07/04/2026
මහවිහාරවංශීක ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාව මගින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රි ලංකා ත්‍රිපිටක විභාගයේ 2026 වර්ෂය සදහා අයදුම්පත්‍ර භාරගැනීම ජුලි මස 31 වන දින දක්වා සිදු කෙරේ.
ගරු ස්වාමින් වහන්සේලා , සිල්මැනින් වහන්සේලා , ගිහි පින්වතුන් ( විශේෂයෙන් දහම් පාසල් ගුරුභවතුන් ) හා විභාග සඳහා ඇල්මක් දක්වන ඕනෑම අයකු හට මේ සදහා අයදුම් කළ හැකිය.
විභාග පරික්ෂණ හා ඊට අදාළ සුදුසුකම් :
1. ත්‍රිපිටක ප්‍රවේශ පරික්ෂණය : සුදුසුකම් අවශ්‍ය නොවේ , ඕනැම අයකුට මේ සදහා අයදුම් කළ හැකිය.
2. ත්‍රිපිටකාචාර්ය පරික්ෂණය : ප්‍රවේශ පරික්ෂණයේන් සමත් ඕනැම අයකුට හෝ ප්‍රාචින මධ්‍ය පරික්ෂණයේ පාලි කොටසින් සමත් වූවන්ට , විශ්ව විද්‍යාලයේ බෞද්ධ විෂයන්ගෙන් ( බෞද්ධ දර්ශනය / බෞද්ධ ශිෂ්ටාචාරය/ බෞද්ධ මනෝවිද්‍යාව / බෞද්ධ සංස්කෘතිය / පාලි ) යන විෂයන්ගෙන් ප්‍රථම ශාස්ත්‍ර පරික්ෂණයෙන් සමත් වූවන්ට මේ සදහා පෙනි සිටිය හැකිය.
සද්ධර්මාචාර්ය , විනයාචාර්ය , අභිධර්මාචාර්ය වශයෙන් උක්ත පිටකයන් යටතේ ද පරික්ෂණ සදහා ඉදිරිපත් විය හැකිය. එක් වර්ෂයකදි කළ හැක්කෙ එක් පරික්ෂණයක් පමණි.
3. ත්‍රිපිටක විසාරද පරික්ෂණය : ත්‍රිපිටකාචාර්ය පරික්ෂණයෙන් සමත් වූවන්ට හා ප්‍රාචින අවසාන පාලි කොටසින් සමත් වූවන්ටද , විශ්ව විද්‍යාල මූලීක බෞද්ධ විෂයන් යටතේ උපාධි පරික්ෂණය සමත් වූවන්ට මේ සදහා පෙනි සිටිය හැකිය.
සද්ධර්ම විසාරද , විනය විසාරද , අභිධර්ම විසාරද වශයෙන් උක්ත පිටකයන් යටතේ ද පරික්ෂණ සදහා ඉදිරිපත් විය හැකිය. එක් වර්ෂයක දි කල හැක්කේ එක් පරික්ෂණයක් පමණි.
4 . ධර්ම කීර්තී ශ්‍රී උපාධිය : පරියත්ති සංවර්ධන සභාව මගින් අනුමත කරන මාතෘකාවක් අනුව ප්‍රමාණවත් ටයිප් පිටු 100කට වැඩි නිබන්ධනයක් සපයා එය පරියත්ති සංවර්ධන සභාව පත් කරන විද්වත් මණ්ඩලයකින් අනුමත වුවහොත් නිබන්ධනකරුට ධර්මකීර්ති ශ්‍රී උපාධිය පිරිනමනු ලබයි .
මෙම ආගමෝපාධි පරීක්ෂණයන්ට සම්බන්ධ වී සාමාර්ථ ලබා ත්‍රිපිටක ධර්ම ඥානය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා ගිහි පැවිදි සෑම සියලු දෙනාටම අවකාශය සැලසී ඇති බැවින් මේ සදහා ඔබගේ අවධානය යොමු කරත්වා !!!
අයදුම්පත්‍රය හා නිර්දේශ පත්‍රය ලබා ගැනීම සඳහා මැසෙන්ජර් ( ඉන්බොක්ස්) පණිවුඩයක් තබන මෙන් කරුණාවෙන් සිහිපත් කරන්නෙමු.
තෙරුවන් සරණයි !!!