16/01/2025
Daily Bread🍞🍷✝️📖*පහසුයි *
ජනවාරි 16 2025
නික්මයාම 14:5-14
[5] සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය. [6] ඔහු තමාගේ රථය සූදානම්කර ගෙන තමාගේ සෙනඟ තමා සමඟ රැගෙන, [7] තෝරාගත් රථ හසියයක්ද මිසරයේ සියලු රථද ගත්තේය, ඒවා සියල්ල කෙරෙහි සේනා නායකයන්ද පත්කෙළේය. [8] ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය. [9] මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය. [10] ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. [11] ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? [12] මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය. [13] මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය. [14] ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.
_*‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’*_
මාර්ක් නැඟීඑන තරුණ සභාපාලකයෙක් විය. එක් උදෑසනක ඔහුගේ පුත් ඕවන් ඔහු සමඟ බෝලයකට පයින් ගසමින් සිටියදී වැටී මිය ගියේය. මාර්ක්ට එය දරා ගත නොහැකි වූ අතර ඔහු තවමත් ඒ ගැන දුක්වන්නේය. නමුත් ඔහුගේ වේදනාව තුළින් ඔහු වඩාත් සානුකම්පිත සභාපාලකයෙකු වී ඇත. මාර්ක් සමඟ මා දුක් වූ අතර, ඔහුගේ පරීක්ෂාව ඒ ඩබ්ලිව් ටෝසර් සඳහන් කළ: “දෙවියන් වහන්සේට, මිනිසෙකු හට දැඩිව ගැඹුරින් රිදවන තුරු ඔහුට මහත් සේ ආශීර්වාද කළ හැකිද යන්න සැක සහිතය.” යන කීම සැබෑවක්දැයි මට බියක් දැනේ.
සමහරවිට එය එතරම් සරළ නොවේ. ඉශ්‍රායෙල්වරුන්ගේ නික්මයාම දෙස විමසිල්ලෙන් බලන විට දෙවියන් වහන්සේගේ මාර්ගවල තිබෙන සංකීර්ණත්වය අපට පෙනේ. දෙවියන් වහන්සේ අලුත් ජාතිය පහසු මාර්ගයකින් ගෙන ආසේක. “සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි” (නික්මයාම 13:17). නමුත් පද කිහිපයකට පසුව දෙවියන් වහන්සේ මෝසෙස්ට කීවේ ඵාරාවෝ ඔහුගේ හමුදාව රැස්කරගෙන සටනට එනු ඇත (14:1-4) කියාය. ඵාරාවෝ ඇම ගිල්ලේය. ඉශ්‍රායෙලිතයෝ මහත් සේ බිය වී “ සමිඳාණන් වහන්සේට මොරගැසූ හ” (10 පදය). මෝසෙස් උත්තර දෙමින් “උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය (14 පදය).
දෙවියන් වහන්සේ තම සෙනඟ වර්ධනය කර උන්වහන්සේට මහිමය ගෙන ඒම සඳහා පහසු සහ අසීරු ක්‍රම භාවිතා කරන සේක. උන්වහන්සේ පොරොන්දු වුනේ, “පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය” (4 පදය). ඉශායෙල් එසේ කළහ. අපටද එසේ කළ හැකිය. පහසු වුවත් අසීරු වුවත් සෑම සෝදිසි කිරීමකින්ම දෙවියන් වහන්සේ අපගේ ඇදහිල්ල වර්ධනය කරන සේක. ජීවිතය පහසු වන විට දෙවියන් වහන්සේ තුළ විවේක ගන්න. ජීවිතය අසීරු වන විට උන්වහන්සේට ඔබ ඔසවාගෙන යාමට ඉඩ දෙන්න.
_❤️ඔබගේ වර්ධනයට වේදනාව උපකාර වී තිබෙන්නේ කෙසේද? පහසු සහ අසීරු සෝදිසි කිරීම් යන දෙකම දෙවියන් වහන්සේ භාවිතා කරන බව ඔබ සිතන්නේ ඇයි?_
*🙏ආදරණිය ජේසුනී, සෑම සෝදිසි කිරීමකටම ඔබ සෑහේ.*
අපගේ දිනපතා භෝජනය s/=