ගීතිකා පදවැල් Hymns Lyrics

ගීතිකා පදවැල්  Hymns Lyrics එන්න අපි ගීයෙන් පසසමු දෙවිදුන්

අගරදගුරු පදවි මරිය වසරේ නිළ තේමා ගීතය -  2013✍️ 🎹පද රචනය හා තනු නිර්මාණය ඃ  ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමාඔබ වචනය ලෙස මට...
29/07/2025

අගරදගුරු පදවි මරිය වසරේ නිළ තේමා ගීතය - 2013

✍️ 🎹පද රචනය හා තනු නිර්මාණය ඃ ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා

ඔබ වචනය ලෙස මට සිදුවේ යැයි පවරා දුන්නේ අභිමතයයි
කිතු සමිදුන් ඔබ කුස තුල ජන්මය මනු සංහතියේ අභිමනයයි
නෙක විද මාවත් පැට`ඵනු මංසලෙ සග මග පෙන්වන ඊතලයයි
විමුක්ති වෙරළට යන්නට වෙහෙසන ඔරුවට මුහුදේ පෑ තරුවයි

නමෝ කන්‍යා මව් මරියනී දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනී
කිතු සමිදු වෙත යන්න හරි පාර පෙන්වන්න ජපමාල රාජිනියනී
සුබාහුල්‍ය දෙව් ස්නේහෙනී ස්වර්ග අව්‍යාජ ආචාරිනී
කල්වාරි සිප් අරණේ ඔබ දැනුම ලැබ දුලබ
සග ජෙරුසෙලම වෙත එමී

මේ මම සමිදුන් දාසිය වෙමි යැයි සැල කෙරුවේ ඔබ ඇදහිල්ලයි
එලිසබෙතුන් බැහැ දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි
වසරක් පාසා ජෙරුසෙලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි
කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වූයේ ඔබෙ ලේ කදුලයි

බෙත්ලෙහෙමේ ගව මඩුවේ නිහඩව සියල්ල සිතේ නිදන් කෙරුවා
නාසරතේ වඩු මඩුවේ පුබුදුව දෙව් පුතු දිවි මග දිරි කෙරුවා
කානාවේ මංගල සාදෙට විත් දේව පුතුට ඇවටිලි කෙරුවා
පුතු කියනා දේ කුමක් වුවත් එය කරන්නට අපටත් අණ කෙරුවා

පුතු යා යුතු මග නිතරම පසුපස සෙවනැල්ලක් මෙනි ඔබ සිටියේ
බෙත්ලෙහෙමේ පුතු නැල වූ උකුලම පුතු මළ සිරුරට යහන වුයේ
ගිනිදිව් විලසින් ශුද්ධත්තමය දානෙදි සිටියේ ඔබ ශ්‍රාවක කුටියේ
ඔබමයි අම්මේ අප ලග ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ

ජේසුනී ඔබෙ මහමෙරක් වැනි ආදරේ හින්දා ❤️නොනිමෙන ප්‍රේමය සංයුත්ක තැටියෙනි 💿️🎼සංගීතය - ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු✍️පද රචනය - හි...
17/07/2025

ජේසුනී ඔබෙ මහමෙරක් වැනි ආදරේ හින්දා ❤️

නොනිමෙන ප්‍රේමය සංයුත්ක තැටියෙනි 💿️

🎼සංගීතය - ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු
✍️පද රචනය - හිරුණි පෙරේරා
🎹තනු නිර්මාණය - ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු

https://www.youtube.com/watch?v=ysY5g7h4c_M

පුන ගැයුම :
ජේසුනී ඔබෙ මහමෙරක් වැනි ආදරේ හින්දා
දිවි ගෙවන්නම් කඳුළු අතරින් සිනහ රැළි රන්දා
මගේ ලෝකය පහන් කරවන
නවමු ලොවකට මග කියාදෙන
තරුව ඔබ වේවා //

ඔබය සැනසුම ඔබය සහනය ජේසුනී ඔබ මා ළඟයි
දිවිය තුළ මා අසළ රැඳෙනා සදාතන වූ දෙවි ඔබයි
මුළාවන්නට ඉඩ නොදී මා එතෙර කළ මැන වී එතෙර කළ මැනවී

පාපයෙන් ලෝ දන මුදන්නට දිවිය පුද දුන් ප්‍රේමයයි
ජේසුනී ඔබ ප්‍රේමයේ රන් නොසිඳෙනා දිය උල්පතයි
ප්‍රේමයෙන් ලොව සරසවන්නට කියා දෙනු මැනවී
කියාදෙනු මැනවී

වේදනා විඳ ජීවිතේ පුද ලොවම ගැලවූ යාගයයි
සිසිල සලමින් අඹරෙ දිලිසෙන ජේසුනී ඒ සඳ ඔබයි
ඒ සඳේ රැස් කිරණ විහිදා එකළු කළ මැනවී
එකළු කළ මැනවී

Lasantha Fernando

ජීවනයේ ජේසුගේ මවට මවක වී ❤️තලවිල අසිරිය සංයුත්ක තැටියෙනි 📀🎼සංගීතය - ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු✍️පද රචනය - ඇන්ටන් සුගත් වෙල්...
15/07/2025

ජීවනයේ ජේසුගේ මවට මවක වී ❤️

තලවිල අසිරිය සංයුත්ක තැටියෙනි 📀

🎼සංගීතය - ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු
✍️පද රචනය - ඇන්ටන් සුගත් වෙල්ගම
🎹තනු නිර්මාණය - ලසන්ත ඇන්ටන් ප්‍රනාන්දු

https://www.youtube.com/watch?v=5LP_jmVowmc

පුන ගැයුම

ජීවනයේ ජේසුගේ මවට මවක වී
මහිමය ඔබෙ ලොව පවතී සදා සුවඳ දී
ඔබ පාමුල දනින් වැටී දොහොත් මුදුන් දී
දන වෙනුවෙන් යදිනු මැනවි අපටත් මව වී //

වෙරළ ඉමේ නුග සෙවණේ මදනල අතරේ
සිව් දිසාවෙ මව් සෙනෙහේ අම්මගේ පැතිරේ
විඩාබරව සුසුම් හෙලන ජීවිත කතරේ
දෙනුමැන අම්මේ අප හට ඔබගේ සරණේ

ආයෙ එන්න වරම් දෙන්න ඔබව බලන්න
හද පුරාම සැදැහැ සිතින් දෙවිඳු පුදන්න
සතුට සුවය සොම්නස දිවි පුරා තියෙන්න
සන්තානම් අම්මේ ආදරෙයි කියන්න

Lasantha Fernando
Anton Sugath Welgama

අනුභවයේ ගීතිකා 🍇අත්හැරලමි මම ම මා ❤️✍️පද රචනය -චන්ද්‍ර කීරිති කුලරත්න🎹තනු නිර්මාණය -  අයිවෝ ඩෙනිස්පුන ගැයුම :   අත්හැරලම...
13/07/2025

අනුභවයේ ගීතිකා 🍇

අත්හැරලමි මම ම මා ❤️

✍️පද රචනය -චන්ද්‍ර කීරිති කුලරත්න
🎹තනු නිර්මාණය - අයිවෝ ඩෙනිස්

පුන ගැයුම :
අත්හැරලමි මම ම මා - කැප කරලමි අතටො’බේ
ඔබෙ කැමැත්ත සිදු වේවා - පියාණෙනි මගේ

විශ්වයෙ සැම මැවිලි තුළින්
මා කෙරෙහි ද නිරන්තරෙන්
කැමැත්ත පමණක් ඔබගේ
සිදු කළ මැන සමිඳුනේ

තුති පුද දෙමි මම එක සේ
ඔබගේ සැම ක්‍රියාවකදි
භාර ගනිමි ඒ සැම දේ
මුහුණ දෙන්න සැරසෙමි

ඔබ මා පිය සමිදු නිසා
ඔබ දෑතට දෙමි පවරා
අත්බව මුළුමනින් මගේ
ඉන්තොර කිසිවත් එපා

අසීමිතවු අපේක්ෂාවො
පිරුණු ප්‍රේම හදවතකින්
තබමි සමිඳේ ඔබ දෑතේ
මුළු දිවි පැවතුම මගේ

ශු. සෙබස්තියන් මුනි දෙව්මැදුර 💒ගොඩැල්ල( 200 ජුබිලි ගීතිකාව - 2017 ) මහ ඔය නදියේ ❤️✍️පද රචනය හා🎹තනු නිර්මාණය - ගරු. තිලකස...
10/07/2025

ශු. සෙබස්තියන් මුනි දෙව්මැදුර 💒
ගොඩැල්ල
( 200 ජුබිලි ගීතිකාව - 2017 )

මහ ඔය නදියේ ❤️

✍️පද රචනය හා🎹තනු නිර්මාණය - ගරු. තිලකසිරි ප්‍රනාන්දු සහෝදර තුමා

පුන ගැයුම
මහ ඔය නදියේ උස් බිම නැගුණේ
ගොඩැල්ල අප ගම් පියසේ
හෙළ කිතු දහමේ - වීර පුරාණේ
සෙබස්තියන් මුනි ගුණ දම් සිහිකර
සමරමු අපි මෙදිනේ....

කිතුදම් දෙරණ පුරාණේ
කදුළින් වැඩුණේ නැගුණේ
පිළිගමු රන් ඉතිහාසේ
අප විරුවන් සේ

මුණි ගුණ පවරා සමරා
මෙත් මල් අතුරා පතුරා
හෙට දින සකසා සරසා
හිනැහෙමු සැම හා

රන් මැටි පොළවේ මතුවේ
දහබිදු හෙළුවේ තැනුවේ
උළුගල් සුරැකුම් කීවේ
අප විරුවන් සේ

ඔබේ තිර පෙමින් මගේ සමිඳුනි
09/07/2025

ඔබේ තිර පෙමින් මගේ සමිඳුනි

නිර්දෝෂ දේවමාතා දෙව්මැදුර දුම්මලකොටුව 💒( 125 ජයන්ති ගීතිකාව - 1993 )උතුරා යන දරු සෙනෙහස පා
08/07/2025

නිර්දෝෂ දේවමාතා දෙව්මැදුර
දුම්මලකොටුව 💒
( 125 ජයන්ති ගීතිකාව - 1993 )

උතුරා යන දරු සෙනෙහස පා

ඇතුල්වීමේ ගීතිකා ⛪️📖ජය කෙහෙළි ❤️🎙 ගායනය - ගරු ජනක සංගීත් සහෝදරතුමා , ගරු මාලින්ද ප්‍රියනාත් සහෝදරතුමා, ගරු ඔශේන් ගෞරව සහ...
05/07/2025

ඇතුල්වීමේ ගීතිකා ⛪️📖

ජය කෙහෙළි ❤️

🎙 ගායනය - ගරු ජනක සංගීත් සහෝදරතුමා , ගරු මාලින්ද ප්‍රියනාත් සහෝදරතුමා, ගරු ඔශේන් ගෞරව සහෝදරතුමා, ඩියෝනි සිල්වා
✍️පද රචනය - ගරු දිනුක සහන් සහෝදරතුමා
🎹තනු නිර්මාණය හා 🎼සංගීතය - ගරු ජනක සංගීත් සහෝදරතුමා

https://www.youtube.com/watch?v=ijZZ4B1VQeA&list=RDijZZ4B1VQeA&start_radio=1

ජය කෙහෙළි ගුණ ගැයුම් බෙරපද නංවා
යන ජන ගඟ සයුර වෙතට ඔබේ ආදරයේ
පසසමෝ තෙද බල මහිමේ
තේජස ඔබේ රැස්ව එකට පුදසුන වටලා
දෙව් දු දරුවෝ - ප්‍රේමයේ දරුවෝ
පසසම් නිති සමිදෝ - ගුණ ගයම් අපි ඔබේ
මේ ඇදෙන මඟුල් පෙරහැරේ

මහා තේජස දෙවිඳුන් පෙමැති
මෝසැසි මහා සෙනග සමග පාළුකරයෙදී
දැවූ පහන්ටැඹ නුඹ වෙත දිව ඒ
මෙලෙසින් පුදසුන වෙතට ඇදී //

දරා සියලු දුක් සැප'ප හදේ
පසසම් අප දෙවි සමිදෝ නිති දින දිවියේ
අප දෙව් දරුකම නිති රැකගනු පතා
යදිමු මෙලෙස ඔබ වෙතට ඇදී //

Janaka Sangeeth Silva

පුදසුන සුදානම් කිරීමේ ගීතිකා 🎶🎙️🪗🎻සුදු මලක් වෙලා❤️✍️පද රචනය සහ 🎹තනු නිර්මාණය - ගරු. සිල්වෙස්ටර් ජයකොඩි සා.බෙ.නි. පියතුමා...
04/07/2025

පුදසුන සුදානම් කිරීමේ ගීතිකා 🎶🎙️🪗🎻

සුදු මලක් වෙලා❤️

✍️පද රචනය සහ
🎹තනු නිර්මාණය - ගරු. සිල්වෙස්ටර් ජයකොඩි සා.බෙ.නි. පියතුමා

https://www.youtube.com/watch?v=fN-LJ2rG5Lw&list=RDfN-LJ2rG5Lw&start_radio=1

සුදු මලක් වෙලා මම මේ ලොවේ - ජිවිත සරසන්නයි
මල් මිටක් වෙලා මම සැම දෝතේ- පිදිලා මැල වෙන්නයි
මල් මාලයක් වී ගෙල සරසා- සිපගෙන රුව වෙන්නයි
මගේ ප්‍රාර්ථනා මේ ජිවිතේ - යාගික ආදරයයි

පුන ගැයුම :

ලස්සනයි ලොව ලස්සනයි - මිනිසුන් මල් වුන දා
ලස්සනයි ලොව ලස්සනයි- අප මිනිසුන් වුන දා

සුව සිනහ මවා වත පෙමින් පුදා- සිරියා පතුරමිනා
මුතු කඳුළු නෙතේ පිස දමා පෙමින් - සනසමි අඬන දනා
ගිනි සුසුම් නිවා අව ගති සිඳිමින් - අවියක් මම වෙමිනා
මගේ ප්‍රාර්ථනා මේ ජිවිතේ - යාගික ආදරයයි

සැනසුමක් වෙලා මම මද සුළගේ - සැනසුම ගෙන හදිනා
තනි අතක් අරන් මුදු දයා පෙමින් - පතුරමි සෙනෙහෙ සදා
සැනසුම් වදනින් සොවු පෙම් දහමින් - කිතු දෙවි පෙරුම් පුරා
මගේ ප්‍රාර්ථනා මේ ජිවිතේ - යාගික ආදරයයි

පිණිබිඳු එකිනෙක හිරු හමුවේ
03/07/2025

පිණිබිඳු එකිනෙක හිරු හමුවේ

ඇතුල්වීමේ ගීතිකා ⛪️📖පුදසුන වෙත යන්නට රොක් වෙමු අපිදෙවිඳුන් බලා සිටීකිතු හිමි හා වැය වන්නට යමු අපිසුදතුම් වරම් ලැබීසාමයෙ ...
02/07/2025

ඇතුල්වීමේ ගීතිකා ⛪️📖

පුදසුන වෙත යන්නට රොක් වෙමු අපි
දෙවිඳුන් බලා සිටී
කිතු හිමි හා වැය වන්නට යමු අපි
සුදතුම් වරම් ලැබී

සාමයෙ අරුනළු සිත පුබුදාලා
දෙවිඳුන් අභිමුව සැමව පුදාලා
ලොව සත හට සුබ අස්න දෙසාලා
මුදන්න ලොව දෙවිඳුන් පසසාලා

වීණා සක් බෙර කුරුළු ගීතෙනා
නෙක විද නාද රටා එක් කරලා
හදවත් සතුටින් නිති පුරවාලා
සාමෙන් සැම දෙවිඳුන් වෙත ඇදෙනා

පද රචනය ඃ ගරු බී ඇන්සලම් පියතුමා
තනු ඃ ගරු ප්‍රසාද් නිරංජන් පියතුමා

එක් වී බැඳී සිත් සතන්අපි දෙව් අබියසයේතුති දී ගයන්න ගෞරවයෙන්යමු මැදුරට දෙවිඳුන්දෙස ද බස ද කුමක් වුවත්අපි දෙව් දරුවෝ වෙම්ද...
28/06/2025

එක් වී බැඳී සිත් සතන්
අපි දෙව් අබියසයේ
තුති දී ගයන්න ගෞරවයෙන්
යමු මැදුරට දෙවිඳුන්

දෙස ද බස ද කුමක් වුවත්
අපි දෙව් දරුවෝ වෙම්
දෙවිඳුන් ප්‍රේමේ බෙදාගෙනා
දෙවිඳු අනුව යන්නෙම්

දුක ද සැප ද හිමි වුවත්
අප සිත් වෙනස් නොවේ
දේව වදන් අප හද ගැඹුරේ
නොගිලිහි සදා රැඳේ

වෛර භේද දුරු කරලත්
අප පුදසුන හමුවේ
එක්ව හඬින් දෙවිඳු වැණුම්
ගයමු සැවොම බැතියෙන්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ගීතිකා පදවැල් Hymns Lyrics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share