සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa

  • Home
  • Sri Lanka
  • Colombo
  • සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa

සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa වර්තමානයේ සිදුවන සත්ව හිංසාවට එරෙහිව නැගීසිටීම මෙම පිටුවේ අරමුණයි

10/09/2022

ආදරය සෙනෙහස සතුන්වෙතද දක්වන්න​

13/08/2022

සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa
01/03/2022

සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa

29/01/2022

ඇතිකරන අලි ඇතුන්ට හින්සා කිරීම හෙලාදකිමු!!!

-බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනකට හිරේ-සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තු...
24/01/2022

-බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනකට හිරේ-
සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි.
සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්,මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.
“ මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා.”යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය

12/08/2021
14/06/2021

පරීක්ෂණාගාර ඇතුලේ පුංචි පැටවුන්ට වෙනදේ බලන්න

01/01/2021

වරදක් නොකර මිය ගිය අසරණ හරම්බේ...

සත්තු වත්ත නැරබීමට පැමිනි අවුරුදු 03ක් වයසැති කුඩා දරුවකු මේ හරම්බේ නැමැති ගෝරිල්ලාගේ කූඩුවට වැටීම නිසා මේ ගෝරිල්ලාට තමාගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුනා.
සත්තු වත්තේ පාලකයින් විසින් දරුවාට කරදර කරාවි යන සැකය මත මෙම ගෝරිල්ලාව වෙඩි තබා ඝාතනය කරන ලදී.
නමුත් බලන්න මේ ගෝරිල්ලා මේ කුඩා දරුවාට කිසිදු කරදරයක් කරන්නේ නැහැ. ඔහුව දිය අගලෙන් තමා අසලට ඇදගෙන දරුවාව දෙපයින් සිටුවා ඔහු කරන්නේ දරුවගේ ඇදුම් පරීක්ෂා කිරීමයි.
සත්වයෙකුට වුනත් ඔහුට කරදරයක් නොමැති බව දැනුන විට හා ඔහුට ආදරය දැනුන විට ඔහු කරදර කරන්නේ නැත.
එංගලන්තයේ නිව් එංගලන්ඩ් විශ්ව විද්‍යාලයේ සත්ව හැසිරීම් පිලිබද මහාචාර්‍ය වරියක් වන ගිසේලා මහත්මිය වුනත් පවසන්නේ මේ ගෝරිල්ලා කැලයකදී මේ සිදුවීම වුනත් මේ දරුවාව මරන්නේ නැති බව ඇයට විශ්වාස යැයි කියාය.
නමුත් අවසානයේ සිදු වූයේ මිනිසුන්ගේ සතුට වෙනුවෙන් තැනූ සත්ව උද්‍යානයක අවුදුරු 17ක් කූඩුවක සිට මිනිසුන්ගේම අපරික්ෂාකාරී බව නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවීමයි.

May there always be work for your hands to do;May your purse always hold a coin or two;May the sun always shine on your ...
31/12/2020

May there always be work for your hands to do;
May your purse always hold a coin or two;
May the sun always shine on your windowpane;
May a rainbow be certain to follow each rain;
May the hand of a friend always be near you;
May God fill your heart with gladness to cheer you.

ලක්දිව එකළු කල අසිරිමත් උදුවප් පෝයවර්ෂයේ පුර පසළොස්වක පොහොය දොළහ අතරින් උඳුවප්පුර පසළොස්වක පොහොයට විශේෂ තැනක් හිමිවේ. දඹ...
29/12/2020

ලක්දිව එකළු කල අසිරිමත් උදුවප් පෝය
වර්ෂයේ පුර පසළොස්වක පොහොය දොළහ අතරින් උඳුවප්පුර පසළොස්වක පොහොයට විශේෂ තැනක් හිමිවේ. දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය. එසේම අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු සඟමිත් තෙරණිය වෙතින් පැවිදි බව ලැබීමෙන් මෙරට කාන්තා පැවිද්ද ආරම්භ වූයේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝදාකය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් පසු අනුලාදේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙක් පැවිදි වීමට මිහිඳු මහරහතන් වහන්සේගෙන් අවසර අයැද සිටියහ. කාන්තාවන් පැවිදි කිරීමට විනයට අනුව තමන් වහන්සේට නොහැකි බවත් මේ සඳහා තම නැගණිය වූ සංඝමිත්තා තෙරණිය මෙ රටට ගෙන්වා ගත යුතු බවත්, ඒ සමඟම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවක් වැඩමවා ගෙන ආයුතු බවත් මිහිඳු හිමියෝ ප්‍රකාශ කළහ. ශාසනික අතින් මහත් වැදගත්කමක් මෙරටට හිමිවෙමින් පවතින බව අවබෝධ කරගත් දෙවන පෑතිස් රජු මේ ගැන තවදුරටත් මිහිඳු හිමියන්ගෙන් විමසීය. ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවක් මෙරටට වැඩම කරවීමත්, සඟමිත් තෙරණියගේ ආගමනයත්, යන කරුණු දෙක ගැන කටයුතු සංවිධානය කෙසේ විය යුතු දැයි විචාළේය.
“මහරජ මේ කරුණු දෙකම මගේ ඉල්ලීම් වේ.මේ ගැන මගේ පියා දම්සෝ රජුට දැන්විය යුතුය. එනිසා දූත පිරිසක් අද හෙටම මගේ පියාණන් මුණගැසීමට පිටත් කර යවන්න. මගේ ඉල්ලීමක් බව පිය රජුට කියන්න,”
දෙවන පෑතිස් රජු තම බෑණනුවන් වූ අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිසක් පිටත් කර යැවීය. දම්සෝ රජු තම පුතණුවන්ගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් සංඝමිත්තා තෙරණියත් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවත් ශ්‍රී ලංකාද්වීපයට එවීමට කටයුතු සංවිධානය කළේය.
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ආයුධයක් භාවිත කොට ලබා ගැනීම අසීරු කරුණක් බව දැනගත් රජු මේ ගැන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් විමසීය.
“මහරජ, මෙහිදී ආයුධයක් භාවිත නොකොට ශාඛාව ලබා ගත හැකිය. බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයක් අනුව එය සිදුවෙන්නකි. මේ මොහොතේ ඔබ කළ යුතු වන්නේ සැදැහැ සිතින් බෝසමිඳුට පුද පූජා පවත්වා තෙලිතුඩකින් (පින්සලකින්) ඉරක් ඇඳීම පමණි. ශාඛාව තෙමේම සිඳි රන්කටාරමෙහි පිහිටයි “
ආශ්චර්යයකි. විවිධ ප්‍රාතිහාර්ය පාමින් ශාඛාව රන් කටාරමෙහි පිහිටියේය. මේ උතුම් ප්‍රාතිහාර්යන් දුටු ධර්මාශෝක රජු ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේට තම රාජ්‍යයෙන් පළමුව පූජා කෙරෙමියි අභිෂේක ජලය වත්කළේය.
මේ පුද පූජා හා උත්සවවලින් අනතුරුව දම් සෝ රජු දක්‍ෂිණ ශාඛාව සඟමිත් තෙරණියට භාර කොට තාම්බ්‍රලිප්ති නැව්තොට තෙක් මඟ සරසා බෝධින් වහන්සේගේ ආරක්‍ෂාවට හා විවිධ ආවතේව කටයුතු සඳහා කුල 18 ක ශිල්පීන් සමඟින් තාම්බ්‍රලිප්තියෙන් නැව්නංවා ලක්බිමට පිටත්කර එවීය. පිරිස රැගත් නැව නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවේ දඹකොළ පටුනට සේන්දුවිය.
දඹකොළ පටුන (ජම්බුකොල පට්ටාන) පිහිටා තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරෙහිය. (වර්ෂ තිහක් පුරා පැවැති යුද්ධය නිසා මේ ස්ථානය බැලීමට කෙනකුට එහි යා නොහැකිව තිබුණි. දැන් ඒ වෙත යා හැකි සාමකාමි වාතාවරණයක් උදාවී ඇත. විශේෂයෙන් පාසල් දරුවන් විසින් නරඹනු ලැබිය යුතු දර්ශනීය වෙරළ තීරයකි මේ ස්ථානය.)
මිහිඳු හිමි හා දෙවනපෑතිස් රජු ඇතුළු පිරිස සංඟමිත් තෙරණියත් ශ්‍රී මහා බෝධි ශාඛාවත් පිළිගැනීමට දඹකොළ පටුනට ගොස් සිටියහ. රජතුමා කරවටක් මුහුදට බැස ශ්‍රී මහාබෝධි ශාඛාව හා රන්පාත්‍රය මහත් ගෞරවයෙන් පිළිගෙන හිස මත තබා ගොඩ බිමට පැමිණ එහි ඉදිකර තිබූ සමුද්දාසන ශාලාවේ තැන්පත් කළේය. පුරා දින තුනක් මේ ස්ථානයේ පූජාපවත්වමින් රජු දොරටුපාල වෙස්ගෙන ශ්‍රී‍්‍ර මහා බෝධි ශාඛාව ආරක්‍ෂා කළ බව වංශ කථාවල සඳහන් වේ. පසු කලෙක රජු විසින් මේ ස්ථානයේ විහාරයක් කරවනු ලැබ අෂ්ඨඵල රුහ බෝධි වහන්සේගෙන් එක්බෝධින් වහන්සේ නමක්ද රෝපණය කරවනු ලැබ ඇත.
මේ ස්ථානයෙන් ගමන ආරම්භ කළ පිරිස තිවක්ක බමුණුගමට ළඟා විය.අද තන්තිරිමලය නමින් හඳුන්වන්නේ මේ ස්ථානයයි. අනතුරුව එම ස්ථානයෙන් පිටත් වූ පිරිස දින හතරකින් අනුරාධපුරයට ළඟාවිය.
මිහිඳු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෝධි ශාඛාව මහ මෙවුනාවේ රෝපණය කරන ලදී. මේ උත්සවයට චන්දන ග්‍රාමයේ (හඳුන්ගම) සහ කාජරග්‍රාමයේ (කතරගම) ක්ෂත්‍රියවරුන්ද තිවක්ක බ්‍රාහ්මණයාද සහභාගි වී ඇත. මේ අවස්ථාවේ බෝධින් වහන්සේ අසූ රියනක් පමණ ආකාශයට පැන නැඟී ෂඩ්වර්ණ රශ්මි මාලාවක් විහිදවූ බවත් ඒ රශ්මිය ලංකාව පුරාම විහිදී ගිය බවත් වංශකථාවල සඳහන්ය. බෝධින් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේ දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කිරීම සඳහා වෙන් කෙරිණි. උතුරේ දඹකොළ පටුන, තිවක්ක බමුණූගම, ථූපාරාමය, කසුන්ගිරිය, පඨමක චෛත්‍යය සඳගිරිය, හා කතරගම ඇතුළු ස්ථාන අටක රෝපණය කර ඇත.
ශ්‍රී‍්‍ර මහා බෝධි ශාඛාව වැඩම කරවූ උඳුවප් පෝදා සිදුවූ අනෙක් සුවිශේෂිත සිදුවීම වන්නේ අනුලාදේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු සසුන් ගත කිරීමයි. සංඝමිත්තා තෙරණිය විශේෂයෙන් පැමිණියේ මේ කටයුත්ත සඳහාමය. ලක්දිව උපත ලද කාන්තාවක මුල්වරට පැවිද්ද ලැබීම ලංකා ශාසන ඉතිහාසයේ වැදගත්ම සිදුවීමකි.ඒ ස්වර්ණමය අවස්ථාවට හිමිකාරිය වූයේ අනුලා දේවියයි.මේ පිරිස විමානවත්ථූ, පේතවත්ථූ සහ සච්චසංයුත්ත යන ධර්ම දේශනා අසා මාර්ගඵල ලබාගත්හ.
හෙළ කත මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳ බඹරැන්දේ සිරිසීවලී හිමියන් විසින් කරනු ලැබ ඇති ප්‍රකාශය ඉතා වැදගත්ය.
“ලංකාවේ මෙහෙණි සස්න නො අරඹන ලද නම් මුළු රටේ ජනතාවගෙන් අඩක් පමණ වු කාන්තා වර්ගයා බලවත් බලාපොරොත්තු කඩවීමකට පත්විය හැකිව තිබිණි. එහෙත් මිහිඳු මාහිමියන්ගේ සදූපදේශ නිසා ආගම අතින් කාන්තාවන්ටද පුරුෂයන්ට සමාන තත්ත්වයක් ලැබිණි”
මේ ආකාරයෙන් සසුන් ගත වූ අපේ කාන්තාවෝ ත්‍රිපිටකධාරි , ධර්මධර, විනයධර ප්‍රඥාවන්ත පිරිසක් වූහ.අපේ රටේ එතෙක් අඩුවක්ව පැවැති භික්‍ෂුණී ශාසනය ඇතිවීමත් සමඟ භික්‍ෂූ භික්‍ෂුණී , උපාසක, උපාසිකා , යන සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්විය. දෙවනපෑතිස් රජු භික්‍ෂුණි ශාසනයේ පැවැත්මට බෙහෙවින් කටයුතු කර ඇත. උපාසිකාරාමය සහ හත්ථාල්හක විහාරය ඇතුළු ගොඩනැගිලි 12 ක් වැඩ සිටීමට ඉදිකරදී ඇති අතර පොදුවේ දානය ගැනීම සඳහා මහාපාළි දානශාලාව ඉදි කෙරිණි.
භික්ෂුණීන් වහන්සේගේ සේවාවන් හා දැක්වූ දස්කම් ගැන දීපවංශයේ පැහැදිලි විස්තර ඇත.අපේ රටේ පමණක් නොව දෙස් විදෙස්හි පවා කිත්ගොස පැතිරගොස් තිබුණි. තිබ්බතය සහ චීනය, ආදි රටවල ධර්ම ප්‍රචාරක සේවාවන්හි නිරතවිය.දේවසාරා, භික්‍ෂුණිය ඇතුළු පිරිස මේ අතර ප්‍රධාන තැනක් ගනිති.
කාන්තා නිදහස සීමා වී පැවැති අවස්ථාවක ඒ තත්ත්වයෙන් ශ්‍රී ලාංකේය කාන්තා පරපුර මුදාගත් සංඝමිත්තා තෙරණිය ලක්දිව කාන්තාවගේ නළලත සැදි රන්තිලකයක් බදුවිය.
එතුමිය විසින් කාන්තාවන් වෙනුවෙන් කරන ලද උදාර මෙහෙවර නිරතුරු ගෞරවනීයව සිහිපත් කළ යුතුය. වර්ෂයකට වරක් උදාවන මෙවන් උඳුවප් පුර පොහෝ දිනයක, ඒ උත්තම නාමය වඩාත් කෘතවේදීව මෙනෙහි කොට තම ජීවිත ධර්මානුකූලව සකස් කර ගැනීමට වෙරදරන්නේ නම් මැනැවි. එතුමියට කරන ලොකුම පූජාවද ගරුත්වයද එයම වෙයි.
ඔබ සැමට උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට ලැබේවා!

25/12/2020

The gift of love. The gift of peace. The gift of happiness. May all these be yours at Christmas. Merry Christmas to all....
24/12/2020

The gift of love. The gift of peace. The gift of happiness. May all these be yours at Christmas. Merry Christmas to all..

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සත්ව හිංසනය පිටුදැකීමේ එකමුතුව - Sathwa Hinsanaya Pitudakime Ekamuthuwa:

Share