All Ceylon Buddhist Congress

Directions Website Contact the place of worship

All Ceylon Buddhist Congress Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from All Ceylon Buddhist Congress, Religious organisation, No. 380, Bauddhaloka Mawatha, Colombo – 07, Colombo.

In 1919 ACBC specified as a special organization linkup with all other Buddhist Associations in Sri Lanka to ensure the stability of Buddhism, specially dedicated to protect and promote Buddhism not only in Sri Lanka but also in other countries as well.

❤️ **දරුවෙකුගේ අධ්‍යාපන සිහිනයට අත්වැලක්…පාද අහිමි වූවෙකුගේ ජීවිතයට නැවත පියවරක්…** ❤️ලෝක ළමා දින සැමරුම – 2026 නිමිත්තෙ...
05/10/2026

❤️ **දරුවෙකුගේ අධ්‍යාපන සිහිනයට අත්වැලක්…
පාද අහිමි වූවෙකුගේ ජීවිතයට නැවත පියවරක්…** ❤️

ලෝක ළමා දින සැමරුම – 2026 නිමිත්තෙන් පැවැත්වූ **ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන** තුළින් දරුවන්ගේ අධ්‍යාපනික අනාගතය වෙනුවෙන් සවියක් වීමට අපට හැකි විය.

🎓 ඒ අතරින් **අපගේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැමිණි දරුවන් දෙදෙනෙකුද** ශිෂ්‍යත්වලාභීන් අතරට එක්වීම මෙවර වැඩසටහනේ විශේෂත්වයකි. ❤️

# # # 🦿 **“සවි සුව” – ජීවිතයට නැවත පියවරක්…**

පාද අහිමිව සිටි,

👧 **කුඩා දරුවන් 03 දෙනෙකුට**
👨‍🦳 **වැඩිහිටියන් 04 දෙනෙකුට**

**“සවි සුව” ව්‍යාපෘතිය යටතේ නොමිලේ කෘතිම පාද පිරිනැමීම** ද මෙහිදී සිදු කෙරිණි.

🌱 **දරුවෙකුට අධ්‍යාපනයේ පියවරක්…**
🦿 **පාද අහිමි වූවෙකුට ජීවිතයේ නැවත පියවරක්…**

මේ දෙකම මුදලින් මැනිය නොහැකි,
**මනුෂ්‍යත්වයේ සුන්දරම පරිත්‍යාගයන්ය.** ❤️🙏

#ලෝකළමාදිනසැමරුම2026

#සවිසුව






🌟 ලෝක ළමා දිනය 2026 | දරුවන්ගේ සිහිනවලට සවියක්… ❤️“දරුවෙකුගේ අනාගතයට දෙන හොඳම ත්‍යාගය අධ්‍යාපනයයි…ජීවිතයට නැවත පියවරක් ල...
05/10/2026

🌟 ලෝක ළමා දිනය 2026 | දරුවන්ගේ සිහිනවලට සවියක්… ❤️

“දරුවෙකුගේ අනාගතයට දෙන හොඳම ත්‍යාගය අධ්‍යාපනයයි…
ජීවිතයට නැවත පියවරක් ලබාදීම මනුෂ්‍යත්වයයි…” 🙏

ලෝක ළමා දිනයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලයට අනුබද්ධිත ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව කමිටුව විසින් සංවිධානය කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සහ “සවි සුව” කෘතිම පාද පිරිනැමීමේ වැඩසටහන 2026 ඔක්තෝබර් 03 වන දින බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. 🌸

🎓 දරුවන්ගේ අධ්‍යාපන සිහිනයට අතහිත…

මෙහිදී,

🔹 සාමණේර භික්ෂූන් වහන්සේලා
🔹 මෙහෙණින් වහන්සේලා
🔹 පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 18 දෙනෙකු
🔹 විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් 5 දෙනෙකු

සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකෙරිණි.

💰 රුපියල් මිලියනයක ශිෂ්‍යත්ව භාර අරමුදලක්!

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා රුපියල් මිලියනයක ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවීම සනිටුහන් කරමින්, ඒ සඳහා දායක වූ ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා වෙත විශේෂ ප්‍රණාම සම්මානයක් ද පිරිනමන ලදී. 🏆

🙏 ගෞරවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන්

මෙම අවස්ථාවේ මුලසුන රාජකීය පණ්ඩිත ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් හෙබවූ අතර,

🇮🇳 ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් Ramya Chandrasekaran මැතිනිය
🇳🇵 නේපාල් තානාපති කාර්යාලය නියෝජනය කරමින් Vijay Kumar Raut මහතා

ඇතුළු ගෞරවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

එමෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා, නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා, ශිෂ්‍යත්ව කමිටු සභාපති උපේක්ෂ පෙතියාගොඩ මහතා, කෘත්‍යාධිකාරී හා විධායක මණ්ඩල නිලධාරීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.

🤝 අපගේ කෘතවේදීත්වය

මෙම සත්කාර්යය සඳහා බැංකු සහකරු ලෙස කාගිල්ස් බැංකුව ලබාදුන් විශේෂ අනුග්‍රහයට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.

එමෙන්ම,

🎓 ශිෂ්‍යත්ව සඳහා දායක වූ සියලු දෙනාටත්,

🤝 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ සියලු දෙනාටත්,

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෞරවනීය ප්‍රණාමය! 🙏❤️

එක් දරුවෙකුගේ අධ්‍යාපනයට අතහිත දෙමු.
එක් ජීවිතයකට නැවත පියවරක් ලබාදෙමු.
එක්ව මනුෂ්‍යත්වය ශක්තිමත් කරමු. 🌿

සංවිධානය ..
ශ්‍රීමත් ඩී.බී ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව කමිටුව ,
(ජාතික තරුණ මණ්ඩලයට අනුබද්ධිතව)
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

📸 ඔබත් මේ සත්කාර්යයේ සුන්දර අවස්ථා දැකගන්න!

Photos බලන්න ❤️ | Share කරන්න 🔄 | ඔබේ අදහස Comment කරන්න 💬

ඔබගේ එක් Share එකක් තවත් දරුවෙකුගේ අධ්‍යාපනික සිහිනයක් වෙනුවෙන් දායකයෙකු අප වෙත ගෙන ඒමට හැකි වේ.

🔖 Hashtags

#ලෝකළමදින2026

















🌍💙 ලෝක ළමා දිනය – 2026 💙🌍🎓 අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන🦿 සවිසුව කෘතිම පාද ප්‍රදාන වැඩසටහන“දරුවන්ගේ සිහිනවලට පියා...
01/10/2026

🌍💙 ලෝක ළමා දිනය – 2026 💙🌍

🎓 අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන
🦿 සවිසුව කෘතිම පාද ප්‍රදාන වැඩසටහන

“දරුවන්ගේ සිහිනවලට පියාපත් දෙමු…
ඔවුන්ගේ අනාගතයට ශක්තියක් වෙමු…” ❤️

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමත්,

“සවිසුව” කෘතිම පාද ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස පාද අහිමි දරුවන් සඳහා කෘතිම පාද ප්‍රදානය කිරීමත් සිදු කෙරේ.

📅 2026 ඔක්තෝබර් 03
⏰ පස්වරු 2.00ට
📍 බෞද්ධ මහා සම්මේලන ශාලාව

මෙය දරුවන්ගේ අධ්‍යාපනයට, අනාගතයට සහ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරන මානුෂීය මෙහෙවරකි. 🌱❤️

එක් දරුවෙකුගේ සිනහවක්…
ඔහුගේ/ඇයගේ මුළු අනාගතයම වෙනස් කළ හැකියි. 🌟

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ  ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනියගේ සං...
30/09/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනියගේ සංවිධානයෙන් සෑම මසකම අවසන් සිකුරාදා දින “සංකථන මණ්ඩපය“ නමින් සිංහල ජාතිය හා සම්බුද්ධ ශාසනයත් අපගේ හෙළ සංස්කෘතිය පිළිබඳවත් සංවාදශීලී වැඩ සටහනක් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව 2026 ඔක්තෝබර් මස 28 වැනි බදාදා දින සවස 3.00 සිට 5.00 දක්වා “ශ්‍රී ලාංකීය ඉපැරණි ගණිතමය ක්‍රම, අංකනය සහ ශුන්‍යය “ මැයෙන් විද්වත් දේශනයක් ආචාර්ය හර්ෂ විජේවර්ධන මහතා විසින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය එම්.බී.ආරියපාල ශාලාවේදි පැවැත්වේ.

මෙම වැඩසටහන සඳහා සහභාගී වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු !!!!





සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කඨින පිංකම මාලාව - 2026 @top fans
30/09/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කඨින පිංකම මාලාව - 2026
@top fans

බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ දහම්පාසල් තරුණ ගුරුභවතුන් උදෙසා 2026 සැප්තැම්බර් මස 27 ...
30/09/2026

බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ දහම්පාසල් තරුණ ගුරුභවතුන් උදෙසා 2026 සැප්තැම්බර් මස 27 වන ඉරු දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී “නිරෝගි දරුපරපුරක් - ප්‍රබුද්ධ සමාජයක් යන මැයෙන උපදේශන වැඩමු`ඵවක් ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහ ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ.

එදින විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මැතිතුමා සහ විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ මැතිතුමා විසින් උපදේශන වැඩමු`ඵවේ විශේෂ දේශනයන් සිදුකරන ලදි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ "ශ්‍රී බු.ව. 2571 බෞද්ධාලෝක වෙසක්" උත්සවය නිමිත්තෙන් පවත්වන  බෝධිපූජාමය පිංකම 2026.09.26 ...
28/09/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ "ශ්‍රී බු.ව. 2571 බෞද්ධාලෝක වෙසක්" උත්සවය නිමිත්තෙන් පවත්වන බෝධිපූජාමය පිංකම 2026.09.26 වැනි සෙනසුරාදා දින ප.ව. 5.30 ට සම්මේලන මූලස්ථානයේදී පැවැත්විය.

24/09/2026
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසින් සිදු කරනු ලබන සැප්තැම්බර් 26 වන බිනර...
21/09/2026

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසින් සිදු කරනු ලබන සැප්තැම්බර් 26 වන බිනර පොහෝ දින වැඩසටහන සඳහා *සිල් සමාදන්වීමට කැමති උවැසි උවැසියන්හට පින් සිතින් ආරාධනා කර සිටින අතර, මෙම පින් කටයුත්ත සඳහා ඔබටද සහභාගී වී දායක වීමට හැකියාව ඇත,
තෙරුවන සරණයි !!!

නිලීකා සේනානායක
ගරු සභාපතිනි
ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය
@top fans

ශ්‍රී  ලංකාවේ ජාතික, ආගමික හා සමාජීය පුනර්ජීවනය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන...
21/09/2026

ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සමාජීය පුනර්ජීවනය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවය 2026 සැප්තැම්බර් මස 17 වන දින ගාල්ල නගර ශාලාවේදී, දකුණු පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමා, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, ගාල්ල නගරාධිපතිතුමා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් සහභාගීවිය.

🙏 ධර්මපාල චින්තනයෙන් ජාතිය අවදි කරමු...
ජාතික හා ආගමික පුනර්ජීවනයේ පුරෝගාමී මෙහෙවර සිහිපත් කරමු...

https://acbc.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd/

Address

No. 380, Bauddhaloka Mawatha, Colombo – 07
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when All Ceylon Buddhist Congress posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to All Ceylon Buddhist Congress:

Shortcuts

Share