ධම්මවේද - Dhammaveda

ධම්මවේද - Dhammaveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ධම්මවේද - Dhammaveda, Buddhist Temple, Colombo.

06/10/2025

බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරනා වටිනා පිංකම 🙏😇

දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර වේ. 🙏

Send a message to learn more

02/10/2025

පාරාජිකා භික්ෂුවකගේ සිවුරු හැරවා යැවීම වරදක්ද? | පූජ්‍ය වටගොඩ මග්ගවිහරී ස්වාමින් වහන්සේ
😇

🌹 අපගේ ධම්මවේද පිටුවට එක් වී වටිනා ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට දායක වෙත්වා!
https://www.facebook.com/share/19n7L49yxD/

දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර වේ. 🙏

සංහාරිම සහ තත්‍රට්ඨක පඨවි කසිණ මණ්ඩල 😇අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ පිංවත් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ ඇතුලු...
19/01/2025

සංහාරිම සහ තත්‍රට්ඨක පඨවි කසිණ මණ්ඩල 😇

අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ පිංවත් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ ඇතුලු ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා කසිණ මණ්ඩල තනා ඇති අයුරු 🙏🙏🙏

අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය 🙏
11/12/2024

අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය 🙏

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයානණ් වහන්සේ ඇතුලු දෙවියන්ට අභිදර්ම දේශනාවෙන් අනතුරුව තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට ...
17/10/2024

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයානණ් වහන්සේ ඇතුලු දෙවියන්ට අභිදර්ම දේශනාවෙන් අනතුරුව තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩිය දින අදයි.

15/10/2024

*වංගීස ස්වාමීන් වහාන්සේට ඇති වු කෙලෙස් ගින්න නිවා ගන්න ආනන්ද ස්වාමීන් වහන්සේ දුන් අවවාදය*

අතිපූජණීය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ 🙇

1. බුද්ධප්‍ර‍තිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?මෙයට දිය යුතු කෙටි පිළිතුර නම් එ වැනි ...
14/10/2024

1. බුද්ධප්‍ර‍තිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?

මෙයට දිය යුතු කෙටි පිළිතුර නම් එ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය, කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව - වැඳුම් පිදුම් කරවා ගැනීමේ ආශාව බුද්ධාදි මහෝත්තමයන් වහන්සේලාට නැත. අනුන් ලවා ගරුබුහුමන් වැඳුම් පිදුම් කරවා ගැනීමට උත්සාහ කරන්නේ කෙලෙස් සහිත වූ ලාමක අදහස් ඇති පුද්ගලයන් විසින් ය. සියලු කෙලෙසුන් නසා සිටින ආර්‍ය්‍යයන් වහන්සේලාට ඒ ලාමක අදහස් කොයින් ද?

දිනක් තථාගතයන් වහන්සේ අලුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්: එදින ම මැරී අපායෙහි උපදින්නට සිටින රොඩී මැහැල්ලක් දැක, ඇය ලවා තමන් වහන්සේට වන්දවා ඒ පිනෙන් ඇය ස්වර්ගයට පැමිණවීමේ අදහසින් බික්සඟන පිරිවරා රජගහනුවරට පිඬු සිඟා වැඩි සේක. සැඩොල් ගැහැණිය ද සැරයටියක ආධාරයෙන් පෙර මඟ එනවා තථාගතයන් වහන්සේට මුණගැසිණ. උන්වහන්සේ ඇය ඉදිරියේ නැවතුණු සේක. එහෙත් තමන් වහන්සේට වැඳ පින් සිදුකර ගනුව’යි නො වදාළ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ ගේ අදහස දැන, ඇය ලවා තථාගතයන් වහන්සේට වන්දවනු පිණිස :-

“චණ්ඩාලි වන්ද පාදානි ගොතමස්ස යසස්සිනො,
තවෙව අනුකම්පාය අට්ඨාසි ඉසිසුත්තමො,
අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනි.
ඛිප්පං පඤ්ජලිකා වන්ද පරිත්තං තව ජීවිතං” යි

වදාළ සේක. ඕ තථාගතයන් වහන්සේට වැඳ එදින ම කලුරිය කොට දෙව්ලොව උපන්නා ය.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ගාථා කී නිසා කසීභාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ භෝජනය ද නො පිළිගත් සේක. සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ ආහාරය ද නො පිළිගත් සේක. තමන් වහන්සේටත් වැඳුම් පිදුම් කරන්නට නියම නො කරන තථාගතයන් වහන්සේ උන් වහන්සේ ගේ පිළිරුව තනා එයට වැඳුම් පිදුම් කරන්නය’යි කෙසේ නම් නියම කරන සේක් ද? නො කරන සේක් ම ය. බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරු බුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන නුමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූ ද, පිරිනිවියා වූ ද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නාහ.

අතිපූජ්‍ය රේරුකානෙ චන්දවිමල ස්වාමින්වහන්සේ

ථේරවාද ධර්මය පිරිසිදුව අධ්‍යයනය කළ ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ස්ථාපිත කරන...
13/10/2024

ථේරවාද ධර්මය පිරිසිදුව අධ්‍යයනය කළ ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ස්ථාපිත කරන ලද අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ පළමු නිශ්‍රය මුක්තක භික්ෂු පුහුණු වැඩසටහනේ හතරවන සමාසිකට අදාළ අධ්‍යයන කටයුතු මීට සතියකට පමණ පෙර සාර්ථකව අවසන් කෙරුණි.

වැඩසටහනේ පස්වන සමාසිකය ආරම්භ කිරීමට මත්තෙන්, මහත් කැපවීමෙන් පස් මසක් පමණ හදාරණ ලද ධර්ම විනය තම සන්තානය තුල තැම්පත් වී ඇති ආකාරය, ශේෂ වීඇති ආකාරය, වර්ධනය වී ඇති ආකාරය උරගා බැලීම සඳහාත්, යම් විෂයක අසමත් බවක් සිදුවී ඇත්නම් මීළඟ වර්ෂයේදී ලැබූ අත්දැකීම් පදනම් කරගෙන ඊළඟ වර්ෂයේදී තව තවත් සාර්ථකව ධර්ම විනය හැදෑරීමට චිත්ත ධෛර්යයක් උපදවා ගැනීම සඳහාත්, දෙවන වර්ෂයේ දෙවන සමාසිකයේ අවසන් වාර අවසාන ධර්ම අධ්‍යයන පරීක්ෂණය දෙස් විදෙස් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 62 නමකගේ පමණ සහභාගීත්වයෙන් අද දින (2024.10.13) ආරම්භ වූ බව ඉමහත් සතුටින් දැනුම් දෙමු. මෙම ධර්ම පරීක්ෂණය (2024.10.29) වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

අවුරුදු හයක් තරම් කල් පැවැත්වීමට නියමිත මෙම වැඩ සටහන තුලින් ධර්මධර විනයධර භික්ෂු පරපුරක් බිහි වේවා යනු අපගේ ඒකායන පරමාර්ථය යි.

බුද්ධසාසනං චිරං තිට්ඨතු...! 😇

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ධුරන්ධර, මහෝපාධ්‍යය, කළ්‍යාණි යෝගාශ්‍රමාධිපති අතිපූජනීය පහළවිටියල ජනානන්ද ස්වාමීන්ද්...
11/10/2024

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ධුරන්ධර, මහෝපාධ්‍යය, කළ්‍යාණි යෝගාශ්‍රමාධිපති අතිපූජනීය පහළවිටියල ජනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ධර්මායතනට වැඩම කළ අවස්ථාව ...

දැකබලා වන්දනාමාන කරගැනීමට ලැබීම මහත් වූ ලාභයකි෴.

IIT අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය
IIT- International Institute of Theravada
🙏🙏🙏

අරූපාවචර සිත් දොළහ රූපයන් ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍ර‍ණීත බවට පත් කරන ලද පඤ්චම ධ්‍යාන චිත්තය “අරූපාවචර චිත්තය” යි කි...
08/10/2024

අරූපාවචර සිත් දොළහ

රූපයන් ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍ර‍ණීත බවට පත් කරන ලද පඤ්චම ධ්‍යාන චිත්තය “අරූපාවචර චිත්තය” යි කියනු ලැබේ. එය ද රූපාවචර චිත්තය සේ ම කුශල - විපාක - ක්‍රියා වශයෙන් තුනට බෙදෙන්නේ ය.

අරූපාවචර කුසල් සිත් සතර

ආකාසානඤ්චායතන කුසල් සිත ය
විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ය
ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත ය
නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල් සිත ය
කියා ආරම්මණ භේදයෙන් අරූපාවචර කුසල් සිත් සතරක් වේ. ආරම්මණයන් ගේ වශයෙන් භේදයට පැමිණෙන්නා වූ එක ම සිත මේ අරූපාවචර සිත ය. අරූපාවචර සිත් උපදවා ගත හැක්කේ රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා ගත් අයට පමණි. රූපාවචර පඤ්චමධ්‍යානය ලබා ගත් අය ගෙන් ඇතැමෙක් රූප - කය පරිහරණය කිරීමේ කරදරය දැක, රූප - කය නිසා ම සත්ත්වයන්ට බොහෝ දුක් ඇති වන බව දැක රූප - කය කෙරෙහි කලකිරී, අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අරූප ධ්‍යාන උපදවති.

අරූප ධ්‍යාන උපදවන්නේ මෙසේ ය:- රූපාවචර පඤ්චමධ්‍යානලාභියා ආකාස කසිණයෙන් අන්‍ය වූ කසිණයක් අරමුණු කරන පඤ්චම ධ්‍යාන චිත්තයෙන් මඳ වෙලාවක් හිඳ, තමා ගේ ධ්‍යාන චිත්තය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධ්‍යාන චිත්තයේ අරමුණ වූ කසිණ නිමිත්ත දෙස සිතින් බලා ගෙන, එය රූපයක් සේ නො සිතා, ආකාශය ය කියා සිතන්නට හෙවත් භාවනා කරන්නට පටන් ගනී. එසේ භාවනා කරන කල්හි රූප කසිණ නිමිත්ත නැති වී, පළමු කසිණ නිමිත්ත පෙනුණු තැන ආකාශය පෙනෙන්නට වේ. කසිණයෙන් ගන්නා ලද්දක් නිසා ඒ පෙනෙන ආකාශයට “කසිණුග්ඝාටිමාකාසය” යි කියනු ලැබේ. ඉදිරියට “ආකාශය - ආකාශය” කියා භාවනා කරන කල්හි කලින් රූප නිමිත්තක පැවැති රූපාවචර පඤ්චම ධ්‍යානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පඤ්චම ධ්‍යානය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීම ය. රූප නිමිත්තයෙන් බැහැර කර ගන්නා ලද ඒ පඤ්චම ධ්‍යාන සිත, පළමු වන අරූපාවචර සිත ය.

ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචරයා ගේ සිතට පමණක් ඇති සැටියට දැනෙනවා මිස ඇත්තට ම ඇති දෙයක් නො වේ. එය ප්‍ර‍ඥප්තියකි. සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ ආකාශයට පළමුවෙන් ඇති වීම වූ මුල් කොන ද නැත්තේ ය. නැති වී යෑම වූ අන්තිම කොන ද නැත්තේ ය. එබැවින් එයට අනන්තාකාශ යයි කියනු ලැබේ. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත වන බැවින් පළමු වන අරූපාවචර කුසල් සිතට “ආකාසානඤ්චායතන කුසල් සිත ය” යන නම දී තිබේ.

ආකාසානඤ්චායතන කුසල් සිතය යන්නෙහි තේරුම, අනන්තාකාසය අරමුණු කොට පවත්නා කුසල් සිත ය යනු යි.

ආකාසානඤ්චායතන ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමා ගේ ධ්‍යානය තවත් රූප නිමිත්තයෙන් ඈත් කරනු පිණිස, පළමුවන අරූපාවචර චිත්තයේ අරමුණු වන ආකාශය හැර දමා, ඒ සිත පමණක් ගෙන, එය අරමුණු කරමින් “විඤ්ඤාණය, විඤ්ඤාණය” කියා භාවනා කරන්නට පටන් ගනී. එසේ කරන කල්හි පළමු වන අරූප චිත්තය අරමුණු කරන, විඤ්ඤාණඤ්චායතන කුශල චිත්තය ඔහුට උපදී.

විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ය යන්නෙහි තේරුම, විඤ්ඤාණය අරමුණු කොට පවත්නා ධ්‍යානයෙන් යුක්ත සිත ය යනුයි.

ධ්‍යාන ලැබූ අයට වුව ද ධ්‍යාන චිත්තය නිතර ඇත්තේ නො වේ. අන් සිතකින් වෙසෙන අවස්ථාවලදී ධ්‍යාන චිත්තය නැත. දෙවන අරූප ධ්‍යානය ලැබූ යෝගාවචරයා තුන් වන අරූප ධ්‍යානය ලැබීම සඳහා පළමු වන අරූප ධ්‍යාන චිත්තයේ නැති බව මෙනෙහි කිරීම් වශයෙන් “නත්ථි කිඤ්චි - නත්ථි කිඤ්චි” යි භාවනා කරයි. එසේ කරන කල්හි පළමු වන අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කෙරෙමින් තුන් වන අරූපධයාන චිත්තය වූ ආකිඤ්චඤ්ඤායතන කුශල චිත්තය උපදී.

ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත ය යන්නෙහි තේරුම පළමු වන අරූපාවචර චිත්තයා ගේ නැති බව අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත සිත ය යනුයි.

තුන් වන අරූපධ්‍යානය ලැබූ යෝගාවචරයා, සතර වන අරූප ධ්‍යානය ලබනු පිණිස, තමා ලබා සිටින තුන් වන අරූප ධ්‍යාන චිත්තය ගෙන, “මෙය ශාන්තය - මෙය ප්‍ර‍ණීතය” කියා භාවනා කරන්නට පටන් ගනී. ඒ භාවනාවෙන් තුන් වන අරූප ධ්‍යාන චිත්තය අරමුණු කොට, සතර වන අරූප ධ්‍යාන චිත්තය උපදී. එය සියුම් කමින් අග තැන් පත් සිත ය. එයට වඩා සියුම් තවත් සිතක් නැත්තේ ය. එහි සියුම් කම කොතරම් ද කියත හොත්, ඒ සිතින් යුක්ත ව වෙසෙන යෝගාවචරයා හට “සිතක් ඇතුව විසුවා ද, සිතින් තොරව ම විසුවා ද” කියා දැන ගැනීමටත් අපහසු තරම් ය. ඉතා සියුම් බැවින් ඒ සතර වන අරූපධ්‍යාන චිත්තයට නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත” යි කියනු ලැබේ.

නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත යන්නෙහි තේරුම, සංඥාවක් ඇත්තේත් නැති, නැත්තේත් නැති තරමට සියුම් වූ කුසල් සිත ය යනුයි.

අභිධර්ම මාර්ගය නම් කෘතිය ඇසුරිනි ,,,,,,,,,,,,

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ වසර 18 පෙර අද වැනි දිනක පැවිද්ද ලැබුවා. ස්වාමින්වහන්සේට සියලු සම්‍යක් ප්‍රාර්ථනා ...
08/10/2024

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ වසර 18 පෙර අද වැනි දිනක පැවිද්ද ලැබුවා.
ස්වාමින්වහන්සේට සියලු සම්‍යක් ප්‍රාර්ථනා සඵල කරගැනිමට හැකිවේවා!
🌸🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ධම්මවේද - Dhammaveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share