Arana Vihara Patipada

Arana Vihara Patipada We are a dedicated Buddhist community focused on practicing and sharing the teachings of the Buddha.

🔸 අද කතා කරන්නේ ඤාණත්තය ගැනය. ඤාණත්තය යනු ඤාණ තුනකි. එම ඤාණ තුන් නිර්වචනය වන්නේ මෙසේය.,"කෙසේ නම් වෙන් වෙන්වූ විසුම්හි ප්...
02/06/2026

🔸 අද කතා කරන්නේ ඤාණත්තය ගැනය. ඤාණත්තය යනු ඤාණ තුනකි. එම ඤාණ තුන් නිර්වචනය වන්නේ මෙසේය.,"කෙසේ නම් වෙන් වෙන්වූ විසුම්හි ප්‍රඥාව විහාරට්ඨ ඤාණය නම් වේද? වෙන් වෙන්වූ සමවැදුම්හි ප්‍රඥාව සමාපත්තට්ඨඤාණය නම් වේද, වෙන් වෙන්වූ විසුම් සමවැදුම්හි ප්‍රඥාව විහාර සමාපත්තට්ඨ ඤාණය නම් වේ,"යනුවෙනි. අනිමිත්ත නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් අනිමිත්ත විහාර නම් වේ. අප්පණහිත(තෘෂ්ණා ප්‍රණිධි රහිත) නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් අප්පණිහිත විහාර නම් වේ.සුඤ්ඤත නම් නිර්වාණයේ හි සිත නැමුණු හෙයින් සුඤ්ඤත විහාර නම් වේ. අනිමිත්ත නම් නිර්වාණයේ නැමුණු හෙයින් අනිමිත්ත වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි මෙය අනිමිත්ත සමාපත්තියට නම් වේ. අප්පණහිත නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් අප්පණිහිත නම් වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි මෙය අප්පණිහිත සමාපත්තිය නම් වේ. සුඤ්ඤත නම් නිර්වාණයේ සිත නැමුණු හෙයින් සුඤ්ඤත නම් නිර්වාණය ආවර්ජනා කොට සමවදියි මෙය සුඤ්ඤත සමාපත්තිය නම් වේ. අනිමිත්ත නම් වු නිර්වාණයේ සිත් නැමුණු බැවින් අනිමිත්ත නිරෝධය වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි ද මෙය අනිමිත්ත විහාර සමාපත්තිය නම් වේ. අප්පණිහිත නම් වු නිර්වාණයේ සිත් නැමුණු බැවින් අප්පණිහිත නිරෝධය වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි ද මෙය අප්පණිහිත විහාර සමාපත්තිය නම් වේ. සුඤ්ඤත නම් වු නිර්වාණයේ සිත් නැමුණු බැවින් සුඤ්ඤත නිරෝධය වු නිර්වාණය ආවර්ජනා කොට සමවදියි ද මෙය සුඤ්ඤත විහාර සමාපත්තිය නම් වේ. පහතින් ඇති ධර්ම කොටස් කියවා අවබෝධ කරගන්න.

🔸 සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්තයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇතිහෙයින් (සංස්කාර නිමිත්ත නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අනිමිත්ත විහාර නමි. තෘෂ්ණා ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත යයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇති හෙයින් (සංස්කාර ධර්මය නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අප්පණිහිත විහාර නමි. ආත්මවසයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤතයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් (සංස්කාර ධර්මය නුවණින්) ස්පර්ශකොට බලයි. මෙය සුඤ්ඤත විහාර නමි.

🔸 සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් පැවැත්මෙහි මැදහත්ව අනිමිත්තවූ නිර්වාණය ආවර්ජනා කොට (ඵලයට) සමවදියි. මෙය අනිමිත්ත සමාපත්ති නමි. තෘෂ්ණා ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත සංඛ්‍යාත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් පැවැත්මෙහි මැදහත් බව අප්පණිහිතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය අප්පණිහිත සමාපත්ති නමි. ආත්ම වශයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤතයයි කියනලද නිර්වාණයෙහි නැමුණුහෙයින් පැවැත්මෙහි මැදහත්ව සුඤ්ඤතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය සුඤ්ඤත සමාපත්ති නමි.

🔸 සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්තෙහි නැමුණු සිත් ඇති බැවින් (සංස්කාරයන් නුවණින් ස්පර්ශකොට අනිත්‍යය බලයිද පැවැත්මෙහි මැදහත්ව අනිමිත්තවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය අනිමිත්තවිහාර සමාපත්ති නමි. ප්‍රණිධිය භව වශයෙන් දක්නේ අප්පණිහිත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති හෙයින් (නුවණින් සංස්කාරයන්) ස්පර්ශ කොට බලයිද පැවැත්මෙහි මැදහත්ව අප්පණිහිතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය අප්පණිහිත විහාර සමාපත්ති නමි. ආත්ම වශයෙන් ගැන්ම භයවශයෙන් දක්නේ සුඤ්ඤත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් (නුවණින් සංස්කාරයන්) ස්පර්ශකොට අනිත්‍යය බලයිද, පැවැත්මෙහි මැදහත්ව සුඤ්ඤතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය සුඤ්ඤත විහාර සමාපත්ති නමි.

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැන හතරවන ලිපියයි. අද ආර්ය අෂ්ටාංගික මාර්ගය යොදාගෙන සතර පටිසම්භිදා ඤාණ තවදුරටත් ඉගෙනගමු. ඊ...
01/06/2026

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැන හතරවන ලිපියයි. අද ආර්ය අෂ්ටාංගික මාර්ගය යොදාගෙන සතර පටිසම්භිදා ඤාණ තවදුරටත් ඉගෙනගමු. ඊට කලින් සතර පටිසම්භිදා ඤාණ නැවත මතක්කලොත්, සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදින් අවබෝධ කරගැනීමටත් එම ධර්මය විස්තර කිරීමටත් මහත් සේ ඉවහල් වන ඤාණ විශේෂයකි. බුදුන්වහන්සේ දේශනා කල ධර්ම කරුණු වෙන් වෙන් වශයෙන් දැන ගැනීමෙ ප්‍රඤ්ඤාව ධම්ම පටිසම්භිදා ඤාණය යි. එම ධර්ම කරුණු වල අර්ථ වෙන් වෙන් වශයෙන් දැනගැනීමේ ප්‍රඤ්ඤාව අර්ථ පටිසම්භිදාවයි. ධර්ම කරුණු වල අර්ථ විස්තර කරන ව්‍යවහාර වචන වෙනම ඇත එම එක් එක් ධර්මයන් විස්තර කරන වචන හා ධර්ම කරුණු වල අර්ථයන් විස්තර කරන වචන වෙන් වෙන් වශයෙන් දැනගැනීමෙ ප්‍රඤාව නිරුක්ති පටිසම්භිදාවයි. ධර්මයන් දැන ගන්නා ඤාණය අනිකකි. ධර්මයන්හි අර්ථය දැන ගන්නා ඤාණය අනිකකි. එම ධර්ම සහ අර්ථ විස්තර කරන වචන අනිකකි. යම් ඤාණයකින් එම අර්ථ, ධම්ම, නිරුක්ති ඤාණ වෙන් වෙන්ව ප්‍රකට කොට දැන ගන්නා ප්‍රඤාව පටිභාන පටිසම්භිදාවයි. පහතින් දැක්වෙන්නේ සතර පටිසම්භිදා ඤාණ අවබෝධ කරගැනීම සදහා ආර්යඅෂ්ටාංගික මාර්ගය යොදාගෙන දක්වා ඇති තවත් උදාහරණයකි.

🔹 සම්‍යක්දෘෂ්ටිය ධර්ම නමි. සම්‍යක් සංකල්පය ධර්ම නමි. සම්‍යක් වචනය ධර්ම නමි. සම්‍යක් කර්මාන්තය ධර්ම නමි. සම්‍යක් ආජීවය ධර්ම නමි. සම්‍යක් ව්‍යායාමය ධර්ම නමි. සම්‍යක් ස්මෘතිය ධර්ම නමි. සම්‍යක් සමාධිය ධර්ම නමි. සම්‍යක් දෘෂ්ටි ධර්මය අනිකකි. සම්‍යක් සංකල්ප ධර්මය අනිකකි. සම්‍යක් වචන ධර්මය අනිකකි. සම්‍යක් කර්මාන්ත ධර්මය අනිකකි. සම්‍යක් ව්‍යායාම ධර්මය අනිකකි. සම්‍යක් ආජීව ධර්මය අනිකකි. සම්‍යක් ව්‍යායාම ධර්මය අනිකකි. සම්‍යක් ස්මෘති ධර්මය අනිකකි. සම්‍යක් සමාධි ධර්මය අනිකකි.යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ධර්මයෝ දන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි එහෙයින් වෙන් වෙන්වූ ධර්මයන් දැනගන්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ

🔹 දැකීම් ස්වභාවය අර්ථ නමි. අරමුණට නැංවීම් ස්වභාවය අර්ථ නමි. වැළඳගැනීම් ස්වභාවය අර්ථනමි. මනාකොට පිහිටුවීම් ස්වභාවය අර්ථනමි. පිරිසිදුවීම් ස්වභාවය අර්ථනමි. එසවීම් ස්වභාවය අර්ථ නමි. එළඹ සිටීම් ස්වභාවය අර්ථ නමි. නොවිසිරයාම් ස්වභාවය අර්ථ නමි. දැකීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. අරමුණට නැංවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. වැළඳගැනීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. මනා කොට පිහිටුවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. පිරිසිදුවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එසවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එළඹ සිටීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. නොවිසිරයාම් ස්වභාවයවූ අර්ථය අනිකකි.යම් ඤාණයකින් මේ වෙන් වෙන් අර්ථයෝ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන් අර්ථයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි අත්ථ පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔹 ධර්ම අට දක්වනු පිණිස වචන වෙත්. අර්ථ අට දක්වනු පිණිස වචන වෙත්. ධර්මයන් දක්වන වචන අභ්‍යයෝය. අර්ථයන් දක්වන වචන අන්‍යයෝය. යම් ඤාණයකින් මේ වෙන්වෙන්වූ වචන දැනගන්නා ලද්දාහුද ඒ ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ වචන ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ වචන දැනීමෙහි ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදායි කියනු ලැබේ.

🔹 ධර්ම අටෙහි ඤාණ අටකි. අර්ථ අටෙහි ඤාණ අටකි. වචන සොළසෙහි ඤාණ සොළසකි. ධර්මයන්හි ඤාණයෝ අන්‍යයෝය. අර්ථයන්හි ඤාණයෝ අන්‍යයෝය. වචනයන්හි ඤාණ අන්‍යයෝය. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ඤාණ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ ඤාණයන්හි ඤාණය පටිභාන පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔺 එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් වෙන්වූයේ අර්ථයෙන් දැනීමෙහි ප්‍රඥාව අර්ථ පටිසම්භිදා ඤාණයයිද වෙන් වෙන්වූ ධර්මයන් දැනීමෙහි ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයිද වෙන් වෙන්වූ වචන දැනීමෙහි ප්‍රඥාව නිරුත්තිපටිසම්භිදා ඤාණයයිද වෙන් වෙන්වූ ඤාණයන් දැනීමෙහි ප්‍රඥාව පටිභාන පටිසම්භිදාඤාණ යයිද කියනු ලැබේ.

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැන තුන්වන ලිපියයි. සතර පටිසම්භිදා ඤාණ ගැන නැවත මතක් කළොත්, සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදි...
31/05/2026

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැන තුන්වන ලිපියයි. සතර පටිසම්භිදා ඤාණ ගැන නැවත මතක් කළොත්, සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදින් අවබෝධ කරගැනීමටත් එම ධර්මය විස්තර කිරීමටත් මහත් සේ ඉවහල් වන ඤාණ විශේෂයකි. බුදුන්වහන්සෙ දේශනා කල ධර්ම කරුණු වෙන් වෙන් වශයෙන් දැන ගැනීමෙ ප්‍රඤ්ඤාව ධම්ම පටිසම්භිදා ඤාණය යි. එම ධර්ම කරුණු වල අර්ථ වෙන් වෙන් වශයෙන් දැනගැනීමේ ප්‍රඤ්ඤාව අර්ථ පටිසම්භිදාවයි. ධර්ම කරුණු වල අර්ථ විස්තර කරන ව්‍යවහාර වචන වෙනම ඇත එම එක් එක් ධර්මයන් විස්තර කරන වචන හා ධර්ම කරුණු වල අර්ථයන් විස්තර කරන වචන වෙන් වෙන් වශයෙන් දැනගැනීමෙ ප්‍රඤාව නිරුක්ති පටිසම්භිදාවයි. ධර්මයන් දැන ගන්නා ඤාණය අනිකකි.ධර්මයන්හි අර්ථය දැන ගන්නා ඤාණය අනිකකි. එම ධර්ම සහ අර්ථ විස්තර කරන වචන අනිකකි. යම් ඤාණයකන් එම අර්ථ, ධම්ම, නිරුක්ති ඤාණ වෙන් වෙන්ව ප්‍රකට කොට දැන ගන්නා ප්‍රඤාව පටිභාන පටිසම්භිදාවයි. පහතින් දැක්වෙන්නේ සතර පටිසම්භිදා ඤාණ අවබෝධ කරගැනීම සදහා සප්තබොජ්ඣංග ධර්ම යොදාගෙන දක්වා ඇති තවත් උදාහරණයකි.

සතිසම්බොජ්ඣංග ධම්ම නමි. ධම්ම විචය සම්බොජ්ඣංගය ධම්ම නමි. විරිය සම්බොජ්ඣංගය ධම්ම නමි. පීති සම්බොජ්ඣංගය ධම්ම නමි. පස්සද්ධි සම්බොජ්ඣංගය ධම්ම නමි. සමාධි සම්බොජ්ඣංගය ධම්ම නමි. උපෙක්ඛා සම්බොජ්ඣංගය ධම්ම නමි. සති සම්බොජ්ඣංගය ධර්මය අනිකකි. ධම්මවිචය සම්බොජ්ඣංගය ධර්මය අනිකකි. විරිය සම්බොජ්ඣංගය ධර්මය අනිකකි. පීති සම්බොජ්ඣංගය ධර්ම අනිකකි. පස්සද්ධි සම්බොජ්ඣංගය ධර්මය අනිකකි. සමාධි සම්බොජ්ඣංගය අනිකකි. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ධර්මයෝ දන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි එහෙයින් වෙන් වෙන්වූ ධර්මයන් දැනගන්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ

එළඹ සිටීම් ස්වභාවය අර්ථ නමි. විමසීම් ස්වභාව අර්ථ නමි. එසවීම් ස්වභාවය අර්ථ නමි. පැතිරීම් ස්වභාවය අර්ථ නමි. සංසිඳීම් ස්වභාවය අර්ථ නමි. නොවිසිරයාම් ස්වභාවය අර්ථ නමි. මැදහත්ව බැලීම් ස්වභාවය අර්ථ නමි. එළඹසිටීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. විමසීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. එසවීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. පැතිරීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. සංසිඳීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. නොවිසිරීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. මැදහත්ව බැලීම් ස්වභාවයවූ අර්ථය අනිකකි.යම් ඤාණයකින් මේ වෙන් වෙන් අර්ථයෝ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන් අර්ථයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි අත්ථ පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ

ධර්ම සත දක්වනු පිණිස වචන වෙත්. අර්ථ සත දක්වනු පිණිස වචන වෙත්. ධර්ම සත දක්වන වචන අන්‍යයෝය. අර්ථ සත දක්වන වචන අන්‍යයෝය. යම් ඤාණයකින් මේ වෙන්වෙන්වූ වචන දැනගන්නා ලද්දාහුද ඒ ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ වචන ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ වචන දැනීමෙහි ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදායි කියනු ලැබේ.

ධර්ම සතෙහි ඤාණ සතකි. අර්ථ සතෙහි ඤාණ සතකි. තුදුස් වචනයන්හි ඤාණ තුදුසකි. ධර්මයන්හි ඤාණ අන්‍යයෝය. අර්ථයන්හි ඤාණ අන්‍යයෝය. වචනයන්හි ඤාණ අන්‍යයෝය. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ඤාණ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ ඤාණයන්හි ඤාණය පටිභාන පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැන දෙවන ලිපියයි. සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදින් අවබෝධ කරගැනීමටත් එම ධර්මය විස්තර කිරීමට...
30/05/2026

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැන දෙවන ලිපියයි. සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදින් අවබෝධ කරගැනීමටත් එම ධර්මය විස්තර කිරීමටත් මහත් සේ ඉවහල් වන ඤාණ විශේෂයකි. බුදුන්වහන්සේ දේශනා කල ධර්ම කරුණු වෙන් වෙන් වශයෙන් දැන ගැනීමෙ ප්‍රඥාව ධම්ම පටිසම්භිදා ඤාණය යි. එම ධර්ම කරුණු වල අර්ථ වෙන් වෙන් වශයෙන් දැනගැනීමේ ප්‍රඤ්ඤාව අර්ථ පටිසම්භිදාවයි. ධර්ම කරුණු වල අර්ථ විස්තර කරන ව්‍යවහාර වචන වෙනම ඇත එම එක් එක් ධර්මයන් විස්තර කරන වචන හා ධර්ම කරුණු වල අර්ථයන් විස්තර කරන වචන වෙන් වෙන් වශයෙන් දැනගැනීමෙ ප්‍රඤාව නිරුක්ති පටිසම්භිදාවයි. ධර්මයන් දැන ගන්නා ඤාණය අනිකකි. ධර්මයන්හි අර්ථය දැන ගන්නා ඤාණය අනිකකි. එම ධර්ම සහ අර්ථ විස්තර කරන වචන අනිකකි. යම් ඤාණයකින් එම අර්ථ, ධම්ම, නිරුක්ති ඤාණ වෙන් වෙන්ව ප්‍රකට කොට දැන ගන්නා ප්‍රඤාව පටිභාන පටිසම්භිදාවයි. පහතින් දැක්වෙන්නේ සතර පටිසම්භිදා ඤාණ අවබෝධ කරගැනීම සදහා පංචබල ධර්ම යොදාගෙන දක්වා ඇති තවත් උදාහරණයකි.

🔹 සද්ධා බලය ධම්ම නමි. විරිය බලය ධම්ම නමි. සති බලය ධම්ම නමි. සමාධි බලය ධම්ම නමි. පඤ්ඤා බලය ධම්ම නමි. සද්ධා බල ධර්මය අනිකකි. විරිය බල ධර්මය අනිකකි. සතිබල ධර්මය අනිකකි. පඤ්ඤාබල ධර්මය අනිකකි.

🔹 යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ධර්මයෝ දන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි එහෙයින් වෙන් වෙන්වූ ධර්මයන් දැනගන්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔹 අශ්‍රද්ධාවෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. කුසීත බවෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. ප්‍රමාදයෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. උද්ධච්චයෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. අවිද්‍යාවෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. අශ්‍රද්ධාවෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. කුසීත බවෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. ප්‍රමාදයෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. උද්ධච්චයෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. අවිද්‍යාවෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි.

🔹 යම් ඤාණයකින් මේ වෙන් වෙන් අර්ථයෝ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන් අර්ථයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි අත්ථ පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔹 ධර්ම පස දැක්වීම පිණිස වචන වෙත්. අර්ථ පස දක්වනු පිණිස වචන වෙත්. ධර්මයන් දක්වන වචන අන්‍යයෝය. අර්ථයන් දක්වන වචන අන්‍යයෝය. යම් ඤාණයකින් මේ වෙන්වෙන්වූ වචන දැනගන්නා ලද්දාහුද ඒ ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ වචන ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ වචන දැනීමෙහි ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදායි කියනු ලැබේ.

🔹 ධර්ම පසෙහි ඤාණ පසකි. අර්ථ පසෙහි ඤාණ පසකි. වචන දසයෙහි ඤාණ දසයකි. ධර්මයන්හි ඤාණ අන්‍යයෝය. අර්ථයන්හි ඤාණ අන්‍යයෝය. වචනයන්හි ඤාණ අන්‍යයෝය.

🔹 යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ඤාණ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ ඤාණයන්හි ඤාණය පටිභාන පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැනය. සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදින් අවබෝධ කරගැනීමටත් එම ධර්මය විස්තර කිරීමටත් මහත් සේ ඉ...
29/05/2026

🔸 අද ලියන්නේ සතර පටිසම්භිදඤාණ ගැනය. සතර පටිසම්භිදා ඤාණ, ධර්මය හොදින් අවබෝධ කරගැනීමටත් එම ධර්මය විස්තර කිරීමටත් මහත් සේ ඉවහල් වන ඤාණ විශේෂයකි.

🔹 බුදුන්වහන්සේ දේශනා කල ධර්ම කරුණු වෙන් වෙන් වශයෙන් දැන ගැනීමෙ ප්‍රඥාව ධම්ම පටිසම්භිදා ඤාණය යි.

🔹 එම ධර්ම කරුණු වල අර්ථ වෙන් වෙන් වශයෙන් දැනගැනීමේ ප්‍රඥාව අර්ථ පටිසම්භිදාවයි.

🔹 ධර්ම කරුණු විස්තර කරන ව්‍යවහාර වචන ඇත. ධර්ම කරුණු වල අර්ථ විස්තර කරන ව්‍යවහාර වචන වෙනම ඇත එම එක් එක් ධර්මයන් විස්තර කරන වචන හා ධර්ම කරුණු වල අර්ථයන් විස්තර කරන වචන වෙන් වෙන් වශයෙන් දැනගැනීමෙ ප්‍රඥාව නිරුක්ති පටිසම්භිදාවයි.

🔹 ධර්මයන් දැන ගන්නා ඤාණය අනිකකි. ධර්මයන්හි අර්ථය දැන ගන්නා ඤාණය අනිකකි. එම ධර්ම සහ අර්ථ විස්තර කරන වචන අනිකකි. යම් ඤාණයකින් එම අර්ථ, ධම්ම, නිරුක්ති ඤාණ වෙන් වෙන්ව ප්‍රකට කොට දැන ගන්නා ප්‍රඥාව පටිභාන පටිසම්භිදාවයි.

🔺 පහතින් දැක්වෙන්නේ සතර පටිසම්භිදා ඤාණ අවබෝධ කරගැනීම සදහා පංචන්ද්‍රිය ධර්ම යොදාගෙන දක්වා ඇති උදාහරණයකි.

කෙසේනම් අර්ථනානත්වයෙහි (අර්ථයන් වෙනස් බවෙහි) පවත්නා අර්ථ පටිසම්භිදා ඤාණ නම් වේද ධර්ම නානත්වයෙහි (ධර්මයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව ධම්ම පටිසම්භිදා ඤාණය නම් වේද? නිරුත්ති නානත්වයෙහි (වචනයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණ නම් වේද, පටිභාන නානත්වයෙහි (ඤාණයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඤාණ නම්වේද,

🔹 සද්ධින්ද්‍රිය ධර්ම නමි. විරියින්ද්‍රිය ධර්ම නම් සතින්ද්‍රිය ධර්ම නමි. සමාධින්ද්‍රිය ධර්ම නමි. පඤ්ඤින්ද්‍රිය ධර්ම නමි. සද්ධින්ද්‍රිය ධර්මය අනිකකි. විරියින්ද්‍රිය ධර්මය අනිකකි. සතින්ද්‍රිය ධර්මය අනිකකි. සමාධින්ද්‍රිය ධර්මය අනිකකි. පඤ්ඤින්ද්‍රිය ධර්මය අනිකකි. යම් ඤාණයකින් වෙන් වෙන්වූ ධර්මයෝ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි ධම්ම පටිසම්භිදා නමි.

එහෙයින් ධර්මයන්ගේ වෙනස දන්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔹 නිශ්චයට බැසගැනීම්( සදධින්ද්‍රියෙ) ස්වභාවය අර්ථ නමි. එසවීම්(වීරියන්ද්‍රියෙ) ස්වභාවය අර්ථ නමි. එළඹ සිටීම්(සතින්ද්‍රියෙ) ස්වභාවය අර්ථ නමි. නොවිසිරයාම් (සමාධින්ද්‍රියෙ)ස්වභාවය අර්ථ නමි. දැකීම්(ප්‍රඤ්ඤින්ද්‍රියෙ) ස්වභාවය අර්ථ නමි. නිශ්චය කිරීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එසවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එළඹ සිටීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. නොවිසිරයාම් ස්වභාවයවූ අර්ථය අනිකකි. දැකීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ අර්ථය දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ අර්ථයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන් වූ අර්ථයන් දැනගැන්මෙහි ප්‍රඥාව අත්ථ පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔹 ධර්ම පස දැක්වීම පිණිස ව්‍යවහාර වචන වෙත්. අර්ථ පස දැක්වීම පිණිස ව්‍යවහාර වචන වෙත්. ධර්මයන් දක්වන වචන අනෙක් වචනයෝයි. අර්ථයන් දක්වන වචන අනෙක් වචනයෝයි. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ වචන දැගනන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ වචන ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ වචන දැනගන්නා ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔹 ධර්ම පසෙහි ඤාණ පසකි. අර්ථ පසෙහි ඤාණ පසකි. වචන දසයෙහි ඤාණ දසයකි. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ඤාණයන් දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ඤාණයන් ප්‍රකටකොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ ඤාණයන් දැනගන්නා ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ.

🔸 අද ලියන්නේ ඤාණපංචකය ගැනය.ඤාණ පහකි එනම් ඤාතට්ඨ ඤාණය, තීරණට්ඨ ඤාණය, පරිච්චාගට්ඨ ඤාණ, එකරසට්ඨ ඤාණය, ඵුසනට්ඨ ඤාණය වශයෙනි.ක...
28/05/2026

🔸 අද ලියන්නේ ඤාණපංචකය ගැනය.ඤාණ පහකි එනම් ඤාතට්ඨ ඤාණය, තීරණට්ඨ ඤාණය, පරිච්චාගට්ඨ ඤාණ, එකරසට්ඨ ඤාණය, ඵුසනට්ඨ ඤාණය වශයෙනි.

කෙසේනම් විශේෂ ඥානයෙන් දන්නාවූ ප්‍රඥාව ඤාතට්ඨ ඤාණය නම්වේද පිරිසිඳ දැනගන්නා ප්‍රඥාව තීරණට්ඨ ඤාණය නම්වේද, ප්‍රහාණය කරණ ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ නම්වේද භාවනා ප්‍රඥාව එකරසට්ඨ ඤාණය නම්වේද ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨ ඤාණය නම්වේද?

යම් යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් දන්නා ලද්දාහුද, ඒ ඒ ධර්මයෝ දැනගන්නා ලද්දාහු නම්වෙත්. යම් යම් ධර්ම කෙනෙක් පිරිසිඳ දැනගන්නා ලද්දාහුද ඒ ඒ ධර්මයෝ තීරණය කරන ලද්දාහු වෙති. යම් යම් ධර්ම කෙනෙක් පහකරන ලද්දාහුද ඒ ඒ ධර්මයෝ දුරු කරන ලද්දාහු වෙත්. යම් යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු වෙත්ද ඒ ඒ ධර්මයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. යම් යම් ධර්ම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙත්ද, ඒ ඒ ධර්මයෝ ඤාණයෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙත්.

එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් විශේෂයෙන් දැනගන්නා ප්‍රඥාව ඤාතට්ඨ ඤාණයයිද පිරිසිඳ දන්නා ප්‍රඥාව තීරණට්ඨ ඤාණයයිද ප්‍රහාණ ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ යයිද භාවනා ප්‍රඥාව එකරසට්ඨ ඤාණයයිද ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨ ඤාණයයිද කියනු ලැබේ.

🔸 අද කතා කරන්නේ ධම්මනානත්ව ඥාණය පිළිබදවය. ධම්මනානත්ව ඥාණය නිර්වචනය වෙන්නේ මෙසේය "කෙසේනම් ධර්ම නවයක් පිරිසිඳ දැනීමෙහි ප්‍...
27/05/2026

🔸 අද කතා කරන්නේ ධම්මනානත්ව ඥාණය පිළිබදවය. ධම්මනානත්ව ඥාණය නිර්වචනය වෙන්නේ මෙසේය "කෙසේනම් ධර්ම නවයක් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධම්ම නානත්ත ඤාණය නම්වේ" මෙහි ධර්ම නවය සැකසෙන්නේ කාමවචර ධර්ම කුසල්, අකුසල්, අබ්‍යාකත වශයෙන් තුනට බෙදෙනවා. රූපාවචර ධර්ම කුසල්, අබ්‍යාකත වශයෙන් දෙකට බෙදෙනවා. අරූපාවචර ධර්ම කුසල්, අබ්‍යාකත වශයෙන් දෙකට බෙදෙනවා. අපරියාපන්න හෙවත් ලෝකෝත්තර ධර්ම කුසල්, අබ්‍යාකත වශයෙන් දෙකට බෙදෙනවා. ඔක්කොම එකතු උනාම නමයකි.අපි දැන් එම නව ධර්මයන් විස්තර ඇතිව ඉගෙන ගමු.මෙහි අබ්‍යාකත යනු කුසල් හෝ අකුසල් නොවු යන අර්ථයෙනි.

කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අකුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. රූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. අපරියාපන්ත (ලෝකොත්තර) ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි.

කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් කෙසේ පිරිසිඳ දනියිද, අකුසල් වශයෙන් කෙසේ පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් කෙසේ පිරිසිඳ දනියිද? දස කුශල කර්මපථයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. දස අකුශල කර්මපථයන් අකුසල් වශයෙන් පිරිසිඳ දනියි. රූපද විපාකද ක්‍රියාද අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි, මෙසේ කාමාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි, අකුසල් වශයෙන් පිරිසිඳ දනියි, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි.

🔹 ඉහත ධර්ම කොටසෙහි සදහන් දස කුසල කර්මපථ නම්; ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදින්නාදානයෙන් වෙන්වීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම, මුසාවාදයෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, ඵරුසවචනයෙන් වෙන්වීම, හිස්වචන කථා කිරීමෙන් වෙන්වීම අනභිධ්‍යා, අව්‍යාපාද, සම්‍යක් දෘෂ්ටි යන දසයයි.

🔹 දස අකුසල කර්මපථ නම්; ප්‍රාණඝාත, අදින්නාදාන, කාමයන්හි වරදවා හැසිරීම , මුසාවාද, කේළාම්, ඵරුසවචන, හිස්වචන කථා කිරීම, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන දසයයි.රූපය යනු භූත-උපාදාය භේදයෙන් අටවිසි වැදෑරුම් රූප වේ. විපාකං යනු කාමාවචර කුසලවිපාක සොළොසද, අකුසල විපාක සතද වශයෙන් තෙවිසි වැදෑරුම් විපාක වේ. ක්‍රියාද ත්‍රිවිධ අහේතුක ක්‍රියාවන්ද අටවැදෑරුම් සහේතුක ක්‍රියාවන්ගේද වශයෙන් එකොළොස් වැදෑරුම් ක්‍රියා වේ.

🔺 රූපාවචර ධර්මයන් කෙසේ කුසල් වශයෙන් පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියිද, මෙහි සිටි ධ්‍යානලාභී පුද්ගලයාගේ සතර ධ්‍යානයන් කුසල වශයෙන් පිරිසිඳ දනියි. බඹලොව උපන්නහුගේ සතර ධ්‍යානයන් අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. මෙසේ රූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දැනගනියි. අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දැනගනියි.

🔺 කෙසේනම් අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියිද? මෙහි සිටි අරූප ධ්‍යානලාභී පුද්ගලයාගේ අරූපාවචර සමාපත්ති සතර කුසල් වශයෙන් පිරිසිඳ දනියි. අරූප ලෝකයෙහි උපන්නහුගේ සතර අරූපාවචර සමාපත්ති අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දැනගනියි. මෙසේ අරූපාවචර ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දැනගනියි, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දැනගනියි.

🔺 කෙසේනම් අපරියාපන්න (ලෝකොත්තර) ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියිද, අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියිද? සතර ආර්ය මාර්ගයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි. සතර ආර්ය ඵලයන්ද නිර්වාණයද අබ්‍යාකත වශයෙන් පිරිසිඳ දනියි. මෙසේ අපරියාපන්න ධර්මයන් කුසල් වශයෙන් පිරිසිඳ දනියි.

🔸 අද කතා කරන්නෙ භූමිනානත්ව ඥාණය පිළිබදවයි. භූමිනානත්ව ඥාණය නිර්වචනය වන්නේ මෙසේය " කිසෙයින් සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප...
26/05/2026

🔸 අද කතා කරන්නෙ භූමිනානත්ව ඥාණය පිළිබදවයි. භූමිනානත්ව ඥාණය නිර්වචනය වන්නේ මෙසේය " කිසෙයින් සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන වෙයි යත් "යනුය. සතර ධර්ම යනු භූමි සතරකි, කාමාවචරභූමි යැ, රූපාවචරභූමි යැ, අරූපාවචරභූමි යැ අපරියාපන්නභූමි යි. අපරියාපන්න යනු කාම, රූප, අරූප භූමි තුනෙහි ඇතුලත් නොවන යන අර්ථයෙනි. කාමාවචර භූමිය යනු අවීචි මහා නිරයේ සිට පරිනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකය දක්වා කාමවචර සත්වයින් උපදින භූමියයි. රූපාවචර භූමිය යනු බඹ ලොව සිට අකනිටා බඹ ලොව දක්වා රූපාවචර ධ්‍යාන ලාභීන් උපදින භූමියයි. අරූපාවචර භූමිය යනු ආකාසානඤ්චායතන බඹ ලොව පටන් න⁣ෙවසංඥානාසංඥායතන බඹලොව දක්වා අරූපාවචර ධ්‍යාන ලාභීන් උපදින භූමියයි. අපරියාපන්න භූමිය යනු ඉහත තුන් භවයෙහි ඇතුලත් නොවන මාර්ග, මාර්ගඵල සහ නිර්වාණය යන භූමියයි.

🔺 කාමාවචරභූමි කවර යත්: යටින් අවීචිනිරය පිරියත් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්ති දෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්‍ධ ධාතු ආයතන කෙනෙක් වෙත් ද රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන කෙනෙක් වෙත් ද මේ කාමාවචර භූමි නම.

🔺 රූපාවචරභූමි කවර යත්: යටින් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටාදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් බඹලොව) උපන්නහු ගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ රූපාවචරභූමි නම.

🔺 අරූපාවචරභූමි කවර යත්: යටින් ආකාසානඤ්චායතනූපගදෙවියන් පිරියත් කොට මතුභාගයෙන් නෛවසංඥානාසංඥායතනදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නාහු වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් අරූතලයෙහි) උපන්නහුගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ අරූපාවචරභූමි නම.

🔺 අපර්‍ය්‍යාපන්නභූමි කවර යත්: මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතුව ද අපර්‍ය්‍යාපන්නයෝ යැ. මේ අපර්‍ය්‍යාපන්නභූමි නමි.

මොහු සතර භූමි නම් වෙත්.

🔸 අද ලියන්නේ චර්යානානත්ව ඥාණය පිළිබද 06 ලිපියයි. චර්යානානත්ව ඥාණය නැවත මතක් කළොත්, චර්යානානත්ව ඥාණය නිර්වචනය වන්නේ මෙසේය...
25/05/2026

🔸 අද ලියන්නේ චර්යානානත්ව ඥාණය පිළිබද 06 ලිපියයි. චර්යානානත්ව ඥාණය නැවත මතක් කළොත්, චර්යානානත්ව ඥාණය නිර්වචනය වන්නේ මෙසේය "චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යානානාත්‍වඥානය වෙයි" යනුවෙනි. චර්යා වර්ග තුනකි. එනම් විඤ්ඤාණචරියා, අඤ්ඤාණ චරියා ,ඤාණ චරියායයි වශයෙන් අරමුණෙහි හැසිරීම් තුනකි. එම චර්යා වර්ග තුනෙන් පළමුව විඤ්ඤාණ චර්යාව ගැන පළමු හා දෙවන ලිපියෙහි කතා කලා මතක ඇති. විඤ්ඤාණ චර්යා යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන අරමුණු වල රාග, ද්වේෂ , මෝහ වලින් තොරව හැසිරෙනුයි විඤ්ඤාණ චර්යා නම් වේ. අරමුණු දැනීම් මාත්‍රයම ඇති හෙයින් විඤ්ඤාණ චරියායයි කියනු ලැබේ. අඤ්ඤාණ චර්යා යනු නොදැනිමෙන් හැසිරෙනුයි නැතහොත් අනුවණ ලෙස හැසිරෙ යන්නයි. කුසල් හෝ අකුසල් නොවු අරමුණු දැනීම් මාත්‍රයම විඤ්ඤාණ චර්යා වන අතර රාග ද්වේෂ මෝහ වලින් තොරව විඤ්ඤාණය ගත් අරමුණෙහි රාග ද්වේෂ මෝහ උපදවා ගන්නා සිත් කොට්ඨාසයට ජවන සිත් කියා කියනවා. එයම අඤ්ඤාණ චර්යාව නම් වේ. කලින් ලිපියෙහි ඤාණ චර්යා යනු කුමක්ද කියා කතා කලා. අද ලිපියෙන් ඤාණ චර්යා යනු කුමන අර්ථයකින් ද යන්න ඉගෙනගමු.

🔺 ඤාණචරියා යන තැන කවර අර්ථයකින් ඤාණ චරියා නම් වේද?
🔹 රාග රහිතව හැසිරේනුයි ඤාණචරියා නමි.
🔹 දොස රහිතව හැසිරේනුයි ඤාණචරියානමි.
🔹 මෝහ රහිතව හැසිරේනුයි ඤාණචරියා නමි.
🔹 අනුසය රහිතව හැසිරේනුයි ඤාණචරියා නමි.
🔹 රාගය හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නමි.
🔹 දොසය හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නමි.
🔹 මෝහය හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නමි.
🔹 මානය හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යයි.
🔹 දෘෂ්ටිය හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 උද්ධච්චය හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 විචිකිච්ඡාව හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 අනුසය හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 කුශලකර්මයන් හා යෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 අකුසලකර්මයන් හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 සාවද්‍ය කර්මයන් හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 නිරවද්‍ය කර්මයන් හා යෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 සැප උපදවන්නාවූ කර්මයන් හා යෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 දුක් උපදවන්නාවූ කර්මයන් හා නොයෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 සැප විපාක ඇත්තාවූ කර්මයන් හා යෙදී හැසිරෙනුයි ඤාණ චර්යා නමි.
🔹 දුක් විපාක ඇත්තාවූ කර්මයන් හා නොයෙදී හැසිරේනුයි ඤාණචරියා නම් වේ.
🔹 නුවණින් දැනගන්නාලද අරමුණෙහි හැසිරේනුයි ඤාණචරියා නමි.

🔺 ඤාණයාගේ මෙබඳු හැසිරීම් ඇති හෙයින් ඤාණචරියා නමි. මේ ඤාණචරියා නමි.

🔺 විඤ්ඤාණචරියාව අනිකකි. අවිඤ්ඤාණචරියාව අනිකකිය. ඤාණචරියාව අනිකකියි එය දැනීම් අර්ථයෙන් ඤාණනමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් චරියා පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව චරියා නානත්ත ඤාණයයි කියනු ලැබේ.

🔸 අද ලියන්නේ චර්යානානත්ව ඥාණය පිළිබද 05 ලිපියයි. චර්යානානත්ව ඥාණය නැවත මතක්කළොත්, චර්යානානත්ව ඥාණය නිර්වචනය වන්නේ මෙසේය ...
24/05/2026

🔸 අද ලියන්නේ චර්යානානත්ව ඥාණය පිළිබද 05 ලිපියයි. චර්යානානත්ව ඥාණය නැවත මතක්කළොත්, චර්යානානත්ව ඥාණය නිර්වචනය වන්නේ මෙසේය "චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යානානාත්‍වඥානය වෙයි" යනුවෙනි. චර්යා වර්ග තුනකි. එනම් විඤ්ඤාණචරියා, අඤ්ඤාණ චරියා ,ඤාණ චරියායයි වශයෙන් අරමුණෙහි හැසිරීම් තුනකි.එම චර්යා වර්ග තුනෙන් පළමුව විඤ්ඤාණ චර්යාව ගැන පළමු හා දෙවන ලිපියෙහි කතා කලා මතක ඇති. විඤ්ඤාණ චර්යා යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන අරමුණු වල රාග, ද්වේෂ , මෝහ වලින් තොරව හැසිරෙනුයි විඤ්ඤාණ චර්යා නම් වේ. අරමුණු දැනීම් මාත්‍රයම ඇති හෙයින් විඤ්ඤාණ චරියායයි කියනු ලැබේ. අඤ්ඤාණ චර්යා යනු නොදැනිමෙන් හැසිරෙනුයි නැතහොත් අනුවණ ලෙස හැසිරෙ යන්නයි. කුසල් හෝ අකුසල් නොවු අරමුණු දැනීම් මාත්‍රයම විඤ්ඤාණ චර්යා වන අතර රාග ද්වේෂ මෝහ වලින් තොරව විඤ්ඤාණය ගත් අරමුණෙහි රාග ද්වේෂ මෝහ උපදවා ගන්නා සිත් කොට්ඨාසයට ජවන සිත් කියා කියනවා.කලින් ලිපියේ බැලුවා අඤ්ඤාණ චර්යාව ලෙස හදුන්වන්නේ කුමණ අර්ථයකින්ද කියලා. අද බලමු ඤාණ චර්යාව යනු කුමක්ද කියා.

🔺 ඤාණචරියාව කවරේද? අනිත්‍ය වශයෙන් දැකීම සඳහා පවත්නාවූ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.
🔹 අනිත්‍ය වශයෙන් දැකීම ඤාණචරියා නමි.
🔹 දුක් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. දුක් වශයෙන් දැකීම ඤාණචරියා නමි.
🔹 අනාත්ම වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. අනාත්ම වශයෙන් දැකීම ඤාණ චරියා නමි.
🔹 කලකිරීම් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.කලකිරීම් වශයෙන් දැකීම් ඤාණ චරියා නමි.
🔹 නොඇලීම් වශයෙන් දැකීම් පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.නොඇලිම වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 නිරුද්ධ කිරීම් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි. නිරුද්ධ කිරීම් වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 අත්හැරීම් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.අත්හරීම් වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 ක්ෂයවීම් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.ක්ෂයවීම් වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 විනාශවීම් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.විනාශවිම් වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 වෙනස්වීම් වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.වෙනස්වීම් වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 නිමිති රහිත වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.නිමිති රහිත වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 පැතීම් රහිත වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.පැතීම් රහිත වශයෙන් දැකීම ඤාණ චර්යා නම්.
🔹 සූන්‍ය වශයෙන් දැකීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.සුන්‍ය වශයෙන් දැකීම ඤාණ චර්යා නමි.
🔹 අධිප්‍රඥා ධර්මය දැකීම පිණිස යථාභූත ඥානදර්ශනය පිණිස ආදීනව දැකීම පිණිස මැදහත්ව බැලීම පිණිස පවත්නා ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත සිත විඤ්ඤාණ චරියා නමි.
🔹 මැදහත්ව දැකීම ඤාණචරියා නමි. විවට්ටානුපස්සනාව (ශොත්‍රභූ සිත) ඤාණචරියා නමි.
🔹 සොතාපත්ති මාර්ගය ඤාණචරියා නමි.
🔹 සොතාපත්ති ඵලයට පැමිණීම ඤාණචරියානමි.
🔹 සකෘදාගාමි මාර්ගය ඤාණචරියා නමි.
🔹 සකෘදාගාමි ඵලයට පැමිණීම ඤාණචරියා නමි.
🔹 අනාගාමි මාර්ගය ඤාණචරියා නමි.
🔹 අනාගාමි ඵලයට පැමිණීම ඤාණචරියා නමි.
🔹 අර්හත් මාර්ගය ඤාණචරියා නමි.
🔹 අර්හත්ඵලයට පැමිණීම ඤාණචරියා නමි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Arana Vihara Patipada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share