දහම් සක්මන :::: Daham Sakmana

දහම් සක්මන :::: Daham Sakmana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දහම් සක්මන :::: Daham Sakmana, Colombo.

20/01/2026

තව අවුරුදු 15ක් ජීවත් වුණොත් දින 5475 යි

13/01/2026

🙏🏻🙏🏻🙏🏻

09/01/2026

බඹදත් රජුගේ කාලයේ පටන් පන්සල් යන අය ☺️

06/01/2026

පිළිම වල නම ගහන්න එපා... 🖐️


දහම් සක්මන :::: Daham Sakmana

05/01/2026

දෙවියන් බඹුන් වඳින මුණි සිරිපා


දහම් සක්මන :::: Daham Sakmana

☸️ දුරුතු පෝය දිනයේ ඇති වැදගත්කම ☸️🌸 බුදු රජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කිරීම.🌸 මහියංගණය (සෑ රජුන් ඉදිව පවතින භූ...
02/01/2026

☸️ දුරුතු පෝය දිනයේ ඇති වැදගත්කම ☸️

🌸 බුදු රජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කිරීම.

🌸 මහියංගණය (සෑ රජුන් ඉදිව පවතින භූමිය) වෙත වැඩම කළ බුදු රජාණන් වහන්සේ යක්ෂයන් දමනය කිරීම.

🌸 එහිදී බුදුන් වහන්සේගෙන් බණ ඇසූ සුමන සමන් දෙවියන් සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වීම.

🌸 බුදු රජාණන් වහන්සේ කේෂ ධාතු මිටක් සුමන සමන් දෙවියන් හට ලබා දීම.

🌸 සුමන සමන් දෙවියන් කේෂ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය ඉදිකිරීම.

🌸 බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කර උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට ධර්මය දේශනා කිරීම.

🌸 බිම්බිසාර රජු විසින් වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කිරීම.

🌸 කැළණිය පෙරහැර වීදි සංචාරය කිරීම.

ඔබට පින්බර පොහෝ දිනක් වේවා...🙏🏻


දහම් සක්මන :::: Daham Sakmana

02/01/2026

දරුවන්ට නොමඟ යන්න දෙන්න එපා... 🖐🏻


දහම් සක්මන :::: Daham Sakmana

විචිත්‍ර ධර්ම කථික, කම්මට්ඨානාචරිය, පූජ්‍ය මීගහකිවුලේ මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාව....2...
29/12/2025

විචිත්‍ර ධර්ම කථික, කම්මට්ඨානාචරිය, පූජ්‍ය මීගහකිවුලේ මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාව....

2025 -12 -31 සවස 5.00ට
#බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ
ඔබත් ශ්‍රවණය කරන්න....

තෙරුවන් සරණයි !!!

දහම් සක්මන :::: Daham Sakmana

29/12/2025

විචිත්‍ර ධර්ම කථික, කම්මට්ඨානාචරිය, පූජ්‍ය මීගහකිවුලේ මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාව....

2025 -12 -31 සවස 5.00ට
#බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ
ඔබත් ශ්‍රවණය කරන්න....

තෙරුවන් සරණයි !!!

දහම් සක්මන :::: Daham Sakmana

කපටි හෝ වංචාකාරී ගතිගුණ ඇති පුද්ගලයන් හඳුනා ගැනීම අපේ ජීවිතයේ ආරක්ෂාවටත්, මානසික සහනයටත් ඉතා වැදගත්. එවැනි අය සෘජුවම තම ...
28/12/2025

කපටි හෝ වංචාකාරී ගතිගුණ ඇති පුද්ගලයන් හඳුනා ගැනීම අපේ ජීවිතයේ ආරක්ෂාවටත්, මානසික සහනයටත් ඉතා වැදගත්. එවැනි අය සෘජුවම තම සැබෑ ස්වභාවය පෙන්වන්නේ නෑ. නමුත් ඔවුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ඔවුන්ව හඳුනාගන්න පුළුවන්.

🛑 කපටි මිනිසුන් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ

1. අධික ලෙස ප්‍රශංසා කිරීම (Flattery)

කපටි පුද්ගලයන් බොහෝ විට ඔබව සතුටු කිරීමට අනවශ්‍ය ලෙස ප්‍රශංසා කරනවා. ඔවුන්ගේ අරමුණ තමයි ඔබේ විශ්වාසය දිනාගෙන ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගැනීම. මුහුණට මල් වගේ ලස්සන වදන් පවසන නමුත්, හදවතේ වෙනත් අරමුණක් තබාගෙන‍යි ඉන්නෙ.

2. ඔබගේ තොරතුරු ලබා ගැනීමට ඇති උනන්දුව

ඔවුන් ඔබ ගැන සියලු විස්තර (විශේෂයෙන්ම ඔබේ දුර්වලකම් හෝ පෞද්ගලික රහස්) දැන ගැනීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන් තමන් ගැන තොරතුරු හෙළි කරන්නේ ඉතා අඩුවෙන්.

3. වගකීම් මගහැරීම සහ අනුන් පිට වැරදි පැටවීම...

යම් වැරද්දක් සිදු වූ විට ඔවුන් කිසිවිටෙකත් එහි වගකීම භාර ගන්නේ නෑ. ඉතා දක්ෂ විදිහට එම වරද වෙනත් අයෙකුගේ පිට පැටවීමට හෝ තමන් නිවැරදි බව ඔප්පු කිරීමට ඔවුන් තර්ක කරනවා.

4. අවස්ථාවාදී බව

ඔවුන් ඔබව ඇසුරු කරන්නේ ඔවුන්ට ඔබෙන් යම් ප්‍රයෝජනයක් ඇති තාක් කල් විතරයි. ඔබට කරදරයක් වූ විට හෝ ඔවුන්ට ඔබෙන් උදව්වක් අවශ්‍ය නොවන විට ඔවුන් මගහැර යන්න බලනවා.

5. කේලාම් කීම සහ කතා හැදීම

ඔබ ඉදිරියේ වෙනත් අයෙකු විවේචනය කරන හෝ කේලාම් කියන පුද්ගලයා, අනිවාර්යයෙන්ම වෙනත් අයෙකු ඉදිරියේ ඔබවත් විවේචනය කිරීමට ඕනෑතරම් ඉඩ තිබෙන බව මතක තබාගන්න.

6. ශරීර භාෂාව (Body Language)

කපටි පුද්ගලයෙකුගේ වචන සහ ශරීර භාෂාව සැමවිටම ගැලපෙන්නේ නැත.

👉🏻 ඇස් මගහැරීම:

සෘජුව දෑස දෙස බලා කතා කිරීමට ව්‍යාජ පුද්ගලයන්ට අපහසුය.

👉🏻 කෘත්‍රිම සිනහව: සිනහව මුහුණේ තිබුණද එය දෑස් වල නොතිබීම.

🛑 ඔවුන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

👉🏻 සීමාවන් පවත්වා ගන්න:

ඔබේ පෞද්ගලික තොරතුරු සහ රහස් ඕනෑවට වඩා හෙළි කරන්න එපා...

👉🏻 නිරීක්ෂණය කරන්න:

ඔවුන් පවසන දේ සහ කරන දේ අතර ඇති වෙනස සැමවිටම නිරීක්ෂණය කරන්න.

👉🏻 කාලය ගන්න:

ඕනෑම පුද්ගලයෙකු සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට පෙර සෑහෙන කාලයක් ඔවුන්ව ඇසුරු කර බලන්න.
මිනිසුන්ව එකවරම විනිශ්චය නොකර, බුද්ධිමත්ව ඔවුන්ගේ ක්‍රියාවන් දෙස බැලීමෙන් ඔබට වංචාකාරී පුද්ගලයන්ගෙන් බේරී ඉන්න පුළුවනි.

☸️ අසත්පුරුෂයන් සමාජයේ බහුලයි... අසත්පුරුෂයන් හැකිතාක් මගහැර සිටීමෙන් බොහෝ කරදර විපත් අඩුකරගන්න පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම්තාක් භය සහ වෛර හටගන්නේ අසත්පුරුෂයන් නිසාම බවයි. කපටි වංචාකාරී අසත්පුරුෂයන් මගහැර අවංක අව්‍යාජ සත්පුරුෂ උතුමන් ඇසුරු කරන්න ඔබටත් ලැබේවා...☸️

දහම් සක්මන :::: Daham Sakmana

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when දහම් සක්මන :::: Daham Sakmana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share