කල්යාණ මිත්ර සම්පත්ති

කල්යාණ මිත්ර සම්පත්ති Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කල්යාණ මිත්ර සම්පත්ති, Buddhist Temple, Colombo.

බුදු දහමට අනුව විමසා බලන කල අපට සිටින උතුම්ම කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසේබුදු, මහරහත් යන උතුමන් සහ ඒ සම්බුදු පියාණන් වහන්සේලා විවරණය කරන ලද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි.

තෙළෙස් ධුතාංගඅප්පිච්ඡතා, සන්තුට්ඨිතා කියන ගුණ දෙක නොමැති පැවිද්දාට හෝ ගිහියාට සැපතක් අත් විඳීමට නොහැක. මෙම ගුණ දෙක නැති ...
30/04/2026

තෙළෙස් ධුතාංග

අප්පිච්ඡතා, සන්තුට්ඨිතා කියන ගුණ දෙක නොමැති පැවිද්දාට හෝ ගිහියාට සැපතක් අත් විඳීමට නොහැක. මෙම ගුණ දෙක නැති පුද්ගලයාට ජීවිතය සිරගෙයක් මෙන් හැඟෙයි. මෙම ගුණ දෙකෙන් යුතු පුද්ගලයාට මුළු ජීවිතයම සැපයක් මෙන් වැටහෙයි.

‘අප්පිච්ඡතා’ යන්නෙන් අදහස් කරන්නේ බොහෝ දෙයට ආශා නොකරන බවය. ‘සන්තුට්ඨිතා’ යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමන්ට තිබෙන ප්‍රමාණයෙන් සතුටු වීමයි. මෙම ගුණ දෙකම එකට බැඳී පවතියි. මෙම ගුණ දෙකෙහි පිහිටි පුද්ගලයාට අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන දුර්ගුණයන් ඇති නොවේ. ‘අත්‍රිච්ඡතා’ යනු, ලද දෙයින් සතුටු නොවී වඩා හොඳ දේවල් පැතීමයි. කෙතෙක් ලැබුණත් සෑහීමට පත් නොවී තව තවත් බලාපොරොත්තු වීම ‘මහිච්ඡතාවයයි’. තමන් තුළ නැති ගුණ ප්‍රදර්ශනය කිරීම ‘පාපිච්ඡතා’ පුද්ගලයාගේ ලක්‍ෂණයයි. ඉහත සඳහන් කළ අප්පිච්ඡතා, සන්තුට්ඨිකා යන ගුණයන් නිසා සීලයෙහි ගුණාත්මක බව වඩාත් වර්ධනය වෙයි.

සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්‍ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග පිරිහීමට, වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි. එම පිළිවෙත් හතර නම්,

1. ඉතරීතර චීවර සන්තුඨිතාව (ලැබුන සිව්රකින් සතුටුවීම)
2. ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතාව (ලද ආහාරයකින් සතුටු වීම)
3. ඉතරීතර සේනාසන සන්තුට්ඨිතාව (ලද සේනාසනයකින් සතුටු වීම)
4. භාවනාරාමතාව (භාවනාවෙහි ඇලී වාසය කිරීම)

ධුතාංග දහතුන ඉහත දැක් වූ ආර්යවංස ධර්ම හතර අනුව බෙදී යන්නේ මේ ආකාරයටය.

1. ඉතරීතර චීවර සන්තුට්ඨිතාව – තේචීචරිතාංගය, පාංසුකූලිකාංගය
2. ඉතරීතර පිණ්ඩපාතය – පිණ්ඩපාතිකාංගය, ඛලුපච්ඡාහත්තිකාංගය, සපදානචාරිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය
3. ඉතරීතර සේනාසන – ආරඤ්ඤකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාඝත්ථතිකාංගය,
4. භාවනාරාමතාවය – නේසජ්ජිකාංගය

මෙම ධුතාංග දහතුන සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී නම් උන්වහන්සේ වෙතින් හෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙතින් හෝ රහතන් වහන්සේලා වෙතින් හෝ අනාගාමී, සකෘදගාමී, සෝවාන්, යන ආර්යයන් වහන්සේලා වෙතින් හෝ ත්‍රිපිටකධාරී, ද්වීපිටකධාරී ඒකපිටකධාරී, ඒක සඟිධාරී, අට්ඨකතාධාරී, ධූතාංගධාරී වැනි උතුමන් වෙතින් සමාදන් විය යුතු ය. එවැනි උතුමන් නොමැති විට තමන් විසින් සමාදන් වීම සුදුසු ය. එහෙත් තමන් ධුතාංග සපුරන බවක් කිසිවෙකුට නොපැවසිය යුතු ය. නොඇඟවිය යුතු ය. මෙම එක් එක් ධුතාංගය 1. සමාදානය, 2. විධානය, 3. ප්‍රබේධය, 4. භේදය, 5. ආනිශසය යනු පස් ආකාරයකට විග්‍රහ කළ හැකි ය. කෙලෙස් ධුතාංග පිළිබඳව කෙටි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ දරමු.

1. පංසුකුලිකංගය - මෙම ධූතාංගය සමාදන් වනු කැමති පුද්ගලයා ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමී. තේවීවරි කං සමාදියාමි’ යන මේ වාක්‍ය දෙකෙන් එකක් පැවසීමෙන් සමාදන් විය යුතු ය. එතැන් සිට තමන් කැමති, තෝරා ගත් චීවරයක් පරිභෝග කළ යුතු ය. ධුතාංග වලට ගැළපෙන චීවර වර්ග විසි තුනක් ඇත. එනම්,

1. සෝසානික – සොහොනෙහි දැමූ වස්ත්‍ර, 2. පාපනික – වෙළෙඳපලෙන් ඉවත දැමූ වස්ත්‍ර, 3. රථියචෝල – වීදියෙහි ඉවත දැමූ වස්ත්‍ර, 4. සංඛාරචෝල – කසළගොඩෙහි දැමූ වස්ත්‍ර, 5. සොත්ථිය – ගැබ් – මල පිස දැමූ වස්ත්‍ර, 6. නහානචෝල – යක්ෂාවේශ වූවන් පෙරවූ වස්ත්‍ර, 7. තීත්ථචෝල – නාන තොටෙහි හැරදැමූ වස්ත්‍ර, 8. ගතපච්චාගත – සොහොනට ගියවුන් හැර දැමූ වස්ත්‍ර, 9. අග්ගිදඩ්ඩ – අඩක් දැවුනු වස්ත්‍රය, 10. ගෝඛායිත – හරකුන් කෑ වස්ත්‍රය, 11. උපව්කාඛායිත – වේයන් කෑ වස්ත්‍රය, 12. උන්දුරඛායිත – මීයන් කෑ වස්ත්‍ර, 13. අන්තච්ඡින්නය – අග කඩා ගිය වස්ත්‍ර, 14. දසාච්ජින්නය – දාවලු කැඩී ගිය වස්ත්‍ර, 15. ධජාහටය – නැවෙහි හෝ යුද බිමෙහි හැර දැමූ වස්ත්‍ර, 16. ථූපචීවරය – තුඹස්වල බැඳී වස්ත්‍ර, 17. සමණචීවරය – භික්‍ෂූන් සතු වස්ත්‍රය, 18. ආභිසේතිකය – රාජාභිෂේක කළ තැන දැමූ වස්ත්‍ර, 19. ඉද්ධීමය – ඒහිභික්ෂු චීවරය, 20 – දේවදත්තිය – දෙවියන් දුන් වස්ත්‍රය, 21. වාතාහටය – සුළඟට පැමිණි වස්ත්‍රය, 22. පන්ථිකය – මහමඟ වැටී තිබුණ වස්ත්‍රය, 23. සාමුද්දිය – මුහුදු රළින් පැමිණි වස්ත්‍රය යන මෙම විසිතුන් ආකාර වස්ත්‍ර වලින් එකක් පාංසකූල චීවර වශයෙන් ගත හැකි ය. මෙම ධූතාංගය සමාදන් වූ පසු, ගිහියන් විසින් පිදූ වස්ත්‍රයක් පිළිගතහොත් ධූතාංගය බිඳී යනු ඇත.

2. තෙචීචරිතංගය - 'චතුත්ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකංගං සමාදියාමි’ මෙම වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. තුන් සිව්ර හැර වෙනත් චීවරයක් පිළි නොගැනීමයි. යම් හෙයකින් වෙනත් චීවරයක් පිළිගත හොත් ධූතාංගය බිඳී යනු ඇත.

3. පිණ්ඩපාතිකංගය – ‘අතිරේක ලාභං පටික්ඛිපාම්. පිණ්ඩපාතිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා ලබන ආහාරය හැර වෙනත් කිසිම ආහාරයක් නොපිළි ගැනීමයි. පිඬුසිඟා වැඩි පසු යමෙක් ‘අපගේ නිවසෙහි භික්‍ෂූන් පිණ්ඩපාතය වළඳයි. ඔබ වහන්සේද පැමිණ වැළඳුව මැනව යනුවෙන් ඇරයුම් කළහොත් පිළිගැනීම සුදුසුයි. යම් දිනක අතිරේක පිණ්ඩපාතයක් පිළිගතහොත් එම ධුතාංගය බිඳී යයි.

4. සපදානචාරිකංගය – ‘ලෝලුප්පචාරං පටික්ඛිපාමි. සපදානචාරිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා යාමයි. ගෙලිපිවෙල ඉක්මැවූ විටෙක ධුතාංගය බිඳී යයි.

5. ඒකාසනිකංගය – ‘නානාසන භෝජනං පටික්ඛිපාමි. ඒකාසනිතංගං සමාදියාමි’ යනුවෙන් සමාදන් විය යුතු ය. වළඳන විට ප්‍රධාන ආසනයෙහි වාඩි නොවීමයි. එසේම පළමුව අත තැබූ භෝජනය පමණක් වැළඳීමයි. අන් ආසනයක හිඳ වැළදුවහොත් ධුතාංගය බිඳී යයි.

6. පත්තපිණ්ඩිකංගය – ‘දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ මෙයින් කැමති වාක්‍යයක් කියා සමාදන් විය යුතු යි. ලැබෙන භෝජන පාත්‍රයෙන් පමණක් පිළි ගැනීමයි. දෙවන භාජනයක් පිළිගත් මොහොතේම මෙම ධුතාංගය බිඳී යයි.

7. ඛලු පච්ඡාභත්තිකාංගය – ‘අතිරේක භෝජනං පටික්ඛිපාමි. ඛලු පච්ඡාහත්තිකාංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. දන් වළඳා අවසන් වූ පසු නැවත කිසිවක් නොවැළඳීමයි. එනම් ළඟට ගෙනෙන භෝජනය අතින් වසා ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ලැබෙන භෝජන නොවැළඳීමයි. එසේ වැළඳුවහොත් මෙම ධුතාංගය බිඳී යයි.

8. ආරඤ්ඤකංගය – ‘ගාමන්ත සේනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගමෙහි වාසය නොකොට වන ගතව සිටීමයි.අරුණ නැගෙන තුරු ගමෙහි විසුවේ නම් මෙම ධුතාංගය බිඳී යයි.

9. රුක්ඛමූලිකංගය – ‘ඡන්නං පටික්ඛිපාමී. රුක්ඛමූලිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු වෙයි. රාජ්‍ය සීමා දක්වන වෘක්ෂ, මිනිසුන්ගේ පූද පූජා වලට ලක්වන වෘක්‍ෂ, ලාටු, මල්, ගෙඩි ඇති වෘක්‍ෂ, වවුලන් වසන වෘක්‍ෂ, සිදුරු ඇති වෘක්‍ෂ, විහාර මැද පිහිටි වෘක්‍ෂ යන මේවා අත් හැර, විහාර කෙළවර පිහිටි වෘක්‍ෂයක් වාසයට ගත යුතු යි. ;ගයක විසූ විට ධූතාංගය බිඳී යයි.

10. අබ්හෝකාසිකංගය – ඡන්නංච රුක්ඛමූලංච පටික්ඛිපාමි. අබ්හෝකාසිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු යි. ගෙවල් වලත්, රුක් මුල්හිත් වාසය නොකොට, එළිමහන්හි විසීමයි. බණ ඇසීමට, පොහොය කිරීමට, වර්ෂාවෙන් බේරීමට, ඉගෙනීමට, උගැන්වීමට ගෙවලට යාමෙහි වරදක් නොවේ.

11. සෝසානිකංගය – ‘න සුසානං පටික්ක්‍ඛිපාමි. සෝසානිකංගං සමාදියාමි’යන වාක්‍ය වලින් සමාදන් වීමට හැකි ය. රාත්‍රිය සොහොනක වාසය කිරීමයි. සොහොනට නොගොස් ගෙයක විසුවහොත් ධූතාංගය බිඳෙයි.

12. යථාසන්ථිතිකංගය – සේනාසන ලෝලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථිතකංගං සමාදියාමි’ යන වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. දායකයකු විසින් තමන්ට පූජා කළ ආරාමය හැර, වෙනත් ආරාමයක නොවිසීමයි. වෙනත් ආරාමයක් ඉල්ලූ විටෙක ධුතාංගය බිඳී යයි.

13. නේසජ්ජිකංගය – ‘සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. නිදා ගැනීමෙන් වැළකීමයි. අනික් ඉරියව් තුනෙන් රාත්‍රිය ගත කළ යුතු ය. නිදා ගතහොත් ධූතාංගය බිඳී යයි.

මෙම ධූතාංග අතුරෙන් ‘තෙචීචරිතංගය’ හැර අනෙක් දොළොස සාමණේරයන්ට රැකිය හැක.

සික්ඛමානාවන්ට සහ සාමණේරීන්ට තෙචීචරිකංගයද, භික්‍ෂුණීන්ට තහනම් කැර තිබෙන ධූතංග පහ හැර අනෙක් ඒවාද, උපාසක උපාසිකාවන්ට ඒකාසනිකංගය සහ පත්තිපිණ්ඩිතංගය යන දෙකද ආරක්‍ෂා කළ හැකි ය.

කෙළෙස් ධූතාංග ‘උත්තෘෂ්ඨ, මධ්‍යම, මෘදුක වශයෙන් තුන් ආකාරයකට රැකීමට පිළිවෙන. එසේම මෙම ධූතාංග රැකීමෙන් ලැබිය හැකි ආනිසංසද වෙන වෙනම දැක්විය හැකි ය.

ද්වේෂ චරිතයක් ඇති අයට ආරඤ්ඤකංගයත්, රුක්ඛමූලිකංගයත් යන දෙක ද, අනෙක් ධූතංගයෝ රාග චරිතයක් ඇති අයටත්, මෝහ චරිතයක් ඇති අයටත් ගැළපේ.

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි

උපුටා ගන්නා ලද්දේ 2010 ජනවාරි මස 09 වන සෙනසුරාදා “ලංකාදීප පුවත්පතිනි.

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
නිවැරදිව ධර්මය දැනගන්න follow Us ධම්මපදය Dhammapadaya page

#ධූතාංග

ඒ වීර්‍ය නං පුදුමාකාරයි.. කුමට නං අපහදින්නද....සාධු සාධු සාධූ වදිනෙමි ඒ මහා ආර්‍ය්‍ය සඟ පරපුර...🙏🙏🙏කකුල් වල ලේ එනකල්ම දව...
29/04/2026

ඒ වීර්‍ය නං පුදුමාකාරයි.. කුමට නං අපහදින්නද....සාධු සාධු සාධූ වදිනෙමි ඒ මහා ආර්‍ය්‍ය සඟ පරපුර...🙏🙏🙏

කකුල් වල ලේ එනකල්ම දවසම ඇවිදලත් ඒ මුහුණු වල මහන්සි පාටක් නෑ..

දවසම ඇවිදලත් පහුවෙනිදාට හිනා වෙච්ච මුහුණෙන්ම ආයේත් ගමන පටන් ගන්නවා..
කිසි වෙනසක් නෑ..🙏🙏🙏

ඒ මුහුණු වල දුකක් පේන්න නෑ...හිනා වෙච්ච ගමන්මයි.. හරි ප්‍රියමනාපයි..🙏🙏🙏

මෙච්චර අව් රශ්මියේ වැඩම කරලත් ඒ මුහුණු වල දහඩිය බිංදුවක් දැක්කේ නෑ..හරි පුදුමයි..🙏🙏🙏

කොච්චර ලේ ගැලුවත්,කොච්චර දුර පයින් වැඩියත් පුංචි දරුවන්ට,අබාධිත අයට,ශ්‍රද්ධාවෙන් වන්දනා කරන අය ආශිර්වාද කරන්නත් උන් වහන්සේලා අමතක කරන්නේ නෑ..🙏🙏🙏

ඇත්තටම පුදුම වෙන්න දේකුත් නෑ..මේ ඉන්නේත් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් පැවත එන ඒ ආර්‍ය මහා සඟ පරපුරම තමයි..🙏🙏🙏

ඒ රහතන් වහන්සේලා යුගයේ දැක්ක අසිරියෙන් දශමයක්වත් අද දකින්න අපිට පිං නෑ...
අද මේ ස්වාමින්වහන්සේලා ගේ වීර්‍ය මෙහෙම නං එකල මහ රහතන් වහන්සේලා දඹදිව් තලය සිසාර පා ගමනින් වැඩම කරද්දි කොයි තරං සුන්දර වෙන්න ඇත්ද??🙏🙏🙏

අද අපි සංඝයා වහන්සේලා ව මෙහෙම දකිනකොට ආස හිතෙනවා නං, ඇස් වල කඳුලු පුරවගෙන වන්දනා කරනවා නං...
එදා මාගේ බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලකුණින් සෝභමානව, මහා පොළවේ සම ලෙස පා තබමින් වඩින කොට කොහොමට තියෙන්න ඇත්ද?? 🙏🙏🙏

සුනීත කාණුවක බැහලා ඉද්දි, ඉස්සරහින් බැබලෙමින් වඩින බුදුරජාණන් වහන්සේගේ රත්තරං පාට ශරීරය දකිනකොට මොනවා හිතෙන්න ඇත්ද??🙏🙏🙏

ඒ අසිරිමත් බුදු සමය ආයේ ආයේමත් සිහිගන්නවමින්, පා ගමනින් වඩිනා මේ ආර්‍ය මහා සංඝරත්නයට නමස්කාර වේවා!!! අව් රශ්මියෙන් පීඩා නොම වේවා!!! කායික පීඩා දුරු වේවා!!!🙏🙏

මේ ගෞතම බුද්ධ සාසනයේම දවසන නිවනින් සැනසෙන්න ඔබ වහන්සේලාට වාසනාව උදා වේවා!!!🙏🙏🙏🙏

29/04/2026

උන්වහන්සේ නිසා අද ලෝකයම බුදුදහම ගැන කතා කරනවා.දළෙයිලාමා වගේ මහායාන භික්ෂුන් ප්‍රසිද්ධ වෙලා තියෙද්දි මේ ථේරවාද භික්ෂුව ලෝකයේම ප්‍රසිද්ධ වීම ථේරවාද බෞද්ධයන්ට විශාල ආශිර්වාදයක්.

උන් වහන්සේ නිසා අපේ රට ගැනත් ලෝකයම අද කතා කරනවා.බුද්ධ සාසනය ලෝකයට අරන් යන අපේ කාලේ මහින්ද හාමුදුරුවෝ ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා!

29/04/2026
26/04/2026
22/04/2026

Address

Colombo
11200

Telephone

+94712888430

Website

Alerts

Be the first to know and let us send you an email when කල්යාණ මිත්ර සම්පත්ති posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to කල්යාණ මිත්ර සම්පත්ති:

Share