Our Lady of Mount Carmel - Wellapalliya

Our Lady of Mount Carmel - Wellapalliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our Lady of Mount Carmel - Wellapalliya, Religious organisation, Palliyawatta, Wattala, Colombo.

23/05/2026

දවසේ ආරම්භ යැදුම...

*කීකරු ගතියයි සේවය පිදුමයි ඔබයි එඬේරා මග කියනා...*
*මහද කල්පනා හොඳ හැටි ඔබ දන්නා...*
*මා පැතුම් ඔබටම පවරාදී ඔබගේ කටහඬ පැහැදිලි ඇසුමට...*
*උදයෙන් උදයට මා පුබුදා ඔබ සැලසුම් මට පහදන්නා...*

ශුද්ධවු, බලසම්පන්න වූ දෙවි පියාණනි, අලුත් දිනකට යළි අපගේ හුස්ම අවදි කල නිසා සදා ස්තුති ප්‍රශංසා වේවා..! නමස්කාර වෙවා දෙව් රජිදුනි, ඔබවහන්සේ ගේ ශ්‍රි ඇලයෙන් ගැලූවාවූ රැධිරය අප මත ගලා ඒමට මේ මොහොතේ සලස්වා අපගේ පාපිෂ්ඨ වත සෝදා පවිත්‍ර කල මැනව. හිමට වඩා සුදුවන ලෙස පවිත්‍ර කල මැනව. ආලේලූයියා..! ඒ ශ්‍රි රුධිර බිදුවක් අප නිවෙස් මත වැගිරුව මැනව. අපගේ ආත්මයේ ප්‍රේමවන්තයාණනී, සියලු ආත්මික දැන ගැන්මෙන් ද, ප්‍රාඥාවෙන්ද, අපව සන්නද්ධ කල මැනව. ශුද්ධාත්ම ගින්නෙන් අපව ඇවිලුව මැනව. දෙවියන් වහන්සේ ගේ වචනය රැගෙන එකිනෙකා ට සූබාරංචිය බෙදන්නට ශුද්ධාත්ම ගින්නෙන් අපව බලගතු කළ මැනව. ආලේලූයියා..! අබ්බා පියාණෙනි, බාර ගන්න දිළිඳු අපේ හදවත් සෑම දුබලකමක්ම , සෑම අයහපත් දේද , නොහැකියාවද , එලෙසම අපව අද දවසේ වෙනස් කරන්න, යහපතෙන් පූර්ණ කරන්න . ස්පර්ශ කරන්න ශුද්ධාත්මයාණනී.. ආලේලූයියා..! ස්තුති පියාණෙනී...! ජපමාල රාජේෂ්වරියනී, අප වෙනුවෙන් නිරන්තරයෙන් ජේසුස් වහන්සේ ඉදිරියෙහි මැදිහත් වුව මැනව. හෙට දිනයේ ඔබවහන්සේ ගේ සම්මුඛයේ පෙනීසිටින්නට පොරොන්දු වෙමින්, සමුගනිමු මේ මොහොතේ ඔබවහන්සේ ගේ ආදරයෙන් අබ්බා තාත්තේ..!
ආමේන්..!

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

22/05/2026

දවසේ ආරම්භ යැදුම...

*වෙති වෙති හිමිපාණෝ රජදෝ...*
*තැති ගෙන වෙව්ලති ජනතාවෝ...*
*කෙරූබ බලතා තටු පිට එතුමෝ...*
*අසුන් අරා සිටිනෝ...*
*පොළොවද කම්පාවේ...*

කෙරුබ්වරුන් මත වැඩසිටිනා දෙවිරජිදුණි , ඔබවහන්සේ ට සදා නමස්කාර වේවා... තවත් දවසක නිමාවත් සමග අලුත් දවසකට අප කැදවාවූ කරුණාබර පියාණනි, ඔබවහන්සේ ව අපි මෙම මොහොතේ හදවතින් ම නමදිමු. සත්‍යයවූ දෙවිඳුනේ, අපගේ මනසේ වේදනාවන් , ප්‍රශ්න හා පරික්ෂා වලින් පීරි ඇත . සෑම ප්‍රශ්නයක්ම , සෑම මානසික වේදනාවක්ම ඔබ වහන්සේගේ පාමුල තබමු . ඔබවහන්සේ ගේ දයාවෙන් අපගේ හදවතේ ඇති සෑම වේදනාවකින්ම අප නිදහස් කර අප හට සැනසීම දානය කළ මැනව. අපගේ පියාණන් වන දෙවිඳුනි ,අපගේ සෑම වේදනාත්මක මොහොතකින්ම අප නිදහස් කළ මැනව . සමිදුනේ අපගේ පවුලේ ඇති සෑම ගැටළුවක්ම හා අප්‍රසන්න හැම මොහොතක්ම සහ අපගේ පවුලේ පවතින සෑම බියක්ම ඔබ වහන්සේ දන්නා සේක. ඒ සෑම දෙයක්ම දන්නේ ඔබ වහන්සේ පමණක්මය. ස්වාමීනි, අප තුළ ඇති සෑම බියකින්ම අප නිදහස් කළ මැනව. අහෝ දෙවිදුනි, අප කළඹවන සියලුම වේදනාවන් අප තුළින් ඉවත් කළ මැනව. අපගේ පවුල් සාතන්ගේ මායම් වලින් ගැලෙව්ව මැනව. දෙවිඳුනේ, අපගේ ඇතුලාන්තය ට කතා කළ මැනව . අප වටා ඔබවහන්සේගේ සුරදූතයන්, සිටින්නට සැලැස්වූ මැනව. අපගේ පාද ගල්වල වැදි තුවාල නොවනු පිණිස අප රැකගත මැනව . මාගේ දෙවියනේ මාගේ සමිඳුනේ. අපගේ පිහිටත්, පලිහත් වන දෙවි සමිඳුනි අපගේ පවුල් අද දින ආරක්ෂා කර ආශිර්වාද කළ මැනව . ආලේලූයියා, ඔබ වහන්සේගේ ආදරණිය පැමිණීම අප සැම වෙත දානය කළ මැනව . ස්තුති වේවා.. . ආලේලූයියා , දෙවියනි, අද දින අපද අපගේ පවුලේ සියලු දෙනාද ජීවමාන සියල්ලන්ද ,අපගේ නිවස ද, අප විසින් කළ යුතු කාර්යයන් සහ ගමන් බිමන්ද ,ඔබ වහන්සේට ඔප්පු කරමු. අප වෙත පැමිණිය හැකි සෑම අනතුරකින් අසනීපයකින් හෝ වේදනාවකින් අප ආරක්ෂා කර පාපයෙන් සහ සියලුම නපුරෙන් අප සහ අපට අයත් සෑම දේ රැකගත මැනව. ශුද්ධාත්මයාණනී, අපගේ හෘදයන් ඔබවහන්සේ ගේ ආලෝකයෙන් පිරෙව්ව මැනව. අති පරිශුද්ධ වූ කන්‍යාවෙනි ජූවලිත
විශ්වාසයෙන් ඔබ කරා දුව එන අප හට නිතරම දේව කැමැත්ත ඉටු කිරීමට අප වෙනුවෙන් පිහිට අයදින්න මෑණියනී..
ආමේන්..!
ආලේලූයියා..!

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

19/05/2026

දවසේ ආරම්භ යැදුම...

වන වදුලු හෙල් ද අතරින්..
දිගු රෑ කල ගෙවෙන තුරා..
ගෙන යනු මැන මා සමිදේ..

අරුණෝදය එන විට මා..
බෝ කලක් ඇළුම් දැක්වූ..
සුර දූතික හැගුම් තුළින්...
මා පුරවාලන්න සදා...

ස්වාර්ගයෙහි වැඩ සිටිනා අපගේ අබ්බා පියාණනී,
ඔබවහන්සේ ගේ නාමය සුපරිශුද්ධ වේවා! මේ උදයෙත් ඔබවහන්සේ ගේ ඉදිරියේ පෙනී සිටින්න ට අපව අවදි කල නිසා දෙවියන් වහන්ස, සදා ස්ත්‍රෝත්‍ර වේවා..! මේ උදෑසනේ අපගේ ප්‍රාණය ශුද්ධවත් කරමින්, අපව නව මැවිල්ලක් කල නිසා ස්තුති ප්‍රශංසා කරමු. අද දින සියලු නපුරෙන් අප ආරක්ෂා කරන බව අපි විශ්වාස කරමු. තරයේ අදහමු. අහෝ.! ප්‍රේමවන්ත ස්වාමිනි, දවසේ එක් එක් පැයක් පාසා ම ස්වර්ගීය මහිමය කරා යාමට අපට මග පෙන්වුව මැනව. ශුද්ධාත්මයාණනී, සාමයේ සහ ප්‍රිතියේ දෙවි සමිදාණනී, අපගේ ජීවිත ඔබවහන්සේ ගේ පාමුල තබමු. අප සම්බන්ධයෙන් ඔබ වහන්සේ කැමැති දෙයක් කළ මැනව. අපගේ ආත්මාර්ථකාමී හදවත් හිස් කර දේව වරප්‍රසාදයෙන් එම හදවත් පුරවාලුව මැනව.
අද දවසේ අපගේ ජීවිත ඔබවහන්සේ ගේ දේව කැමැත්තට පාලනය කිරීමට ඉඩ දෙනු සඳහා අපිට සහාය වුව මැනව. කිසි දිනෙක ඔබ වහන්සේගෙන් වෙන්වීමට අපට ඉඩ නොදෙනු මැනවි. අපි කරන හැම කටයුත්තකදීම මුළුමනින්ම ඔබවහන්සේ ට අවනත වන්නට අප මෙහෙය වුව මැනව. ජීවනයේ ආත්මයාණනි, ඔබවහන්සේ ට ප්‍රශංසා වේවා..! කිව නොහැකි සුසුම්ළැම් වලින් අප උදෙසා මැදිහත් කාරකම් කරන්නාවූ ආත්මයාණනි, ස්තුති වේවා..! නිරන්තරයෙන් අප තුළ සිටිමින් අපව ස්පර්ශ කල මැනව.
අති කරුණාබරිත වූ මෑණියනි, ඔබ වහන්සේගේ සරණය කරා දිව විත් ඔබ වහන්සේගේ උදව් පිහිට අයැද සිටි කිසිවෙක් ඔබවහන්සේ විසින් අත්හරිනු ලැබූ බව ලෝකයේ කවර කලකවත් නොඇසූ බව සිහිකල මැනව . ජපමාලයේ අප ස්වාමිදුවෙනී, බලවත් වූ විශ්වාසයකින් ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයට ළඟා වෙන පව්කාර වූ අප සුසුම්ලා හඬමින් ඔබවහන්සේගේ දයා ප්‍රේමය අදහාගෙන ඔබ වහන්සේගේ සම්මුඛයෙහි සිටින මතාවෙනි, අපගේ බැහැපත් යාච්ඥාව ප්‍රතික්ෂේප නොකොට අපගේ ජීවිත වල ගැටළු වෙනුවෙන් ඔබ වහන්සේගේ පුතණුවන් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වුව මැනව.
~ ආමෙන් ~
ආලේලූයියා..!

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

12/05/2026

දවසේ ආරම්භ යැදුම...

සදා කාලයෙහි වසන්නාවූ ශුද්ධ වූ සමිදුනි,
ඔබවහන්සේ ගේ නාමයට සදා ප්‍රශංසාවේවා.! උදෑසනක් පාසා අප පුබුදුවා ඔබවහන්සේගේ හඩ ඇසීමට අපගේ කණ් පැහැදූ දෙවියන් වහන්ස, සදා ස්ත්‍රෝත්‍ර වේවා.! මේ උදෑසනේ අපගේ ප්‍රාණය ආරක්ෂිත කරමින් නව ශක්තියක් දෙමින්, අප පුබූදුවා අපව නව මැවිල්ලක් කල නිසා ස්තුති ප්‍රශංසා කරමු. අද දින සියලු නපුරෙන් අප ආරක්ෂා කරන බව අපි විශ්වාස කරමු. අපගේ මුඛයෙහි දෙවියන් වහන්සේට අලුත් ස්තුති ගීයක් තැබුව නිසා ස්තුති කරමු. අහෝ.! ප්‍රේමවන්ත ස්වාමිනි, පරිත්‍යාගශීලී වීමට අපට ඉගැන්වූව මැනවි. ඔබවහන්සේට යෝග්‍ය වන පරිදි ඔබ වහන්සේගේ සේවාව දීමටද අප මෙහෙයවුව මැනව. අපි කරන හැම දේකදිම ඔබවහන්සේ පිළිබඳව අප ගැන හොඳින් දන්නා බව පැහැදිලි වන පමණට, අපගේ අවධානය වහන්සේ වෙත යොමු කර තබා ගැනීමට අපට පිහිට වුව මැනව. අනවශ්‍ය ජූලිතකම නිසා හෝ සාර්ථකත්වය සඳහා ඇති බලවත් ආශාව නිසා කිසි දිනෙක ඔබ වහන්සේගෙන් වෙන්වීමට අපට ඉඩ නොදෙනු මැනවි. අප කරන යහපත් වැඩ කටයුතු ඔබ වහන්සේගේ රැකවරණය යටතේ කිරීමට කැමැති වන සේම, අපි කරන හැම කටයුත්තකදීම මුළුමනින්ම ඔබවහන්සේ ට අවනත වන්නට අප මෙහෙය වුව මැනව. ජීවනයේ ආත්මයාණනි, ඔබවහන්සේ ට ප්‍රශංසා වේවා..! කිව නොහැකි සුසුම්ළැම් වලින් අප උදෙසා මැදිහත් කාරකම් කරන්නාවූ ආත්මයාණනි, ස්තුති වේවා..! නිරන්තරයෙන් අප තුළ සිටිමින් අපව ස්පර්ශ කල මැනව. අපට නොහැගෙන බලවත් දේ අපට පෙන්නුව මැනව.
අති කරුණාකරිත වූ මෑණියනි, ඔබ වහන්සේගේ සරණය කරා දිව විත් ඔබ වහන්සේගේ උදව් පිහිට අයැද සිටි කිසිවෙක් ඔබවහන්සේ විසින් අත්හරිනු ලැබූ බව ලෝකයේ කවර කලකවත් නොඇසූ බව සිහිකල මැනව. කන්‍යාවන්ගේ රාජේශ්වරිය වූ කන්‍යාවෙනි, එවැනි විශ්වාසයකින් ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයට ළඟා වෙන පව්කාර වූ අප සුසුම්ලා හඬා, ඔබවහන්සේගේ දයා ප්‍රේමය අදහාගෙන ඔබ වහන්සේගේ සම්මුඛයෙහි සිටිමු. මාතාවෙනී, අපගේ බැහැපත් යාච්ඥාව ප්‍රතික්ෂේප නොකොට දේව ප්‍රේමය ඉල්ලා ඔබ වහන්සේගේ පුතණුවන් ඉදිරියේ අප වෙනුවෙන්ද මුළු ලෝකයා වෙනුවෙන් ද මැදිහත් වුව මැනව.
~ ආමෙන් ~
ආලේලූයියා..!

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

11/05/2026

දවසේ ආරම්භ යැදුම...

සිහින ලොවේ මා සිතනා දේ…
සැබෑ ලොවේ මා කරනා දේ …
අනාගතේ මා පතනා දේ …
පඞුරු ලෙසින් පුදමි බැතින්…
ආදර සමිදානේ….

අපගේ පාපයන්ට වන්දි ගෙවමින් කුරුසියේ මරණය පරාජය කර මහිමාන්විත උත්ථානය තුලින් විමුක්තිය උදාකර දුන් සියලු දේ මැවු සියලු බැලැති දයාවන්ත පියාණෙනි,
ඔබවහන්සේගේ කොන්දේසි විරහිත ප්‍රේමය නිසා අලුත් බර දිනක අසිරිය විදින්නට අප සැම අවදි කිරිම වෙනුවෙන් ඔබවහන්සේට අනේක වාරයක් ස්තූතියත්, ප්‍රශංසාවත්, නමස්කාරයත් පුද කරන්නෙමු.
අනෙක විද ගැටලු හා අරගලයන් තුළ දුක් විදිමින් ඔබ වහන්සේගේ ආදරය අත් විදිමින්, ඔබ වහන්සේ පාමුල රැදෙමින්, ඔබ වහන්සේගේ කැමැත්ත හා සැලැස්ම තුළ පමණක් ජිවත් වන්නට අප ආශිර්වාද කර ශක්තිමත් කළ මැනව.
අප තුළ මෙන්ම පවුල හා සමාජය තුළ ද ප්‍රේමයේ පනතට සාක්ෂි දරමින් බැහැපත් කිතුණුවන් මෙන් ඔබ වහන්සේ නැවත වඩින තුරු ඔබ වහන්සේගේ ශ්‍රී මරණයට හා උත්ථානයට සාක්ෂි දරමින් ජිවත් වන්නට අවශ්‍ය වරප්‍රසාද දානය කළ මැනව
විශේෂයෙන් ලෝකයා, මාංශයා සහ යක්ෂයා ගෙන් අපගේ දරුවන් මෙන්ම තරුණ තරුණියන්ගේ ජිවිත ආරක්ෂා කර ආශිර්වාද කර රැක දුන මැනව.
අපගේ සියලුම දුක් වේදනා අවස්ථාවේදි අපට පිහිට වෙමින් අප ශත්තිමත් කරමින් දෙව් පුතුන් ඉදිරියේ නිරතුරුවම මැදිහත් වන සදාසරණ අම්මේ, දැනුත් අපගේ මරණ මොහොත දක්වා අප රැකගෙන ඔබ තුමියගේ දෙව් පුතුන්ගේ සුරතට අපගේ ආත්මය භාරකළ මැනව.
~ ආමෙන් ~

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

10/05/2026

දවසේ ආරම්භ යැදුම...

සියලු බැලැති සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණනි,
අඳුර බිඳ හෙලා ආලෝකය උදා වෙමින් නැවුම් දිනයක ඇරඹුම සනිටුහන් වන මේ මොහොතේ දී එක පවුලක් ලෙස එකතු වී ඔබ වහන්සේට තුති පැසසුම් පුද කරමින් වැද නමස්කාර කරමු. පසුකල පෙර දිනය මෙන්ම නැවුම් මෙදිනත් ඔබ වහන්සේගේම ය. අප අත්දකින සෑම අසිරියක් ම ඔබ වහන්සේගේම ය. ලොවේ මැවුම්කරුවාණනි, ඔබ වහන්සේට ස්තුති කොට මේ දිනයේ දී ඔබ වහන්සේගේ පාමුල රැදෙමින් එක පවුලක් ලෙස අපගේ අයැදුම් ඔබ වහන්සේට බාර කරමු. අයදින්නටත් පෙර අපගේ සියලු අවශ්‍යතාවයන් දන්නා ඔබ වහන්සේ නිරන්තරයෙන් ම අපට සුදුසු දේ සුදුසු වෙලාවට ලබාදෙන බව අපි තරයේ අදහමු. සියලු වරප්‍රසාද වලින් අප පුරවන දෙවිඳුනි නැවුම් දිනය අරඹන මේ මොහොතේ සියලු දේ තුළ යහපත් දේ තෝරාගන්නටත්, පාප පරික්ෂාවන් වලට අවදිව කටයුතු කිරීමටත් නිරන්තරයෙන්ම අපට ශුද්ධාත්ම වරප්‍රසාද දානය කළ මැනව. අති ශුද්ධ වූ ස්වාමීනි, නිරන්තරයෙන්වම පාපය ප්‍රතිකේෂ්ප කර යහපත් දේ අප ජීවිත තුල තෝරා ගන්නට අපට අවශ්‍ය කරන්නා වූ සුදතුම් වරම් වරප්‍රසාද දානය කළ මැනව.
ආදර දේව අම්මේ, දිනෙන් දින පාපය කරා ඇදෙන මේ සමාජය තුළ තවත් පාපකාරී ජීවිත ගතකරන දරුවෙන් ලෙස නොව දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න දරුවන් බවට පත් වන්නටත්, නිරන්තරයෙන්ම දුක වේදනාව තුළ තව තවත් උන් වහන්සේට ළං වන්නටත් දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි අප ජීවිත වෙනුවෙන් මැදිහත් වුව මැනව.
~ ආමෙන් ~

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

07/05/2026

දවසේ ආරම්භ යැදුම...

දිය සොයනා මුව පොව්වෙකු සේ මා
ආත්මය ඔබව සොයයි...
මා හද නිරතුරු ඔබව සොයයි
ඔබ නමදින්නට ආසයි....

ජීවයේ ආරම්භය වන සුවිශුද්ධවූ අබ්බා පියාණනී,
ඔබවහන්සේගේ නාමය සුවිශුද්ධ වේවා!
තවත් අලුත් දිනයක් අලුත් මාසයක් අපට ලබා දෙමින් ඔබවහන්සේගේ ප්‍රේමය තුළ ශක්තිමත් කරන නිසා ඔබවහන්සේට නිරන්තර ස්තූතියත් මහිමයත් අත් වේවා!
ආදර දේව තාත්තේ, දිනෙන් දින අප ගත කරන දිවිය තුළ නිරන්තරයෙන් පැමිණෙන ප්‍රශ්න, ගැටලු, විවිධාකාර බාධක හමුවේ හිත් අධෛර්යමත් වී, හෙම්බත්ව වැටී සිටින අප සැම ඔබවහන්සේගේ ආලෝකයෙන් ශක්තිමත් කළ මැනව. යක්ෂයාගේ විවිධාකාර පරීක්ෂා හමුවේ අපව අසාර්ථක වන්නට ඉඩ නුදුන මැනව. අපගේ ශක්තිය, ප්‍රේමය හා ඉවසීම ඔබවහන්සේ වුව මැනව.
සුවිශුද්ධවූ ජේසු සමිඳුනී, අප වැටෙන සෑම මොහොතකම කුරුසිය සමඟින් බිම ඇද වැටී නැවත නැගිට ගමන් කළ ඔබවහන්සේ පමණක් සිහිපත් කරමින්, ඔබ වහන්සේගේ ශක්තිය සමඟින් නැවත නැගිටින්නට, නැවත ගමන් ආරම්භ කරන්නට අවශ්‍ය ශක්තිය දානය කළ මැනව.
අද දිනයේ අප පවුල්, දූ දරුවන්, දෙමාපියන් හා රැකීරක්ෂා කටයුතු සියල්ල ආශිර්වාද කර ආරක්ෂා කළ මැනව.
නිරතුරු අපගේ පිහිටාධාරය වන දේව අම්මේ, දෙවියන් වහන්සේගේ ආදරය සොයා යන්නට අද දිනයේ අපව ශක්තිමත් කළ මැනව. දුබල අපගේ ආත්ම වෙනුවෙන් යාච්ඤා කළ මැනව.
~ ආමෙන් ~

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

දොමිනිකාන නිකායික ගරු බැසිල් කෝල් පියතුමා ජපමාලය යාච්ඥා කරන ආකාරය ගැන  කල දේශනයක සාරාංශය*❤️‍🔥🌹ජපමාලය නිරන්තරයෙන් ම නපුරට...
06/05/2026

දොමිනිකාන නිකායික ගරු බැසිල් කෝල් පියතුමා ජපමාලය යාච්ඥා කරන ආකාරය ගැන කල දේශනයක සාරාංශය*❤️‍🔥🌹

ජපමාලය නිරන්තරයෙන් ම නපුරට එරෙහි ප්‍රබල යැදුමක් වූයේය.එහෙත් කතෝලිකයන් වැඩි වැඩියෙන් ජපමාලය යාච්ඥා කලේ නම්, එය නිවැරැදිව යාච්ඥා කලේ නම්, අප මුහුණ දුන් හා අද අප මුහුණ දෙන බොහෝ ප්‍රශ්න ඇති නොවනු ඇත.

ජපමාලය වූ කලී නපුරට එරෙහි එන්නතක් වැන්න. අප එය නිවැරදිව භාවනානුයෝගීව යාච්ඥා කලේ නම් එය යක්ෂයා, ලෝකය හා මාංශය යන ත්‍රිවිධ නපුරේ වෛරසයන් පරාජය කරන ප්‍රතිශක්තියක් ලෙස ක්‍රියා කරනු ඇත. එසේම එමගින් කතෝලික සභාවේ ඉගැන්වීම් නිසි ලෙස තේරුම් ගැනීමේ හැකියාව අපට ලැබෙනු ඇත.

කාලයක් තිස්සේ පවුල හා එක්ව ජපමාය කියා, ටික කලකට පසුව එය අත්හල, දැනටත් ඊට වෛර කරන බොහෝ දෙනෙකු ගේ පාපොච්චාරන මම අසා ඇත්තෙමි. ඔවුන් ජපමාලය රස නොවින්දේ, එය 'කීම' අත්හැරියේ, එය නිවරැදිව 'යාච්ඥා කරන්නට' ඔවුන් නොදැන සිටි බැවිනි. ඔව්හු ජපමාලය ඉතා ඉක්මනින් කීහ. ඉතා වේගයෙන් කියා එය අවසන් කළහ. කෙතරම් වේගවත් ද කියන්නේ නම් අධිවේගී දුම්රියක් මෙන් ජපමාලය වේගයෙන් උච්චාරණය කළහ. ඔව්හු ජපමාලයට සම්බන්ධ අබිරහස් ගැන නොසිතූහ .ඒවා ගැන භාවනා නොකළහ.

ජපමාලයේදී මෙනෙහි කෙරෙන අබිරහස් යනු ජේසු සමිඳුන් ගේ ජීවිතය තුළ මරිය වහන්සේගේ භුමිකාවේ වැදගත් අවස්ථාය. ජපමාලය යදින අතරතුර එම අබිරහස් කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් භාවනාවකට මගකි.

ක්‍රිස්තු සමිඳු ගේ ජීවිතය හා උන්වහන්සේ ගේ ගැලවීමේ කාර්යභාරය තුළ මරිය වහන්සේ ඉටු කල විවිධාකාර භූමිකා මෙනෙහි කරන ලෙස මම කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටිමි. රැජිනක් ලෙස, මවක් ලෙස, සේවිකාවක් හා දාසියක් ලෙස, මධ්‍යස්ථිකාව (මැදිහත්කාරිය) හා ගැළවුම්කාරිය ලෙස ඈ සිය කාර්යභාරය ඉටු කළා ය. ඕ තොමෝ නව ඒව ගේ භූමිකාව ඉටු කළා ය. නව ඒව ගේ භූමිකාව යනු කුමක්ද? ප්‍රථම ඒව ගෙනාවේ මරණයයි. මරිය තුමිය - නව ඒව- ජීවනය ගෙනැවිත් දුන්නා ය.

එපමණක් ද? නැත. මරිය වහන්සේ යනු ගැළවීමේ නිදානයේ නිදානයයි; විමුක්තියේ හේතුවේ හේතුවයි.ඉතින්,දේව මාතා වහන්සේ පිලිබඳ මෙම විශ්වාසයේ සත්‍යතා ගැන, මෙම දේවධාර්මික නිගමන ගැන ඔබ මෙනෙහි කිරීමට පටන් ගත්විට, ඔබ ජපමාලය යදිද්දී , විශේෂයෙන් නමෝ මරිය කියන විට, මෙම අබිරහස් ගැන භාවනා කිරීමට එය ඔබ තුළ උත්තේජනයක් ඇති කරනු ඇත.

එසේ නම් ජපමාලය නිවරැදිව යාච්ඥා කරන්නේ කෙසේ ද?

පවුලක් ලෙස ජපමාලය යදින විට, ජපමාල පන්තියෙන් පන්තියට කියැවෙන අබිරහස් ළඟ මොහොතක් නැවතිය යුතුය. එසේ නැවැතී, එම අබිරහසට සම්බන්ධ ජේසු සමිඳුන් ගේත් මරිය තුමියගේත් ජීවිත සිද්ධිය ගැන භාවනා කල හැකිය. එසේ නැතහොත් එක් එක් ජපමාල පන්තිය එක් එක් සුවිශේෂී අදහසක් වෙනුවෙන් ඔප්පු කල හැකිය.

පෞද්ගලිකව ජපමාලය යදින විට එක් විටම මුළු ජපමාලය යැද අවසන් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. එක් වෙලාවකට එක පන්තියක් බැගින් කාලය ලැබෙන ආකාරයෙන් යදිමින් ජපමාලය දවස පුරා විහිදවිය හැකිය. එවිට එක් එක් අබිරහස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් භාවනා කිරීමේ හැකියාව ලැබේ. මෙලෙස මුළු ජපමාලය වේගයෙන් එක වර කියා අවසන් කරනවාට වඩා, හෙමින් අබිරහස් ගැඹුරින් මෙනෙහි කරමින් ජපමාලය දවස පුරා යැදීම වඩා ඵල දායක වේ.

ලෝකයේ බොහෝ දෙනෙකුට භාවනාව ගැන අවබෝධය නැතිව ගොස් තිබේ. එහෙත් එම දැනුම, අබබෝධය හා හැකියාව යලි ලබා ගතහොත් යාච්ඥාව මගින් පවුල් හා තනි පුද්ගලයන් ශක්තිමත් කල හැකි යැ "යි බැසිල් කෝල් පියතුමා වැඩි දුරටත් සඳහන් කලේ ය.

Shalom 🕊

03/05/2026

දවසේ ආරම්භ යැදුම...

බයවෙන්න එපා, කැලඹෙන්න එපා, අපේ ජේසු අප සමඟයි.
ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත්, අපේ ජේසු අප සමඟයි..

නිරන්තරයෙන් අප ජීවිත ඔසවාලන සර්ව බලධාරී දෙවි පියාණනි,
මේ සුන්දර උදෑසන ඔබවහන්සේගේ ජීවමාන හස්තයට අපගේ ජීවිත භාර කරමු. මෙදින සෑම මොහොතකම ඔබවහන්සේගේ කැමැත්ත කිරීම සඳහා අපගේ කැමැත්තෙන් හිස් වන්නටත්, නොසෙල්වෙන දේව විශ්වාසය තුළ පැමිණෙන අභියෝගවලට මුහුණ දෙන්නටත් අපිට පිහිට වුව මැනව.
අති ශුද්ධ වූ පියාණනි‍, අපේගේ බැරි භාවයන් සියල්ල දෙවිඳුන් තුළ පූර්ණභාවයක් බවට පත් කර, අපට මාංශයෙන් පැමිණෙන පරීක්ෂාවන් හෙවත් අප තුළම දවන නපුරු සිතුවිලි වලින් අප මුදාගත මැනැව.
ජීවනයේ සමිදාණනි‍, විශ්වාසයේ දීමනාව දුර්වල අප සිත්වලට දානය කළ මැනව. සෑම මොහොතකම අප තුළ වැඩ වසන ජීවමාන ස්වාමීන් වහන්සේව අත්දකින්නට, අත්විඳින්නට සුදුස්සන් බවට අප පත් කළ මැනව. ඔබවහන්සේගේ ක්‍රියා තුළින් පියාණන් වහන්සේව මහිමයට පත් කලා සේ අපගේ ජීවිතය තුළින් ද නිරතුරු පියාණන් වහන්සේව මහිමයට පත් කරන්නට අවැසි ශුද්ධවන්ත ජීවිත පැවැත්මක් සඳහා අප ජීවිත මෙහෙයවුව මැනව. ඔබ වහන්සේගේ දේවරාජ්‍යය සදහා සාක්ෂි දැරීමට පොළවේ සියලු බලය අතහැර ස්වර්ගීය බලය සොයන සියලු ජීවිත මත ඔබවහන්සේගේ දේවාත්මානුභාවය ගලා එන්නට සැලැස්වුව මැනව. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කළ මැනව, ආලේප කළ මැනව. ඒ සඳහා සුදුස්සන් බවට පත්වීමට අවශ්‍ය නිරන්තර යාච්ඤාවේ ජීවිතයකට ඇතුළු වීමට ශුද්ධවූ ජපමාල මාතාවෙනි‍,
දෙවිඳුන් ඉදිරියේ අප නිසා යාච්ඤා කළ මැනව.
~ ආමෙන් ~

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

02/05/2026

දවසේ ආරම්භ යැදුම...

ආදරණීය දෙවි පියාණෙනි,
ඔබවහන්සේට සදා ප්‍රශංසාවත් ස්තූතියත් අත් වේවා! ලබා දුන් මේ නව දිනය වෙනුවෙන්ද ගෙවී ගිය පෙර දිනය වෙනුවෙන්ද ඔබවහන්සේට තුති වේවා!
මේ ජීවිතය තුළ අප වෙතට පැමිණෙන්නාවූ කරදර බාධක හමුවේ නොසැලී ජීවිතය ජය ගන්නට ඔබවහන්සේගේ වරප්‍රසාද දානය කළ මැනව. විවිධාකාර දේ නිසා කාර්‍යබහුල අපගේ ජීවිතවලට අවශ්‍ය කරන්නාවූ සහනය ඔබවහන්සේ තුළින් අත් දකින්නට අපට මග පෙන්වුව මැනව. ඒ සදහා අපව ඔබවහන්සේට වැඩි වැඩියෙන් ළං කර ගත මැනව. අපගේ තලෙන්තු වලින් ඔබවහන්සේට සේවය කරන්නට අප යොදා ගත මැනව. අප තුළ ඇති ශක්තීන් අන් අයගේ යහපත උදෙසා වැය කළ මැනව.
ආදර දේව අම්මේ, ලෞකික දේ පසුපස හඹා යන අපගේ වෙහෙසකාරී ජීවිතවලට අවශ්‍ය මානසික සුවය ඔබවහන්සේගේ පුතණුවන් මගින් අපට ලබා දුන මැනව.
~ ආමෙන් ~

~ 🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎ ~

Address

Palliyawatta, Wattala
Colombo
11300

Opening Hours

Monday 05:30 - 19:30
Tuesday 05:30 - 19:30
Wednesday 05:30 - 19:30
Thursday 05:30 - 19:30
Friday 05:30 - 19:30
Saturday 05:30 - 19:30
Sunday 05:30 - 19:30

Telephone

+94766393606

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Mount Carmel - Wellapalliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Our Lady of Mount Carmel - Wellapalliya:

Share