අල්තාරයෙන් එහා - Altharayen Eha

අල්තාරයෙන් එහා - Altharayen Eha " මා බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කල හැකි වේ. " ♡♥️♡

🌾🍇 දිව්‍ය සත්ප්‍රසාදීය සලකුණු 🍇🌾********************************    #අල්තාරයෙන්එහා
14/04/2022

🌾🍇 දිව්‍ය සත්ප්‍රසාදීය සලකුණු 🍇🌾
********************************

#අල්තාරයෙන්එහා

🌾🥖 මහ බ්‍රහස්පතින්දා 🥖🌾**************************"මා සිහි කිරිම පිණිස මෙය සිදුකරන්න"  📌 ශු.සභා මාතාව සියලු විශ්වාසකයින්ග...
14/04/2022

🌾🥖 මහ බ්‍රහස්පතින්දා 🥖🌾
**************************
"මා සිහි කිරිම පිණිස මෙය සිදුකරන්න"

📌 ශු.සභා මාතාව සියලු විශ්වාසකයින්ගේ ඒකාත්මික සහාභාගීත්වය තුළ, අප සුවාමිවූ ක්‍රිස්තුන් වහන්සේගේ අතී ප්‍රේමනීය හා මහිමාන්විත රාත්‍රී භෝජනය අද පවත්වන්නීය. කැඩුණු බිඳුණු හා විසිරුණු අප තුළ වූ පුත්‍රභාවය, නැවත පිහිටු වීමට පැමිණියා වූ ස්වාමින් වහන්සේ මෙවන් වූ සැඳැවක පසුදින තම ප්‍රාණය කුරුස ගසේ දී පිදීමට මත්තෙන්, සදාකාලික ජීවන දායක භෝජනය බවට පත්වී, අප අතර වැඩසිටිමට තීරණය කළ සේක. ඒ වූ ප්‍රේමාන්විත වැඩසිටිම අපගේ සවිය යි. බලය යි, ජීවනය යි.

📌 ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති.

📌 මේ ශු.දිනයේ දේව වචනය තුළින් ද අප පෝෂණය කරනුයේ, ඒ වූ විශ්වාසයේ ජීවිතයකට ස්වාමින් වහන්සේ හා අත්වැල් බැඳගෙන ගමන් කිරිමට ය. උන්වහන්සේ නියමිත වේලාව පැමිණි කල, "මා වේදනා විඳිමට පළමුවෙන් මේ පාස්කු භෝජනය ඔබ සමඟ වැළඳීමට ආශා වෙමි"යැයි පවසමින්: අප සමග නතර වන්නට සත්ප්‍රසාදීය ස්වාමින් වහන්සේ හා එතුමන්ගේ අමිල සුවදානයේ රිධිරයෙන් නව ගිවිසුම ස්ථාපිත කළ සේක. ඒ ගිවිසුම වූ කලි එදා මුළු මහත් විශ්වයම ජන්ම පාපයේ පිළිලය ගෙන අකීකරුකමේ හා අත්මාර්ථයේ ආහාරය නොව: කීකරුකමේ හා පරිත්‍යාගයේ සදා අමරණීය ප්‍රේමයේ සළකුණ ය. මෙලෙස එදා රත්‍රියේ දි "මා සිහි කිරිම පිණිස මෙය සිදුකරන්න" යැයි පවසමින් විශ්වයේ උත්තම පූජකයාණන්, තම සභාව ජීවනයේ ආහාරයෙන් පෝශනය කරනු පිණිස, මිනිස් ශ්‍රමයෙන් උපද්දන දිරා යන ආහාරය සදාකාලික ආහාරය ලෙස තම සිරි සිරුර හා රුධිරය බවට පත් කිරිමට පූජාත්වරය නම් වූ සක්‍රමේන්තුව ස්ථාපිත කළ සේක. පාස්කු පූජ්‍ය දින ත්‍රිත්වයේ පළමු දිනය වන මහ බ්‍රහස්පතින්දා හිරු බැසීමත් සමඟ ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනය සිහිපත් කරන දිව්‍ය යාගය ආරම්භ වේ. උන්වහන්සේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීමත්, පූජකවරය ස්ථාපිත කිරීමත්, පාද දෝවනය මඟින් ලබාදුන් අලුත් ආඥාවත් මෙහිදී විශේෂයෙන් සැමරේ. එම නව පණත (New Mandate - Mandatum Novum) යන්න හරහා බිඳී ආ වචනයකින් අතීතයේ මේ දිනය Maundy Thursday ලෙස හැඳින්විය. මෙදින සුරදූත ගීය ගයත්ම දේවස්ථානයේ සීනු නාද කෙරේ. යළි සීනු නාද කෙරෙන්නේ ආලේලුයියා සෙනසුරාදා රාත්‍රීයේ සුරදූත ගීය ගයනා කරන විටදීය.

📌 මෙදින දේව වාක්‍ය පිළිවෙතේදී ඉශ්‍රායල්වරුන්ගේ පළමු පාස්කු භෝජනයත්, පාවුලු තුමා ලියා ඇති පරිදි ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රි භෝජනයත්, ජොහාන් සුබාරංචිය අනුව පාද දෝවනය හා නව ආඥාව ගැනත් අසන්නට ලැබේ. දේශනයෙන් පසු තෝරාගත් දොළොස් දෙනෙකුගේ පාද පියතුමා විසින් සෝදනු ලැබේ. මෙදින දිව්‍ය පූජාවේදී මහ සිකුරාදා දිනයටත් සෑහෙන පරිදි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කැපකිරීම සිදුවේ. මෙදින බොදුනෙන් පසු යැදුම නිමාවත්ම දිව්‍ය සත්‍ප්‍රසාද වහන්සේ තැන්පත් කර ඇති බඳුනක් පූජාසනයට බැහැරින් සූදානම් කර ඇති මණ්ඩපයක් කරා පෙරහැරින් රැගෙන එනු ලැබේ. කැපකරනලද ඉතිරි දිව්‍ය පූප වෙනම සූදානම් කරන ලද ස්ථානයක තැන්පත් කෙරේ. දිව්‍ය යාගය නියමිත වචන වලින් අවසන් නොකෙරෙන අතර දිව්‍ය පූපය තැන්පත් කෙරෙන්නේ කරඬුවේ නොවේ. දිව්‍ය සත්ප්‍රසාද නිවහන හිස් කෙරෙන අතර , පූජාසනයේ ඇතිරිලි ඉවත් කරනුලැබේ. කුරුස ප්‍රතිමා හැකි තරම් ආවරණය කිරීම හෝ බැහැරව තැබීම සිදුවේ. විශේෂ මණ්ඩපය අසල රැඳෙන සැදැහැවතුන් මධ්‍යම රාත්‍රීය දක්වා යැදුම් වල යෙදෙති.

#අල්තාරයෙන්එහා

✝️🌵 ලක්දිව පාස්කු නාට්‍ය 🌵✝️*****************************  📌  කොරොස්මය හෙවත් චතාරික සමය කිතුනු දේව වන්දනාව තුළ වරප්‍රසාද...
14/04/2022

✝️🌵 ලක්දිව පාස්කු නාට්‍ය 🌵✝️
*****************************
📌 කොරොස්මය හෙවත් චතාරික සමය කිතුනු දේව වන්දනාව තුළ වරප්‍රසාදමය සමය ලෙස සැලකුවහොත් එය නිවැරැදිය. දේවත්වයේ උත්තරීතර බව පසෙකලා මිනිසත් බව ගත් දේවපුත්‍රයාණන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ ශ්‍රී මරණය සහ මහිමාන්විත උත්ථානය සමරන්නට සැදී පැහැදී සිටින දේව ජනතාවක් ලෙස නොයෙකුත් භක්ති අභ්‍යාස කරන්නෙමු. පාදනමස්කාරය ඒ අතුරින් සුවිශේෂී වන්නේය. වත්මන් දේවජනතා වන්දනා අතුරින් ජනප්‍රිය භක්ති අභ්‍යාසයක් ලෙස පාස්කු නාට්‍ය නම් කළ හැකිය.

📌 පෘතුගීසි සමයේ දී මෙරට පළමු කිතුනු නාට්‍ය රඟ දක්වා ඇත්තේ ක්‍රි.ව. 1602 දී කොළඹ අනුනායක දෙව්මැඳුර ආසිරි ගැන්වූ විටදීය. ජේසු නිකායික දියෝගා ද කූඤ්ඤ පියතුමා විසින් එය නිර්මාණය කළ බව සඳහන් වේ. මෙය ලාංකේය කිතුනු ජනවන්දනා නාට්‍යයේ පැරැණිම රංගනය ලෙස සඳහන් වේ. පසුව ක්‍රි.ව. 1615දී කම්මල දෙව්මැදුරේ මංගල්‍යය දිනයේදී ලෝකය මැවීමද ක්‍රිස්තුන් වහන්සේගේ මාංශගතවීමේ සිදුවීමද රඟ දක්වා ඇත. තවද ක්‍රි.ව. 1617 දී හලාවත කොන්ස්තන්තීනු අගරජුගේ සිත් හැරීමද ක්‍රි.ව. 1627 මාතර දී ශු. ස්නාවක ජුවාම් මුනි චරිතය ඇසුරින් වාසප්පුවද රඟ දක්වා ඇත. ප්‍රැන්සිස්කාන වාර්තාවලට අනුව මෙකල මහා පාද නමස්කාරයක් 16 වන සියවසේදී මෙරට සිදුකර ඇත. දැඩි පශ්චාත්තාපී ක්‍රියා කරමින් යාච්ඤාවෙන් හා භාවනාවෙන් ජේසු සමිදුන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් රැගෙන දුක්ප්‍රාප්ති ගීතිකා හෙවත් පසම් ගී ගයමින් ගමන් කළ බව සඳහන් වේ. පෙර කී ප්‍රතිමාව මෙරටට ගෝවෙන් රැගෙන ආ බවත් එමගින් මෙරට පාස්කු නාට්‍ය ප්‍රථමයෙන් සිදුවූ බවත් පිළිගැනේ.

📌 මෙරට ප්‍රතිමා මගින් පාස්කු රඟ දැක්වීම බෙහෙවින්ම ව්‍යාප්ත වූයේ ඕලන්ද පීඩන යුගයේදීය. ඒ සඳහා ගෝවේ ශාන්ත පාවුළු විදුහල මහඟු පිටිවහලක් විය. මේ විද්‍යායතනයේ අධ්‍යාපනය හැදෑරූ ශු. ජුසේ වාස් මුනිදුන්ගේ හා අති පූජ්‍ය පඬිවර ජාකොම් ගොන්සාල්වෙස් පියතුමන්ගේ සුවිශේෂි දායකත්වයෙන් මේ ප්‍රතිමා පාස්කු මෙරට ව්‍යාප්ත විය. ඒ ක්‍රි. ව. 1705 සිටය. ක්‍රි.ව. 1705 දී වන්නියෙන් ආරම්භ වූ පාස්කු නාට්‍ය සඳහා ප්‍රතිමාවන් ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වේ. එම ප්‍රතිමා අදත් මන්නාරමට නොදුරු පරපාන්කන්ඩල් දේවස්ථානයේද, පේසාලෙයි දේවස්ථානයේද දක්නට ඇත. වන්නියේ හා මහනුවර යන දේවස්ථානවල ශු. සතිය පැවැත්වීමේදී මේ ප්‍රතිමා පාස්කු රංගගත විය. “මහාපාදනමස්කාරය කෘතිය” වනාහි එකල ගෝවේ පැවති පාදනමස්කාරය ඇසුරින් රචනා කරන ලද්දකි. කොළඹ සහ යාපනයේ කතෝලිකයෝ ක‍්‍රිස්තුන් වහන්සේගේ දුක්ප‍්‍රාප්තිය සම්බන්ධව යමක් රචනා කරන ලෙස ගොන්සාල්වෙස් පියතුමාගෙන් ආයාචනා කළහ. එතුමා සිය බුද්ධි මහිමය සහ ඉන්දීය කර්ණාටක සංගීතය මෙහෙයවමින් ගද්‍ය රචනාවක් මෙන්ම පද්‍ය රචනාවක් ද කරවීය. එය ද ශුද්ධවු සතියේ දී විශේෂයෙන් මහ සිකුරාදා දින දි කියවන ලදී. 1730 දී එය බෝලවත්තේ දී දෙමළෙන් සහ සිංහලෙනුත් රංගගත කළහ.

📌 ගොන්සාල්වෙස් පියතුමා පාස්කු නාට්‍ය කලාවට නව අංග කිහිපයක්ම එක් කළේය. විශේෂයෙන් මුහුදුබඩ පෙදෙස්වල සේවය කරද්දී ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1728දී ගොන්සාල්වෙස් පියතුමා රචිත දුක්ප්‍රාප්ති ප්‍රසංගය නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත දේශනා නවයේ පසන් පොත පාස්කු නාට්‍ය සමඟ සම්බන්ධ විය. ගොබ් ඉරිදා සිට මහ සිකුරාදා දක්වා ප‍්‍රතිමා උපයෝගී කරගනිමින් මහා පාස්කුදා අප ස්වාමිදරුවන්ගේ දුක්ප‍්‍රාප්තිය, බෝලවත්ත දේවස්ථාන අසල විශාල පාස්කු මණ්ඩපයක් සාදා රඟ දැක්විණි. මේ සඳහා රූකඩ උපයෝගී කර ගනිමින් ගෝවේ දී පැවැත් වූ පාස්කු සංදර්ශනවල ආභාෂය ලබාගෙන ඇත. වේදිකාව මත රූකඩ සංදර්ශනයක් ආකාරයට පාස්කු නාට්‍ය රඟ දක්වමින් එම දුක්ප්‍රාප්ති ප්‍රසංගය තුළ ගීත සජ්ඣායනය කළේය. මෙම සජ්ඣායනා දීර්ඝ නොවීම සඳහා එතුමා දුක්මුසු ස්වරයෙන් ගායනා කරන පසන් හා ලතෝනි ඇතුළත් කළේය.

📌 1705දී වන්නි ප්‍රදේශවල මුලින්ම පාස්කු රඟ දැක්වීමට ගෝවෙන් රැගෙන එන ලද ප්‍රථීමාවල විශේෂත්වය වූයේ මේ ප්‍රථීමා ලීයෙන් නෙළා තිබීමය. නමුත් ඒවායෙහි ලීයෙන් නෙළා තිබුණේ හිස, පාද, දෙඅත් පමණි. ශරීරයේ මැද කොටසට ලීයක් තබා පිදුරු, පුළුන් යොදා ඇදුම් ආයිත්තම්වලින් සරසා තිබිණි. මුල් යුගයේ පැවති පාස්කු දර්ශන නිහඬව රඟ දැක්විණි. ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා මේ නිහැඬියාව බිඳ හැරියේ දුක්ප්‍රාප්ති ප්‍රසංගය හෙවත් දේශනා නවයේ පසම් පොත තුළිනි. එමඟින් මුළු දුක්ප්‍රාප්තිය සතිය හතකට බෙදා දේශනා 09කට සකස් කොට ඉදිරිපත් කළේය. මේ දේශනා උස් හඬින් උච්ඡාරණය කරන විට එදිනට අදාළ ජවනිකාව ප්‍රථීමා මඟින් (රූප විලාසය) වේදිකාවේ රංගගත කෙරිණි. මෙම දේශනා බොහෝ විට උච්ඡාරණය කරන ලද්දේ පුජාප්‍රසාදිතුමකු විසිනි. මෙහිදී ක්‍රිස්තු චරිතය උදෙසා ප්‍රතිමා 09ක් පමණ භාවිතා කළ බව සදහන් වේ. ඒවා නම්

•ජේසුස් වහන්සේ මල් උයනේ යාච්ඤා කරමින් සිටින සුරුවම

•ජේසුස් වහන්සේ සිරගතව සිටින සුරුවම

•ජේසුස් වහන්සේ අඩනිරුවත් කොට ගල්කණුවේ බැඳ දමා ඇති සුරුවම

•ජේසුස් වහන්සේ කටු ඔටුන්න සහිත සුරුවම

•ජේසුස් වහන්සේ පිලාත් අභිමුව සිටින සුරුවම

•ජේසුස් වහන්සේ කුරුසේ කරගසා ගත් සුරුවම

•ජේසුස් වහන්සේ කුරුසිය ඇණ ගසා සිටින සුරුවම

•ජේසුස් වහන්සේ කුරුසිය මත මිය ගිය සුරුවම

•ජේසුස් වහන්සේ කුරුසියෙන් බා මරි මවගේ උකුලේ තබා තිබෙන සුරුවම යනුවෙනි.

📌 මේ පාස්කු රඟදැක්වීම සඳහා තවමත් මේ දේවස්ථානය අනුබද්ධිත පරිවාරික දේවස්ථාන 15ක් ඇත. මෙම මහා පාස්කු රඟදැක්වීම සඳහා අවැසි එක් ප්‍රතිමාවක් හා භාණ්ඩ ශු. සතියේ පරපාන්කන්දල් දේවස්ථානයට රැගෙන එන අතර මහසිකුරාද මෙහෙයෙන් පසු නැවත ඒවා තිබු දේවස්ථානවලටම රැගෙන යයි. මේ නිසා අදත් මෙම සුවිශේෂී සම්ප්‍රදාය ඔවුන් අතර පැවතීම තුළින් ඓතිහාසික කිතුනු උරුමයක සුවිශේෂීයත්ව මැනවින් කියා පායි. පරපාන්කන්දල් දෙවස්ථානයේ ස්ථාපිත දුක් ප්‍රාප්තියේ කිතු සමිඳාණන්ගේ ප්‍රතිමාව ක්‍රි.ව. 1860දී ගෝවෙන් රැගෙන එන ලද්දකි. මෙය නිර්මාණ කර ඇත්තේ ගෝවේ කොස්තා නැමැති මූර්ති ශිල්පියාය. මේ පාස්කු දර්ශනය දක්වා භාවිතා කරන කුරුසිය ‍චන්ඩියාකුලම් ශු. පේදුරු පාවුලු දේවස්ථානයේ ස්ථාපිත ය. එම නිසා ලාංකේය ඉතිහාසය ඉතා සුවිශේෂි ස්ථානයක් වන පරපාන්කන්දල් දේවස්ථානය ලාංකේය කිතුනු උරුමයකි. ගෝවේ ඔරතෝරියාන වාර්තාවන්ට අනුව ක්‍රි.ව. 1743 දී අතිපූජ්‍ය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ මරණින් පසුව ශු. සතියේදී බෝලවත්තේදී පාස්කු නාට්‍ය රඟ දැක්වූ ආකාරය සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත “‍දුක් ප්‍රාප්ති ප්‍රසංගය”‍ නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත “දේශනා නවයේ පසන් පොත”‍ පාස්කු නාට්‍ය සමඟ සම්බන්ධ විය. ගෝවේ ඔරතෝරියන් මිෂන් රිපෝට් නමැති වාර්තාවේ මෙසේ දැක්වේ.

📌 “ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමඟින් සැමරූ අතර, ධර්මදූතවරු සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් දෙමළ බසින් ද, අනෙක් ඒවා සිංහල බසින් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස්වලින් ද, දින දෙක තුනක කාලයක් ගෙවා බෝලවත්ත ප්‍රදේශයට පැමිණි ජන සංඛ්‍යාව අතිවිශාල විය. ඔවුහු ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමත්හු දේශීයව සපයා හැකි පොල් අතුවලින් තාවකාලික නිවාස සාදා ගත්හ. මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය: අපගේ ස්වාමින් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, දෙවැන්න: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න: කසයෙන් තැලීම, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින් ද, පස්වැන්න: කටු ඔටුන්න හිස මත පැළඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න: මෙන්න මනුෂ්‍යයා, ඛෙර්නදිනෝ පියනම විසින් ද, සත්වැන්න: කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදි පියතුමා විසින් ද, අටවැන්න කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න: කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදි පියතුමා විසින් ද වේ.

📌 මහ සිකුරාදා දේව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි. කුරුසියේ ඇණගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණ. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියලු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට ඒක් වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවන්ගේ පිළිවිට ස්වාමිදරුවන්ගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදී. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි‚ ආර්යයාවෝ රවිකිඤ්ඤා, වීණා, සිතාර් යනාදී තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන් සංගීතයට ආධාර කළහ. තවද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරනු ලැබිණි. කල්යත්ම ලන්දේසි පීඩනය නිම වී බ්‍රිතාන්‍ය යුගය ආරම්භ වූ විට පාස්කු නාට්‍ය කලාව ඉතා ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වන්නට විය. විශේෂයෙන් මුහුදුකරයේ හලාවත, මීගමුව ,පමුණුගම, පිටිපන, දූව ආදී ප්‍රදේශවල ශීඝ්‍රයෙන් වර්ධනය විය.

#අල්තාරයෙන්එහා

🌺✝️ පාදනමස්කාරයේ  විකාශනය ✝️🌺************************************    📌 චතාරික සමයේ කිතුනු ජනයායේ සුවිශේෂී භක්ති අභයාසයකි...
14/04/2022

🌺✝️ පාදනමස්කාරයේ විකාශනය ✝️🌺
************************************
📌 චතාරික සමයේ කිතුනු ජනයායේ සුවිශේෂී භක්ති අභයාසයකි පාද නමස්කාරය. මෙහි ආරම්භය හා එහි වන්දනා පිළිවෙත් පිළිබඳ ඉතිහාසය ඈත අතීතය දක්තවා ම විහිදී යයි. පාද නමස්කාරය ආරම්භ වීම පිළිබඳව මූලිකවම හඳුනා ගත හැක්කේ ශුද්ධවූ දේශයේ මුල් වන්දනාවේ යෙදුණු වන්දනාකරුවන් ඔවුන් වන්දනාවේ යෙදන විට සිදුකළ සිහිපත් කිරීමක් ලෙස ය. ශුද්ධවූ දේශයේ වන්දනාවේ යෙදුණු මුල් වන්දනාකරුවන් ඒ සඳහා ගමන් කළ විශේෂ ගමන් මගක් විය. මෙම මාර්ගයයහි ගමන් කරන විට යාඥා කරමින් ක්‍රිස්තුන් වහන්ස්ගේ කුරුසියේ ගමනේ වැදගත් සිදුවීම් මෙනෙහි කරමින් එමගින්දෙවිදුන්ට ස්තුති කරන.

📌 16 වන සියවසේදි පමණ මෙම ගමන් මාර්ගය ශෝකජනක මාර්ගය, කුරුසියේ ගමන්මග ආදී ලෙස නම් කරන ලදී. පිලාත්ගේ නිවස ආශ්‍රිතව සිට කල්වාරි කඳු මුදුන දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ කුරුස ගමන්මග සිහිපත් කරමින් වන්දනාවේ නිරත වීමට මුල් වන්දනාකරුවන් කටයුතු සිදු කරන ලදී. නමුත් ශුද්ධ වූ දේශය තුර්කි ආක්‍රමණ සමග ශුද්ධ දේශයට පැමිණීමට වන්දනාවේ නිරත වීමට මුල් වන්දනාවන් හි නියැලීමටත් කිතුනු ජනයාට අපහසු විය. එබැවින් ක්‍රිස්තුන් වහන්යස්යේ කුරුසිය ගමන හා ශුද්ධ වූ දේශයේ අත්දැකීම කිතුනු ජනයාට ලබාදීම සඳහා ශුද්ධ වූ දේශයෙන් බැහැරව ස්ථාන නිර්මාණය ආරම්භ විය. එහිදී පාද නමස්කාරය සඳහා ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය රැගෙන ගිය ගමන් මග මෙනෙහි කරන්නට ස්ථාන පහක් හතක් මෙන්ම ඇතැම් අවස්ථාවන්හි එය විසි එකක් හා තිස් හතක් දක්වා ද වෙනස්විය. කෙසේවෙතත් 16 වන සියවස පමණ වන විට පාද නමස්කාරය පිළිබඳව විවිධ පොත් රචනා වීම ආරම්භ විය. පාද නමස්කාරය භක්ති අභ්‍යාසය ලොව පුරා රැගෙන යාමේ පුරෝගාමීන් ලෙස ප්‍රැන්සිස්කන් පියවරුන් හැඳින්විය හැක.

📌 17 වන සියවස පමණ වන විට දේව මාලිගාවන් ඇතුළත සිදු කරන භක්ති අභ්‍යාසයන් දක්වාම මෙය ප්‍රචලිත විය. වර්ෂ 1731 දී එවකට සිටි දොළොස්වන ක්ලෙමන්ට් සුදතුම් පියාණන් මෙම පාදනමස්කාරය භක්ති අභ්‍යාසය තවදුරටත් ව්‍යාප්ත කිරීමට උත්සුක විය. එහිදී ඕනෑම දේවස්ථානයක මෙම අභ්‍යාසය කිරීමට ඉඩ සලසා දීමත් එවකට පැවති ස්ථාන වෙනුවට නිශ්චිත ස්ථාන දාහතරක් ලෙස නම් කරන ලදී. මෑත ඉතිහාසයේ දී දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාණන් මෙය වඩාත් විශිෂ්ට අධ්‍යාත්මික අවදි කිරීමක් ලෙස හැඳින්වූ අතර දහසය වන සුදුතුම් පියාණන් ද මෙම භක්ති අභ්‍යාසය තුළ ඇති බයිබලීය පසුබිම වෙතට ජනයා යොමු කරන ලදි. එලෙස විවිධ වෙනස්කම් වලට ලක්වූ මෙම භක්ති අභ්‍යාසය වඩාත්ම දෙවිඳුන්ගේ ආදරයට ඡනතාව සමීප කරවන යුගයෙන් යුගය පැවත ආ මෙම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම සහ ජයග්‍රාහි උත්ථානය සිහිපත් කරමින් සිදුකරන පාදනමස්කාර භක්ති අභ්‍යාසය ආරම්භය මේ ආකාරයෙන් හඳුනාගත
හැකිය.
#පාදනමස්කාරයේඉතිහාසය
#අල්තාරයෙන්එහා

♥️🌿 ගොබ් ඉරිදා 🌿♥️*********************  📌 ශුද්ධවූ සතියේ ආරම්භය ක්‍රිස්තියානි ඇදහිල්ල හා සම්ප්‍රදායන් අනුව ශු. සතිය කිතු...
14/04/2022

♥️🌿 ගොබ් ඉරිදා 🌿♥️
*********************
📌 ශුද්ධවූ සතියේ ආරම්භය ක්‍රිස්තියානි ඇදහිල්ල හා සම්ප්‍රදායන් අනුව ශු. සතිය කිතුනු හැමෝටම වසරේ ඉතාමත් වැදගත් සතියක් වේ. එය චතාරික සමයේ අවසන් දින කිහිපයයි. එය ක්‍රිස්තුන් වහන්සේගේ නිහතමානි මනුෂ්‍යත්වය, පුජකත්වය හා මහානුභාසම්පන්න දෙවිකත්වය ලොවට හෙළි කළ අමරණිය සතියකි. ගොබ් ඉරිදා ජයග්‍රාහී ලීලාවෙන් ජෙරුසලමේ නුවරට වැඩම කල ජේසුස් වහන්සේ තම ප්‍රාණය පුජා කිරීමට පෙර දින වූ මහා බ්‍රහස්පතිනදා තම ගෝලයන් සමග වලදන ලද රාත්‍රී භෝජනය මෙම සතියේ පුජනිය වත්පිළිවෙත් වල ප්‍රධාන තැනක් ගනියි.

📌 කිතුනු ඇදහිල්ලට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රාහී උත්ථානය පාස්කු මංගල්‍යයයි. පාස්කු ඉරුදිනට හය දිනකට මත්තෙන් ක්‍රිස්තුස් වහන්සේ ජයෝත්සවයෙන් ජෙරුසලෙම් නුවරට පැමිණි දිනය කිතුණුවන් විසින් සිහිපත් කරනු ලබයි. එම සිදුවීම ශුද්ධ වූ සුවිශේෂයේ සඳහන් ප්‍රකාර 'බොහෝ දෙනෙක් තමන්ගේ සලු ද, අන් අය වතුපිටිවලින් කපාගත් කොළ අතු ද මග අතුළෝ ය' (ශුද්ධවර මාක් 11: 8). එදා ජුදා ජනතාව රජකු ලෙස පිළිගනිමින් හෝසාන්නා යයි ජයඝෝෂා පැවැත්වූ දිනය ද මෙයයි. එම ඉරුදින ගොබ් ඉරිදා නමින් හැඳින්වේ.

📌 මෙය ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ වූ සතියෙහි පළමු දිනයයි. මෙදින විශේෂයෙන් සපයා ඇති ගොක් කොළ ආසිරි ගැන්වීමෙන් පසුව පූජකතුමා පෙරටුකොට එම ගොක් කොළ ද රැගෙන පෙරහර පැවැත්වීම සිරිතයි. ඉනික්බිති ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය හඬනඟා කියාපාමින් මෙනෙහි කිරීම ද සිදු කෙරේ. ගොබ් ඉරිදා සමස්ත ක්‍රිස්තියානි ලෝකය ම තම තමනට ආවේණික චාරිත්‍ර මත මෙම පිළිවෙත පවත්වයි. පොදුවේ සෑම රටක් ම පාහේ තාල වර්ගයට අයත් අතු භාවිත කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ එම අති විශේෂ අවස්ථාව සැමරීමට යුහුසුලු වෙති.

📌 ගොබ් ඉරුදින පිළිවෙතින් පසුව ආසිරි ගැන්වූ ගොක් කොළ තම නිවෙස් කරා ගෙනයමින් කුරුසියේ හැඩරුව ඇතිවන ලෙසට සාදා නිවසෙහි විශේෂ තැනක තැන්පත් කොට ඉතා පූජනීය වශයෙන් සැලකීම කිතු බැතිමතුන්ගේ සිරිතයි. මෙම ගොක් කුරුසිය ඊළඟ වසරේ අලු බදාදා අලු ආලේපනය සඳහා පුලුස්සන්නට දෙව් මැදුරට නැවත භාරදෙන තුරු එයාකාර ව තැන්පත් කර තිබේ.

#අල්තාරයෙන්එහා

✝️🌾අළු බදාදා 🌾✝️*******************  📌 මෙම වසරේ කතෝලික ජනවන්දනා ලිත අනුව අළු බදාදා දිනය මාර්තු දෙවනදා ට යෙදී තිබේ. ඒ අනු...
14/04/2022

✝️🌾අළු බදාදා 🌾✝️
*******************
📌 මෙම වසරේ කතෝලික ජනවන්දනා ලිත අනුව අළු බදාදා දිනය මාර්තු දෙවනදා ට යෙදී තිබේ. ඒ අනුව එදින සිට චතාරික සමය ආරම්භ වේ. මෙම සමය පාස්කු ඉරිදාට යෙදෙන ජේසු සමිඳුන්ගේ ජයග‍්‍රාහී උත්ථානය සඳහා කිතුනු ජනතාව සූදානම් කෙරෙන ආධ්‍යාත්මික වශයෙන් වැදගත් දින 40ක කාලපරිච්ඡේදයකි.

📌 ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කොට උත්ථාන වීම ප්‍රීති ප්‍රමෝදයෙන් සිහිපත් කෙරෙන පාස්කු ඉරුදිනට පෙර සතළිස් දවසක් තුළ කිතුනු බැතිමත්හු ඒ සඳහා සූදානම් වෙති. “චතාරික කාලය” යනුවෙන් හැඳින්වෙන මෙම කාලය ආරම්භ වන්නේ “අළු බදාදා” නමින් වන බුධ දිනයි. මේ වසරේ එය යෙදී ඇත්තේ පෙබරවාරි 10 වන දිනටයි. චතුර හෙවත් සතර අර්ථය ඇති වදනින් සතළිස් දවස සඳහා චතාරිකය යන වචනය යොදාගෙන තිබේ. ලතින් බසින් ද සතළිස් දවසක් යන අර්ථය දෙනු වස් “කොඩ්ඩ්‍ර ජෙස්සිමෝ” යනුවෙන් මේ සඳහා යොදා තිබේ. මේ කාලය ආධ්‍යාත්මික පුනර්ජීවයක් ලබන කාලයක් නිසා ඉංග්‍රිසියෙන් වසන්තය යන අරුත දෙන “ලෙන්ට්” යනුවෙන් හැඳින්වේ.

📌 චතාරික සමය විශේෂ යැදුම්, උපවාස ක්‍රියා සහ දාන දීමේ කාලයකි. චතාරික වත්පිළිවෙත් හි විශේෂයක් වූයේ රෝමය වටා ඇති දෙව්මැදුරු තුළ සිරි කුරුසයේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ ඇණ ගසන ලද කුරුසයේ කුඩා කොටසක් ගෙන පෙරහරින් ගොස් පාප්වහන්සේ විසින් ජනතාව සමඟ දිව්‍ය පූජා මෙහෙයන් පැවැත්වීමයි. චතාරිකය තුළ බොහෝ කිතුනුවෝ ගොඩමස් කෑමෙන් වැළැකෙති. එසේම මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය යනාදියෙන් වැළැකී සිටිති. යැදුම් අතර විශේෂ වන්නේ “පාදනමස්කාරය” යි. දෙව්මැදුරු තුළ හෝ ඇතැම් පුදබිම්හි පිහිටා ඇති ප්‍රතිමා පහළොව වෙත යාච්ඤායෝගීව ගමන් කරමින් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය මෙනෙහි කරති. මේ කාලය තුළ තේවත්ත, මග්ගොන, හිනිඳුම, අල ගොල්ලෑව, මාවතගම වැනි පුදබිම් වෙත මේ සඳහා විශාල බැතිමතුන් පිරිසක් ඇදී යනවා දැකගත හැකිය. මුහුදුබඩ දෙව්මැදුරු හා නිවෙස් තුළ ද සැන්ඳෑ කාලයේ පසන් ගැයීම සිරිතකි. මේ බැති ගී ගැයීම ආදියේ සිට පැවැත එන්නක් වන අතර මේවා හෙළ බසින් මෙන් ම දෙමළ බසින් ද නිර්මාණය කැර ඇත්තේ ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් මීට හාරසිය වසරකට පමණ පෙරදීය. චතාරිකය තුළ තවත් කලා විශේෂයක් වනුයේ පාස්කු නාට්‍ය හෙවත් පාස්කු සන්දර්ශනයි. මේ කලා අංගය ද 17 වැනි සතවසරේ හඳුන්වා දෙන ලද්දකි. කතෝලිකයන් බහුලව වෙසෙන පළාත් කිහිපයක මේවා පැවැත්වෙන අතර මෙය හුදෙක් කලා දැක්මක් ම නොව කිතු සමිඳුන්ගේ දුක්ඛ ප්‍රාප්තිය ගැන ජනතාවට දැනුම ලබාදෙන භක්ති අභ්‍යාසයකි.

📌 කතෝලික සභාවේ මුල් යුගවල අළු බදාදා ගැන කිසිදු සඳහනක් නැත. චතාරිකය සඳහා හතළිස් දිනක කාල පරිච්ඡේදයක් තීරණය කරන ලද්දේ ක‍්‍රි. ව. 325 දී පළමු වන සිල්වෙස්ටර් (ක‍්‍රි.ව. 314-335) පාප්වහන්සේ ගේ සමයේදී ය. ඒ වසරේ පැවැති නිසියානු මන්ත‍්‍රණ සභාවේ තීරණයක් අනුවය. හතරවන සියවස වනවිට චතාරිකය ගණනය කරන ලද්දේ උස්ථාන ඉරුදින හෙවත් පාස්කුවට ඉරිදා දින හයකට පෙර සිට ය. ඒ අනුව දින 42ක් විය. ඉරුදිනයන් අත්හළවිට දින 36කි. එය දින 40 කර ගැනීම සඳහා පෙර සතියෙන් දින 4ක් එකතු කර චතාරිකය බදාදා දිනයක ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව චතාරිකය ආරම්භ කරන දිනය අළු බදාදා ලෙස නම් කෙරිණි. එදින අළු බදාදා වූයේ පව්කාරයන්ට ප‍්‍රසිද්ධියේ දඬුවම් නියම කිරීම එදින ආරම්භ කිරීමටත් එම පව්කාරයන් දේවස්ථානයෙන් පිටමං කරනු ලැබ පිටත දී සිය ශරීරවල අළු තවරා ගනිමින් තම ප‍්‍රසිද්ධ දණ්ඩන කාලය ආරම්භ කිරීමත් සමගය. මෙම දණ්ඩන කාලය අවසාන පාස්කු රාත‍්‍රී මෙහෙය අවසානයේ දී පව්කරුවන් නැවත සාන්ත සභාවේ සාමාජිකත්වයට ඇතුළත් කර ගන්නා ලදී. අද ද මෙම නළලත අළු තැවරීම අළු බදාදා දේව මෙහෙයේ පිළිවෙතක් ලෙස යොදා ගැනේ. එය කතෝලික සභාවට මුලින් ම නිර්දේශ කරන ලද්දේ ක‍්‍රි.ව 1091 දී දෙවන උර්බානු පාප්තුමා (ක‍්‍රි. ව. 1088-1099) විසිනි. ඒ වෙනුවෙන් හෝ සමුළු තීරණයක් අනුවය. ඒ අනුව අද ද අපි නළලත අළුතවරා ගෙන දූවිල්ලෙන් තැනූ මිනිස් දූවිල්ලකට ම යළි හැරෙන බව සිහිපත් කරන්නෙමු.

📌 ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ ද අළු තවරා ගැනීමේ අවස්ථා ගණනාවක් සඳහන්ය. එහි විස්තර පොතේ 4:1 හි මෙලෙස සඳහන්ය. ‘‘සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිට වස්ත‍්‍ර ඉරාගෙන ඇගේ අළු තවරා ගෙන ගෝනි රෙදි හැඳගෙන ඉමහත් දුකින් හඬ වැළපෙමින් නගරය මැදින් ගියේය.’’ පුරාණ ගිවිසුමේ ජෝබ් ගේ කතාවේ ‘‘මම මා ගැනම ලජ්ජා වෙමි. දූවිල්ලෙහි හා අළුවල හිඳ මනස්තාප වෙමි. (42:8) සඳහන්ය. ‘‘මම නිරාහාරව ගෝනි රෙදි හැඳ අළු තවරාගෙන යාච්ඤා වෙනුත් කන්නලව්වෙනුත් දෙවි පියාණන් වහන්සේ යදින පිණිස…. ආදී වශයෙන් දිවැසිවර දානියෙල් සඳහන් කරයි. (දානියෙල් 9:3) නව ගිවිසුම් දී මනස්තාපය සඳහා අළු යොදා ගැනීම ගැන දැක්වේ. මතෙව් සුබාරංචියේ 11:20 -21 මෙලෙස දක්වයි. ‘‘එම්බා කොරාශීනය එම්බා බෙත්සයිදාව ඔබට වන විපතක මහත… ඔබ තුළ කළ ප‍්‍රබල ක‍්‍රියා තීර්හි සහ සීදොන් හි කළා නම් ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝනි රෙදි හැඳ අළු යෙහි හිඳ මනස්තාප වූ බව පෙන්වනු ඇත." මෙම කරුණම ලූත් සුබාරංචිය 10:13 දැක්වේ. මේ අනුව අළු තැවරීමේ පිළිවෙතට දිග ඉතිහාසයක් තිබේ. එහෙත් මෙයි අළු බදාදා හුදු අළු තැවරීමකට සීමා නො කොට එහි ඇති දේව ධාර්මික වටිනාකම හා හරය තේරුම් ගෙන කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව සඳහන් කළ යුතුය.

#අල්තාරයෙන්එහා

✝️🌾 චතාරික සමය 🌾✝️***********************  📌 චතාරික සමයේ දින 40 කි. එය අලු බදාදායින් ආරම්භකර මහ බ්‍රහස්පතින්දා සවස් යාමය...
07/03/2022

✝️🌾 චතාරික සමය 🌾✝️
***********************
📌 චතාරික සමයේ දින 40 කි. එය අලු බදාදායින් ආරම්භකර මහ බ්‍රහස්පතින්දා සවස් යාමයේ පවත්වන අන්තිම රාත්‍රී භෝජන දිව්‍ය පූජා යාගයට පෙර අවසන් වේ .ඉන්පසු පාස්කු ඉරු දින උදාවන තෙක් සාන්ත සභාව අනුස්මරණය කරන්නේ අප ස්වාමීන් වහන්සේගේ දුක් විඳීම, මරණය ,භූමිදානය සහ උත්ථාන යයි.

📌 චතාරිකයෙදී අපට ආරාධනා කරන්නේ අපගේ පසුගිය පාපයන්ට වන්දි ගෙවීමටත්, දුප්පතුන් අසරණයන් වෙනුවෙන් කරන දයාවේ ක්‍රියාවන් සඳහා සහ ආලේලුයියා සෙනසුරාදා අපගේ ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කර ගැනීම සඳහා කරන පෞද්ගලික ආධ්‍යාත්මික සූදානමකට ය . චතාරිකය ලක්ෂණ දෙකකි.එනම් ,පශ්චත්තාපය සහ බෞතීස්ම යයි. පශ්චත්තාපයේ කඳුළු අප හදවත් අලුත් කරයි .අලු බදාදා විශ්වාසකයින්ගේ නලල මත අලු තැවරිමේ දී අප දූවිල්ලෙන් සෑදුණු බවත්, නැවත දූවිල්ලට හැරෙන බවත් සිහිපත් කරයි. එම නිසා සැබෑ කිතුනුවකු ගේ පූර්ණ කාලීන ජීවිතය ම තම කම නැසීමේ ක්‍රියාවන්ගෙන් සහ ත්‍යාගශීලිත්වය පිරුණු ජීවිතයක් ම විය යුතු ය. ආත්මාර්ථය මරා දැමිය යුතුය. එමනිසා මෙය උදාව සාම්ප්‍රදායික පශ්චත්තාප චතාරික කාලය තුළ නිරන්තර යාඥාවට මුල්තැන දෙමින් දේව වාක්‍ය කියවමින් ද ,අලු බදාදා සහ මහ සිකුරාදා දිනයන්හි නිරාහාර ශීලය රකිමින් ද, සිකුරාදා දිනයන්හි ගොඩ මස් කෑමෙන් වැළකී සිටිය යුතුය.ඒ අතරම දයාවෙ ක්‍රියාවන් තුළින් දුගී මගී යාචකයන්ට උදව් කල යුතුය. වඩා වැදගත් වන්නේ මේ යාඥා හා අපගේ දයාවේ ක්‍රියාවන් තුළින් අපගේ ඇතුළාන්ත වෙනස්වීමක් ඇති කර ඇති කරවා ලීමට දේව වරප්‍රසාදයන්ට ඉඩ දීමයි චතාරික යේ භක්ති අභ්‍යාස අතර පාපොච්චාරණයේ (සමගි සන්ධානය ) ප්‍රසාද නිධානය ට මුල් තැනක් දිය යුතුය.

📌 චතාරිකය දින හතළිහෙන් පසුව ශුද්ධ සතිය එළඹේ. පාස්කු අභිරහස ගැඹුරින් සමරන මෙම සතිය ජනවන්දනා වසර උතුම් මහා භාග්‍ය සම්පන්න කාලයයි. එය ඇරඹෙන්නේ ගොබ් අතු ආසිරි ගැන්වීමෙන් සහ අප මහා ගැලවුම්කරුවාණන් ගේ දුක්ප්‍රාප්තිය සුවිශේෂ ප්‍රකාශ කිරීමෙන් ය. අප සමිදානන් ජය උත්සවයෙන් ජෙරුසලම් නුවරට ඇතුළු වීම කල්වාරි ගමනෙන් අවසන් වූවත් මහ සිකුරාදා දුක්ප්‍රාප්තිය ජයග්‍රාහි පාස්කු ඉරිදාව කරා ගමන් කළ බව අප දන්නා සත්‍යයක්. මේ කාලය තුළ අපට ප්‍රකාශ වන බයිබල් කියවීම හා ප්‍රස්ථාවනාවන් සැබෑ මනස්ථාපනයක් අපගේ ජීවිත තුළ ඇති කරවන අතරම, අපගේ ප්‍රසාද ස්නාපන පොරොන්දු ඉටු කර ගැනීමටත්, දෙවියන් වහන්සේගේ ආදරය වෙනුවෙන් අපට එන පරික්ෂා ඉතා සතුටෙන් පිළිගැනීමටත් පරාර්ථකාමීව අපෙන් උදව් උපකාර අවශ්‍ය අයට නිරන්තරයෙන් සේවය කිරීමටත් අපව මෙහෙයවයි.
#අල්තාරයෙන්එහා

🌺✝️ ස්තෝත්‍ර යාගික පිළිවෙතේදී                භාවිතා කරන පූජා භාණ්ඩ ✝️🌺**************************************   #අල්තාරයෙ...
07/03/2022

🌺✝️ ස්තෝත්‍ර යාගික පිළිවෙතේදී
භාවිතා කරන පූජා භාණ්ඩ ✝️🌺
**************************************
#අල්තාරයෙන්එහා

🌺✝️ ජන වන්දනාවේදී භාවිතා කරන පූජා ඇඳුම් ✝️🌺***********************************************   #අල්තාරයෙන්එහා
29/01/2022

🌺✝️ ජන වන්දනාවේදී භාවිතා කරන පූජා ඇඳුම් ✝️🌺
***********************************************
#අල්තාරයෙන්එහා

🍀✝️ සාමාන්‍ය සමය ✝️🍀************************  📌 සාමාන්‍ය සමයට සති 33 ක් හෝ 34 ක් අයත් වේ. (මෙය කොටස් දෙකකින් සමන්විතයි. ...
29/01/2022

🍀✝️ සාමාන්‍ය සමය ✝️🍀
************************
📌 සාමාන්‍ය සමයට සති 33 ක් හෝ 34 ක් අයත් වේ. (මෙය කොටස් දෙකකින් සමන්විතයි. නත්තල් සමයේ අවසාන දින සිට ගුරු අඟහරුවාදා දක්වා පළමු කොටසක් පෙන්තකොස්ත දිනට පසුව එන සදුදා සිට ආගමනයේ පලමු වන ඉරු දිනට පෙර සෙනසුරාදා දක්වා දෙවන කොටසත් අන්තර්ගත වේ.) ආගමනය, නත්තල, චතාරිකය සහ පාස්කු සමය ,සාමාන්‍ය සාමයෙන් පරිබාහිරය.සාමාන්‍ය සමයේ හිරු දිනයන් හා සතියේ දිනයන් තුළින් අනෙක් කාලයන් තුළින් එළිදරව් නොකරන ක්‍රිස්තු සමිඳුන් ගේ ජීවිතේ අභිරහස් සුපැහැදිලිව,නිරවුල්ව සහ සවිස්තරව සාමාන්‍ය සමයේ දී සමරනු ලබයි.

📌 මෙම කාලය තුළ කිතු සමිඳුන්ගේ දූත කාර්යයේ දී දක්නට ලැබෙන සුභාරංචිය දේශනා කිරීම, ලෙඩුන් සුව කිරීම සහ ආත්ම ගලවා ගැනීම ගැන සභාව අවධානය යොමු කිරීමට කැඳවයි.සෑම ඉරුදින දිනකම මෙන්ම සෑම දිනකම ප්‍රකාශ කරනු ලබන බයිබලීය කියවීම් අප දැඩි විශ්වාසයකින් භක්තිමත්ව සවන්දීම තුළ කිනම් මාර්ගයකින් හෝ අප තුළ ප්‍රත්‍යක්ෂ වේ. සාමාන්‍ය සමයේ සමරන දිව්‍ය පූජා මෙහිදීද ශුද්ධ බයිබලීය කියවීම් වලට විශේෂයෙන්ම ශුද්ධ සුවිශේෂය ට ඉතා උතුම් තැනක් ලැබී ඇති බව පෙනේ. අප ඒවාට සවන් දෙන විට ක්‍රිස්තුස් වහන්සේගේ දේශනා වලට ඇහුම්කන් දීමට හැකියාව ලැබෙන අතර උන්වහන්සේගේ වචනයේ ගැලවීම හා සුව වීමේ බලය අත් දැකීමට හැකිවේ. සුවිශේෂය ප්‍රකාශ කරන උන්වහන්සේගේ වචන හා ක්‍රියා ස්වර්ගයේ වැඩ සිටින අප පියාණන්ගේ චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට උදව් වන බව මතක තබාගැනීම ප්‍රයෝජනය. කිතුනු ජනතාව අප සමිදානන් තුළින් තමන් හට උරුම වූ ගැලවීම පසක් කර ගනී.ඒ අතරම සුවිශේෂය ගෙනහැර දක්වන අප සමිදාණන්ගේ දේව වචනය හා ක්‍රියාකාරකම් තුළින් සැබැවින්ම ස්වර්ගයේ වැඩ වසන මහෝත්තම දෙවි පියාණන්ගේ ස්වරූපය සුව රූපය අපට ප්‍රකාශ කර වදාරණු ලැබේ. දේව තාත්තා ගැන අපට පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ කිතු සමිදාණන්ගේ ක්‍රියා තුළින් ම ය.

📌 මෙලෙස සාමාන්‍ය සමය තුළ තුළ භාවිතා කරන ප්‍රස්ථාවන් (හැඳින්වීම්) වෙතට ද අපගේ අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ තුළින් දෙවියන් වහන්සේ ලෝකය මැවීමේ දී කළ පුදුම ක්‍රියා සහ ක්‍රිස්තුස් වහන්සේ ගැළවීමේ ඉතිහාසය තුළ කළ අනාවරණයන් ගැනත් ප්‍රකාශ කරනු ලබයි . එම නිසා සාමාන්‍ය සමය "සාමාන්‍ය" කියා හැඳින්වූවත් සෑම ඉරු දිනක් ඉරු දිනක් පාසා පමණක් නොව දිනපතා ම ප්‍රකාශ කරන දේව පණිවිඩය සාමාන්‍ය නොවේ. එය සෑම විටම අසාමාන්‍යයයි. ඒ කිම්ද යත් සාමාන්‍ය සමයේ දී ක්‍රිස්තුන් වහන්සේගේ දේව වචනය සහ ක්‍රියාවන් තුළින් මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ව අපට එළිදරව් කරන බැවින් සාමාන්‍ය සාමය අසමසමය, අනන්‍ය සමය එහි අපූර්වත්වය සෑම විට ඉතා ඉහළින් ප්‍රකාශ කරනු ලබයි.
#අල්තාරයෙන්එහා

🌺✝️ ජේසුස් වහන්සේගේ ස්නාපන මංගල්‍යය ✝️🌺*********************************************           ( නත්තල් සමයේ අවසාන ඉරුදි...
29/01/2022

🌺✝️ ජේසුස් වහන්සේගේ ස්නාපන මංගල්‍යය ✝️🌺
*********************************************
( නත්තල් සමයේ අවසාන ඉරුදින )

📌 "ලෝකය බිහි වුණු දවසේ ඉඳලා වතුරයි කාගෙත් මිතුරා සැමදා " යනුවෙන් එක්තරා සංගීත කණ්ඩායමක් ගායනා කරනු ලබන ගීතයක් ඇත. ඒ අනුව ලෝක ආරම්භයේ සිට ම ජලය මිනිස් ජීවිත ඉතා අත්‍යාවශ්‍ය වූ අංගයක් බව අපට ප්‍රත්‍යක්ෂ වේ. ශුද්ධ බයිබලය තුලද උත්පත්ති කතුවරයා දෙවන වගන්තිය තුළම ජලය පිළිබඳව සඳහන් කරයි. "දේව ආත්මානුභාවය ජලය මතුපිට හැසිරුණේය." (උත්පත්ති1:2) අප දිනපතා ජලය මගින් ශරීරය පිරිසිදුකර ගන්නෙමු. පැළෑටියක් වැඩෙන්නට ද ජලය අත්‍යවශ්‍යය. එනම් පැළෑටිය ජලය පතිත වීම තුළ නව පණක් ලබයි. ජලයෙ ඇති වැදගත්කම මේ සියල්ලෙන් ම අපට ගම්‍ය වේ. ක්‍රිස්තුන් වහන්සේගේ ස්නාපන මංගල්‍යය සමරන මෙදින ජලය අපගේ අධ්‍යාත්මික දිවියට ද විශාල සම්බන්ධකමක් ඇති බව පෙනී යයි. ඒ මන්ද යත් අපි ජලය මගින් පවිත්‍ර කරනු ලැබ ප්‍රසාද ස්නාපනය ලබා ඇත්තෙමු. ඒ අනුව ජලය තුළින් අප පවිත්‍ර කිරීම ජන්ම පාපයෙන් අප නිදහස් කර නව දිවියක් ඇරඹීම සංකේතවත් කෙරේ.

📌 අප සාමාන්‍යයෙන් වල්, ගොඩනැගිලි ඇති පාරක ගමන් කරනවා වෙනුවට සමතලා බිමක ගමන් කරන්නට ආශා කරමු. මන්ද වලගොඩැලි ඇති පාරේ වාහනයක ගමන් කළ ද ඇවිද ගියද ගමන වෙහෙසකරය. එහෙයින් රළු පලුදු තැන් සුමුදු කර ගැනීමට කර ගැනීමට ආරාධනයකි. එනම් පරුෂ වචන රළු ගති පැවතුම් අනුන්ට වඩා තමා උසස් ලෙස සිතමින් උඩගු වන අවස්ථා ඉවසීමෙන් තොරව අනුන් හෙළා දකිමින් ක්‍රියා කිරීම යනාදිය වෙනස් කර ගන්නට ස්වාමීන් වහන්සේ අපට ආරාධනය කරන සේක. මන්ද ජේසුස් ස්වාමීන් වහන්සේ අප මත ඇවිද යමින් අප සතු කඳු මෙන් පවතින අහංකාර සිතුවිලි වෙනස් කරන සේක. එහෙත් ඒ සඳහා උන්වහන්සේට අප ඉඩ දිය යුතුය. රළු තැන් ඔපමට්ටම් කරද්දි නිතැතින්ම වේදනාව දැනේ. අලුත් අත්දැකීම් පෙර නොවූ විරූ සිද්ධීන් හරහා ස්වාමීන් වහන්සේ මහිමයට පත් වන සේක. එම අවස්ථා වලදී අපට අමුතුවෙන් ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නොවේ. මන්ද ඔබේ මගේ ජීවිතයේ ම අන් අය ඉදිරියේ ප්‍රාතිහාර්යක් ම වන්නේමය.

#අල්තාරයෙන්එහා

🌺✝️ දිව්‍ය බිළිඳාණන් ශාස්ත්‍රවන්තයන්ට                     ප්‍රත්‍යක්ශ වීමේ මංගල්‍යය ✝️🌺*********************************...
03/01/2022

🌺✝️ දිව්‍ය බිළිඳාණන් ශාස්ත්‍රවන්තයන්ට
ප්‍රත්‍යක්ශ වීමේ මංගල්‍යය ✝️🌺
****************************************
( නත්තල් සමයේ ජනවාරි 02 වන දින )

📌 ජේසුස් වහන්සේ උපත ලැබීමෙන් පසු, ප්‍රඥාවන්ත මිනිසුන් ඔහුව සෙවීමට පැමිණියේ, සමහරවිට දැන් ඉරාකය, ඉරානය, සෞදි අරාබිය, යේමනය හෝ දැන් දකුණු තුර්කිය, උතුරු සිරියාව වැනි ප්‍රදේශයක සිට විය හැකිය. ඔවුන් බොහෝ විට 'රජවරු තිදෙනා' ලෙස හැඳින්වුවද, ඔවුන් කීදෙනෙක් සිටිද යන්න හෝ ඔවුන් රජවරුන් බව බයිබලයේ ද සඳහන් නොවේ. එක මතයක් නම් මේ කාලයේ යේමනයේ රජවරුන් ජුදෙව්වන් වූ නිසා ඔවුන් යේමනයේ රජවරුන් විය හැකි බවයි. ඔවුන් තෑගි තුනක් ගෙන ආ නිසා තුන උපකල්පනය කරයි. නමුත් ඒවායින් කොපමණ ප්‍රමාණයක් තිබුණද, ඔවුන් සමඟ තවත් බොහෝ සේවකයින් සිටියා විය හැකිය.

📌 ඔවුන් අහසේ අසාමාන්‍ය නව තාරකාවක් දැක ඇති අතර, එය ඊශ්‍රායලයේ විශේෂ රජෙකුගේ උපත පුරෝකථනය කරන බව දැන සිටියහ. අහසේ ඇති නව තාරකාව කුමක්දැයි කිසිවෙකු සැබවින්ම නොදනී, වල්ගා තරු, සුපර්නෝවා, ග්‍රහලෝකවල සංයෝජන හෝ අද්භූත යමක් ඇතුළු බොහෝ න්‍යායන් තිබේ. නත්තල් රේගු අංශයේ Star of Bethlehem පිටුවේ තරුව ගැන වැඩි විස්තර සඳහන් වේ. වසර සිය ගණනකට පෙර පුරාණ බබිලෝනියේ ජුදෙව්වන් වහල්භාවයේ තබාගෙන සිටි කාලයේ සිට විශේෂ ජුදෙව් ගැලවුම්කරුවෙකුගේ (මෙසියස් ලෙසද හැඳින්වේ) අනාවැකි තිබූ බව ඔවුන් දැන සිටින්නට ඇත.

📌 ඔවුන් ගැන ජනප්‍රවාද කියන අතර ඔවුන්ට නම් ලබා දී ඇත. ඒවා බොහෝ විට විස්තර කර ඇත්තේ මෙසේය. කැස්පර් ( Casper ) දුඹුරු හිසකෙස් සහ දුඹුරු රැවුලක් සහ හරිත සළුවක් සහ එය මත හරිත ආභරණ සහිත රන් ඔටුන්නක් පැළඳ සිටී. ඔහු ෂෙබාහි රජු ය. කැස්පර් නියෝජනය කරන්නේ ජේසුස් වහන්සේ වෙත ගෙන ආ කට්ටකුමංජල් ය.
සුදු දිගු කෙස් කළඹක් සහ සුදු රැවුලක් ඇති, රන් සළුවකින් සැරසී සිටින මිල්චේය ( Melchior ). ඔහු අරාබියේ රජු ය. Melchior නියෝජනය කරන්නේ ජේසුස් වහන්සේ වෙත ගෙනා රත්තරන්ය.
බල්තසාර් ( Balthasar), කළු සමක් සහ කළු රැවුලක් ඇති සහ දම් පැහැති සළුවක් පැළඳ සිටී. ඔහු මැසිඩෝනියාවේ සහ ඊජිප්තුවේ රජුය. බල්තසාර් නියෝජනය කරන්නේ ජේසුස් වහන්සේට ගෙනා සුවඳ ලාටු තෑග්ගයි.හෙරොද් ප්‍රඥාවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ ජේසුස් වහන්සේ සොයාගෙන ඔහු කොහේදැයි ඔහුට පවසන ලෙසයි, එවිට ඔහුට ඔහු කී පරිදි ගොස් ඔහුට නමස්කාර කළ නොහැකි නමුත් ඔහුට ඔහුව මරා දැමීමට හැකි බවයි. ඔහු සිතුවේ ජේසුස් පැමිණ ඔහුගේ බලය නැති කර ගත හැකි අලුත් රජෙකු ලෙසයි.

📌 නත්තල් කතාව නම් ජේසු බිලිඳුන් බැලීමට පැමිණෙන ප්‍රඥාවන්තයින් ජේසුස් වහන්සේ සහ මරිය තුමිය සොයා ගන්නා විට, ඔවුන් සාමාන්‍ය නිවසක ජීවත් වන්නට ඇත, බොහෝ විට බෙත්ලෙහෙමේ හෝ ජෙරුසලමේ, මන්ද මේ වන විට ජේසුස් වහන්සේ වයස අවුරුදු එකත් දෙකත් අතර වන්නට ඇත. ඉන්පසු ඔවුහු තම තෑගි ඔහුට දුන්හ. ළදරුවෙකුට තෑගි දීම අමුතු දෙයක් ලෙස පෙනේ, නමුත් කිතුනුවන් විශ්වාස කරන්නේ ඒවාට පහත අර්ථයන් ඇති බවයි.
👉 රන්: රජවරුන් හා සම්බන්ධ වන අතර කිතුනුවන් විශ්වාස කරන්නේ ජේසුස් රජුන්ගේ රජු බවයි.
👉 කට්ටකුමංජල්: සමහර විට පල්ලිවල නමස්කාරයේදී භාවිතා කරන අතර මිනිසුන් යේසුස්ට නමස්කාර කරන බව පෙන්වයි.
👉 සුවඳ ලාටු: සුවඳ විලවුන් මළ සිරුරු මත සුවඳ විලවුන් වර්ගයකි. කිතුනුවන් විශ්වාස කරන්නේ ජේසුස් දුක් විඳ මිය යන බව එයින් පෙන්නුම් කළ බවයි. ත්‍යාග යනු ඊශ්‍රායලයේ නැඟෙනහිර දෙසින් අරාබියේ සිට පැමිණෙන සියලු දේ වේ. ප්‍රඥාවන්තයන් ජේසුස් සිටින තැන හෙරොද්ට පැවසීමට යාමට සූදානම් වූ විට, ඔවුන්ට සිහිනෙන් අනතුරු ඇඟවූයේ එසේ නොකරන ලෙසයි, එබැවින් හෙරොද්ට ඔහුගේ බිහිසුණු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

#අල්තාරයෙන්එහා

Address

Colombo

Telephone

+94787384682

Website

Alerts

Be the first to know and let us send you an email when අල්තාරයෙන් එහා - Altharayen Eha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share