22/12/2021
1. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා සංඝරත්නය මේ තුන් ලෝකයේම සිටින ශ්රේෂ්ඨතම පුද්ගලයන් වහන්සේලායි කියලා. ඔබගේ පන්සලේ සිටින පුංචි සාමණේරයන් වහන්සේ සක්ර දෙවියන් සහ මහා බ‍්‍රරහ්මයින් වහන්සේලාටත් වඩා උතුම්ය කියලා.
2.ඔබගේ නිවස ආසන්නයේ පන්සල්වල ආරණ්‍යයවල මහා සංඝරත්නයට දිනපතාම පුළු පුළුවන් ආකාරයට දන්දෙන්න. එයින් මහත්ඵල මහානිශංස කුසලයක් ඔබට ලැබෙනු ඇත.
3.ඔබ මුදල් අඩුපාඩු කියා අතපසු කරන්න එපා. පුළු පුළුවන් ආකාරයට ව්‍යයංජනයක් හෝ ගිලන්පස (ඉ`ගුරු තේ, කොත්තමල්ලි, කැඳ, මැල්ලූමක් හෝ පොල් සම්බෝලයක්* හෝ පූජා කල විට ස්වාමින්වහන්සේ පැවසුවේ නැතිවුනත් ඔබ
‘ඉමං භිඛන් භික්ඛු සංඝ්ස්සදේම‘ කියා 3න් වතාවක් කියන්න. එවිට ඔබට සාංඝික දානයේ පින අත්වේ. එය අටමහා කුසලයක් වේ. දානය නොදි මුදල් ඉතුරුකරගෙන කම්මැලි වි සතර අපායට වැටෙන්න එපා.
4.දන් දෙන්නෙ නැතුව මුදල් ඉතුරු කරලා මෙහෙ තියලා හිස් අතින් මැරෙන්න එපා. සතර අපායට වැටෙන්න එපා. දෙවියෙක් වෙන්න නම් දානය දී පන්සිල් රැක සුවපත්වේවා අනිත්යයි මෛත‍්‍රී භාවනාව හිටගෙන සිටින විට හා ඇවිදින විට දිගුකාලීනව වඩා සුවපත් වන්න මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්න පුළුවන්.
5.ඔබ පන්සලට යන විට දානය පූජා කරන්න සුදානම් වන විට ‘සමන්තා චක්කවාලේසු අත්රගච්චන්තු දේවතා‘ කියා 3 න් වතාවක් කියලා දෙවියන්ට ආරාධනා කර දානය පුජා කරන්න.එවිට ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා.
6.සෑම ස්වාමින් වහන්සේ නමකටම සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා මෙන්ම සිතා දානය දෙන්න කියා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා.
7.දන් දුන් පසු මේ අයුරින්ම මෙම සංසාරයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දුන් දාන පිනෙන් අට මහා කුසලය
ඉස්මතුවේ. මේ පුණ්්‍යය ශක්තියේ බලයෙන් අනිත්ය සංඥාව(භාවනාව* වඩාගෙන උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න හැකි වේවා යැයි සිතන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිට මැරෙන මොහොතේ අනිත්්‍යයි ......අනිත්්‍යයි.....කියා
අනිත්්‍යය සංඥාව වඩා මැරෙන විට නැවත නින්දෙන් අවදි වූවාක් මෙන් මරණින් පසු මාර්ගඵලලාභී දෙවියන්
දිව්‍යයන්ගනාවියන් අතර උපදින්න හැකිවේවා යැයි සිතන්න