02/04/2025
❤ ප්‍රත්‍යංගිරා දේවිය ❤
( තෙවන කොටස )
🌸 ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ව බොහෝ විට නිරූපණය වන්නේ සිංහ මුහුණක් සහිත අත් සතරක් දරා සිටින ආකාරයටය ... මෙම අත් සතරින් දකුණු ඉහල හස්තයේ නාගයෙකුගෙන් බැදුණු ඩමරුවක්ද, දකුණු පහල හස්ථයේ ත්‍රිශූලයක් ද දරා සිටී ... එමෙන්ම වම් ඉහල හස්ථයේ පාශයක්ද, වම් පහල හස්ථයේ මිනි හිසක්ද දරා සිටී ... එපමණක් නොව රථය ලෙස සිංහයෙකු මත සිටී ...
🌸 ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ උග්‍ර ප්‍රත්‍යංගිරා ස්වරූපයේදී නිරූපණය වන්නේ සිංහ මුහුණක් සහිත අත් අටක් දරා සිටින ආකාරයටය ... ඒ අනුව මෙම හස්ථයන් අටෙන් දරා සිටින ආයුධයන් ගැන කථා කිරීමේදි පිළිවෙළින් දකුණු පස ඉහල හස්ථසේ චක්‍රායුධයක්ද, දෙවන හස්ථයේ නාග පාශයෙන් බැදි ඩමරුවද, තෙවන හස්ථයේ රුධිරය ගලන කඩුවක්ද දකුණු පස පහළම හස්ථයේ ත්‍රීශූලයක්ද දරා සිටී ...
🌸 උග්‍ර ප්‍රත්‍යංගිරා දේවිය තම වම් පස ඉහලම හස්ථයේ සංඛයක්ද, දෙවන හස්ථයේ පාශයක් ද, තෙවන හස්ථයේ මිනී හිසක් ද, වම් පස පහළම හස්ථයෙන් කුංකුම/ලේ බදුනක්ද දරා සිටින ආකාරයට නිරූපණය කෙරේ ... එපමණක් නොව රථය ලෙස සිංහයන් සතර දෙනෙකින් යුත් රථයක් මත වැඩ සිටී ... මෙම සිංහයන් සතර දෙනාගෙන් වේද ග්‍රන්ථයන් සතර නිරූපණය කෙරේ ...
🌸 ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ ස්වරූපය පිළිබදව විස්තර කිරීමේදි, ඇයගේ ශරීරය නීල මාණික්‍යක් මෙන් දිදුළන්නේය ... සිංහ මුහුණක් දරන ඇයට නේත්‍රා තුනක් පිහිටා තිබෙන අතර ඇයගේ හිස කෙස් ප්‍රචණ්ඩ අග්ණිය වන්නේය ... ප්‍රත්‍යංගිරා දේවිය තම කරාබු ලෙස මළ සිරුරු දෙකක් දරයි ... එමෙන්ම මුඛයෙන් සහ දිවෙන් රුධිරය ගලා යනවා සේම ඇයගේ ගෙල පළදනාව වන්නේ නහර වලින් ගැට ගසා තිබෙන හිස් කබල් මාලයක් මෙන්ම ශංඛ සහ සිප්පි කටු වලින් තැනු මාලයක්ය ...
🌸 නිකුම්බිලා දේවිය ඉබි කටු වලිනි තම පියයරු ආවරණය කර ඇති අතර ඉණ පළඳනාව නිමවා තිබෙන්නෙ ඉබි අස්ථි වලිනි ... එමෙන්ම තම අත් සතරෙන්, දකුණු පස උඩ අතේ පොරවක්ද, යට අතේ රුධිරය ගලන ත්‍රීශූලයක්ද, වම් ඉහල අතේ මහා අංකුශයක්ද, පහළ අතේ සමරපාශ්‍යධ නම් පාශයක් ද දරා ගෙන සිටී ...
🌸 ප්‍රත්‍යංගිරා දේව මෑණියන් වෙනුවෙන් නිවසේදී හෝ යම් දේවස්ථානයක පුද පූජාවන් සිදු කරන විටදි පහත සඳහන් පූජා ද්‍රව්‍ය යොදා ගත හැකිය ...
💐 ප්‍රත්‍යාංගිරා දේවිගේ ප්‍රියතම ආහාර
1. පානකම් (හකුරු පිරිසිදු ජලයෙන් තලා, එනසාල්, වියළි ඉඟුරු සමග රස කර)
2. පරුප්පු වැල්ලම් පායසම් (කඩල පරප්පු, පයිතම් පරුප්පු, හකුරු, පොල් සහ කිරිවලින් සාදන ලද)
3. උළුඳු වඩේ
4. එල්ලු උරුන්ඩෛ (තල බෝල)
5. රතු කෙසෙල්
6. දෙළුම්
💐 ප්‍රත්‍යාංගිරා දේවිගේ ප්‍රියතම වර්ණ (සාරි සඳහා)
1. තද රතු (ශාන්ත ප්‍රත්‍යාංගිරා සහ උග්‍ර ප්‍රත්‍යාංගිරා)
2. දම් (ශාන්ත ප්‍රත්‍යංගිරා)
3. කහ (ශාන්ත ප්‍රත්‍යාංගිරා)
4. කළු (උග්‍ර ප්‍රත්‍යාංගිර)
🌸 එමෙන්ම ප්‍රත්‍යාංගිරා අම්මාන් සඳහා පුද පූජාවන් සිදු කිරීම සඳහා වූ විශේෂ දිනයන් කිහිපයක් වේ ... මේ දිනයන් වලදී පුද පූජාවන් සිදු කිරීමෙන් මෑණියන්ගේ පිහිට කරුණාව, ආශිර්වාදය නොඅඩුව ලබා ගත හැකිය ...
1. අමාවස්‍ය (අමාවක පොහෝ දිනය)
2. අෂ්ටමි තිථිය
3. ඉරිදා දින
4. අඟහරුවාදා දින
5. සිකුරාදා දින
මෙයිනුත් අඟහරුවාදා දින කුජ හෝරාව තුල පහන් දැල්වීම තුලින් සතුරු කරදර වලින් මිදීම වගේම ඉමහත් ආශිර්වාදයක් ලගා කරගත හැකි වන විශේෂම හෝරාවක් බව සදහන් කල යුතුයි...
🌸 විශේෂයෙන්ම ශ්‍රී ලාංකික බැතිමතුන් තුළ තිබෙන්නාවු දුර්මතයක් තමයි ,ප්‍රත්‍යංගිරා මෑණියන් දේව වරම් වල බල හීන කර වරම් නැති කරන විනාශකාරී ශක්තියක් ලෙස සැලකීම ... එය ඇත්තෙන්ම වැරදි මතයකි ... මේ දුර්මතය ඇති වීමට මූලික හේතුව වන්නේ ප්‍රේත වරම් මෑණියන්ගේ බලය ඉදිරියේ නැතිවී යෑම නිසාවෙනි ...
🌸 අප හොඳින්ම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ දේවාල සිදු කරගෙන යන්නේ ප්‍රේත වරමින්ය ... එනම්, යම් පවුලක යම් ඟඳාතියෙකු මිය ගිය පසු එම ඟඳාතියා මිය ගොස් තුන් මසක් ඉක්මවීමටත් ප්‍රථමව එම ඟඳාතියා නිසාවෙන් එම පවුලේ තවත් අයෙකුට වරමක් ලැබීම, ලබා දෙන වරම් ප්‍රේත වරම් ගණයට වැටේ ...
🌸 බොහෝ විට මෙම වරමට එන ඟඳාතියා පිංවන්ත ආත්මයක් නොවේ ... මේ අනුව මෙවන් ප්‍රේත වරමක් ඇති ඇදුරෙකු ප්‍රත්‍යාංගිරා මෑණියන්ට වන්දනාමාන පුද සත්කාර කිරීමේදී ඒ වරම ඉවත් වේ ... ඒ මක් නිසාද යත් මෑණියන්ගේ බල මහිමය ඉදිරියේ එම වරම දෙන ඟඳාතියා ඉවත් වී යන නිසාවෙනි ... එනම්, එම වරම බලවත් නොවන නීච ප්‍රේත වරමක් නිසාවෙනි ...
🌸 ආධි පරාශක්ති දේවියගේම ස්වරූපයක් වන සිම්මුඛ මහාලක්ෂ්මී දේවිය නොහොත් ප්‍රත්‍යාංගිරා මෑණියන්ව කිසි විටකත් අශුභ, විනාශකාරී ශක්තියක් ලෙස වරදවා වටහා නොගන්න ... මෑණියන් උග්‍ර වන්නේ පාපකාරී අමනුශ්‍ය බලවේගයන්ට මිස පුණ්‍යවන්තයන්ට නොවේ ... ප්‍රත්‍යාංගිරා මෑණියන්ව තම මව සේ දැක වන්දනාමාන කරනා බැතිමතාට මෑණියන් මවක් සේ ඔවුනගේ දුකේදීත් සැපේදීත් පිහිට වෙමින් ඔවුන්ව ආදරය, කරුණාව, රැකවරණය ලබා දී ආරක්ෂා කරණු ඇත ...
තවද ඔබට විසදා ගැනීමට නොහැකි ඔනෑම සතුරු කරදරයකදී ප්‍රත්‍යංගිරා මාතාවගේ පිහිට පැතීමෙන් එම කරදර දුරු කරගත හැකි වන බව වගකීමෙන් සහ අත්දැකීමෙන් කිව හැකි කරුනකි...
මා විසින් සකසන ලද ප්‍රත්‍යංගිරා මෑණියන් ගැන ලියවුනු තෙවන ලිපිය මෙය වේ...
මෙයින් මාගේ අරමුණ වූයේ සමජයේ සියලු දෙනා අතර මෑණියන් ගැන ඇති වැරදි මත දුරු කිරීමයි...
දැනට ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම ශෛලමය ප්‍රත්‍යංගිරා අම්මන් පිලිමය මාගේ දෙවොලේ වැඩ හිදින බව ඉතා ගෞරවයෙන් සහ භක්තියෙන් කීමට කැමැත්තෙමි...
කැමැති ඕනෑම අයෙක්ට පැමිණ මෑණියන් වැදපුදාගෙන යා හැක...
මෑණියන් ගැන දැන ගැනීමට කැමති සියලූ දෙන වෙත Share කරන්න...
ඔබ සියලු දෙනාට උතුම් වූ මහා රාජ ප්‍රත්‍යංගිරා දේව මෑණියන්ගේ පිහිටයි!
❤❤❤❤❤
ආධි පරාශක්ති මෑණියන්ගේ පිහිටයි....!
ලිපි සැකසුම:
භූතවිද්‍යාචාර්‍ය, විශ්ව කීර්ති, ගුප්ත විද්‍යාවේදී, ජ්‍යෝතීෂ්‍යඥ, විභූෂණ, කීර්ති ශ්‍රී දේශමාන්‍ය, ගුප්ත විද්‍යා උපදේශක, දේවගැති ඩබ්.කේ.ඒස් දුෂ්‍යන්ත (අගස්ථි සෘෂි)
ශ්‍රී අගස්ථි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය
0703650281 අගස්ථි සෘශි