Jesus is my hero

Jesus is my hero Surely goodness and mercy shall follow me all the days of my life:and I will dwell in the house of the LORD for ever.

11/11/2022

Someone hacked this page and changed the page name. Today we recovered.
මෙම පිටුව යම් අයකු විසින් වෙනස් කර ඇත. අද දින අප ‌විසින් නැවත එය සකසි කරන ලදි.

සිදුවු අපහසුතාවයට සමාව අයැද සිට්මු.
Sorry for the trouble we caused.

16/09/2021

ඔබේ යාච්ඤා ඉල්ලීම් ගැටළු අපට යොමු කරන්න අපි හැකි අයුරින් ඔබට උපකාර කරන්නම්..
ඔබේ සාක්ෂි බෙදා ගැනීමට එන්න අප හා එක්වන්න..
ජේසු පිහිටයි.
Send us your prayer requests and your questions.We will help you any way we can. We will pray for you.
Share your testimonies with us..
God bless you!
உங்கள் பிரார்த்தனை கோரிக்கை சிக்கல்களை எங்களுக்கு அனுப்புங்கள். எங்களுக்கு முடிந்த வகையில் நாங்கள் உங்களுக்கு உதவுவோம். உங்கள் ஆதாரங்களை பகிர்ந்து கொள்ள எங்களுடன் வாருங்கள். இயேசு உங்களை ஆசீர்வதிப்பார்.

01/09/2021

අනර්ඝ සහෝදරයකු අප අතරින් සමුගත්තේය.

තරින්ද අපිට හමුවෙන්නේ 2018 මැයි පලවෙනිදා කුරුණෑගල සුභාරංචි දේවමෙහෙය තුළින්, ඔහු එදා ආවෙ ඔහුගේ රෝගයට යාච්ඤා කර ගන්නා පිණිස. එදා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඔහුට අලුත් ජීවයක් දුන්නා. ඔහුගේ ජීවිතය තුළ පුදුම දෙයක් එදින සිදු වුණා.

එතැන් පටන් අද දවස දක්වා ඔහු අපත් සමඟ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියේ වැඩ කළා. හැම සුභාරංචි රැස්වීමකටම ඔහු සම්බන්ධ වුණා. ඔහුට කවදාවත් වේදිකාව ලැබුණේ නැහැ. ඔහුට ලැබුණෙ ඔහු ආසම කරපු කැමරාකරණය. ඔහු විශිෂ්ට ලෙස කැමරා කරා. ඒ තුලින් ගත්ත රූපරාමු දැකලා බොහෝ දෙනෙක් ශක්තිමත් වුණා. බොහෝ දෙනෙක් අපිව හඳුනාගත්තා. බොහෝ දෙනෙක් ගැලවීමට ආවා. එය ඔහුගේ නම ඉදිරියේ නිසැකවම ලියා තිබෙනවා.

හැම වෙලාවෙම ඔහු අපට ශක්තියක් වුණා. කණ්ඩායමට නැතිවම බැරි කෙනෙක් වුණා. හැමෝගෙම හිත් දිනා ගත්තා. එක දුරකථන ඇමතුමකින් සේවයට ආව. දුන්න වැඩේ මුළු හදවතින්ම කළ සුපිරි කොල්ලෙක්.

සැබෑ මිතුරෙක්,
සැබෑ ගෝලයෙක්,
සැබෑ සේවකයෙක්,
ඇදහිල්ලේ සටන්කරුවෙක් අද අප අතරින් ස්වාමින් වහන්සේ වෙතට ගමන් කළා.

ස්තූතියි තරින්ද ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ කළ විශිෂ්ට සේවයට. අපට ඇති බලාපොරොත්තුව නම්, හමුවෙයි දිනක ඒ ලස්සන ලොවේ අපි..
Jacob Jeshurun Ministries

01/09/2021

සැප්තැම්බර් 01
ශු.සුවිශේෂය.
ශු. ලූක් 4 : 38 - 44

38 උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ. 39 උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.
40 හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක. 41 දුෂ්ටාත්මයෝ ද, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට, කතා කිරීම තහනම් කළ සේක.
42 පසුදින පහන් වූ කල උන් වහන්සේ පිටත් ව හුදකලා තැනකට වැඩිය සේක. සමූහයා උන් වහන්සේ සොයා ගොස්, හමු වූ පසු, තමන් වෙතින් යන්න නොදී උන් වහන්සේ නවතාගන්න තැත් කළහ. 43 උන් වහන්සේ කතා කොට, ”මා වෙනත් නුවරවල ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළ යුතු ය; මා එවන ලද්දේ ඒ සඳහා ය”යි ඔවුන්ට වදාළ සේක.
44 තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක.

05/03/2021

ඇදහිල්ලේ ගමන ආවේගශීලී නැහැ. ඇදහිල්ල යනු ජීවන රටාවක් - එය දෙවියන්ව විශ්වාස කිරීමයි; ඔහුගේ වචනනය හා ඔහු තුල ඔබ කෙරහි ඇති විශ්වාසවන්ත බව. දෙවියන්ගේ යහපත්බව පිලිබදව ඔබතුල ඇති විශ්වාසය හා ඇදහිල්ල යනු උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබ හදවත තුල ක්‍රියාකිරීමයි. එමනිසා ඇදහිල්ල තුලින් ඒ සම්භන්දතවය රැකගන්න, රැකියාවේ ඇතිවී ඇති තත්ත්වය, ඒ යහපත් කර්තව්‍යය- යේසුස් පවසනවා ඔහු කිසිම දවසක ඔබව අසාර්ථක නොකරන බව. ඔබ නොසැලී සිටිය විට අවසානයේදී ගෞරවාන්විත පෙරළිය සිදුවෙන අතර ඇදහිල්ල, නොපෙනෙන බොහෝ දේ අද දකින බැවින්, ඔබ ඩැහැගන්නා තුරු බොහෝ ජයග්‍රහණයන් පෙරමග බලාසිටිනු ඇත. "මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනා යයි ස්වාමීන්වහන්සේ කියනසේක" ( ජෙරමියා 29:11)

04/12/2020

ඔබේ යාච්ඤා ඉල්ලීම් ගැටළු අපට යොමු කරන්න අපි හැකි අයුරින් ඔබට උපකාර කරන්නම්..
ඔබේ සාක්ෂි බෙදා ගැනීමට එන්න අප හා එක්වන්න..
ජේසු පිහිටයි.
Send us your prayer requests and your questions.We will help you any way we can. We will pray for you.
Share your testimonies with us..
God bless you!
உங்கள் பிரார்த்தனை கோரிக்கை சிக்கல்களை எங்களுக்கு அனுப்புங்கள். எங்களுக்கு முடிந்த வகையில் நாங்கள் உங்களுக்கு உதவுவோம். உங்கள் ஆதாரங்களை பகிர்ந்து கொள்ள எங்களுடன் வாருங்கள். இயேசு உங்களை ஆசீர்வதிப்பார்.

04/12/2020

ජේසුනි ඔබත් එක්ක ගත කරන සෑම කාලයක්ම ඉතා අගනේය..
ඔබ මා කරන ඉතා කුඩා යාච්ඤාවට පවා පිළිතුරු ලබා දෙන තැනන්වහන්සේය.. සෑම විටම ඔබ මා සමඟ සිටින නිසා සතුටින් දිවි ගෙවමි..
ස්තූතියි ස්වාමීනි..

1982.12.4 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල උපත ලැබූ ඔහු නමින් "Nick" යන කෙටි නාමයෙන් අද මුලු ලොවම දන්නා ක්‍රිස්තු ධර්ම ප්‍රචා...
20/09/2020

1982.12.4 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල උපත ලැබූ ඔහු නමින් "Nick" යන කෙටි නාමයෙන් අද මුලු ලොවම දන්නා ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයෙක් (Chritian Evangelist) වගේම අභිප්‍රේරණ කථිකයෙක්ද වෙයී (Motivational Speaker). උපතින්ම අත් පා අහිමි ඔහු කුඩා කල කිහිප වතාවක් තම ජිවිතය අහිමි කරගන්නට උත්සහා කර ඇත. ඔහුගේ අත් පා නොමැති වීම ගැන කළකිරීමෙන් සිටිය පුද්ගලයෙකු මෙන්ම මේ පිළිබදව නොදැන ඔහු දෙවියන්වහන්සේගෙන් ප්‍රශ්නද අසන්නෙකුද විය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුගේ ජිවිතයේ ඔහු සිතානවටත් වඩා අද වර්තාමනයේ ඔහු සිටින ස්ථානයේ අනර්ඝ සැලැස්ම තබා ඇත. ඔහුගේ ජිවිතයේ වෙනස පටන් ගත්තේ ඔහුගේ ජිවිතය ස්වාමින්වහන්සේට භාර දීමෙනි. උන්වහන්සේට යටත් වීමෙනි. අද ඔහුට ඉතා ආදරණීය බිරිදක් මෙන්ම දරුවන් සතර දෙනෙකුගේ පියෙකුද වේ. ඔහුගේ ජිවිතය වෙනස් වීමේ සාක්ෂිය මුලු ලෝකය මුළුල්ලේම ඔහු ප්‍රකාශ කරයී. මෙලෙස ජිවත වෙනස් වීම් වල ලෝකයෙන් හමු වන තවත් එක් නිදර්ශනයක් පමණයි.

05/09/2020
ඇයි ජේසුනී මා නිසා මෙතරම් ප්‍රේම කලේමුලු ලොවටම එපා වූ මා ඇයි ඔබ හට ඔනේ වුනේ...
18/08/2020

ඇයි ජේසුනී මා නිසා මෙතරම් ප්‍රේම කලේ
මුලු ලොවටම එපා වූ මා ඇයි ඔබ හට ඔනේ වුනේ...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Jesus is my hero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share