19/05/2026
දෙවන වරටත් සිදුකල "නාවල ශ්‍රී ධර්ම නිකේතනාරාම" චෛත්‍යය වහන්සේගේ තීන්ත ආලේප කිරීමේ පිංකම.
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සුවසේ වැඩ වසන්නා වූ "නාවල ශ්‍රී ධර්ම නිකේතනාරාම" විහාරස්ථානයේ උතුම් වූ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේප කිරීමේ පිංකම දෙවන වරටත් ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ අප මිතුරු කැල විසින් පසුගිය දා සිදු කරන්නට යෙදුනි. අයහපත් කාලගුණයක් පැවතියද පිංකම පටන් ගැනීමට මොහොතකට පෙර කලු වළාවන් පහව ගොස් හොඳින් හිරු රශ්මිය පතිත වූයේ සම්‍යක් දෘෂ්ඨික දේව ආශිර්වාදයකින් මෙනි.
එදින සහභාගී වූ තිහකට ආසන්න අප මිතුරු කැල විසින් පිරිසක් චෛත්‍යය වහන්සේ පිරිසිඳු කිරීම් කටයුතු ආරම්භ කර තීන්ත ආලේප කරන අතරතුර ඊට සමගාමීව අනෙක් මිතුරන් ඝාන්ඨාර කුළුණ, විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය, බුද්ධ මන්දිරය, සහ වළාකුළු බැම්මද තීන්ත ආලේප කරන ලදී. අවසානයේ පැය කිහිපයක් ඇතුලත සෑ රජාණන් වහන්සේ සහ මුලු විහාරස්ථාන භූමියම දුටු දුටුවන්ගේ නෙත් සිත් අමන්දානන්දයට පත් කරවමින් සුදෝ සුදු වනින් බැබළවීමට අප සැමට හැකියාව ලැබුණි.
නාගරික පරිසරයක් මැද වුවද ඉතාම නිස්කලංක වටපිටාවක පිහිටා ඇති, අවට බොහෝ සැදැහැවතුන් හට සෙත සලසමින් වැඩ සිටින්නා වූ මේ පුණ්‍ය භූමිය දිනය පුරාම වෙහෙස මහන්සි වෙමින් පිළිසකර කිරීමෙන් රැස් වුණා වූ මහා කුසල සම්භාරය, විහාරස්ථානයේ වැඩ වසන්නාවූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු සියලූම ස්වාමීන් වහන්සේලා හටත්, මේ පිංකම සම්බන්ධීකරණය කරමින් අපමණ වෙහෙසීමෙන් කටයුතු සිදුකල charith dewmewan සහ Kaushi යන දෙපලටත්, ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ අප මිතුරු කැලටත්, දැක බලා අනුමෝදන් වන ඔබ සැමටත්, උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා !!!
තෙරුවන් සරණයි !!!