම අම සෙත්
නිසරු ම ය මේ සකර දම් ඉන්
මිදෙන වරම ද ඔබට බලවත්

සම්බුද්ධ ශාසනයට රටට දැයට සමාජයට අපරිමිත අමිල නොමියෙන සුවිශිෂ්ට සේවාවක් සිදු කළ මහින්ද මඩිහහේවා මැතිතුමාගේ අභාවය පිළිබඳ බම්බලපිටිය සිරි වජිරාරාමයේ සංවේගය මෙසේ පළ කරමු.

පංශුකූල වතාවත් හා ආදාහන කටයුතු 2026 අගෝස්තු මස 11 දින සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

ආදරණීය මහින්ද සර්..මහින්ද මඩිහහේවා කියන නම මට මුලින්ම ඇහුනෙ 1991 දී මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් විදියට ඉන්න කාලේ. අපවත්...
08/08/2026

ආදරණීය මහින්ද සර්..

මහින්ද මඩිහහේවා කියන නම මට මුලින්ම ඇහුනෙ 1991 දී මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් විදියට ඉන්න කාලේ. අපවත් වී වදාල තන්තිරිමලේ නායක හාමුදුරුවො උන් වහන්සේගේ ජීප් රථයේ ටයර් ගෙව්නාම ඒක දාන්න කොලඹ වඩිනවා කීවා. මම ඇහුවා ඇයි හාමුදුරුවනේ ඒකට කොලඹ වඩින්නෙ කියලා. " වැඩ කීපයක් ම තියෙනවා. ඒකත් කරගෙන මහින්ද මඩිහහේවා කියලා මහත්මයෙක් කොලඹ වැඩියම එන්න කියලා තියෙනවා. ඒ මහත්මයා ටයර් ටික මාරු කරවල දෙනවා"
නායක හාමුදුරුවන් එහෙම කිව්ව වෙලාවෙ තමා මෙතුමාගෙ නමත් ආගමික ලැදියාවත් දැනගත්තෙ.
කවදාවත්ම මම මහින්ද සර් යටතේ වැඩ කරලා නෑ. ඒත් සර් මුලින්ම හමුවෙලා එකට වැඩ කලේ තවත් මහින්ද සර් කෙනෙක් නිසා. මහින්ද දේශප්‍රිය සර් ඒ දවස්වල ඩී .එස්. සේනානායක විද්‍යාලයේ චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය භාර දෙන්නෙ මඩිහහේවා සර්ට . එහෙම එකට වැඩ කරලා මාත් එක්ක හරිම පුදුම විදියට මිත්‍ර සම්බන්ධයක් ගොඩ නැගුනා. මාව ඵලදායිතා වැඩ සටහන් මෙහෙයවන කාලේ සර් මම ගැන දුරින් ඉඳන් බලා හිටියා කියලා මම හිතනවා. ඒ නිසාම බොහෝ අවස්ථාවන් හීදී වගකීමක් දැරිය හැකි කෙනෙකු විදියට මා ගැන කතා කරලා තිබුනා. ඒ වගේම ඕනෑම සභාවක නිර්ලෝභීව අනිත් අයට මාව හඳුන්වා දෙන ගුණය නම් හරිම පුදුමයි.
වඩාත්ම එකට අපි දෙන්න වැඩ කලේ වජිරාරාමයේ දී. මම බම්බලපිටිය වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය ධූරය දරද්දි මට හිටපු අයෝමය ශක්තිය එතුමා. දහම්පාසලේ ගුරුවරුන්ගෙ , ළමයින්ගේ අධ්‍යාපන චාරිකා, සුබ සාධන කටයුතු , උත්සව , සීල සමාදාන ආදී මෙකී නොකී ඕනෙම දෙයකට අවශ්‍ය දේ මතක් කරන්න විතරයි ඕන. ඒක සපුරා සකසා ඉටු කරලා දෙන්න එතුමා හැම වෙලාවෙම කටයුතු කලා. මේ අවුරුද්දේ මුල ආර්ථික අපහසුතා ඇති දහම්පාසලේ ගුරුවරුන් උදෙසා මාසික දීමනාවක් දීම හා දරුවන් ගේ පෝෂණය සඳහා ආහර ලබාදීමට සෑම ඉරුදිනම කඩල අවශ්‍ය ප්‍රමාණය ලබා දුන්නා.
වජිරාරාම කාර්ය සාධක සමිතියේ එතුමා සභාපති වරයා වශයෙන් සිරි වජිරාරාමයේ කුදු මහත් සියලුම කටයුතු සොයා බලා ඉටු කලා. මාසික රැස්වීමට එද්දි රැස්වීමට එන අයට තේ හදන්න ඕන බඩුයි කෑම ටිකයි අරන් ඇවිත් එතුමාගෙ සේවකයින් ලවා සකසා පිරිනමන්නෙ හරිම සතුටකින්. හැමෝටම තේ එකක් බීලා යන්න කියලා කතා කරලා කියන්න තරම් එතුමා අනතිමානී උනා. ඒ විතරක් නෙවෙයි හැමදාමත් ප්‍රියන්ත නෝනාටයි දුවටයි මොනව හරි අරන් යන්න කියනවා . මම එපා කිව්වත් සේවක මහතෙකු ලවා මොනවා හරි එවනවා. මේ අවුරුද්දේ මුල අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ නිකායාභිවෘද්ධී සමිතියේ වාර්ෂික සම්මේලනය පැවැත්උනා. ඒකට එන්න කියලා මට අවස්ථා දෙකක් විතර කතා කරලා මේකේ වැඩ කොටසක් කරන්න සම්බන්ධ වෙන්න කිව්වා. එදින එහි උප සභාපති වරයෙක් විදියට මාව පත් උනාට පස්සේ පුද්ගලිකවත් කතා කරල වැඩ කටයුතු ගැන මග පෙන්වීම් කලා. වජිරාරාමයට වසර 125 සපිරෙන සමරු ජයන්ති සංවිධාන කමිටුවේ එතුමා සභාපති විදියට මම ලේකම් විදියට වැඩ කරමින් ඉන්න කොට තමා එතුමා අසනිප උනේ. අපිට එතුමාගේ සුවපත් භාවය උදෙසා ආශීර්වාද කිරීම හැර වෙන දෙයක් තිබුනෙ නෑ. කෙලින් ඉඳපු අන්තිම දවස දක්වාම දවසේ පැය 15 කට වඩා පොදු යහපත උදෙසා වෙහෙස උන බැව් කිව යුතුමයි.
හැම වෙලාවෙම පිය තුමෙක් විදියට මග පෙන්වීම් කලා. මම නොසිතූ වෙලාවක අසීරු තාවයකට මුහුණ දෙද්දී මට කතාකරලා අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට විමසා හිටියා. ඒ වගේම අවශ්‍ය වේලාවන් වල දෙවරක් නොහිතාම අවශ්‍ය තාවය හරියටම ඉටුකරලා දුන්නා. මම විශ්‍රාම ගියාට පස්සේ කීප වරක්ම ILO ව්‍යාපෘතියක් භාරව හෝ උපදේශක මට්ටමේ දේවල් සඳහා අවස්ථාව පෙන්වා මග පෙන්වීම් කලා. මම ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලා. අඩුම තරමින් ප්‍රැක්ටිස් කරනවා නම් Law Chamber එකක් අවශ්‍ය නම් කියන්න කියලත් කීවා.
හැමදාම උදේට එන සුබ පැතුම් පනිවුඩය එක්තරා බ්‍රහස්පතින්දාවකට පස්සේ නතර උනා. ඒ එතුමා හදිසියෙ අසනීප වීම නිසා. එදින සිටම එතුමා වෙනුවෙන් වජිරාරාමයේ අති ගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උන් වහන්සේ පෙරටුව සියලුම භික්ෂූන් වහන්සේ ලා හා දහම් පාසල සමිති සමාගම් එක්ව දිනපතා ආශිර්වාද පූජා පැවැත් වූවා. එහෙත් මරණය නැමැති පොදු ධර්මතාවයට මුහුණ දීමට එතුමාට සිදු උනා.
අද සවස මහින්ද සර් ගේ සමු ගැනීම ඇහුවම මොකුත්ම ලියා ගන්න බැරිව බොහෝ වේලාවක් ගෙවුනා. ඒ තරම්ම සර් අපිට සමීපයි. අපිට හිටපු යෝධ ශක්තිය මහා සෙවනැල්ල තමයි අපට අහිමි උනේ.
සර් නැතිව අපට ලොකූ හිඩැසක් දැනෙනවා.මහා පාලුවක් දැනෙනවා. පිය කෙනෙකු අහිමි වූ අඩුව වගේම අඩුවක් දැනෙනවා අපේ සර්. සම්බුද්ධ සාසනයට සර් කරපු මෙහෙවර බැලුවම අමුතුවෙන් පිං දෙන්න අවශ්‍ය නැති තරම්. ඒත් කරපු හැම දේටම බොහොම පිං. තවත් කල යුතු මහ මෙහෙවරක් අප ඉදිරියේ ඇති බැවින් නිවන් දකින්නට පෙර තවත් වරක් හෝ මෙබිම ඉපදෙන්න සර්.
සුබ ගමන් අපේ සර්. සංසුන් සාංසාරික ගමනක් වේවා .

ප්‍රියන්ත මායාදුන්නෙ
නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය
සිරි වජිරාරාම දහම්පාසල , බම්බලපිටිය

෴ඇසළ පෝදා ළමා සීල සමාදානය෴
28/07/2026

෴ඇසළ පෝදා ළමා සීල සමාදානය෴

෴2025/26 ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ අයිස්ක්‍රීම් දන්සලේ සේයා රූ පෙළ෴
15/07/2026

෴2025/26 ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ අයිස්ක්‍රීම් දන්සලේ සේයා රූ පෙළ෴

෴පොසොන් පෝදා ළමා සීල සමාදානය෴
14/07/2026

෴පොසොන් පෝදා ළමා සීල සමාදානය෴

2026-06-21 දිනට යෙදුණු අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ 113 වන උපත් සමරුව නිමිත්තෙන් ...
23/06/2026

2026-06-21 දිනට යෙදුණු අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ 113 වන උපත් සමරුව නිමිත්තෙන් සිරි වජිරාරාම දහම් පාසලේ උදෑසන සති දහම් පාසල වැඩසටහනට අනුබද්ධව සිදුකළ පුෂ්ප පූජාව ,මහ නා හිමි ගුණ සමරු කෙටි දෙසුම සහ ගුණ සමරු ගීත විකාශනය කිරීම..

෴සිරි වජිරාරාම වෙසක් කලාපය෴බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සිරි වජිරාරාම දහම් පාසල, සිරි වජිරාරාම කාර්ය සාධක...
22/06/2026

෴සිරි වජිරාරාම වෙසක් කලාපය෴

බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සිරි වජිරාරාම දහම් පාසල, සිරි වජිරාරාම කාර්ය සාධක සමිතිය, සිරි වජිරාරාම සාසන සාවිකා සමිතිය,සිරි වජිරාරාම දහම් පාසල් විශේෂ සේවා ඒකකය යන කාර්‍යංශ සමඟ එක්ව සිරි වජිරාරාමාධිපති අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කළ සිරි වජිරාරාම වෙසක් කලාපය පසුගිය වෙසක් පොහෝ දින ප.ව .6.30 සිට පැවැත්විණි.

එහි දී ප්‍රධාන වෙසක් පහන් කූඩුව සමඟ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය කළ අතර ඒ අතර කැරකෙන් කූඩු,චෛත්‍ය අනුරූ,සිරි පාදස්ථාන අනුරුව,සත්සතිය,බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව ආදී නිර්මාණ රාශියක් එළිදැක්විණ.ඉන් පසු ප.ව 7.00 සිට සිරි වජිරාරාම සාසන සාවිකා සමිතියේ පින්වතියන් ඉදිරිපත් කළ සැදැහැ ගී සරණිය ඇරඹිණ.එයට සිරි වජිරාරාම කාර්ය සාධක සමිතියේ පින්වතුන් ද සිරි වජිරාරාම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලය ද එක්විය.අවසානයේ සියලු දෙනා හට මඤ්ඤොක්කා සමඟ කොච්චි සම්බෝල දන්සල සංවිධානය කොට තිබුණේ විශේෂ සේවා ඒකකයේ අනුග්‍රහයෙනි.සොබා දහමේ ද ආශිර්වාදය සහිතව සාර්ථක වෙසක් උත්සවයක නිමාව සටහන් විය...

Address

Siri Vajirarama Temple, Vajira Road, Bambalapitiya, Colombo 04
Colombo
00400

Opening Hours

08:00 - 12:00

Telephone

+94112584202

Alerts

Be the first to know and let us send you an email when Siri Vajirarama Dhamma School. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Siri Vajirarama Dhamma School.:

Shortcuts

Share