12/08/2026
ජාතික හා ආගමික ගැටලු, සත්ව හිංසන පනත සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දෙන වර්තමාන ගැටලු පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මැතිතුමාගේ සහ ගරු නියෝජ්‍ය සභාපති ( මාධ්‍ය ප්‍රකාශක ) රොෂාන් මද්දුමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින වැදගත් ජාතික හා ආගමික කරුණු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙහිදී රට තුළ වර්තමානයේ පවතින ජාතික හා ආගමික ගැටලු, සත්ව හිංසන පනත සම්බන්ධයෙන් පවතින කරුණු සහ යෝජනා, මෙන්ම වර්තමාන සමාජ පසුබිම තුළ භික්ෂූන් වහන්සේලා මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාවේදී බුදු දහම, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ ආගමික නිදහස ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව හා සාමකාමී සහජීවනය තහවුරු කිරීම මෙන්ම සත්ව හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය හා සමාජීය කරුණු පිළිබඳවද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම මාධ්‍ය සාකච්ඡාවක් 2026.08.12 වන දින සම්මේලන මුලස්ථානයේදී පැවැත්විය.
fans@followers