බෞද්ධ ආරක්ෂා විධි Bauddha Araksha Widhi

බෞද්ධ ආරක්ෂා විධි Bauddha Araksha Widhi ඔබගේ ධනය ලැබීමේ වාසනා ගුණය වැඩි කර ගන්

අද නිකිණි පුන් පොහෝ දිනයයි.උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මාගේ මව්බිම කොරෝනා උවදුරෙන් ආරක්ෂා වේවා!
22/08/2021

අද නිකිණි පුන් පොහෝ දිනයයි.
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මාගේ මව්බිම කොරෝනා උවදුරෙන් ආරක්ෂා වේවා!

☸️ජලනන්දන පිරිතෙන් ඔබේ නිවසට ආරක්ෂාවක් කර ගන්නා ආකාරය☸️තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බලගතු ජලනන්දන පිරි...
19/08/2021

☸️ජලනන්දන පිරිතෙන් ඔබේ නිවසට ආරක්ෂාවක් කර ගන්නා ආකාරය☸️
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බලගතු ජලනන්දන පිරිත භාවිතා කරමින් ඔබටත්, ඔබේ ආදරණීයයන්ට සහ නිවසටත් ආරක්ෂාවක් කර ගත යුත්තේ ඇයි?
1). ඔබ කෙතරම් වෙහෙස මහන්සියෙන් ධනය ඉපයුවද, ඔබගේ සහ ඔබගේ පවුලේ දියුණුවක් ඇති නොවීම..
2). ඔබත් ඔබගේ පවුලේ ආදරණීයනුත් නිතර නිතර රෝගාබාධ වලින් පීඩා විඳීම නිසා මානසික සහනයත්, ආර්ථික දියුණුවත් නැති වීම.
3). අනාගත බලාපොරොත්තු රැසක් සිතේ තබාගෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කැපවීම් කලත්, අධ්‍යාපනය කෙරෙහි දරුවන්ගේ උනන්දුව අඩු වීම.
4). නිවසේ සමගිය සතුට අඩුවීම, සැමියාට බිරිඳත් බිරිඳට සැමියාත් කෙරෙහි ඇතිවන නුරුස්සන ස්වභාවය.
5). නිවස මළගිය ඥාතීන්ගේ සහ අමනුෂ්‍ය බලපෑමට හසුවීම.
6). අසල්වැසින්ගේ හෝ ඥාතීන්ගේ ඇස්වහ කටවහට මෙන්ම හානිකර ගුරුකම් වලින් ඔබේ නිවසත්, නිවැසියනුත් පීඩාවට පත් වීම.

ඉහත සඳහන් කරන ලද අහිතකර බලපෑම් වලින් ඔබ පීඩාවට පත්ව ඇති නම්, අති ප්‍රභල ජල නන්දන පිරිතෙන් ඔබත්, ඔබේ නිවසත් ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම කර ගත යුතුය.
එමගින් ඔබට ධනය, බලය, ශක්තිය මෙන්ම නිදුක් නිරෝගී සුවය ඉතා පහසුවෙන්ම අත් කර ගැනීමට හැකිය.
ජල නන්දන පිරිතෙන් නිවසකට ආරක්ෂාවක් ඔබටම නිවරදිව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම දැනුම සරලව දැන ගැනීම මෙම වීඩියෝව නරඹන්න.👇
https://youtu.be/-5RMlVb-Ndo

☸️මහා බලගතු ජලනන්දන පිරිත භාවිතා කරමින් ජලනන්දන යන්ත්‍රය සාදා ගන්නා ආකාරය☸️ජලනන්දන පිරිත බොහෝ දෙනා විසින් විවිධ වැඩට යොද...
19/08/2021

☸️මහා බලගතු ජලනන්දන පිරිත භාවිතා කරමින් ජලනන්දන යන්ත්‍රය සාදා ගන්නා ආකාරය☸️
ජලනන්දන පිරිත බොහෝ දෙනා විසින් විවිධ වැඩට යොදා ගන්නා බලගතු පිරිතකි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයවලුන් අතර බෙහෙවින් ප්‍රචලිතය. නූගතුන් අතට පත්වීමත්, ගුරු මුෂ්ටි තබා ගැනීමත් නිසා පිටපතින් පිටපතට වචනවල වෙනස්කම් පවතී. පැරණි නිවැරැදි පිටපතක් සොයා ගැනීම ඉතා වැදගත්ය. ආනන්ද තෙරුන් වහන්සේ රොඩී ගැහැණියක විසින් කරන ලද වශී ගුරුකමකට හසුව සිටියදී, බුදු රජාණන් වහන්සේගේ විසින් ආනන්ද තෙරුන් මුදා ගැනීමට මෙම පිරිත දේශනා කළ බව සැලකේ.
💠බලගතු ජලනන්දන පිරිත යන්ත්‍රයක් ලෙස සකසා පැලදීමෙන් ධනය, බලය සහ ශක්තිය වර්ධනය වේ.
💠 නඩු ජයග්‍රහණයටත් , විභාග වලින් සමත් වීමටත් හේතු වේ.
💠 අනවින දෝෂ, ඇස්වහ දෝෂ වලටත් සුබයි.
💠 රෝග සුව වීමටත් මෙය විශේෂයෙන් යහපත්ය.
පැරණි ඉතාමත් නිවැරැදි පිටපතක් භාවිතා කරමින් ජලනන්දන යන්ත්‍රය සාදා ගන්නා ආකාරය දැන ගැනීමට උනන්දු ඔබ සැමට පහත ලින්කුව හරහා වීඩියෝව නරඹිය හැකිය.
https://youtu.be/FqPuzbv82_c

☸️ගැබිණි මව්වරුන්ට අංගුලිමාල පිරිතෙන් ආරක්ෂාවක් ☸️මේ පිරිත ප්‍රසූත කල නොහැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරණු පිණිස බු...
19/08/2021

☸️ගැබිණි මව්වරුන්ට අංගුලිමාල පිරිතෙන් ආරක්ෂාවක් ☸️
මේ පිරිත ප්‍රසූත කල නොහැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරණු පිණිස බුදු රජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි. අංගුලිමාල තෙරුන් වහන්සේ එම මවට මෙම පිරිත කී සැටියේම කිසිම අපහසුවකින් තොරව දරු ප්‍රසූතිය සිදු විය. මවද දරුවාද සුවපත් විය. මහපොළොව පවතින තුරු අංගුලිමාල තෙරුන් පිරිත කී ස්ථානයේ පිරිතේ ආනුභාවය පවතින බව සැලකේ. එය කල්පස්ථායී ප්‍රාතිහාර්යක් බව සඳහන් වේ.
අංගුලිමාල පිරිත මහානුභාව සම්පන්න පිරිතකි. මහ පිරිත කියා ද හදුන්වයි. ගර්භනීන් සුවපත් කිරීමට අමතරව වෙනත් සෙත් ශාන්ති සඳහා ද අංගුලිමාල පිරිත භාවිතා කළ හැකිය.
💠සියලුම රෝග වලටත් ඇස්වහ දෝෂ මෙයින් බොහෝ ගුණ ඇත.
💠තමාවෙත අන් අයගේ ආකර්ෂණය ලබා ගැනීමට භාවිතා කළ හැකිය.
💠සතුරු උපද්‍රව වලින් ආරක්ෂා වීමට භාවිතා කළ හැකිය.
පැන් වලට, තෙල් වලට, නූල් වලට සුදුසු පරිදි පිරිත් කර භාවිතා කළ හැකිය. අංගුලිමාල පිරිතෙන් 7,21,108 හෝ 1000 වරක් පිරිත් කර ගත හැකි අතර වාර ගණන වැඩි වන විට බල වැඩි වේ.
🔯මම මෙහිදී අංගුලිමාල පිරිතෙන් නිවැරැදිව තෙල් පිරිත් කර ගන්නා ආකාරය පැහැදිලි කරන අතර උනන්දුවක් දක්වන පිරිසට පහත ලින්කූව හරහා වීඩියෝව නැරඹීමට හැකිය.
https://youtu.be/k2IKl8BI49I

☸️☸️ ධනය ලැබීමේ වාසනා ගුණය වර්ධනය කලන බෞද්ධ වන්දනා ක්‍රම☸️☸️අල්ප පූජාවක් කල පුද්ගලයෙකුට වුවද, ගෞරවය පමනක් කල පුද්ගලයෙකු...
19/08/2021

☸️☸️ ධනය ලැබීමේ වාසනා ගුණය වර්ධනය කලන බෞද්ධ වන්දනා ක්‍රම☸️☸️
අල්ප පූජාවක් කල පුද්ගලයෙකුට වුවද, ගෞරවය පමනක් කල පුද්ගලයෙකුට වුවද, සිත පහදවා ගැනීම පමනක් කල පුද්ගලයකුට වුවද, මහත් අනුහසක් දෙන පුදුම සහගත වූ බලයක් තථාගතයාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය.
සමාජයේ ඇතැම්හු ඉතාමත් පහසුවෙන් ධනය උපයන අතර, ඇතැම්හු බොහෝ මහන්සි වී ධනවත් වෙති. කෙතරම් මහන්සි වුවද ධනවත් නොවන පිරිසක් ද සිටිති.
මිනිසුන්ගේ මෙම විවිධත්වය ඔවුන්ට ඇති ධනය හිමිවීමේ වාසනා ගුණය අනුව සිදු වන්නකි. ධනය ලැබීමේ වාසනා ගුණය අධික පුද්ගලයා වෙත කෙසේ හෝ ධනය පැමිනේ. වාසනාව මඳ තැනැත්තාට මහන්සි වී ධනය ඉපයීමට සිදුවේ. වාසනාව හීන තැනැත්තාට වෙහෙස වී හෝ ධනය ලැබීම දුෂ්කරය. ලැබෙන ධනයත් කුමන හෝ විපතකින් නැතිවේ.
බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය වර්ණනා කර ස්තුති කරමින් වන්දනා කිරීමෙන් ධනය ලැබීමේ වාසනා ගුණය වැඩිවේ. ධනය සොයන, රැකියාවේ යෙදෙන, රැකියා විරහිත අයට ධනය ලැබීමේ වාසනා ගුණය වර්ධනය කර ගැනීම සඳහා අරහං ගුණයෙන් ස්තුති කර වන්දනා කිරීම ඉතාමත් යහපත්ය.
බුදු රජාණන්වහන්සේ අරහං ගුණය මෙනෙහි කරමින් කරන විශේෂ වන්දනාවෙහි ප්‍රායෝගිකව යෙදිමින් ධනය ලැබීමේ වාසනා ගුණය වර්ධනය කර ගැනීමට ඔබත් කමැති නම්, මෙම වීඩියෝවේ මම එය සරලව පෙන්වා දී ඇත.
ලින්කුව
https://youtu.be/L6GzvOdS5jQ

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when බෞද්ධ ආරක්ෂා විධි Bauddha Araksha Widhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share