10/07/2026
නිවන්සුව අත්වේවා,,,දේවමිත්ත හිමියනි
සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්...🙏
සම්පත් බැංකු නිර්මාතෘවරයා වන්නේ "ඇල්බට් එදිරිසිංහ" මැතිතුමාය. අදවනවිට එතුමා පැවිදි උතුමෙකි. එසේම වයස අවුරුදු එකසිය හතක අයුෂයක් භුක්තිවිඳින අයෙකි. එතුමන් ගිහි කාලයේත් හොඳ බෞද්ධයෙක් වූවාසේම බෞද්ධයන් ගැන හිතපු ඉතාම සාමකාමී මිනිසෙකි. එතුමාගේ වැදගත්කම තමයි මොන තරම් ධනවතෙක් වුණත් අපේ මුදුන් මුල නැත්නම් ජාතියේ පදනම අමතක නොකිරීම.
එකල පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් රුපියල් පණහක් ඉල්ලගෙන කොළඹ පැමිණ තනිවම දියුණු වූ දැවැන්ත මිනිසෙක්.
ඒ අභාෂය ලබමින් අද එතුමාගේ දූ පුතුන්ද එවැනිම සත්පුරුෂ බෞද්ධයින්සේ කටයුතු කරමින් සිටිති. ඔහුන් විසින් ලංකාවෙ සියලු දහම් පාසල් හා විහාරස්ථාන සදහා පුණ්‍ය කටයුතු සිදුකරමින් තම පියාණන්ගේ අඩිපාරේ ගමන්කරමින් වැඩදායක දරුවන්සේ වැඩකටයුතු කරමින් සිටිති.
එසේ සෑම බෞද්ධයෙක්ම එතුමන් අනුගමනය කරමින් දැවැන්ත ආර්ථික, ව්‍යවසායකයින් බවට පත්වී රට දැය සමයට ද සේවය කිරීමට අදිටන්කරගත යුතුය. එසේම තම අධ්‍යාත්මය ද මැනවින් නිර්වාණය කරා මෙහෙයවමින් තමාට මෙන්ම සමාජයට ද ඵලදායි දිවියක් ගතකිරීමට මේ මොහොතේ අධිෂ්ඨානයක් ඇතිකරගමු...!
තෙරුවන් සරණයි හැමෝටම.! 🙏🙏🙏
Sampath Bank