Kadalana Methodist Wesley Guild

Kadalana Methodist Wesley Guild එක සිත - එක මග

කඩලාන වෙස්ලි සමාජයේ 71 වන සංවත්සරය නිමිත්තෙන්, ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ දැනුම මිනුම ...
10/05/2026

කඩලාන වෙස්ලි සමාජයේ 71 වන සංවත්සරය නිමිත්තෙන්, ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ දැනුම මිනුම තරඟය මැයි මස 08 වනදා පවත්වනු ලැබීය. ඒ සඳහා බයිබලය ආශ්‍රයෙන් MCQ ප්‍රශ්ණ පත්‍රයක් සුදානම් කර තිබුණි.

කඩලාන වෙස්ලි සමාජයේ 71 වන සංවත්සරය නිමිත්තෙන්, ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ බයිබල් කියවී...
09/05/2026

කඩලාන වෙස්ලි සමාජයේ 71 වන සංවත්සරය නිමිත්තෙන්, ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ බයිබල් කියවීමේ තරඟය මැයි මස 01 වනදා පවත්වනු ලැබීය. බයිබල් කියවීමේ තරඟය විනිශ්චය කිරීම සඳහා සුහාරා පිරිස් සහ ශමාරා ප්‍රනාන්දු යන සහෝදරියන් පැමිණෙන ලදි.

"ඔබේ වැඩ සමිඳුන්ට භාර දෙන්න, එවිට ඔබේ සැලසුම් ඉටු වන්නේය"හිතෝපදේශ 16:3මොරටුමුල්ල පලාත් රැලිය 2025/2026🔴සමස්ත ශූරතාවය කඩල...
08/05/2026

"ඔබේ වැඩ සමිඳුන්ට භාර දෙන්න, එවිට ඔබේ සැලසුම් ඉටු වන්නේය"

හිතෝපදේශ 16:3

මොරටුමුල්ල පලාත් රැලිය 2025/2026

🔴සමස්ත ශූරතාවය කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය!!!!

ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, මෙම ජයග්‍රහණ සඳහා අපට ආශීර්වාද කිරීම ගැන අපි දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමු.

අප වෙස්ලි සමාජය විසින් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය:

ක්‍රිකට් තරගාවලිය - පිරිමි🏏
🥇 ප්‍රථම ස්ථානය

ක්‍රිකට් තරගාවලිය - ගැහැනු🏏

🥇ප්‍රථම ස්ථානය

🎾හොදම ක්‍රීඩකයා - සුදිනු ප්‍රනාන්දු
🎾හොදම ක්‍රීඩිකාව - ඩිනලි පෙරේරා

නාට්‍ය තරගය 🎭

🥇ප්‍රථම ස්ථානය

🎬හොදම නිළිය - ස්කයිලි විජේසේකර
🎬හොදම සහය නළුවා - දුනීශ කුරේ
🎬හොදම සහය නිළිය - නිම්ශි ප්‍රනාන්දු

විවාද තරගය🗣️
🥉තෙවන ස්ථානය

ගායන,වාදන හා නර්තන තරඟය 💃🏻

සිව්වන ස්ථානය

මේ සදහා අපට මග පෙන්වූ අප ස්ථානික දේවගැති ගෞ. අනුර පෙරේරා දේවගැති තුමා සහ මෙම ජයග්‍රහණ සඳහා දායක වූ අප ජ්‍යෙශ්ට වෙස්ලි සමජයේ සෑහ සාමාජික සමාජිකාවකටම අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.🙌🏻😊

අප කඩලාන මෙතොදිස්ත සභාවේ 106 වන සංවත්සරය නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය විසින් සංවිධානය කරනු ලැබූ, ශ්‍රමදානය වැඩසටහන, ...
07/05/2026

අප කඩලාන මෙතොදිස්ත සභාවේ 106 වන සංවත්සරය නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය විසින් සංවිධානය කරනු ලැබූ, ශ්‍රමදානය වැඩසටහන, අප්‍රේල් මස 19 වන දින පවත්වන ලදි. එදින, දේවස්ථානය සහ ප්‍රධාන ශාලාව සුද්ද පවිත්‍ර කරන ලද අතර, මේ සඳහා සභාවේ සමාජික සමාජිකාවන්ද සහභාගී වන ලදි.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අපත් සමඟ එක්වු සියලුදෙනාට අප ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ ස්තුතිය පුද කර සිටිමු.

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සංස්කෘතික ශාඛාව මගින් විශේෂ වැඩසටහනක් ලෙස සංවිධානය කරනු ලැබූ, " චාරිකාව " එළිමහන් ගීත ප්‍රස...
06/05/2026

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සංස්කෘතික ශාඛාව මගින් විශේෂ වැඩසටහනක් ලෙස සංවිධානය කරනු ලැබූ, " චාරිකාව " එළිමහන් ගීත ප්‍රසංගය අප්‍රේල් මස 18 වනදා අප දේවස්ථාන භුමියේදි පවත්වන ලදි. එදින 400 කට වැඩි පිරිසක් මෙය නැරඹීමට පැමිණ සිටි අතර, ඉතාමත් නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලබාදීමට අපට හැකියාව ලැබිණි. මොරටුමුල්ල සහ පානදුර පළාතේ වෙස්ලි සමාජ වල සහෝදර සහෝදරියන්ද ගීත ගායනයෙන් අපත් සමඟ එක්විය.

මෙහි සාර්ථකත්වය පිටුපස සිටි සෑම කෙනෙකුටම අප ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ ස්තුතිය පුද කර සිටිමු.

කඩලාන වෙස්ලි සමාජයේ 71 වන සංවත්සරය නිමිත්තෙන්, ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගීතිකා තරඟය ...
05/05/2026

කඩලාන වෙස්ලි සමාජයේ 71 වන සංවත්සරය නිමිත්තෙන්, ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගීතිකා තරඟය සහ බැඩ්මින්ටන් තරඟය අප්‍රේල් මස 10 වනදා පවත්වනු ලැබීය. ගීතිකා තරඟය විනිශ්චය කිරීම සඳහා රොශෙල් ද මැල් සහෝදරිය පැමිණෙන ලදි.

"නැගිට්ටේ හිමි ක්‍රිස්තුස් හා..හාලේලූයා"යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිකිරීම පිණිස, අප ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය වි...
03/05/2026

"නැගිට්ටේ හිමි ක්‍රිස්තුස්
හා..හාලේලූයා"

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිකිරීම පිණිස, අප ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හාලේලූයා පෙරහැර මෙවරත් පාස්කු දින අළුයම එනම්, අප්‍රේල් මස 05 වනදා විදි සංචාරය කරන ලදි.

CHARIKAWA | Youth Musical Concert | Kadalana Senior Wesley GuildThis is the official recording of Charikawa, a youth mus...
01/05/2026

CHARIKAWA | Youth Musical Concert | Kadalana Senior Wesley Guild

This is the official recording of Charikawa, a youth musical concert organized by the Kadalana Senior Wesley Guild. Bringing together young people from across our Wesley Guilds, Charikawa was an evening dedicated to the joy of music and the strengthening of fellowship among our youth.

OUT NOW: https://youtu.be/EEm0oGxiJdA?si=7CBh7skIEtgJew0Q

The night featured a wonderful showcase of musical talent, united by a shared vision of building deeper connections across our guilds through the universal language of music. We hope this recording captures the spirit and warmth of the evening, and that it is as enjoyable to watch as it was to experience.

23 likes, 2 comments. "චාරිකාව | Charikawa | OFFICIAL VIDEO | 18th April 2026 | Kadalana Wesley Guild"

මොරටුමුල්ල පළාත් සාහිත්‍ය හා ලලිත් කලා කමිටුව මගින් සිව්වන වතාවටත් සංවිධානය කරනු ලැබූ, "ගොල්ගොතාරාවය" පාස්කු ගීතමය හා නා...
23/04/2026

මොරටුමුල්ල පළාත් සාහිත්‍ය හා ලලිත් කලා කමිටුව මගින් සිව්වන වතාවටත් සංවිධානය කරනු ලැබූ, "ගොල්ගොතාරාවය" පාස්කු ගීතමය හා නාට්‍යමය වැඩසටහන අප්‍රේල් මස 04 වනදා මොරටුමුල්ල දේවස්ථාන භූමියේදී පැවැත්විනි. ඒ සඳහා අප ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සමාජික සාමාජිකාවන් ගීතිකා ගායනයෙන් එක්විය. මේ සඳහා අපහට අවස්ථාව ලබා දීම ගැන, සංවිධායකවරුන්ට ස්තුතියි වන්ත වෙමු.

22/04/2026

Address

Kadalana Methodist Church, Kadalana, Moratuwa
Colombo
10400

Opening Hours

19:15 - 21:30

Telephone

+94768702631

Alerts

Be the first to know and let us send you an email when Kadalana Methodist Wesley Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kadalana Methodist Wesley Guild:

Share