AVE MARIA SL

Call Directions

AVE MARIA SL
(4)

07/10/2026

https://youtu.be/ayG-8Zx99Yg?si=gQ66qQjoIVmQ57Ro
ඔක්තෝබර් 08, සාමාන්‍ය සමය විසිහත්වන සතිය..පලමු දේව ප්‍රකාශකනය ගලාති 3:1-5..ශු.සුපුවත . ලූක් 11: 5 – 13
තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න; 6 ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්, 7 ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද? 8 මම ඔබට මෙ‍ය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක. 9 ”මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 10 මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. 11 ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද? 12 නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද? 13 මෙ‍සේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?

AVE MARIA Ada Supuwatha

06/10/2026

https://youtu.be/nDcUwQYWjYE?si=srlVL-Ig9vMeXjo4
ඔක්තෝබර් 07, සාමාන්‍ය සමය විසිහත්වන සතිය..ජපමාලයේ අප ස්වාමිදුගේ මංගලෝත්සය .පලමු දේව ප්‍රකාශයනය ගලාති 2::1-2,7-14..ශු.සුපුවත ලුක්11:1-4...උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය. 2 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ”ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න:
‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.

ඉදිරිපත් කිරිම AVE MARIA Ada Supuwatha

TopFans

05/10/2026

https://youtu.be/qATgW7clNNU?si=Rkt5SmQeUWN4Duus
ඔක්තෝබර් 06, සාමාන්‍ය සමය විසිසත්වන සතිය..පලමු දේව ප්‍රකාශකය ගලාති 1:13-24..ශු.සුපුවත ලුක් 10:38-42..
තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය. 39 ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය. 40 එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙ‍න් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, ”ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය. 41 එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. 42 එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.

ඉදිරිපත් කිරිම AVE MARIA Ada Supuwatha

AVE MARIA - Ada Supuwatha
AVE MARIA SL

*National Seminar 2026 – Thanksgiving and Appreciation*We extend our deepest gratitude to everyone who contributed to ma...
05/10/2026

*National Seminar 2026 – Thanksgiving and Appreciation*

We extend our deepest gratitude to everyone who contributed to making the National Seminar 2026, held at St. Anne’s National Shrine, Thalawila, from 2nd to 4th October, a truly meaningful and successful spiritual gathering.

We express our sincere gratitude to Rt. Rev. Dr. Wimal Siri Jayasuriya, who is entrusted with the National Education and University Apostolate, for his fatherly guidance, encouragement, and generous support in organizing this annual programme. His continued commitment to the spiritual formation of university students has been a great source of strength and inspiration to us.

We are also deeply grateful to Rev. Fr. Jayantha Perera, Administrator of the Shrine, for his generous hospitality and magnanimous support, which enabled us to conduct this spiritual programme in such a meaningful manner.

The three-day residential retreat and leadership programme included Holy Masses, a Marian Hour, the Marian Procession, group dynamics, faith-sharing sessions, and leadership formation. These activities provided the participants with opportunities for prayer, reflection, fellowship, spiritual renewal, and personal growth.

Our heartfelt appreciation goes to our resource persons and speakers, Rev. Fr. Kalum Dias OMI and Mr. Thilana Wass, for sharing their time, knowledge, faith, and experience with the participants.

We are especially grateful to all 235 participants who took part in the programme with enthusiasm, commitment, and openness. Your active participation contributed greatly to the spirit and success of the seminar.

We also sincerely thank all our benefactors and well-wishers whose generosity and support made this programme possible. Your contribution to the spiritual and personal formation of our university students is deeply appreciated.

The success of National Seminar 2026 was truly the result of the collective efforts, dedication, and cooperation of many people. Together, we created a meaningful space for prayer, fellowship, leadership formation, and renewed commitment to the mission of the University Apostolate.

May the Lord bless each and every person who contributed to this programme, and may Our Lady of Good Health continue to guide and protect all our university students.

Fr. Ruwan Perera OMI
National University Chaplain
Catholic University Chaplain
University of Peradeniya
Peradeniya
AVE MARIA - Ada Supuwatha

04/10/2026

https://youtu.be/j_CkjrwBZig?si=jbHbvsgYRV25SxrI
ඔක්තෝම්බර් 05 ,සාමාන්‍ය සමය විසිසත්වන සතිය..පලමු දේව ප්‍රකාශකනය ගලාති 1:6-12..ශු.සුපුවත ලූක් 10: 25 - 37

25 එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් ”ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය. 26 උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, ”ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙ‍ක් ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. 27 ඔහු උත්තර දෙමින්, ”නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙ‍න් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය. 28 උන් වහන්සේ, ”ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 29 එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව ”මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.
30 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙ‍සේ වදාළ සේක: ”එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ. 31 ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 32 එසේ ම ලෙවීයයෙක් ද, එතැනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 33 එහෙත්, ඒ මඟින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත්, ඔහු දැක, අනුකම්පා උපදවා, 34 ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය. 35 පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී, ‘මොහු බලාගන්න; මෙ‍යට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද, නැවත ආ විට මම එය ඔබට ගෙවන්නෙමි’යි කී ය. 36 ඉදින් සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙ‍කී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද? 37 ”ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. ”ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.

ඉදිරිපත් කිරිම AVE MARIA Ada Supuwatha

03/10/2026

https://youtu.be/6h7eYa15uls?si=0SikL9ZJG8ini8zl
ඔක්තෝම්බර් 04, සාමාන්‍ය සමය විසිහත්වන ඉරිදා ..පලමු දේව ප්‍රකාශකනය යෙසා⁣යා 5:1-7..දෙවන දේව ප්‍රකාශයනය පිලිප්පි 4:6-9..
ශු. මතෙව් 21: 33 - 43
33 ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය. 34 අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. 35 එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. 36 යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ. 37 අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. 38 එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට, 39 ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ. 40 එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?” 41 ඔව්හු කතා කොට, ”ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ. 42 ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක:
” ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත.
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි.
අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’
යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද? 43 එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.

ඉදිරිපත් කිරිම AVE MARIA Ada Supuwatha

03/10/2026

https://youtu.be/7LKbrYyxN88?si=KqEN9Qx-8quZ5aHH
Oct 04, 27th Sunday in Ordinary Time ,1st Reading Isaiah 5:1-5..2nd Reading Philippines 4:6-9..
Sunday Gospel Matthew 21:33-43..
33 “Listen to another parable. There was a [a]landowner who planted a vineyard and put a wall around it and dug a w**e press in it, and built a tower, and rented it out to [b]vine-growers and went on a journey. 34 When the [c]harvest time approached, he sent his slaves to the vine-growers to receive his produce. 35 The vine-growers took his slaves and beat one, and killed another, and stoned a third. 36 Again he sent another group of slaves larger than the first; and they did the same thing to them. 37 But afterward he sent his son to them, saying, ‘They will respect my son.’ 38 But when the vine-growers saw the son, they said among themselves, ‘This is the heir; come, let us kill him and seize his inheritance.’ 39 They took him, and threw him out of the vineyard and killed him..
40 Therefore when the [d]owner of the vineyard comes, what will he do to those vine-growers?” 41 They *said to Him, “He will bring those wretches to a wretched end, and will rent out the vineyard to other vine-growers who will pay him the proceeds at the proper seasons.”

42 Jesus *said to them, “Did you never read in the Scriptures,

‘The stone which the builders rejected,
This became the chief corner stone;
This came about from the Lord,
And it is marvelous in our eyes’?

43 Therefore I say to you, the kingdom of God will be taken away from you and given to a [e]people, producing the fruit of it.

AVE MARIA Ada Supuwatha

Randil Fernando

01/10/2026

ඔක්තෝම්බර් 02 , සාමාන්‍ය සමය විසිහයවන සතිය..ශු.සුපුවත මතෙව් 18: 1 – 5
1 එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ. 2 එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: 3 ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය. 5 තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.”

ඉදිරිපත් කිරිම AVE MARIA Ada Supuwatha
AVE MARIA - Ada Supuwatha
@ [274949535630605:49210:]

30/09/2026

දරුවෙකුගේ සිනහව තරම් මෙලොව අන් කිසිදු සුන්දරත්වයක් නොමැත. දෙවිඳුන් අපට දුන් ඒ වටිනාම දායාදයන් ආදරයෙන්, ආරක්ෂාවෙන් සහ යහපත් ගුණධර්මවලින් පෝෂණය කරමු. ශ්‍රි ලංකාවාසී සියලුම දරු දැරියන්ට ප්‍රීතිමත් ලෝක ළමා දිනයක් වේවා!
ඒ වාගේම සියලුම වැඩිහිටියන්ට නිරෝගීමත් දේව ආශිර්වාදය බහුලව ලැබේවායි ආවේ මරියා අපි ප්‍රාර්ථනා කරමු
AVE MARIA SL

30/09/2026

ඔක්තෝම්බර් 01, ශු.ජපමාල මාසය.. ශු.සුපුවත මතෙව් 18: 1 - 5, 10
1 එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ. 2 එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: 3 ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය. 5 තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.” 10 ”මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.
AVE MARIA Ada Supuwatha

Address

Colombo

Telephone

+94777156762

Website

Alerts

Be the first to know and let us send you an email when AVE MARIA SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share