නිර්වාණය / Nirvanaya

නිර්වාණය / Nirvanaya " සබ්බං පහාය ගමනීයං "

12/05/2025
▪️ අරහං බුදු ගුණය සම්මා සම්බුදුවරුන්ගේ අනන්ත වූ ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා මුලික වූ ගුණ නවයක් නිතර මෙනෙහි කරමින් බෞද්ධ...
28/04/2025

▪️ අරහං බුදු ගුණය

සම්මා සම්බුදුවරුන්ගේ අනන්ත වූ ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා මුලික වූ ගුණ නවයක් නිතර මෙනෙහි කරමින් බෞද්ධයෝ සිත පහදවා ගනිති. බුදුගුණ පෙළෙහි දක්වා ඇත්තේ
ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ
අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති .. යනුවෙනි.
අරහං බුදු ගුණය බුදුගුණලංකාරයෙ මෙසේ කවියකින් විස්තර කොට ඇත .
රහසින් පව් නොකො ට
කෙලෙසරයනුත් දුරුකො ට
නිසි වූයෙන් පුද ට
අරහ යන නම කියති මුනිදු ට🙏🏻🙏🏻🙏🏻

▪️ Sri Dalada Maligawa History.The Temple of the Sacred Tooth Relic is a world-renowned place of worship, where the left...
24/04/2025

▪️ Sri Dalada Maligawa History.

The Temple of the Sacred Tooth Relic is a world-renowned place of worship, where the left tooth of Gautama Buddha is enshrined. The temple which is venerated by thousands of local & foreign devotees and tourists daily was named as a world heritage by UNESCO in 1988.

The temple which carries a lot of value to Buddhists all over the world also has immense cultural value. The architecture is of unique Kandyan architectural style with a combination of the unique style used to build “Dalada Mandira” the shrines which housed the Sacred Tooth Relic previously in other kingdoms.

The temple of the Sacred Tooth Relic is built in the city of Kandy near the ancient Royal Palace which is situated to the North of the temple and the forest reserve called “Udawaththa Kelaya” to the East. The famous Kandy Lake also known as “Kiri Muhuda” to the South and “Natha & Paththini Devala” on the West. The temple is adorned with intricate carvings using gold, silver, bronze and ivory.

The Sacred city of Kandy is the final location of the Sacred Tooth Relic of Gautama Buddha. The Sacred relic was brought to Sri Lanka by Princess Hemamala & Prince Dantha from the city of Kalinga in ancient India, during the reign of King Keerthi Sri Meghavarna (Kithsirimevan 301 -328). It became a symbol of Sri Lankan kings and was preciously guarded in a special shrine built within the precincts of the royal palace, wherever the capital was located. The ruins of such edifices remain in ancient capitals of Anuradapura, Pollonnaruwa, Dambadeniya, Yapahuwa, Kurunegala, Kotte and Gampola. While in Kandy the last Kingdom the Temple of the Sacred Tooth Relic continues to be the greatest shrine to receive the utmost veneration of the Buddhist world.

The first “Dalada Madura” in Kandy, which housed the Sacred Tooth Relic was built by King Wimaladharmasuriya the first during his reign from year 1592 – 1604. History reveals that this was destroyed by the Portuguese during their invasions. The second temple was built in the same location by King Rajasinghe the Second during his reign from 1635 – 1687, which was burnt by the Dutch. The Dalada history says in year 1687 King Wimaladharmasuriya the Second built a 3 storeyed Dalada Madura and performed Dalada rituals with great devotion but with time the building was decayed and destroyed. Later his son King Sri Veera Parakrama Narendrasinghe who reigned from 1707 – 1739 built the 2 storeyed Dalada Madura which one can see today. The South Indian Kings who ruled the country from Senkadagala renovated and protected the shrine which was built by King Narendrasinghe.
The temple was finely renovated and beautified by King Keerthi Sri Rajasinghe to its present appearance. Paththirippuwa or the Octagonal Pavilion was constructed by King Sri Wickrama Rajasinghe who reigned from year 1798 – 1815.
Protecting of the Sacred Tooth Relic and conducting religious rituals without a break is being carried out to the present day under the strict surveillance of the three chief custodians of the Tooth Relic, the most Venerable Mahanayake theros of Malwatta and Asgiriya chapters and the lay custodian, the Diyawadana Nilame.

Maligawa, Kandy

▪️ දළදා වහන්සේ…දළදා වහන්සේ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වේ. වර්තමානය...
19/04/2025

▪️ දළදා වහන්සේ…

දළදා වහන්සේ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වේ. වර්තමානයේ මෙය දළදා මාළිගාවේ තැන්පත්කර ඇති අතර,
බොහෝ කාලයක් සුගන්ධ කුටියෙහි නිරෝධ සමාපත්තියෙන් වැඩ හුන් තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස නිරෝධ සුවයෙන් නැගී සිට අද දිනයේ දී මහ ජනයා ඉදිරියට වැඩම කරන සේක...

ජීවමාන දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ වැනි වූ උතුම් දළඳා වහන්සේ දැක බලා හිත පහදවා ගන්න. ශාස්තෲන් වහන්සේගේ ආනුභාවය අඩු නැතිව දළඳා වහන්සේ තුළ ගැබ්ව ඇත. තථාගතයන් වහන්සේ දහම් දෙසද්දී ජිව්හා ධාතුව මනා සේ දළඳාවන්ගේ ස්පර්ශ වීම නිසා අසූ හාර දහසක් තරම් වූ ශ්‍රී සද්ධර්මය මනා සේ මේ දළඳා වහන්සේගේ ස්පර්ශ විය...

තථාගතයන් වහන්සේ පිරිනිවීමට පෙර සිදු කළ බුද්ධ අධිෂ්ඨාන මත මේ වාම ශ්‍රී දළඳා වහන්සේ බොහෝ වාර ගණනක් අදහා ගත නොහැකි අන්දමින් නොයෙක් නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වා වදාළ සේක...

උතුම් නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ වැඳුම් ලද, රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ වැඳුම් ලද, දෙව් මිනිසුන්ගේ ද, නාගාදී නොයෙක් අමනුෂ්‍යයින්ගේ ද අප්‍රමාණ වැඳුම් ලද රාජ හංසයෙකු වැනි වූ, අඩ සඳ වැනි වූ අති උතුම් වාම ශ්‍රී යටි දළඳා වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🏻🙏🏻🙏🏻

Happy new year !🙏🏻🙏🏻🙏🏻
01/01/2025

Happy new year !🙏🏻🙏🏻🙏🏻

7729 likes, 239 comments. “Do This in New Year 2025...”

උඳුවප් පොහොයේ අගය ඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට වි...
14/12/2024

උඳුවප් පොහොයේ අගය

ඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.

ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක්‌ දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස්‌ රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි.

තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස්‌ දී ඇත.

ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස්‌ රජතුමා විසින් හසුනක්‌ පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක්‌ සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක්‌ තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත.

අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත.

ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක්‌ නොව උඳුවප් පොහොයේ සිට වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය.

Unduvap Poya ෴ උඳුවප් පෝයThis public holiday in Sri Lanka takes place on the full moon day of Unduvap, the ninth month i...
14/12/2024

Unduvap Poya ෴ උඳුවප් පෝය

This public holiday in Sri Lanka takes place on the full moon day of Unduvap, the ninth month in the Sinhalese calendar. It usually falls in December in the Western calendar.

Unduvap Full Moon Poya day, Celebrates the arrival of the Bo tree sapling in Anuradhapura, brought by Ashoka’s daughter, Sangamitta.

Lord Buddha is said to have attained Enlightenment by meditating under a Bodhi Tree in Bihar, India. In the 3rd century BC, Sangamitta Theri, the daughter of Emperor Ashoka brought a sapling from this Bodhi tree to Sri Lanka, arriving on Unduvap Poya day.

The sapling was planted in 288 BC by King Devanampiya Tissa, in the Mahamevnāwa Park in Anuradhapura, Sri Lanka, where it still grows today. This makes it the oldest living human-planted tree in the world with a known planting date.

Today the tree is one of the most sacred relics for Buddhists in Sri Lanka and respected by Buddhists all over the world. Thousands of devotees come to Anuradhapura on Unduvap Poya day to pay homage to the sacred Bo tree and observe the five precepts in order to lead exemplary lives.

Anuradhapura was a Ceylonese political and religious capital that flourished for 1,300 years. The city was abandoned after an invasion in 993 AD. Hidden away in dense jungle for many years, the splendid site, with its palaces, monasteries and monuments, is now accessible once again. It was added to the list of UNESCO World Heritage Sites in 1982.

It is also recorded that during the Lord Buddha’s lifetime, He visited Sri Lanka, and on one of these visits placed His footprint on the summit of the mountain known as Sri Pada or Adam’s Peak. This was on the invitation of lord Sumana Saman. From then on the Sri Pada pilgrimage became an integral part of every Buddhist’s spiritual journey, to be embarked on at least once in a lifetime.

🌸 🌿 🌸 ❛❛ බුදු ගුණ අනන්තයි.❜❜🌸🌿🌸🌸🌿🌸අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත වේවා.!!!🌸🔰🌸01. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්...
30/11/2024

🌸 🌿 🌸 ❛❛ බුදු ගුණ අනන්තයි.❜❜🌸🌿🌸

🌸🌿🌸අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත වේවා.!!!

🌸🔰🌸01. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඒකාන්තයෙන් ම, බොහෝ ජනයාට හිත-සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙවි මිනිසුන් හට යහපත පිණිස, පිළිවෙතෙහි යෙදුනු සේක. ස්වාමීනී, මේ අයුරින්, බොහෝ ජනයාට හිත-සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙවි මිනිසුන් හට යහපත පිණිස, පිළිවෙතෙහි යෙදුනු, වෙන ශාස්තෘවරයෙකු නම්, අතීතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණ කොට, අපි නො දකිමු.🔰🌸

🌸🌿🌸02. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඉතා යහපත් ලෙස, උතුම් ධර්මය දෙසන ලද්දේ ය. ඔබ වහන්සේ ගේ ධර්මය ඒකාන්තයෙන් ම සන්දිට්ඨික වෙයි, අකාලික වෙයි.. ඒහි පස්සික වෙයි, ඕපනයික වෙයි, නුවනැත්තන් හට තම තම නැණ පමණින් දැකගත හැකි වෙයි. ස්වාමීනී, මෙවැනි ඕපනයික ධර්මයක්, දේශනා කොට වදාළ, වෙන ශාස්තෘවරයෙකු නම්, අතීතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණ කොට, අපි නොදකිමු.🌿🌸

🌸🔰🌸03. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, මේවා කුසල් ය, මේවා අකුසල්ය, මෙය හොඳ දෙයකි, මෙය යහපත් නොවන දෙයකි, මෙය සේවනය කළ යුතු ය, මෙය සේවනය නො කළ යුතු යයි කියා, ලොවෙහි පවතින කුසල්-අකුසල්, හොඳ-නරක, යහපත-අයහපත මැනවින් පෙන්වා දුන් සේක. ස්වාමීනී, මේ අයුරින් මනාව කුසල්-අකුසල් පෙන්වා දුන්, වෙන ශාස්තෘ වරයෙකු, අතීතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණු කොට, අපි නම් නො දකිමු.🔰🌸

🌸🌿🌸04. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඒ අමා මහ නිවන ද, ඒ නිවනට යන මාර්ගය වූ, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද, ගංගා නදියෙහි ජලය, යමුනා දියට එක් වුන පරිද්දෙන් මැනවින් ගැලපී යන ලෙස, ශ්‍රාවක ජනයාට, පෙන්වා වදාළ සේක. ස්වාමීනී, මෙතරම් සුන්දර ලෙස, ඒ අමා මහ නිවන ද, ඒ අමා නිවන් මග ද, දේශනා කොට වදාළ, වෙන ශාස්තෘවරයෙක නම්, අතිතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණු කොට, අපි නො දකිමු.🌿🌸

🌸🔰🌸05. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවෙන් අග පැමිණි සේක. එනමුදු ඔබ වහන්සේ, දානය පවා වැළදුවේ, ජීවිත යාත්‍රාව පිණිස පමණි. මේ ආකාරයෙන්, කිසිවකට නො ඇලුණු, කිසිවකට නො බැදුනු, පොකුණෙන් උඩට විත්, පිපෙනා පියුමක් සේ, ලොවට නො ඇලී සිටි, වෙන ශාස්තෘවරයෙකු නම්, අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට, අපි නො දකිමු.🔰🌸

🌸🌿🌸06. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමීපයෙහි, ඔබ වහන්සේ පිළිසරණ කොට, ගිහි ජීවිතය අතහැර, ඔබ වහන්සේ ගේ සසුනට පැමිණි, මග ඵල ලාභී, සේඛ ශ්‍රාවකයන් ද, රහතන් වහන්සේලා ද, ඔබ වහන්සේ පිරිවරා සිටිද්දී, ඒ ශ්‍රාවකයන් සමග එක් නොවී, හුදෙකලාවේ ම, හුදෙකලා සිතින්, වැඩ සිටි සේක. ස්වාමීනි, මෙවැනි ගුණයෙන් හෙබි, ශාස්තෘවරයෙකු නම්, අතීතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණු කොට, අපි නො දකිමු.🌿🌸

🌸🔰🌸07. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යමක් පවසන සේක් ද, ඒ අයුරින් ම කරණ සේක. යමක් කරනා සේක් ද, ඒ අයුරින් ම පවසන සේක. මෙසේ යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, වෙන ශාස්තෘවරයෙකු නම්, අතීතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණු කොට, අපි නො දකිමු.🔰🌸

🌸🌿🌸08. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, දහම් දෙසුවේ, සැක රහිතව ම ය. ඔබ වහන්සේ, අවබෝධ කර ගත් දේ, ප්‍රත්‍යක්ෂ කළ දේ, සාක්ෂාත් කළ දේ, කිසි සැකයකින් තොරව, කිසි පැකිලීමකින් තොරව, කිසි පැටලීමකින් තොර ව, හිරු සඳු පෙන්වන සේ, ඉතා පැහැදිලි ව, ඒ අමා නිවන් මග, පෙන්වා දුන් සේක. මේ අයුරින්, සැක රහිතව දහම් දෙසූ, වෙන ශාස්තෘවරයෙකු නම්, අතීතයේ හෝ වර්තමානයේ හෝ, ඔබ වහන්සේ හැරුණු කොට, අපි නො දකිමු.🌿🌸

🌸🔰🌸ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම ඔබ වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝක විදූවන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. දසබල ධාරී වන සේක. විශාරද වන සේක. මහාකාරුණික වන සේක.🔰🌸

🌸🌿🌸ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඒකාන්තයෙන් ම, සුපිරිසිදු සිල් ගුණයෙන් ධරණී මාතාව වැනි සේක. නො සැලෙන සමාධියෙන් හිමවත් පව්ව වැනි සේක. අසම සම ප්‍රඥාවෙන් නුබ ගැබ වැනි සේක. හමා යන පවන මෙන් කිසි තැනෙක නො ඇලෙන සේක. සඳඑළිය මෙන් ලෝකය සනසන සේක. හිරු මඬල මෙන් තුන් ලොව බබළවන සේක. මහාමේඝයක් මෙන් ගිනි ගත් ලෝකය නිවා සනසන සේක. මහා සයුර මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක.🌿🌸

🌸🔰🌸ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකානත්යෙන් ම, මහාවීර වන සේක. මහා යසස් ඇති සේක. විරජ වන සේක. දේවාතිදේව වන සේක. ඛීණාසව වන සේක. අනීඝ වන සේක. තුන් ලොවෙහි අනුත්තර වූ සිහරජාණන් වන සේක. සමචිත්ත වන සේක. අසහාය වන සේක. ඉසිසත්තම වන සේක. අසම වන සේක. අප්පමෙය්‍ය වන සේක. අනුපම වන සේක. මිනිසත් කලල් විල මත සුපිපුණු සුදෝසුදු සියපත වන සේක!මිනිසත් කලල් විල මත සුපිපුණු, සුදෝ සුදු සියපත වන සේක.🔰🌸

🌸🌿🌸ඒ භාග්‍යවත් වූ අරහත් වූ, ගෞතම නම් වූ, අප ගේ ශාස්තෘ වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ, ඒ අනන්ත වූ අප්‍රමාණ වූ, අසිරිමත් වූ, සම්බුදු ගුණ බලයෙන්, සියලු යහපත සැළසේවා. රෝ බිය දුරින් දුරු වේවා! නිසි කල වැසි වසීවා!, කෙත් වතු සාර වේවා! ලෝකය සුඛිත වේවා! සාමය පැතිරේවා! මුලු තුන් ලොව ම, නිවී සැනසේවා!🌸🌿🌸

සාදු 🌸🌿සාදු🌸🌿 සාදු!!!

" සබ්බ පාපස්ස අකරණං     කුසලස්ස උපසම්පදා   සචිත්ත පරියෝදපනං   ඒතං බුද්ධානුසාසනං " 🔹️ සියළු පව් දුරැ කළ යුතුයි       කුසල...
28/11/2024

" සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං "

🔹️ සියළු පව් දුරැ කළ යුතුයි
කුසල් රැස් කර ගත යුතුයි
තම සිත පිරිසිදු කර ගත යුතුයි
මේ සියළු බුදුවරැන්ගේ දේශනාවයි!

සුභ උදෑසනක් වේවා!!!

🙏🙏🙏 🙏🙏🙏

“ Sabba päpassa akaranan,
Kusalassa upasampadä,
Sachitta pariyö dapanan,
Etan Buddhänasäsanan. ”

🔹️ One should eliminate all sins
Should accumilate high merits
Should purify his mind
This is the teaching of all Buddhas -

Have a Blessed day !!!

May the merits from this Dhamma-dāna be to the welfare and happiness of all beings..

🙏🙏🙏🙏🙏🙏🙏🙏



නිර්වාණය / Nirvana

▪️ මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට යි ‘කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුංරාගදෝස පරේතේහි – නායං ධම්මෝ සුසම්බුධෝ’‘මා ...
30/09/2024

▪️ මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට යි

‘කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං
රාගදෝස පරේතේහි – නායං ධම්මෝ සුසම්බුධෝ’

‘මා විසින් ඉතා දුක සේ ධර්මය අවබෝධ කරන ලද්දේ ය. එය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පලෙක් නැත. රාග ද්වේෂ ආදී කෙලෙසුන්ට යට වී සිටින උදවියට මේ ධර්මය ලෙහෙසියෙන් අවබෝධ කළ නොහැක්කේ ය. ’



නිර්වාණය / Nirvana

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when නිර්වාණය / Nirvanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share