Sadaham Ama Wessa

Sadaham Ama Wessa "පින්වත් මහණෙනි,අවසන් වරට ඔබ අමතමි...
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය...
නොපමාව කුසල් වඩන්න"🥀🙏❤️
(1)

05/07/2026

නිකෙලෙස් සිතින් නිවන්පුර වැඩි ජීවමාන යශෝදරා මහරහත් තෙරණින් වහන්ස නමස්කාර කරමි.☸️☸️🙏🙏❤️

25/06/2026

ස්වර්ණමාලි මහා සෑ රඳුන් අභියසින් නැගෙන රන්වන් හිරු කිරණ මෙන්ම, ඔබේ ජීවිතයත් අද දවසේ අලුත් බලාපොරොත්තු සහ සතුටින් පිරි දවසක් වේවා!

​රුවන්වැලි සෑ රඳුන්ගේ ආශිර්වාදයෙන් සැමටම වාසනාවන්ත, බලාපොරොත්තු ඉටුවන සුභ උදෑසනක් වේවා...! 🙏🌅✨

#රුවන්වැලි_සෑය

25/06/2026

දැවුනු හිත් නිවෙන තැන🕊 රුවන්වැලි මහා සෑය 🤍🙏✨

25/06/2026

සියලු පැතුම් ඉටුවන යහපත් දවසක් වේවා 🙏🌸

25/06/2026

🌺ඒවං මේ සුතං.ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ.🌺

🍀මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක.🍀

🌸අථ ඛෝ මහාපජාපති ගෝතමී නවං දුස්සයුගං ආදාය යේන භගවා තේනුපසංකමි.

🌷එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියාය.🌷

🌺උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි.🌺

🍀එළඹ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එකත්පසක හුන්නීය.🍀

🌸ඒකමන්තං නිසින්නා ඛෝ මහාපජාපති ගෝතමී භගවන්තං ඒතදවෝච.🌸

🌷එකත්පසක හුන්නාවූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.🌷

🍁ඉදං මේ භන්තේ, නවං දුස්සයුගං භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං.🍁

🪻ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී.🪻

🌺තං මේ භන්තේ, භගවා පටිග්ගණ්හාතු අනුකම්පං උපාදායාති.🌺

🍀ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි.🍀

🌸ඒවං වුත්තේ භගවා මහාපජාපතිං ගෝතමිං ඒතදවෝච.🌸

🌷මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය🌷

🌼සංඝේ ගෝතමි දේහි🌼

🌻ගෞතමිය, සංඝයාට දෙව🌻

🌺සංඝේ තේ දින්නේ අහඤ්චේව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති.🌺

🍀ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි, සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.🍀

🌸දුතියම්පි ඛෝ මහාපජාපති ගෝතමී භගවන්තං ඒතදවෝච.🌸

🌷දෙවනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.🌷

🍁ඉදං මේ භන්තේ, නවං දුස්සයුගං භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං.🍁

🪻ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී.🪻

🌺තං මේ භන්තේ, භගවා පටිග්ගණ්හාතු අනුකම්පං උපාදායාති.🌺

🍀ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි.🍀

🌸දුතියම්පි ඛෝ භගවා මහාපජාපතිං ගෝතමිං ඒතදවෝච.🌸

🌷දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය.🌷

🌼සංඝේ ගෝතමි දේහි🌼

🌻ගෞතමිය, සංඝයාට දෙව🌻

🌺සංඝේ තේ දින්නේ අහඤ්චේව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති.🌺

🍀ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි, සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.🍀

🌸තතියම්පි ඛෝ මහාපජාපති ගෝතමී භගවන්තං ඒතදවෝච.🌸

🌷තෙවනුවද මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.🌷

🍁ඉදං මේ භන්තේ, නවං දුස්සයුගං භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං.🍁

🪻ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදී. තමන් විසින්ම වියන ලදී.🪻

🌺තං මේ භන්තේ, භගවා පටිග්ගණ්හාතු අනුකම්පං උපාදායාති.🌺

🍀ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යනුයි.🍀

🌸තතියම්පි ඛෝ භගවා මහාපජාපතිං ගෝතමිං ඒතදවෝච.🌸

🌷තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය.🌷

🌼සංඝේ ගෝතමි දේහි🌼

🌻ගෞතමිය, සංඝයාට දෙව🌻

🌺සංඝේ තේ දින්නේ අහඤ්චේව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති.🌺

🍀ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි, සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.🍀

🌸ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච.🌸

🌷මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.🌷

🌺පටිග්ගණ්හාතු භන්තේ, භගවා මහාපජාපතියා ගෝතමියා නවං දුස්සයුගං🌺

🍀ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියගේ අළුත්වූ වස්ත්‍ර යුවළ පිළිගන්නා සේක්වා!🍀

🏵️බහූපකාරා භන්තේ, මහාපජාපති ගෝතමී භගවතෝ.🏵️

🪷ස්වාමීනි, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය.🪷

🌺මාතුච්ඡා ආපාදිකා පෝසිකා ඛීරස්ස දායිකා.

🍀මවගේ සහෝදරිය ය. අත් පා වැඩූහ. පොෂණය කළාය. කිරි දුන්නීය.🍀

🏵️භගවන්තං ජනෙත්තියා කාලකතාය ථඤ්ඤං පායේසි.🏵️

🪷භාග්‍යවතුන් වහන්සේට වැදූ මව කළුරිය කල කල්හි කිරි පෙව්වාය.🪷

🌺භගවාපි භන්තේ, බහූපකාරෝ මහාපජාපතියා ගෝතමියා.🌺

🍀ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේ වේ.🍀

🌸භගවන්තං භන්තේ, ආගම්ම මහාපජාපති ගෝතමී,🌸

🌷ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ,🌷

🌺බුද්ධං සරණං ගතා🌺

🍀බුදුන් සරණ කොට ගියාය🍀

🏵️ධම්මං සරණං ගතා🏵️

🪷ධර්මය සරණ කොට ගියාය🪷

🌺සංඝං සරණං ගතා🌺

🍀සංඝයා සරණ කොට ගියාය🍀

🌸භගවන්තං භන්තේ, ආගම්ම මහාපජාපති ගෝතමී,🌸

🌷ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෞතමී තෝමෝ,🌷

🏵️පාණාතිපාතා පටිවිරතා🏵️

🪷සතුන් මැරීමෙන් වැළකුනීය🪷

🌺අදින්නාදානා පටිවිරතා🌺

🍀සොරකම් කිරීමෙන් වැළකුනීය🍀

🏵️කාමේසුමිච්ඡාචාරා පටිවිරතා🏵️

🪷කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීය

🌺මුසාවාදා පටිවිරතා🌺

🍀බොරු කීමෙන් වැළකුනීය🍀

🏵️සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා

🪷රහමෙර පානය කිරීමෙන් වැළකුනීය🪷

🌸භගවන්තං භන්තේ, ආගම්ම මහාපජාපති ගෝතමී,🌸

🌷ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ,🌷

🌺බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතා

🍀බුදුන් කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය.🍀

🏵️ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතා

🪷ධර්මය කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්තවූවාය.🪷

🌺සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතා

🍀සංඝයා කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය.🍀

🏵️අරියකන්තේහි සීලේහි සමන්නාගතා🏵️

🪷ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය

🌸භගවන්තං භන්තේ, ආගම්ම මහාපජාපති ගෝතමී,🌸

🌷ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ,🌷

🌺දුක්ඛේ නික්කංඛා🌺

🍀දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූවාය🍀

🏵️දුක්ඛසමුදයේ නික්කංඛා🏵️

🪷දුක්ඛ සමුදය සත්‍යයෙහි සැකනැති වූවාය

🌺දුක්ඛනිරෝධේ නික්කංඛා🌺

🍀දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති වූවාය

🏵️දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය නික්කංඛා

🪷දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවාය.🪷

🌺භගවාපි භන්තේ, බහූපකාරෝ මහාපජාපතියා ගෝතමියා”ති.🌺

🍀ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහා ප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇති සේකැයි,” (සැලකෙළේය.)🍀

🌼ඒවමේතං ආනන්ද🌼

🌻ආනන්දය, එය එසේය🌻

🌺ඒවමේතං ආනන්ද🌺

🍀ආනන්දය, එය එසේය🍀

🌼යං හි ආනන්ද, පුග්ගලෝ පුග්ගලං ආගම්ම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති,🌼

🌻යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද,🌻

🌺ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි,🌺

🍀ආනන්දය, මේ (ආචාර්ය වූ) පුද්ගලයාහට මේ (අතවැසි වූ) පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැකි යයි, කියමි. (කෘතගුණ සලකා අවසන් කරන්නට නොහැකිය)🍀

🌼යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්ම සාමීචිකම්මචීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානුප්පදානේන.🌼

🌻එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් දීමෙනි.🌻

🌺යං හානන්ද, පුග්ගලෝ පුග්ගලං ආගම්ම

🍀ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම,🍀

🌼පාණාතිපාතා පටිවිරතා හෝති🌼

🌻සතුන් මැරීමෙන් වැළකුනේ වේද🌻

🌺අදින්නාදානා පටිවිරතා හෝති🌺

🍀සොරකම් කිරීමෙන් වැළකුනේ වේද🍀

🌼කාමේසුමිච්ඡාචාරා පටිවිරතා හෝති🌼

🌻කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද,🌻

🌺මුසාවාදා පටිවිරතා හෝති🌺

🍀බොරු කීමෙන් වැළකුනේ වේද🍀

🌼සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා හෝති,🌼

🌻රහමෙර පානය කිරීමෙන් වැළකුනේ වේද🌻

🌸ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි.🌸

🌷ආනන්දය, මේ (ආචාර්ය වූ) පුද්ගලයාහට මේ (අතවැසි වූ) පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැකි යයි, කියමි. (කෘතගුණ සලකා අවසන් කරන්නට නොහැකිය)🌷

🌺යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානුප්පදානේන.🌺

🍀එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකර දීමෙනි.🍀

🌼යං හානන්ද, පුග්ගලෝ පුග්ගලං ආගම්ම

🌻ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම,🌻

🌺බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.🌺

🍀බුදුන් කෙරෙහි, අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද,🍀

🌼ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති,🌼

🌻ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද,🌻

🌺සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති,🌺

🍀සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද,🍀

🌼අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති,🌼

🌻ආර්‍ය්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද,🌻

🌸ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි.🌸

🌷ආනන්දය, මේ (ආචාර්ය වූ) පුද්ගලයාහට මේ (අතවැසි වූ) පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැකි යයි, කියමි. (කෘතගුණ සලකා අවසන් කරන්නට නොහැකිය)🌷

🌺යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානුප්පදානේන.🌺

🍀එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි.🍀

🌼යං හානන්ද, පුග්ගලෝ පුග්ගලං ආගම්ම

🌻ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම,🌻

🌺දුක්ඛේ නික්කංඛෝ හෝති🌺

🍀දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වේද🍀

🌼දුක්ඛසමුදයේ නික්කංඛෝ හෝති🌼

🌻දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැත්තේ වේද

🌺දුක්ඛනිරෝධේ නික්කංඛෝ හෝති🌺

🍀දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැත්තේ වේද

🌼දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය නික්කංඛෝ හෝති,🌼

🌻දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැත්තේ වේද,🌻

🌸ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන න සුප්පතිකාරං වදාමි,🌸

🌷ආනන්දය, මේ (ආචාර්ය වූ) පුද්ගලයාහට මේ (අතවැසි වූ) පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැකි යයි, කියමි. (කෘතගුණ සලකා අවසන් කරන්නට නොහැකිය)🌷

🌺යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානුප්පදානේන,🌺

🍀එනම්, වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි කිරීම, ගරුබුහුමන් කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම යන මෙයිනි.🍀

🌼චුද්දස ඛෝ පනිමානන්ද, පාටිපුග්ගලිකා දක්ඛිණා.🌼

🌻ආනන්දය, පුද්ගලික දාන මේ දාහතරක් වෙත්.🌻

🌸කතමා චුද්දස🌸

🌷කවර දාහතරක්ද යත්?🌷

🌼තථාගතේ අරහන්තේ සම්මාසම්බුද්ධේ දානං දේති🌼

🌻අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද,🌻

🌺අයං පඨමා පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ පළමුවන පුද්ගලික දානයයි🍀

🌼පච්චේකබුද්ධේ දානං දේති🌼

🌻පසේ බුදුන් කෙරෙහි දානය දේද🌻

🌺අයං දුතියා පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ දෙවන පුද්ගලික දානයයි🍀

🌼තථාගතසාවකේ අරහන්තේ දානං දේති🌼

🌻තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද,🌻

🌺අයං තතියා පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ තුන් වන පුද්ගලික දානයයි🍀

🌼අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නේ දානං දේති.🌼

🌻අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද,🌻

🌺අයං චතුත්ථී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ සතරවන පුද්ගලික දානයයි🍀

🌼අනාගාමිස්ස දානං දේති🌼

🌻අනාගාමි පුද්ගලයෙකුට දානය දේද,🌻

🌺අයං පඤ්චමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ පස්වන පුද්ගලික දානයයි🍀

🌼අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නේ දානං දේති,🌼

🌻අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද,🌻

🌺අයං ඡට්ඨී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ සයවන පුද්ගලික දානයයි🍀

🌼සකදාගාමිස්ස දානං දේති🌼

🌻සකෘදාගාමි පුද්ගලයෙකුට දානය දේද,🌻

🌺අයං සත්තමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ සත්වන පුද්ගලික දානයයි🍀

🌼සකසකෘදාගාමිදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නේ දානං දේති,🌼

🌻සකදාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද,🌻

🌺අයං අට්ඨමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ අටවන පුද්ගලික දානයයි🍀

🌼සෝතාපන්නේ දානං දේති🌼

🌻සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද

🌺අයං නවමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ නවවන පුද්ගලික දානයයි🍀

🌼සෝතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නේ දානං දේති,🌼

🌻සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද,🌻

🌺අයං දසමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ දසවන පුද්ගලික දානයයි🍀

🌼බාහිරකේ කාමේසු වීතරාගේ දානං දේති

🌻සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද,🌻

🌺අයං ඒකාදසමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ එකොළොස්වන පුද්ගලික දානයයි🍀

🌼පුථුජ්ජනසීලවන්තේ දානං දේති🌼

🌻පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද,🌻

🌺අයං ද්වාදසමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ දොළොස්වන පුද්ගලික දානයයි🍀

🌼පුථුජ්ජනදුස්සීලේ දානං දේති🌼

🌻පෘථග්ජන දුශ්ශීලයෙකු කෙරෙහි දානය දේද

🌺අයං තේරසමී පාටිපුග්ගලිකා දක්ඛිණා🌺

🍀මේ දහතුන්වන පුද්ගලික දානයයි🍀

🌼තිරච්ඡානගතේ දානං දේති🌼

🌻තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද🌻

🌺අයං චුද්දසමී පාටිපුග්ගලිකා දක්ඛිණාති🌺

🍀මේ දහහතර වන පුද්ගලික දානයයි🍀

🌼තත්‍රානන්ද, තිරච්ඡානගතේ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා.🌼

🌻ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය.🌻

🌺පුථුජ්ජනදුස්සීලේ දානං දත්වා සහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා.🌺

🍀පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය.🍀

🌸පුථුජ්ජනසීලවන්තේ දානං දත්වා සතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා.

🌷පෘථග්ජන සීලවන්තයෙකු කෙරෙහි දානය දී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය.🌷

🌼බාහිරකේ කාමේසු වීතරාගේ දානං දත්වා කෝටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා.🌼

🌻ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය.🌻

🌺සෝතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නේ දානං දත්වා අසංඛෙය්‍යා අප්පමෙය්‍යා දක්ඛිණා පාටිකංඛිතබ්බා.🌺

🍀සෝවාන්ඵලය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය.🍀

🌸කෝ පන වාදෝ සෝතාපන්නේ🌸

🌷සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද?🌷

🌼කෝ පන වාදෝ සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නේ.🌼

🌻සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද?🌻

🌺කෝ පන වාදෝ සකදාගාමිස්ස🌺

🍀සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද

🌸කෝ පන වාදෝ අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නේ,🌸

🌷අනාගාමිඵලය ප්‍රත්‍යක්ෂකිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද?🌷

🌼කෝ පන වාදෝ අනාගාමිස්ස🌼

🌻අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද?

🌺කෝ පන වාදෝ අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නේ,🌺

🍀අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද?🍀

🌸කෝ පන වාදෝ තථාගතසාවකේ අරහන්තේ

🌷තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද?🌷

🌼කෝ පන වාදෝ පච්චේකබුද්ධේ🌼

🌻පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද?🌻

🌺කෝ පන වාදෝ තථාගතේ අරහන්තේ සම්මාසම්බුද්ධේ ති.🌺

🍀අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දුන් දානනෙහි අනුසස්) කියනුම කවරේද?🍀

🌼සත්ත ඛෝ පනිමානන්ද, සංඝගතා දක්ඛිණා

🌻ආනන්දය, මේ සංඝික දාන සතක් වෙත්🌻

🌸කතමා සත්ත🌸

🌷කවර සතක්දයත්?🌷

🌺බුද්ධප්පමුඛේ උභතෝසංඝේ දානං දේති🌺

🍀බුදුන් ප්‍රධාන (භික්ෂු භික්ෂුණී යන) උභය සංඝයා විෂයෙහි දානය දේද,🍀

🌼අයං පඨමා සංඝගතා දක්ඛිණා🌼

🌻මෙය පළමුවන සංඝික දානයයි🌻

🌺තථාගතේ පරිනිබ්බුතේ උභතෝසංඝේ දානං දේති,🌺

🍀තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි උභය සංඝයා විෂයෙහි දානය දේද,🍀

🌸අයං දුතියා සංඝගතා දක්ඛිණා🌸

🌷මෙය දෙවන සංඝික දානයයි🌷

🌺භික්ඛුසංඝේ දානං දේති🌺

🍀භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද🍀

🌼අයං තතියා සංඝගතා දක්ඛිණා🌼

🌻මේ තුන්වන සංඝික දානයයි🌻

🌺භික්ඛුනිසංඝේ දානං දේති🌺

🍀භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද🍀

🌸අයං චතුත්ථී සංඝගතා දක්ඛිණා🌸

🌷මේ සතරවන සංඝික දානයයි🌷

🌺එත්තකා මේ භික්ඛූ ච භික්ඛුනියෝ ච සංඝතෝ උද්දිස්සථා’ති දානං දේති🌺

🍀මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලාත්, මෙපමණ භික්ෂුණීන් වහන්සේලාත් වඩම්මවාදෙන්න’යි ලබාගෙන දානය දේද,🍀

🌼අයං පඤ්චමී සංඝගතා දක්ඛිණා🌼

🌻මෙය පස්වන සංඝික දානයයි🌻

🌺එත්තකා මේ භික්ඛූ සංඝතෝ උද්දිස්සථා’ති දානං දේති.🌺

🍀මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලා වඩම්මවාදෙන්න’යි ලබාගෙන දානය දේද,🍀

🌸අයං ඡට්ඨී සංඝගතා දක්ඛිණා🌸

🌷මෙය සයවෙනි සංඝික දානයයි🌷

🌺එත්තකා මේ භික්ඛුනියෝ සංඝතෝ උද්දිස්සථා’ති දානං දේති.🌺

🍀මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂුණීන් වහන්සේලා වඩම්මවාදෙන්න’යි ලබාගෙන දානය දේද,🍀

🌼අයං සත්තමී සංඝගතා දක්ඛිණා🌼

🌻මෙය සත්වෙනි සංඝික දානයයි🌻

🌺භවිස්සන්ති ඛෝ පනානන්ද, අනාගතමද්ධානං ගෝත්‍රභුනෝ කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා.🌺

🍀ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය

🌼තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති.🌼

🌻ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය.🌻

🌺තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි.🌺

🍀ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි.🍀

🌼න ත්වේවාහං ආනන්ද, කේනචි පරියායේන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි.🌼

🌻ආනන්දය, කිසියම් ආකාරයකින් සාංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි.🌻

🌺චතස්සෝ ඛෝ ඉමා ආනන්ද, දක්ඛිණා විසුද්ධියෝ.🌺

🍀ආනන්දය, මේ දාන විසුද්ධිහු සතරක් වෙත්

🌸කතමා චතස්සෝ🌸

🌷කවර සතරක්දයත්?🌷

🌼අත්ථානන්ද, දක්ඛිණා දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ.🌼

🌻ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු වේද, (මහත්ඵල වේද) ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය.🌻

🌺අත්ථානන්ද, දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති නෝ දායකතෝ.🌺

🍀ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය.🍀

🌼අත්ථානන්ද, දක්ඛිණා නේව දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ.🌼

🌻ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද, එබඳු දානයක් ඇත්තේය.🌻

🌺අත්ථානන්ද, දක්ඛිණා දායකතෝ චේව විසුජ්ඣති පටිග්ගාහකතෝ ච.🌺

🍀ආනන්දය, දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද, එබඳු දානයක් ඇත්තේය.🍀

🌸කථඤ්චානන්ද, දක්ඛිණා දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ.🌸

🌷ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේද,?🌷

🌼ඉධානන්ද, දායකෝ හෝති සීලවා කල්‍යාණධම්මෝ,🌼

🌻ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද

🌺පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාපධම්මා.

🍀ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද,🍀

🌼ඒවං ඛෝ ආනන්ද, දක්ඛිණා දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ.🌼

🌻ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවේ.🌻

🌸කථඤ්චානන්ද, දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති නෝ දායකතෝ.🌸

🌷ආනන්දය, කෙසේ නම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේද, දායකයා කෙරෙන් පිරිසිදු නොවේද,?🌷

🌺ඉධානන්ද, දායකෝ හෝති දුස්සීලෝ පාපධම්මෝ,🌺

🍀ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද,🍀

🌼පටිග්ගාහකා හොන්ති සීලවන්තෝ කල්‍යාණධම්මා.🌼

🌻ප්‍රතිග්‍රාහකයෝ සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද,🌻

🌺ඒවං ඛෝ ආනන්ද, දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති නෝ දායකතෝ.

🍀ආනන්දය, මෙසේ වනාහි දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ. දායකයා කෙරෙන් පිරිසිදු නොවේ.🍀

🌸කථඤ්චානන්ද, දක්ඛිණා නේව දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ🌸

🌷ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසිදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු නොවේද?🌷

🌼ඉධානන්ද, දායකෝ ච හෝති දුස්සීලෝ පාපධම්මෝ,🌼

🌻ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද දුශ්ශීලවූ ලාමකවූ ස්වභාව ඇත්තෙක්වේද,🌻

🌺පටිග්ගාහකා ච හොන්ති දුස්සීලා පාපධම්මා

🍀ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත් ද,🍀

🌼ඒවං ඛෝ ආනන්ද, දක්ඛිණා නේව දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ.

🌻ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙහිද පිරිසිදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසිදු නොවේ.🌻

🌸කථඤ්චානන්ද, දක්ඛිණා දායකතෝ චේව විසුජ්ඣති පටිග්ගාහකතෝ ච🌸

🌷ආනන්දය, කෙසේ නම්, දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේද?🌷

🌺ඉධානන්ද, දායකෝ ච හෝති සීලවා කල්‍යාණධම්මෝ,🌺

🍀ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද,🍀

🌼පටිග්ගාහකා ච හොන්ති සීලවන්තෝ කල්‍යාණධම්මා.🌼

🌻ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද,🌻

🌺ඒවං ඛෝ ආනන්ද, දක්ඛිණා දායකතෝ චේව විසුජ්ඣති පටිග්ගාහකතෝ ච.🌺

🍀ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසිදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.🍀

🌼ඉමා ඛෝ ආනන්ද, චතස්සෝ දක්ඛිණා විසුද්ධියෝති.🌼

🌻ආනන්දය, මෙය වනාහි දාන විසුද්ධිහු සතරය.🌻

🌸ඉදමවෝච භගවා🌸

🌷භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය🌷

🌺ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.🌺

🍀 මෙය වදාළ, සුගත වූ ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළේය.🍀

🌼යෝ සීලවා දුස්සීලේසු දදාති දානං🌼
🌼ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ🌼
🌼අභිසද්දහං කම්මඵලං උළාරං🌼
🌼සා දක්ඛිණා දායකතෝ විසුජ්ඣති🌼

🌻යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද,🌻

🌻උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය පිරිසිදු වන්නේ දායක පක්ෂයෙනුයි.

🌺යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං🌺
🌺අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ🌺
🌺අනභිසද්දහං කම්මඵලං උළාරං🌺
🌺සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති🌺

🍀යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයිද,🍀

🍀උදාර වූ කර්මඵල විශ්වාසයෙන්, තොර වූ ඒ දානය පිරිසිදු වන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයෙනුයි.

🌼යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං🌼
🌼අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ🌼
🌼අනභිසද්දහං කම්මඵලං උළාරං🌼
🌼න තං දානං විපුලප්ඵලන්ති බ්‍රෑමි🌼

🌻යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද,🌻

🌻උදාර වූ කර්මඵල විශ්වාසයෙන්, තොර වූ ඒ දානය මහත්ඵල මහානුසස් නැහැ කියලයි මා කියන්නේ.🌻

🌺යෝ සීලවා සීලවන්තේසු දදාති දානං🌺
🌺ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ🌺
🌺අභිසද්දහං කම්මඵලං උළාරං🌺
🌺තං වේ දානං විපුලප්ඵලන්ති බ්‍රෑමි🌺

🍀යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයි ද,

🍀උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන් ම මහත්ඵල මහානිසංස තියෙනවා කියලයි මා කියන්නේ

🌼යෝ වීතරාගෝ වීතරාගේසු දදාති දානං🌼
🌼ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ🌼
🌼අභිසද්දහං කම්මඵලං උළාරං🌼
🌼තං වේ දානං ආමිසදානානමග්ගන්ති🌼

🌻යමෙක් වීතරාගීව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව, වීතරාගී උතුමන් හට දානයක් වශයෙන් දෙයිද,🌻

🌻උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන්ම ආමිස දාන අතර අග්‍රයි කියලයි මා කියන්නේ.🌻

🏵️මජ්ඣිම නිකාය🏵️

🏵️උපරි පණ්ණාසකය🏵️

🏵️විභංග වර්ගය🏵️

🏵️දක්ඛිණා විභංග සූත්‍රය🏵️

🌹තිලොවට තිලකයක් වූ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී තථාගත සර්වඥරාජෝත්තම ශ්‍රීමත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා!🌹

Sadaham Ama Wessa

゚ ゚viralシ

24/06/2026

🪷සයිංසු යස්මිං සුගතස්ස ධාතු
🪷නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
🪷සුවණ්ණ මාලීති පතීත නාමං
🪷වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් (දහසය නැලියක් පමණ වූ) ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි!!!
මාගේ නමස්කාරයම වේවා!!!🌻🌻🌻
සාධූ සාධූ සාධූ!!!🌻🌻🌻

🙏🙏🙏

Sadaham Ama Wessa

゚ ゚viralシ

24/06/2026

☸️සුවර්ණමාලී සෑය දැකබලා පිං අනුමෝදන් කරගමු 🙏

සුවර්ණමාලී මහා සෑ රජුන් වහන්සේගේ ශ්‍රී විභූතිය දැක සිත නිවී යන මේ මොහොතේ, එම පින්බර සෙවණේ සිදුකළ සියලු කුසල් කර්ම ලෝකවාසී සැමට අනුමෝදන් කරමු.

🙏 බුදුන් වහන්සේගේ අසීමිත ගුණ සිහි කරමින්, 🙏 ධර්මයේ සැනසීම හදවතට ළඟා කරමින්, 🙏 සංඝ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමින්, අපගේ ජීවිත සුවපත්, සැනසිලිමත් හා යහපත් වේවා.

“මේ පින් බලයෙන් සියලු දුක් දුරුවී, නීරෝගී සුවය, සතුට සහ සමාදානය සැමට උදා වේවා!”

සාදු! සාදු!! සාදු!!! 🙏🌼

❤️🌙 ලස්සන රාත්‍රියක් ඔබ සැමට!
❤️🙏තෙරුවන් සරණයි! 🌹

゚viralシ ゚

24/06/2026

බුදු සරණයි .🙏

Sadaham Ama Wessa

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaham Ama Wessa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sadaham Ama Wessa:

Shortcuts

Share