සත්පුරුෂයෝ - Sath Purusayo

සත්පුරුෂයෝ - Sath Purusayo පිනෙන් පිරුනු ජීවිතයක්
දහමින් නිවා ගත හැ​කි සසර​ක්

05/07/2024
25/06/2024

සේරුවිල කන්තලේ ඉංග්‍රීසි ගුරුහිඟය අවසන්.. ඉදිරියේ දී විද්‍යා ගණිත ගුරුහිඟයටත් විසඳුම්..

සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේත් කන්තලේ අධ්‍යාපන කලාපයේත් පවතින සිංහල මාධ්‍ය විද්‍යා, ගණිත, ඉංග්‍රීසි ගුරු හිඟය පිළිබඳවත් නැගෙනහිර පළාත් සභාව මඟින් නව ගුරුවරුන් බඳවා ගැනීමට නිකුත් කොට තිබූ ලේඛනයන්හි එය නොපෙන්වා තිබීම පිළිඳවත් සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන් හා එක් වී අප විසින් 2024-04-30 දින මුහුණුපොත හරහා දැනුවත් කිරීමක් සිදු කරනා ලදී (එම වීඩියෝව 👉 https://www.facebook.com/share/v/k1z7TMVD2Sp3rwZF/?mibextid=QwDbR1 ). එම වීඩියෝව නරඹා ඒ පිළිබඳව දැනුවත් වී සේරුවිල සහ කන්තලේ සිංහල මාධ්‍ය දරුවන්ගේ අධ්‍යාපන ගැටළු පිළිබඳ සංවේදී වූ සියලු දෙනා හට පුණ්‍යානුමෝදනා කරමි. මුහුණුපොත හරහා සිදුකළ එම දැනුවත් කිරීම ප්‍රකාරව ඒ පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් ගරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර සෙන්තිල් තොන්ඩමන් මැතිතුමා පළාත් අධ්‍යාපන බලධාරීන් ද කැටුව 2024-05-10 දින සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට පැමිණ මා හමුවී සේරුවිල සහ කන්තලේ සිංහල මාධ්‍ය දරුවන්ගේ අධ්‍යාපන ගැටළු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී.

එහිදී පවතින තත්ත්වය පිළිබඳ සහ එයින් සිංහල මාධ්‍ය දරුවන් අධ්‍යාපනික වශයෙන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අප විසින් ගරු ආණ්ඩුකාරතුමා සමඟ ගැඹුරින් සාකච්ජා කළ අතර මේ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කරනා ලදී. අධ්‍යාපන බලධාරීන්ගෙන් ද කරුණු විමසමින් ඉතා සාධනීය ලෙස මෙම ගැටළුව වටහා ගත් ගරු ආණ්ඩුකාරතුමන් ඒ පිළිබඳ ගතහැකි විවිධ විසඳුම් පිළිබඳ අවධානය යොමු කරනා ලදී. එහිදී අප එතුමාගෙන් ඉල්ලා සිටියේ වෙනත් ගැටළු කෙසේ වෙතත් ඉතා දැඩි ලෙස මේ වන විට කන්තලේ අධ්‍යාපන කළාපයේ ද සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ ද පවතින පවතින සිංහල මාධ්‍ය විද්‍යා, ගණිත, ඉංග්‍රීසි ගුරු හිඟය හැකි ඉක්මණින් අවසන් කොට දෙන ලෙසයි. ඉතා කෙටි කලක් තුළ ඒ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරනා බවට එතුමා එහිදී අපහට පොරොන්දු විය.

පෙරේදා දින රාත්‍රියේ (2024-06-23) ගරු ආණ්ඩුකාරතුමාගෙන් අප හට ඇමතුමක් ලැබිණ.

“ගරු නායක ස්වාමීන් වහන්ස, මම එදා දුන් පොරොන්දුවේ කොටසක් ඉටු කළා. හෙට ඉඳලා මුළු කන්තලේ අධ්‍යාපන කලාපයේත් සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේත් ඉංග්‍රීසි ගුරුහිඟය සම්පූර්ණයෙන්ම අවසන්. හෙට ඒ සඳහා ලබා පත්වීම් දෙනවා. එක පාසලක් නෑර සෑම පාසලකම හෙට ඉඳලා ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා. මේ විදිහටම කන්තලේ කලාපයේ සිංහල මාධ්‍ය විද්‍යා, ගණිත ගුරු හිඟය අවසන් කරන්න මම ඊලඟට කටයුතු කරනවා.”

මේ එතුමාගේම වචනයි. එම සුභ පණිවිඩය සවන් වැකුණු වහාම අප සිත තුල විශාල සතුටක් ඇතිවිය. කන්තලේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් අමතා එම කරුණ තහවුරු කර ගතිමි. දැන් කන්තලේ හා සේරුවිල ඉංග්‍රීසි ගුරුහිඟය අවසන්ය. රටපුරා සිටින බොහෝ නොකෙරෙන පොරොන්දු ලබාදෙන දේශපාලඥයන්ට එතුමා මහත් ආදර්ශයකි. එදා අප වෙත ලබාදුන් වචනය ඒ අයුරින්ම ඉටුකිරීම පිළිබඳ එතුමා වෙත අපගේ ප්‍රසාදය මෙසේ ඵල කරමි. ඒ අයුරින්ම සිංහල මාධ්‍ය විද්‍යා, ගණිත ගුරු හිඟයත් අවසන් කරන්නට ගරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර සෙන්තිල් තොන්ඩමන් මැතිතුමාට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා’යි සෙත් පතමි. අප දරුවන්ගේ අනාගතය යහපත් කරනු පිණිස ඒ දිනය ඉක්මණින් උදාවනු ඇතැයි අපේක්ෂා කරමි.

පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්ථවිර
ගරු විහාරාධිපති - සේරුවිල මංගල රාජමහා විහාරය
2024-06-25

21/06/2024

සත්‍යවාදී බව නම් වූ..එකම එක ගුණධර්මය පවා ඉක්මවා ගිහින්..බොරු දොඩවන කෙනෙකුට...පරලොව ගැන කිසිම හැඟීමක් නෑ....ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ... සත්‍යමයි කතා කරන්නට ඕන..කේන්ති ගන්න හොඳ නෑ..කවුරු හරි යමක් ඉල්ලුවොත්,තියෙන ටිකෙන් හරි ඔහුට දෙන්ට ඕන..ඔය ටික පුරුදු කරොත් තමයි දෙවියන් අතරට යන්නේ

21/06/2024

🔥මොකට නම් මෙච්චර විහාර දාගැබ් හදනවාද ?
🔥බුදු රජාණන් වහන්සේ මේවා අනුදැන වදාලාද ?
🔥අහස උසට මාලිගා හදනවට වැඩිය ප්‍රතිපත්ති​ය පුරන එක නෙමේද බෞද්ධ​යා කරන්න ඕනි..?

මේ කාල​යේ බොහෝ දෙනෙක්ට තියෙන කාලීන ප්‍රශ්නයකට මිලිදු රාජ් ප්‍රශ්ණය නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ නාගසේන මහ රහතන් වහන්සේ විසින් මැනවින් පිලිතු​රු තෝර දී තිබේ.

මෙහි දී මිලිදු රජු නම් ඉතා වීමංසනසීලී කුසලතාවයෙන් යුතු ඉතා නැණවත් ග්‍රී​ක රජෙක් විසින් අසන ලද ප්‍රශ්න වලට නාගසේන නම් ඉතා නැණවත් මහ රහතන් වහන්සේ නමක් විසින් ඉතා මැනවින් පිලිතුරු දෙන ගැබු​රු සංවාදාත්මක දහම් පිලිසදරක් මෙහිදී විවර වෙයි. මෙය එසේ අසන ලද එක් ප්‍රශ්නයකි.

---🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷---

☸️නිෂ්පපඤ්ච බව හෙවත් කෙලෙස් නොහැදෙන ස්වභාව ගැන ප්‍රශ්නය☸️

"ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේ ය.

'මහණෙනි, කෙලෙස් නොහැදෙන ස්වභාවයෙහි සිත් අලවා වාසය කරව්. කෙලෙස් නොහැදෙන ස්වභාවයට ඇලුම් කරව් යනුවෙනි.

ස්වාමීනී, කෙලෙස් නොහැදෙන ස්වභාවය යනු කුමක් ද?"

" මහ රජාණෙනි, සෝවාන් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. සකදාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. අනාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. අරහත් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය.”

ඉදින් ස්වාමීනී. නාගසේනයන් වහන්ස, සෝවාන් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම්, සකදාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම්, අනාගාමී ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම්, අරහත් ඵලය කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම් මේ භික්ෂූහු කුමක් පිණිස සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය හදාරත් ද? අරුත් විචාරත් ද? කුමක් පිණිස අලුතින් වෙහෙර විහාර තනත්ද ? කුමක් පිණිස දානාදී පිංකම් කරත් ද? කුමක් පිණිස පුද පූජා පවත්වත් ද? ඒවා බුදුරජුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ නොවේද ? *

" මහ රජාණෙනි. යම් මේ භික්ෂූහු සුත්ත. ගෙය්ය. චෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය හදාරත් ද, අලුතින් වෙහෙර විහාරයන් කරත් ද, දානාදී පිංකම් කරත් ද, පුද පූජා පවත්වත් ද, ඒ සියලු භික්ෂූන් ඒවා කරන්නේ එක ම දෙයක් අරමුණු කොට ය. එනම් සම්පූර්ණයෙන් ම කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත්වීම අරමුණු කොට ය.

මහ රජාණෙනි, යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන් ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍රපංචභාවය හෙවත් අරහත්වයට පත්වෙති.

මහරජාණෙනි, යම් ඒ භික්ෂූහු කෙලෙස් කසට බහුල ව සිටිත් ද, ඔවුහු මෙවැනි ප්‍රයෝග උපක්‍රමයන් නිසාවෙන් කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත්වෙති. මහරජාණෙනි, එක් පුරුෂයෙක් කලින් ම යහපත් ලෙස වැට ගසා ඇති සාරවත් කුඹුරක බිජු වපුරයි. තමන්ගේ බල වීර්යයෙන් යුතුව සැප සේ අස්වනු නෙළා ගනියි. මහරජාණෙනි, තවත් පුරුෂයෙක් සිටියි. ඔහු කුඹුරක වී වපුරයි. නමුත් කුඹුර වටා වැට කඩුලු සැදීම පිණිස මහත් වෙහෙසක් ගනියි. වනයට ගොස් ලී දඬු, අතු ඉති සිඳ ගෙනවුත් වැට ගසයි. බොහෝ වෙහෙස ගෙන අස්වනු නෙළයි. ඔහුට එහි වැටකඩුලු සැකසීම සඳහා යම් වෙහෙසක් ගත යුත්තේ ද, ඒ අස්වැන්න සඳහාමය.

මහරජාණෙනි, එසෙයින් ම යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන්ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍ර පංවභාවය හෙවත් අරහත්වයට පත්වෙති. කලින් ම වැට කඩුලු තනා තිබූ කුඹුරෙහි බිජු වපුරා අස්වනු නෙළා ගන්නා පුරුෂයා මෙනි.

මහ රජාණෙනි, යම් මේ භික්ෂූහු වනාහී බොහෝ කෙලෙස් කසට ඇත්තාහු වෙත් ද, ඔවුහු ඉහත කී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් අරහත්වයට පත්වෙති. ඉතා වෙහෙස ගෙන අලුතෙන් වැට කඩුලු සකසා මහත් වූ වෑයමකින් අස්වනු නෙ ගන්නා දෙවැනි පුරුෂයා මෙනි.

මහරජාණෙනි, සුවිශාල අඹ රුකක් මුඳුනෙහි රන්වත් පැහැයෙන් යුතු, මධුර වූ, මහත් වූ අඹ ඵලයක් ඇත්තේ ය. එකල්හි අහසින් යන්නා වූ ඍද්ධියකින් යුතු පුරුෂයෙක් අහසින් ම ඇවිත් එම අඹ ඵලය ඉතා පහසුවෙන් රැගෙන යන්නේ ය. එසේ මහ රජාණෙනි. යමෙකුට එබඳු වූ ඍද්ධියක් නැද්ද, ඔහුට ද අමු ඵලය ගැන අසන්නට ලැබෙයි. එවිට ඔහු වනයට ගොස් ඉතා වෙහෙස ගෙන ලී දඬු කපා, වැල් කපා ගෙනවුත් හිණි මහත් බඳියි. එය රැගෙන අඹ රුක වෙතට යයි. ඒ හිණිමගෙයි උපකාරයෙන් අඹ රුකට නැඟ අඹ ඵලය නෙළා ගනියි. මහරජාණෙනි, ඔහුට හිණිමඟක් සෙවීම පිළිබඳ ව යම් වෙහෙසක් ඇද්ද, ඒ සියලු වෙහෙස අඹ ඵලය නෙළීම උදෙසා ය.

මහ රජාණෙනි, එසෙයින් ම යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන්ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප පංච හෙවත් අරහත්වයට පත්වෙති. ඍද්ධියෙන් අහසින් පැමිණ මධුර වූ අඹ ඵලය රැගෙන යන පුරුෂයා මෙනි.

මහ රජාණෙනි, යම් මේ භික්ෂූහු වනාහී බොහෝ කෙලෙස් කසට ඇත්තාහු වෙත් ද, ඔවුහු ඉහත කී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරති. ඉතා වෙහෙස ගෙන හිණිමඟ තනා එය උපකාරයෙන් අඹ ගසට ගොඩ වි ඵලය රැගෙන යන පුරුෂයා මෙනි.

මහ රජාණෙනි. එක් බල සම්පන්න පුරුෂයෙක් විශේෂ කටයුත්තක් යෙදී ඇති කල්හී තම ස්වාමියා වෙත තනිව ම යයි. අදාළ කටයුත්ත සුවසේ සපුරා ගනියි. එහෙත් ධනය ඇති තව කෙනෙක් ධනය වියදම් කොට පිරිස් රැස් කොට ඒ පිරිස් ලවා ලබා ගන්නා උපකාරයෙන් අදාළ කටයුත්ත කරයි. එහිලා ඔහුට යම් පිරිස් සෙවීමක් ඇද්ද, ඒ අදාළ කටයුත්ත කරගැනීම පිණිස ය.

මහරජාණෙනි, එසෙයින් ම යම් භික්ෂූහු පෙර ආත්මභාවයන්හි දී රැස් කරන ලද ලොව්තුරු වාසනාවෙන් යුක්ත ව, ස්වභාවයෙන් ම පිරිසිදුව සිටිත් ද, ඔවුහු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍රපංචභාවය හෙවත් අරහත්වයට පත්වෙති. තනිව ම අදාළ කටයුත්ත සපුරා ගන්නා පුරුෂයා මෙනි.

මහරජාණෙනි, යම් මේ භික්ෂූහු වනාහී බොහෝ කෙලෙස් කසට ඇත්තාහු වෙත් ද, ඔවුහු ඉහත කී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරති. පිරිස් රැස් කොට ඔවුන්ගේ උපකාරයෙන් අදාළ කටයුත්ත සපුරා ගන්නා පුරුෂයා මෙනි.

මහ රජාණෙනි, ධර්මය හැදෑරීමෙහි බොහෝ උපකාර ඇත්තේ ය. අරුත් විමසීමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. අලුතින් වෙහෙර විහාර ඉදිකිරීමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. දානාදී පිංකම්වල ත් බොහෝ උපකාර ඇත්තේය. පුද පූජාවන් ගේ ත් බොහෝ උපකාර ඇත්තේ ය. ඒ ඒ දෙය කළ යුතු තන්හිදී ඒවා බොහෝ සෙයින් උපකාරී වෙයි.

මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. රජතුමා ඇසුරු කරන, මැනැවින් රාජ්‍ය සේවයෙහි යෙදෙන පුරුෂයෙක් සිටියි. ඔහු අමාත්‍යවරුන්, භට පිරිස්, යෝධයන්, බල ප්‍රධානීන්, දොරටුපාලයන්, පරිවාර ජනයන් මැනැවින් ඇසුරු කරයි. ඒ පුරුෂයා හට කරගත යුතු කටයුත්තක් ඇති කල්හී ඒ සියලු දෙනා බොහෝ සෙයින් උපකාරී වෙති.

එසෙයින් ම මහරජාණෙනි, ධර්මය හැදෑරීමෙහි බොහෝ උපකාර ඇත්තේ ය. අරුත් විමසීමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. අලුතින් වෙහෙර විහාර ඉදිකිරිමෙහි ත් බොහෝ උපකාර ඇත්තේ ය. දානාදී පිංකම්වල ත් බොහෝ උපකාර ඇත්තේය. පුද පූජාවන් ‌ගේ ත් බොහෝ උපකාර ඇත්තේ ය. ඒ ඒ දෙය කළ යුතු තන්හිදී ඒවා බොහෝ සෙයින් උපකාරී වෙයි.

ඉදින් මහ රජාණෙනි, උපදින කොට ම සියලු මිනිස්සු පිරිසිදු වූවාහු වෙත් නම්, අනුශාසනයකින් කළ යුතු දෙයක් නැත්තේය.

මහරජාණෙනි, ධර්ම ශ්‍රවණයෙන් කළ යුතු දෙයක් ඇත්තේමය. මහ රජාණෙනි, අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සීමාවක් කළ නොහැකි අසංඛ්‍යෙය කල්ප ගණනින් රැස් කරන ලද මහා කුසල මූලයන්ගෙන් යුක්ත වූවාහු ප්‍රඥා පාරමිතාවෙහි කෙළ පැමිණි සේක. එබඳු වූ මහෝත්තමයන් වහන්සේ පවා සද්ධර්ම ශ්‍රවණයෙන් තොර ව ආශ්‍රවක්ෂයය නම් වූ අරහත්වයට පැමිණෙන්නට අසමර්ථ වූ සේක. එහෙයින් ම මහ රජාණෙනි, සද්ධර්ම ශ්‍රවණය බොහෝ උපකාරී වෙයි. එමෙන් ම ධර්මය හැදෑරීම ත්, අරුත් විමසීම ත් බොහෝ උපකාරී වෙයි. එහෙයින් ධර්මය හැදෑරීම, අරුත් විමසීම ආදිය කෙලෙස් නොහැදෙන ස්වභාවය ඇති කරදෙන ධර්මයෝ ය."

"ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ ප්‍රශ්නය ඉතා මැනවින් සිතා බලා විසඳන ලද්දේ ය. මම එය මේ අයුරින් ම පිළිගනිමි."

🪷නිෂ්ප්‍රපංච බව හෙවත් කෙලෙස් නොහැදෙන බව ගැන පළමු වෙනි ප්‍රශ්නය යි.🪷

෴ ඒවං අචින්තියා බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං - විපාකෝහොති අචින්තියොති෴ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷මේ දස දහසක් ...
17/06/2024

෴ ඒවං අචින්තියා බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසන්නානං - විපාකෝහොති අචින්තියොති෴
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින්, එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම්, එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැලී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.

මේ අයුරින් සම්බුදුරජාණන් වහන්සේලා අචින්තනීය වෙයි. උන්වහන්සේලාගේ ගුණ කඳ සිතා අවසන් කළ නො හැක. සම්බුදුරඡාණන් වහන්සේනමක් තවත් සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණ කල්පයක් පුරාවට වර්ණනා කළත් (බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං, කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ) දීර්ඝ කාලයක් වූ එම කල්පය අවසන් වී යයි. එනමුත් තථාගතයන් වහන්සේ ගුණ වර්ණනාව අවසන් නො වේ (ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ, වණ්ණෝ න ඛීයේථ තථාගතස්සාති). මේ අයුරින් මේ ලෝකයට කලාතුරකින් පහළ වන නිකෙලෙස් මහා මුනිරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සිහිකරන මේ සමයේ තව තවත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන, ඒ උතුම් සරණ තුළ මැනවින් සිත පිහිටුවාගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාවේවා…!

රාග ද්වේෂ මෝහ නොමැති – සිතකින් යුතු වන්නේ
සිල් සමාධි ගුණ නුවණැති – නිවන් සුවය දන්නේ
තුන් ලොව වැඳුමන් ලැබුමට – නිතියෙන් හිමි වන්නේ
අරහං යන ගුණයෙන් යුතු – බුදු හිමි නමදින්නේ
සාදු! සාදු! මම ගෞතම – මුනිඳු සරණ යන්නේ

සාදු! සාදු!! සාදු!!!

🙏...සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ... 🙏
08/06/2024

🙏...සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ... 🙏

https://youtu.be/WOkjBF0fKdk?si=snDdAfWwhAw8hKz7
24/05/2024

https://youtu.be/WOkjBF0fKdk?si=snDdAfWwhAw8hKz7

අභිවන්දේ...ඕ අභිවන්දේ ත්‍රෙමංගල්‍ය අභිවන්දේ අභිවන්දේ ත්‍රෛමංගල්‍ය අභිවන්දේසම්මා සම්බුද්ධ...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සත්පුරුෂයෝ - Sath Purusayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share