St. Joseph Vaz Church - Modara, Moratuwa

St. Joseph Vaz Church - Modara, Moratuwa ශුද්ධවූ ජුසේ වාස් දෙව් මැදුර - මෝදර, මොරටුව

කම්කරු ශුද්ධ වූ ජුසේ තුමන්ගේ මංගල්‍යය සහ පිළිකා රෝගීන්ගේ නාම ශාන්තුවර ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමාගේ මංගල්‍යය.පිළිකා, ස...
27/04/2026

කම්කරු ශුද්ධ වූ ජුසේ තුමන්ගේ මංගල්‍යය සහ පිළිකා රෝගීන්ගේ නාම ශාන්තුවර ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමාගේ මංගල්‍යය.

පිළිකා, සමාජ රෝග ආදී සුව නොවනවා යැයි සම්මත රෝග වලින් පෙලෙන්නන්ගේ සුව සහනය උදෙසා මැදහත් පිහිට ලබාදෙන්නා වූ ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමාගේ නුවානය සමඟ රෝගීන් ආශිර්වාද කිරීමේ දිව්‍ය යාගය ප්‍රථම වතාවට අප දේවස්ථානයේ පැවැත්වේ.

දිනය 01.05.2026
වේලාව - උදෑසන 8.30

ශුද්ධ වූ ජුසේතුමන්ගේ සහ ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමන්ගේ මැදහත් පිහිට අයදින්නට ඔබ සැමට ආරාධනා.

ශුද්ධ වූ ජුසේවාස් දෙව් මැදුර මෝදර මොරටුව.

සුභ උපන්දිනයක් වේවා ශුද්ධවූ ජුසේවාස් මුනිතුමෙනි.. (21.04.1651 - 16.01.1711)ශු. ජුසේවාස් මුනිතුමෙනි... අප නිසාත් අප දේශය ...
21/04/2026

සුභ උපන්දිනයක් වේවා ශුද්ධවූ ජුසේවාස් මුනිතුමෙනි.. (21.04.1651 - 16.01.1711)

ශු. ජුසේවාස් මුනිතුමෙනි... අප නිසාත් අප දේශය උදෙසාත් යාච්ඤා කළ මැනව!

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා...!! 🙏
05/04/2026

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා...!! 🙏

02/03/2026
25/01/2026
සුවදානයේ විශේෂ දිව්‍ය පූජාවඅප දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන විශේෂ සුවදානේ දිව්‍ය පූජාව 21.01.2026 වන ...
20/01/2026

සුවදානයේ විශේෂ දිව්‍ය පූජාව

අප දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන විශේෂ සුවදානේ දිව්‍ය පූජාව 21.01.2026 වන බදාදා දින උදෑසන10 ට පවත්වනු ලැබේ.

එදින දිව්‍ය පූජාවේදී රෝගීන් විශේෂ ආකාරයෙන් ආශිර්වාද කර දිව්‍ය පූජාවෙන් අනතුරුව ආශිර්වාදිත කැඳ ලබාදීම සිදුවේ.

පහතින් දැක්වෙනුයේ ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ සේවය කළ අවධියේ වසූරිය වසංගතයේදී රෝගීන් හට කැඳ සහ ඖෂධ රැගෙන යන ආකාරය දැක්වෙන විශේෂිත සුරුවමකි.

මෙම ප්‍රතිමාව බොරැල්ල කනිටු දෙව්සත්හලේ අදියුරු පියතුමාගේ කාර්යාලයේ තිබී අප කැමරාවට හසු කර ගන්නා ලදී. ( මුල් ඡායාරූපය සඳහා පළමු කමෙන්ටුව බලන්න)

ශුද්ධවූ ජුසේ වාස් තුමා ( 1651 – 1711 )ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන භක්තිමත් පවුල ගෝව රදගුරු වසමේ බෙනාලින් නගරයේ...
16/01/2026

ශුද්ධවූ ජුසේ වාස් තුමා ( 1651 – 1711 )

ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන භක්තිමත් පවුල ගෝව රදගුරු වසමේ බෙනාලින් නගරයේ සැන්කොලේ නම් කුඩා ගමේ විසුවෝය. 1651 අප්‍රේල් 21 වන දින ඔවුන්ගේ පවුලට තුන්වන පුතෙකු බිහිවිය. ඔහුට ජෝශප් වාස් යන නම තැබුවේ ඔහුගේ ප්‍රසාද ස්නාපන දිනදීය. ඔහු කුඩා කල සිටම භක්තියෙන් යාච්ඤා කර එක් වරමක් ඉල්ලිය. එනම් ” අහෝ දෙවියනි , ඔබගේ ශුද්ධවූ කැමැත්ත නම් මා පුජාප්‍රසාදි කෙනෙකු කල මැනව” යනුයි. ඔහු සැන්කොලේ ප්‍රථමික පාසලේ ඉගැනීම අවස්ථාවේ පවා ඔහුගේ පිරිසිදුකම හා භක්තිය දුටු ඔහුගේ මිතුරෝ ” ඔන්න කුඩා ශුද්ධවන්තයා ” යි පැවසිය. දිළින්දන්ට ප්‍රේම කල ඔහු බොහෝ විට ඔහුගේ ආහාරය ඔහුන් සමග බෙදා ගත්තේය.

තම පුත්‍රයා පුජාප්‍රසාදිවරයෙකු වීමේ අදහස දැනගත් පියා සෑම අතින්ම ඔහුට වී ඔහු දිරිමත් කළේය. ඔහු බෙනාලීම් උසස් විද්‍යාලයට යැවිය. එහිදී ඔහු විසින් ලතින් භාෂාව හදාරන ලදී. ඉන්පසු ගෝව විශ්ව විද්‍යාලයට ඔහු ඇතුලත්විය. ඔහු ඉගැනීම අවසන් කලේ ජේසු පන්තියට අයත් සාන්ත පාවුළු විද්‍යාලයේය. ඉන්පසු පුජාප්‍රසාදීතුමෙකු වීමට සුදානමක් වශයෙන් ඔහු දැඩි තාපස ජිවිතයක් ගත කළේය.​

1676 දී ඔහු පුජකවරය ලැබිය. පුජකවරය ලැබූ ඔහු දෙවියන් වහන්සේට විශේෂ භාරයක් විය. එනම් ‘ මින්පසු මාගේ ධර්මදුත සේවය කරන්නේ හිස් පතුලෙන්ය’ යනුවෙනි. 1677දී ඔහු තමාවද තම තාපස ජිවිතයද දෙව්මවුට කැප කළේය. ඔහු දෙව්මව්ට සදාතන දාසයෙකු, වහලෙකු ලෙස කැප කර ගනිමින් එය ලියවිල්ලකින් ප්‍රකාශ කළේය. මේ කාලයේදී ඔහු විසින් පුජක ජිවිතයට පිරිමි ළමුන් පුහුණු කරන ලදී. මේ වන විට ජුසේ වාස් පියතුමාට ශ්‍රී ලංකාවේ කතෝලිකයනට විදින්නට සිදුවූ දුක්දායක තත්වය දැනගන්නට ලැබිණි. කතෝලික විරෝධි ඕලන්ද ජාතිකයෝ, පෘතුගීසින් පලවා හැර ලංකාව අල්ලා ගත්හ. කතෝලික ආගම රටින් සහමුලින් උපුටා දැමීමට නොයෙකුත් පීඩන පමුණුවා පුජාප්‍රසාදී වරුන් ද පන්නා දැමුහ.
ශ්‍රී ලංකාවේ වසර 30ක් තුල පුජාප්‍රසාදිවරුන් නොමැතිව ප්‍රසාද නිධාන නොලැබූ කතෝලිකයෝ තම විශ්වාසය නැති වන්නට ඉඩ නොදී එය රැක ගත්හ. ජුසේ වාස් පියතුමා ශ්‍රී ලංකා කතෝලික සභාවේ විශ්වාසය රැකදීමට කැප කිරීමට අධිෂ්ඨාන කරගෙන ශ්‍රී ලංකාවට යෑමට ශේෂ්ඨ පියතුමාගෙන් අවසර ඉල්ලිය.

1687 දී කුලිකරුවෙකු ලෙසින් වෙස් වලාගෙන, පුජා භාණ්ඩ සහිත පෙට්ටිය හිසමත තරුණ ජෝන් ආධාරකරුවෙකු ලෙස කැදවාගෙන ශ්‍රී ලංකාවට එන නැවකට නැග යාපනයට ගොඩ බැස්සේය. බොහෝ ප්‍රවේශමින් සන්නාසියෙකු මෙන් ගමන් කර, කතෝලිකයන් දැනගෙන විශ්වාසය ශක්තිමත් කළේය. නොමගට ගියවුන්ට ඉගැන්වූයේය. දේව ප්‍රසාද නිධාන දානය කරමින් දිව්‍ය පුජාව රහසින් සිදු කරමින් සියල්ලන් දිරිමත් කලේ රාත්‍රී කාලයේදීය. ඉන්පසු ප්‍රතිහාර්යමය ලෙස ඕලන්ද කාරයන්ගෙන් ගැලවී, තැනට සුදුසු අන්දමින් වෙස් වලාගනිමින්ද, උදාහරණ වශයෙන්, පැණි වෙළෙන්දෙක් ලෙසද, කත්කරුවෙක් හැටියටද රෙදි පොට්ටනි කාරයෙක් හැටියටද බොහෝ අන්තරාදායක මොහොතවල් වලින් මිදුනේය.

එතුමා රටමැද භාගයේ මහනුවරට ගිය විට , ඔත්තු සපයන්නෙකු ලෙස සැක කර සිර අඩස්සි කළේය. එතුමා වසර දෙකකට සිර දඩුවම් වින්දේය. ඉන්පසු මහනුවර කුඩා සාදා සේවය කිරීමට රජතුමාගෙන් විශේෂ අවසරයක් ලැබිණි. එකල ඉතා භයානක නියගයකට මුළු රටම ගොදුරු විය. එවිට රජතුමා අන්‍ය ආගමික නායකයින් ලවා යාතිකා යනාදිය කර වැස්ස ලබා ගැනීමට නොයෙකුත් පුජාවන් කල නමුත් වැසි නොලැබිණ. රජතුමා ජුසේවාස් නම් භක්තිවන්ත පුජකයා ගෙන්වා ‘ ඔබේ දෙවියන්ට යාච්ඤා කර , අපට වර්ෂාව ලබා දෙන්න’ යි කිවේය. එවිට එතුමා මාලිගාව අසල පිට්ටනියේ කුඩා අල්තාරයක් සාදා, ඒ මතුපිට කුරුස ප්‍රතිමාව තැබිය.ඉන්පසු එතුමා දණගසා දෙවියන් වහන්සේට තමන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන මෙන් අයැද සිටියේය. එම යාච්ඤාවට පිළිතුරක් වශයෙන් ඉතා තද වැසි වැස, මුළු රටම තෙමුන නමුත් ජුසේවාස් පියතුමා දණගසා සිටි ස්ථානය සහ එතුමා පමණක් ද නොතෙමි තිබිණි. රජතුමා සහ ජනතාව පුදුමයට පත් වුහ

ඉන්පසු එතුමාට නිදහසේ තම ආගමික කටයුතු කරගෙන යාමට අවසර දෙන ලදී. 1693 – 1697 දක්වා එතුමා නුවර, කොළඹ අතර වූ ප්‍රදේශයද, මිගමුව සහ උතුරුකරයද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වාද මුළු ලංකා භුමිය තුල විශ්වාසයේ පහන දැල්විය. ඒ කාලයේ තවත් පියවරු දෙදෙනෙකු එතුමාගේ සහයට පැමිණියෝය. මේ අවස්ථාවේදී වසුරිය වසංගතය රට පුරා පැතිර ගියේය. ජුසේ වාස් පියතුමා ඇතුළු පියතුමන්ලා රෑ දවල් නොබලා ලෙඩුන්ට සාත්තු කලෝය. ඔහුන්ට කැද පිසිමද, නෑවිමද, තුවාල සෝදා පවිත්‍ර කිරීමේ කටයුතුද එතුමාගේ දෑතින්ම කළේය. රජ වාසල හැරපියා රජතුමා සහ රජ මාලිගාවේ වැසියෝ පලා ගියහ. එනමුත් අප පියතුමා රෝගීන් සමග විට ඔහුන්ගේ අවශතාවයන් සපුරාලිය. ඔවුන්ට ප්‍රසාද නිධාන දානය කළේය. එතුමා සිය කරපිටින් ගෙනගොස් මළවුන් වැළලිය.

වසංගතය සමථයකට පත්වූ පසු රජතුමා සහ මිනිසුන් එතුමා ගැන පැහැදී එතුමාගේ සේවය අගය කළහ. එතුමාට ආධාර දීම සදහා ඉන්දියාවෙන් තව පියවරු කීප දෙනෙක් කිහිප දෙනෙක් පැමිණියෙන්, එතුමාට ශ්‍රී ලංකාවේ ධර්ම දුත සේවය කිරීමට පහසු විය. එමනිසා ලංකාව මීසම් අටකට බෙදා එය සංවිධානය කළේය. එතුමාගේ සහයට පැමිණි ජාකොමේ ගොන්සාල්වෙස් පණ්ඩිත පියතුමාට ඉගැන්වීමට සහ වන්දනාවට පහසු වන ලෙස සිංහල සහ දෙමල භාෂා වලින් පොත් ලිවීමටද අණ කෙරිණි.
ජුසේ වාස් පියතුමා වෙහස දරමින් නොකඩවා සේවය කිරීම නිසා දිනක් පුජාව වෙලාවේදී සිහිනැතිව වැටුනේය. උන්වහන්සේව මහනුවරට යැවූ පසු නැවත සුවය ලැබිණි. තව දිනක් ඉතා දුරබැහැර මරණාසන්න රෝගියෙකු බැලීමට යද්දී කරත්තයෙන් වැටි අඩපණ වූ හෙයින්, එතුමාට විශේෂ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්දියාවෙන් ගෙනවිත් සුවය ලබා දීමට මහා රජතුමාගේ අවසරය ලැබිණි. මෙම රෝගයෙන්ද එතුමා සුවය ලැබිය.

එතුමාගේ ඇති බැහැපත් කීකරු කමින් එතුමා අනුනායක කටයුතු ඉටු කල නමුත් , පලදනාවල් ප්‍රතික්ෂේප කළේය. එතුමාට තවත් වරක් කනේ රෝගයක් සෑදී අංශභාග රෝගය මෙන් අසාද්‍ය විය. එතුමාට දිව්‍ය පුජාව පවා සිදුකිරීමට නොහැකි විය. ඔහු මරණාසන්නව සිටියදී පවා ගරු අල්මේදා සහ ගොන්සාල්වෙස් පියතුමන්ලාගේ සහය ඇතිව දේවස්ථානයට ගොස් ‘” තෙදේවුම් ” නම් ස්තුති සංගීතයද, ජපමාලයද නියමිත යාච්ඤාවල්ද කියා ලෙඩුන්ගේ ආලේපය දානය කිරීමට ඉල්ලා සිටියේය. එතුමා දෙවියන් වහන්සේට කතා කරමින් අන්තිම මොහොත ගත කළේය. ගොන්සාල්වෙස් පියතුමා අන්තිම වචනයක් ඔහුනට පැවසීමට ඉල්ලිය. එවිට එතුමා සිංහලෙන් කතා කර මෙසේ කිවේය. ” කිසිවෙකු තම ජීවිත කාලයේදී නොකළ දේ තම මරණ මොහොතේදී කල නොහැක ” ඉන්පසු එතුමා දැල්වූ ඉටිපන්දමක් ඉල්ලාගෙන ශු. සභාව කෙරෙහි එතුමාගේ විශ්වාසය ප්‍රකාශ කළේය. ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිතයා විසින් එතුමාට එවන ලද කුරුස ප්‍රතිමාව රැගෙන ඒ දෙස බලා ” ජේසු ” යන ශ්‍රී නාමය උච්චාරණය කර දෑස් මොක්පුර දෙස ඔසවා පියාණන්ගේ හස්තවලට තම ආත්මය භාර දුන්නේය. එතුමාගේ මරණය සිදුවුයේ 1711 ජනවාරි මස 16 වන සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේදිය. දැන් එතුමා ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයා යන නාමය දරයි.

මෙතුමාව 1995 ජනවාරි 21 දින 11 වන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් භාග්‍යවරයට ඔසවන ලදී. මෙතුමාගේ මංගල්‍යය ජනවාරි 16 වන දින සැමරුණු ලබයි. පසුව 2015 වසරේදී මෙතුමාව ශුද්ධවරයට ඔසවන ලදී.

Address

Modhara, Moratuwa
Colombo
264

Website

Alerts

Be the first to know and let us send you an email when St. Joseph Vaz Church - Modara, Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share