Radha madhav राधा माधव

Radha madhav राधा माधव 💛පුනරපීජනනම් පුනරපීමරණම්, පුනරපී ජනනී ජඨරේ ශයනම් ඉහ සම්සාරේ බහුදුස්තාරේ කෘපයාපාහේ පාහී මුරාරී💛

❤️ _Subh narak chathurdashi... Mur ashur kaa vadh..._ 💙.  මුර හර නඛ දර මුකුන්ද මාධව... ගරුඨ ගමන පංකජ නාභා....   පරම පුරු...
19/10/2025

❤️ _Subh narak chathurdashi... Mur ashur kaa vadh..._ 💙.

මුර හර නඛ දර මුකුන්ද මාධව...
ගරුඨ ගමන පංකජ නාභා....

පරම පුරුෂ භව භංජන කේෂව...
නරමෘග ශරීර නමෝ නමෝ ..දේවා...

නාරායණතේ නමෝ නමෝ ජය..
නාරද සංනෘත නමෝ නමෝ....

( _තෝඩය මංගලම්)_💙🥹

ශ්‍රී කෘෂ්ණයන් සහ මහා ලක්ෂ්මී වූ සත්යභාමාවන්ව එක්ව නරකාසුර සහ මුර අසුරයන්ගෙන් ලොව ආරක්ෂා කරලූ නරක චදුර්දශී දිනය දිවාලී පූජෝත්සවයට පෙර දිනයේ යෙදෙයි ......

 💙ගෝවින්දම් ගෝකුලානන්දම් ගෝපාලම් ගෝපීවල්ලභම් ගෝවර්ධනෝද්ධරං ධීරං තං වන්දේ ගෝමතීප්‍රීයම් गोविन्दं गोकुलानन्दं गोपालं गोपिव...
04/09/2025

💙ගෝවින්දම් ගෝකුලානන්දම් ගෝපාලම් ගෝපීවල්ලභම්
ගෝවර්ධනෝද්ධරං ධීරං තං වන්දේ ගෝමතීප්‍රීයම්
गोविन्दं गोकुलानन्दं गोपालं गोपिवल्लभम् ।
गोवर्धनोद्धरं धीरं तं वन्दे गोमतीप्रियम् ॥

💙ගෝවින්ද=ගවන්ගේ පාලකයන්ට ප්‍රධාන වූ.

🧡ගෝකුලානන්දම්= ගෝකුල+ආනන්ද,ඔබ පැමිණි දින සිට ගෝකුලයේ සැමට සතුට ගෙනදුන් බැවින්

💙ගෝපාලම් -ගවයන් රැකබලාන්නා වූ

🧡ගෝපීවල්ලභම්= රාධා ප්‍රමුඛ ගෝපිකාවන්ගේ ආදරණීය පෙම්වතා (වල්ලභ)

💙ගෝවර්ධනෝද්ධරං= ගෝවර්ධන පර්වතය තම සුළඟිල්ලෙන් ධාරණය කරගත්තා වූ

🧡ධීරං= ධෛර්ය සම්පන්න වූ

💙තං වන්දේ= නමස්කාර කරමි

🧡ගෝමතිප්‍රියම්= ගෝමතී යනු එකතැනක යශෝධා මවට යොදන නමකී... තවත් තැනක ගව ධේනූන්ට යොදන නමකී..ගෝමතීචක්‍ර නැමැති බෙලිකටූ විශේෂයක්ද දක්නට ලැබේ සෞභාග්‍ය සංකේතයත් ලෙස අතීත වැසියන් මෙන්ම වර්තමාන අපවැසියන්ද සලකනු ලබයි. ප්‍රියම් යනු කැමැත්තයි...

හරි ඕම් තත් සත් ✨

𝐋𝐨𝐫𝐝 𝐕𝐢𝐬𝐡𝐧𝐮 𝐚𝐧𝐝 𝟏𝟖 𝐩𝐮𝐫𝐚𝐧𝐚𝐬....මහා විෂ්ණු දෙවිදුන් පූරාණ ග්‍රන්ථ රූපයෙන් ප්‍රකට වීම.... 💓‎‎‎✨ලෝක පාලක විෂ්ණු දෙවිදුන්ගේ අ...
30/07/2025

𝐋𝐨𝐫𝐝 𝐕𝐢𝐬𝐡𝐧𝐮 𝐚𝐧𝐝 𝟏𝟖 𝐩𝐮𝐫𝐚𝐧𝐚𝐬....
මහා විෂ්ණු දෙවිදුන් පූරාණ ග්‍රන්ථ රූපයෙන් ප්‍රකට වීම.... 💓


‎✨ලෝක පාලක විෂ්ණු දෙවිදුන්ගේ අවතාර ගත් කල්හි අනෙකයන් පවතී ඒ අතර දශවතාර.... සූවිසි අවතාර ... චතුර් අවතාර,යුගවතාර ප්‍රධාන වන්නේය..තවද අප්‍රකට අවතාර නොයෙකුත් පවතී.. ඒ අතර පූරාණ ග්‍රන්ථ සියල්ලක්ම පාහේ නාරායණ විෂ්ණු දෙවිදුන්ගේ රූපයමයත්,ගුණාංගමයත් අංග වන්නේය. ඒ පිළිබඳ වෛදික මහා පූරාණයන්ගේ දෙවැනිය විශාලතම පූරාණය වන #පද්ම #පූරාණයේ ස්ව ඛණ්ඩ 6.2/2-5 හී දක්වා තිබේ..

‎✨බ්‍රාහ්මම් මූර්ධා හරේරේව හෘදයං පද්මසංග්යකම්

‎💓 බ්‍රහ්ම පුරාණය #විෂ්ණු දෙවිඳුන්ගේ සිරස වන අතර පද්ම පුරාණය හදවත වෙයි.

‎✨වෛෂ්ණවම් දක්ෂිණෝ බාහු: ශෛවම් වාමෝ මහේශිතු: ඌරූ භාගවතම් ප්‍රෝක්තං නාභි: ස්යාන්නාරදීයකම්

‎ 💙 #විෂ්ණු පුරාණය දකුණුබාහුව වන අතර
‎ශිව පුරාණය වාමබාහුවා වෙති,කලවා ශ්‍රීමත් භාගවතම් වන අතර නාභිය #නාරද පුරාණය වන්නේය.

‎✨මාර්කණ්ඩේයං ච දක්ෂාංඝ්‍රිර්වාමෝ හ්යාන්ගේයමුච්යතේ භාවිෂ්යං දක්ෂිණෝ ජානුර්විෂ්ණෝරේව මහාත්මන:

‎❤️ #මාර්කන්ඩේය පුරාණය දකුණු පාදයත් ,වාම පාදය අග්නිපූරාණයත් වෙති.භවිෂ්යපූරාණය දක්ෂීණ ජානූවත් වත් වෙති..

‎✨බ්‍රහ්මවෛවර්තසංග්යං තු වාමජානුරුදාහෘත: ලෛංගං තු ගුල්ඵකං දක්ෂං වාරාහං වාමගුල්ඵකම්

‎💙බ්‍රහ්මවෛවර්ත පූරාණය වම් ජානූවත් දකුණූ උරහිස ලිංගපූරාණයත්,වරාහ පූරාණය වම් උරහිසත් වෙති...

‎✨ස්කාන්දං පුරාණං ලෝමානි ත්වගස්ය වාමනං ස්මෘතම් කෞමර්ං පුෂ්ඨං සමාඛ්යාතං මාත්සයං මේද: ප්‍රකීත්ර්යතේ

‎❤️. #ස්කන්ධ පූරාණය දෙවිදුන්ගේ ලෝම වන අතර වාමන පූරාණය සමත්,කුර්ම පූරාණය පිටත්, මත්ස්‍ය පූරාණය මේදය හෙවත් පිරවුම්..ද වෙති.

‎✨මජ්ජා තු ගාරුඨං ප්‍රෝක්තං බ්‍රහ්මාණ්ඩමස්ථි ගීයතේ
‎එවමේවාභවද්විෂ්ණූ: පුරාණාවයවෝ හරි:

‎💓ගරුඨ පූරාණය ඇටමිදුළු ද බ්‍රහ්මාණ්ඩ පූරාණය අස්ථින්ද වෙති..මේ ආකාරයට විෂ්ණු දෙවියන් පූරාණ ග්‍රන්ථ ලෙස විද්‍යාමාන වූහ....

‎✨සියලූම දේහී සාරය නාරායණම වන්නේය..

‎කරෝමී යග්යම් සකලම් පරස්මෛ නාරායණායතී සමර්පයාමී
‎සියලූම යාගයන්ගේ අවසන් ඵලය එතුමන්ය.

‎මෙය හුදෙක් එතුමන්ගේ දිව්‍ය ශරීරය දැක්වීමකි එබැවින් සාමාන්‍ය ශරීරයක් හා සැසදීම නොකළ යුතුය....

‎හරී ඕම් තත් සත් 💙❤️💓

❤️✨ශ්‍රී වෛෂ්ණව සම්ප්‍රදාය  𝙎𝙧𝙞 𝙫𝙖𝙞𝙨𝙝𝙣𝙖𝙫𝙞𝙨𝙢 श्रीवैष्णवसम्प्रदाय💛✨💙 #ශ්‍රී  #වෛෂ්ණව යනු දකුණු ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් නි...
09/05/2025

❤️✨ශ්‍රී වෛෂ්ණව සම්ප්‍රදාය 𝙎𝙧𝙞 𝙫𝙖𝙞𝙨𝙝𝙣𝙖𝙫𝙞𝙨𝙢 श्रीवैष्णवसम्प्रदाय💛✨

💙 #ශ්‍රී #වෛෂ්ණව යනු දකුණු ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් නියෝජනය #හින්දු ආගමේ වෛෂ්ණව සම්ප්‍රදාය තුළ ඇති නිකායකි.මෙය මුල්ම සාම්ප්‍රදායික ආදීතම වෛෂ්ණව නිකාය වන අතර..සාම්ප්‍රදායිකම වෛෂ්ණව නිකායන් අතර ප්‍රධාන වන්නේය.ශ්‍රී යනූ #ලක්ෂ්මි දේවතාවිය වේ.(ශ්‍රී ලෙසද හැඳින්වේ) එමෙන්ම "පූජනීය, ගෞරවනීය" යන අර්ථය ඇති උපසර්ගයක් සහ මෙම සම්ප්‍රදායේ එක්ව ගෞරවයට පාත්‍ර වන විෂ්ණු දෙවියන් ගැන සඳහන් කරන අක්ෂරයක් ලෙස" ශ්‍රී" භාවිතා වෙයි .

💙මෙම සම්ප්‍රදාය එහි මූල පුරාණ ,වේද සහ පංචරාත්‍ර ග්‍රන්ථ අනුව ක්‍රියාත්මක වෙති., ඒවා අල්වාර්වරුන් සහ ඔවුන්ගේ භාෂ්යන් "නාලයිර දිව්‍ය ප්‍රබන්ධම්" ලෙස ප්‍රචලිත කරන ලදී.

💙ශ්‍රී වෛෂ්ණව ආරම්භය ශ්‍රී ලක්ෂ්මී දෙවිය හරහා ලැබුණූ අතර ආගමක් ලෙස ක්‍රි.ව. 10 වන සියවසේ ශ්‍රී නාථමුනි විසින් සිදුකර ඇත.

💙ශ්‍රී ලක්ෂ්මීනාථ සමාරම්භම්
නාථයාමූන මධ්යමාම්
අස්මදාචාර්ය පර්යාන්තම්
වන්දේ ගුරු පරම්පරාම්

💙එහි මධ්‍යම දාර්ශනිකයා වූයේ 11 වන සියවසේ ශ්‍රී #රාමානුජාචාර්ය වන අතර එතුමා හින්දු දර්ශනයේ #විශිෂ්ඨාද්වෛත ("සුදුසුකම් ලත් ද්විත්ව නොවන") #වේදන්ත උප #දර්ශනය දියුණු කළේය.

💙මෙම සම්ප්‍රදාය 16 වන සියවසේදී පමණ නිකායන් දෙකකට බෙදී ගියේය. එනම්
1 වඩකලෛ💛
2 තෙන්කලෛ❤️

💛වඩකාලයි නිකාය වේදයන්ට ශ්‍රේෂ්ඨතම අධිකාරිය පවරන ලද අතර වේදන්ත දේශික රාමානුජාචාර්යගේ මූලධර්මය අනුගමනය කරන අතර, මොවුන් සංස්කෘතභාෂාව ප්‍රධාන කරගන්නා අතර...ආදීතම ලක්ෂමී වර්ණය ලෙස කහ (හිරණ්‍ය වර්ණාම් හරීනිම්)ලෙස සලකා තිරුමන් (නලලේ මැද අදිනු ලබන දීර්ඝ සිරස් රේඛාව කහපාටින් අදිනු ලබයි.) එමෙන් නාමම් යූU අකුරක් ලෙස අදිනූ ලබයි.

💛දෙවියන් සොයාගෙන යායුතුයි යන සංකල්පයේ නිරූපණය (වදුරු පැටියා වදුරු මවගේ පැසෙ සුරැකීමට දිවවිත් ඒ වෙත එළැඹීම)පිලිගනු ලබයි.

❤️තෙන්කාලයි නිකාය "නාලයිර දිව්‍ය ප්‍රබන්ධයට" ශ්‍රේෂ්ඨතම අධිකාරිය පවරන ලද අතර මනවාල මහාමුනිගල්ගේ මූලධර්ම අනුගමනය කරයි.

❤️මොවුන් ශ්‍රී #ලක්ෂ්මී දෙවගනගේ පාදයේ රත් පැහැය සලකා ( මරදානී වර්ණම්)තිරුමන් සලකා තිරුමන් (නලලේ මැද අදිනු ලබන දීර්ඝ සිරස් රේඛාව රතුපාටින් අදිනු ලබයි.)
එමෙන්ම සුදු පැහැති නාමම් Y අක්ෂරයේ හැඩයෙන් අදිනු ලබයි.

❤️දෙවියන් අප සොයා යාමේ මාර්ගයට එලැඹුනු පසු එතුමන් අපිව රැකගෙන රැගෙන සංකල්පව අනුව ( පූස් මව තම පැටවා රැගෙන යාම) සංකල්පය ගෙන හැර දක්වනූ ලැබේ.

✨ශ්‍රී වෛෂ්ණව සම්ප්‍රදායේ #තෙළිඟු බ්‍රාහ්මණයන් ආන්ද්‍ර වෛෂ්ණවයන් ලෙස හැඳින්වෙන තනි සුවිශේෂී නිකායක් සාදනු ලබයි.

💙ශ්‍රී වෛෂ්ණව සහ අනෙකුත් වෛෂ්ණව කණ්ඩායම් අතර වඩාත්ම කැපී පෙනෙන වෙනස පවතින්නේ ඔවුන්ගේ වේද අර්ථ නිරූපණය තුළ ය. අනෙකුත් වෛෂ්ණව කණ්ඩායම් #ඉන්ද්‍ර, සවිතුර්( #සූර්ය), වරුණ, #බ්‍රහ්ම ,රුද්‍ර වැනි වෛදික දෙවිවරුන් ඔවුන්ගේ පුරාණ සගයන්ට සමාන ලෙස අර්ථකථනය කරන අතර, ශ්‍රී වෛෂ්ණවවරු මේවා නාරායනගේ විවිධ නම් / භූමිකාවන් හා ස්වරූප ආකාර ලෙස සලකති,

එබැවින් මුළු වේදයන්ම #විෂ්ණු භක්තියට පමණක් කැපවී ඇති බව කියා සිටිති.
ශ්‍රී වෛෂ්ණවවරු ඒවාට වෛදික සූක්ත (ගීතිකා) ඇතුළත් කිරීම සඳහා පංචරාත්‍ර හෝම (චාරිත්‍ර) ප්‍රතිනිර්මාණය කර ඇති අතර එමඟින් ඒවා වෛදික දෘෂ්ටිකෝණයකින් ඒකාබද්ධ කර ඇත.

💙ශ්‍රී වෛෂ්ණව ප්‍රධාන ග්‍රන්ථ ලෙස

💓නාලායිර දිව්‍ය ප්‍රබන්ධම්
ශ්‍රී භාෂයම්
පංචරාත
දැක්විය හැකිය.💓

විශිෂ්ඨ අද්වෛත දර්ශණය පිළිබද සරල ලිපියක් පසුවට බලාපොරොත්තු වන්න 😌

ජය රාධා මාධව ❤️✨🙏

Shubh Radha Ashtami sabko 💓🙏Radhe Radhe Radhe Radhe Radhe Radhe..... Radhe Radhe Radhe Radhe Radhe Radhe.... Radhe Radhe...
11/09/2024

Shubh Radha Ashtami sabko 💓🙏

Radhe Radhe Radhe Radhe Radhe Radhe..... Radhe Radhe Radhe Radhe Radhe Radhe.... Radhe Radhe Radhe Radhe Radhe Radhe.... Radhe Radhe Radhe Radhe Radhe Radhe .... 💓

𝙎𝙧𝙞 𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙫𝙖𝙢𝙞- 2024 ශ්‍රී රාම දෙවිදුන්ගේ පවිත්‍ර උපත හෙවත් රාම නවමි පූජාමහෝත්සවය  ✨ශ්‍රී රාම ස්තුති සිංහල අර්ථය සමගින්...
15/04/2024

𝙎𝙧𝙞 𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙫𝙖𝙢𝙞- 2024
ශ්‍රී රාම දෙවිදුන්ගේ පවිත්‍ර උපත හෙවත් රාම නවමි පූජාමහෝත්සවය ✨

ශ්‍රී රාම ස්තුති සිංහල අර්ථය සමගින්....


💙ශ්‍රී රාම නවමි වෙනුවෙනි... 2024/04/17

🌺ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගේ සත්වෙනී පහලවීම වන මර්යාද පුරුෂෝත්තම රාම දෙවිදුන් #අයෝධ්යා පුරවරයේ දශරථ රජුගේ පුත්‍රයා ලෙස පහලවූ දිනය ලෙස ශ්‍රී රාම නවමි දිනය වෛෂ්නව බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ., මේ මස 2024. 04. 17 දිනට එය යෙදී ඇත.
🌞✨💓 *ශ්‍රී රාම දෙවිදුන්ගේ පවිත්‍ර උපත හෙවත් රාම නවමි පූජාමහෝත්සවය* ❤️✨🌞

🌞රාම නවමි අප්‍රේල් මාස 17 බුධ දින
🧡රාම නවමි මධ්යහන මුහුරත් පෙ.ව 10.56- ප.ව01.24

පැය 02.27ක්💛 පවති.

🧡🌞රාම නවමි මධ්යහන මුහුරත් - 12:10 PM

🧡🌞නවමි තිථි ආරම්භය- 01:23 PM on Apr 16, 2024
🧡🌞නවමි තිථි අවසානය- 03:14 PM on Apr 17, 2024

🌺රාම යනු #තේත්රායුගයේ පහලවු පුද්ගලාරෝපණය කලාවූ, වේදයන්ගේ ශ්‍රේෂ්ඨතම විරුවාය, පුරුෂයන් අතර ශ්‍රේෂ්ඨම පුරුෂයා ඔහුය. එබැවින් ඔහු පුරුෂෝත්තම නම් වේ.

🌺භාරතීය ජනයා අතර ශ්‍රේෂ්ඨතම සැම දන්නා දෙවියන් වේද ඒ ශ්‍රී රාම දෙවිදුන්ය. උතුරු ඉන්දියානු දෙවියන් අතර වැඩියෙන්ම වදින ප්‍රසිද්ධම දෙවියන් වේද ඒ ශ්‍රී රාමයන්ය.
උසස්ම ක්ෂ්තීය කුලයේ, සුර්ය වංශයේ ශ්‍රේෂ්ඨතම විරුවා ශ්‍රී රාම්ය. ලක්ෂ්මී රූපී සිතා මාතාවගේ ස්වාමීයාය, ශංකර හෙවත් ශිවගේ අවතාරයක් වූ හනුමාන් ගේ භගවාන් ය.

🌺රාම දෙවිදුන් වන්දනාවෙන් අපගේ ජිවිතය සාර්ථක වන අතර ලක්ෂ්මී දේවියගේ පහලවීම වන සීතා මාතාව ශ්‍රී රාමගේ බිරිද බැවින් රාම නමදින්නේද එතුමියගේ ආශීර්වාදය ලැබෙන, අතර, ශ්‍රී රාමය ගැයෙන්නේ කොතනද එතන ශ්‍රී හනුමාන් දෙවිදුන්ද වාසය ආශිර්වාද කරන්නේය .එබැවින් සියලු භුත, පිශාච ප්‍රේත බලවේග, ලෙඩරෝග ආදියද දුරුවන්නේය.

🌺ශ්‍රී රාම නවමි දිනයේ පහත මන්ත්‍ර උච්චාරණය කරමින් භක්ති යෝගයට ප්‍රධානත්වයෙන් පූජා පවත්වා ශ්‍රී රාම දෙවිදුන්ට පූජා පවත්වා දෙවිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනිම සිදුකරන්න.

🙏ශ්‍රී රාම් මූල මන්ත්‍රය 🙏

ඕම් ශ්‍රී රාමාය නමහා

ජය ශ්‍රී රාම්

🌺🙏ශ්‍රී රාම ස්තුති- ගෝස්වාමි තුල්සිදාස් රචිත

🌺ශ්‍රී රාමචන්ද්‍ර කෘපාලූ භජු මන ,
හරණ භව භය දාරුණං
නව කංජලෝචන, කංජ මුඛ, කර කංජ පද කංජාරුණං

🌸ශ්‍රී රාම දෙවිදුන්ගේ කරුණාපිරි ආශිර්වාදය භවභය විනාශ කිරීමට සමත්වෙති., අලුත පිපුනු නිල්නෙලුම් මෙන් අලංකාර නෙලුම් නෙත් ඇත්තේය.රත්නෙලුමක් මෙන් ඇති මුඛය, අත් ,නෙලුමැති පාදවල මා නමස්කාර කරන්නෙමී.

🌺කංන්දර්ප අගණිත අමිත ඡවී නවනීල නීරද සුන්දරං
පටපීත මානහු තඩිත රුචි ශුචි නෞමි ජනක සුතාවරං

🌸අතිශය සුන්දර අනංග (කන්දර්ප)දෙවිදුන් පරදන රූප සෞන්දර්යකින් පිරිපුන් ඡවි වර්ණයෙන් බබලන, නිල්වන් වර්ණයෙන් සුන්දර ලෙස දිදුලන, කහපැහැති සේද වස්ත්‍රදරන, ජනක රජුගේ දියණීයවන සීතාමාතාව ස්වයං වරයේදී දිනාගත් ශ්‍රී රාමයන්ට නමස්කාර වේවා.

🌺භජු දීනබංධු දිනේශ දානව දෛත්යවංශ නිකන්දනං
රඝුනන්ද ආනන්දකංද කෞශලචන්ද දශරථ නන්දනං

🌸නරක දසුන් දුරුකරන, රජුන්ගෙත් රජුවන දානවයින්, අසුරයන් විනාශ කෙරු විරුවානන් වූ රඝුකුල දශරථ රජූගේ ප්‍රථම පුත්‍රවරයානෙණී ,කෞශල්‍යයා මාතාවගේ පුත්‍රයානන් වූ ශ්‍රීරාම චන්ද්‍ර දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා

🌺සිර මුකුට කුණ්ඩල තිලක චාරූ උදාර අංග විභූෂණං
ආජානුභුජ ශර චාප ධර සංග්‍රාම ජිත ඛරදුෂණම්ං

🌸හිසෙහි අලංකෘත කිරුලු දරන්නා වූද, අලංකෘත කුණ්ඩල කරාබු පැලද සිටින්නාවූ ත්,මනරම් තිලකයක් නලළේ දන්නා වූද පුරුෂෝත්තම අංග වලින් පරිපුර්ණයානෙණී,
සංග්‍රාම භුමියේ චාපයක් මෙන් මනරම් දුන්නක් දරන්නා වූද,ඛර දුෂණ නැසුවානෙණී, ශ්‍රී රාමයන්හට මාගේ නමස්කාරය වේවා...

🌺ඉති වදති තුලසීදාස ශංකර ශේෂ මුනි මන රංජනං
මම හෘදය කංච නිවාස කුරු කාමාදි ඛලදල ගංජනං

🌸මෙම ස්තුතිය ගෝස්වාමි තුල්සී දාස් තුමාවිසින් ගයන කල්හි, ශිව දෙවිදු, ශේෂ නාග දෙවිදු සහ,මුනිවරුන් ගේ මනස සතුටට පත් කරන්නේය.
හේ පුරුෂෝත්තම රාම මාගේ හදවතේ ඔබ සදා වාසය කරත්වා, මා තුල අවුල් ගෙන කාමය ක්‍රෝධ,තෘෂ්ණාව සැම දුරුකරනු මැන.

🌺මනු ජාහිං රාචේඋ මිලහි සෝ බරු සැහජ සුන්දර
සා' වරෝ
කරුනා නිධාන සුජාන සිලු සනේහු ජානත රාවරෝ

🌺එහී භා'ති ගෞරි අසීස සුනි සියා සහිත හිය' හරෂීං අලී
තුලසී භවානිහි පූජී පුනිපුනි මුදිත මන මන්දිරචලී

🌺දෝහා 🌺

🌺ජානි ගෞරී අනුකූල සිය හිය හරෂු න ගාඉ කහි
මංජුල මංගල මූල බාම අංග ඵරඛන ලගේ

🌺ශ්‍රී රාම දෙවිදුන්ගේ ජිවිත කථාව ඇතුලත් රාමායණ බොහෝය,
භක්තිකයන් විවිධාකාරයේ තේරුම් ගැනීම් උදේසා රාමායණය කථාව විස්තර කර ඇත.
සැම නිකායකික පුරාණ තුලම ශ්‍රී රාමායණ කථාව දැක්වේ එයින් වන්දනාවට පාත්‍ර වන ප්‍රධාන රාමායණ 108 වෙති, එයහටද අප නමස්කාර කරන්නෙමු

🙏💙ශ්‍රී අෂ්ටෝෂ්ෂත රාමායණ: 💙🙏

1 #වාල්මිකී රාමායණාය නමහ:
2 අධ්‍යාත්ම රාමායණාය නමහ:
3 යෝග වශිෂ්ට. රාමායණාය නමහ:
4 හනුමද් රාමායණාය නමහ:
5 නාරද රාමායණාය නමහ:
6 ලඝුරාමායණාය නමහ:
7 වෘහද රාමායණාය නමහ:
8 අගස්ත්ය රාමායණාය නමහ:
9 සාර රාමායණාය නමහ:
10 දේහ රාමායණාය නමහ:
11 වෘත්ත රාමායණාය නමහ:
12 බ්‍රහ්ම රාමායණාය නමහ:
13භාරද්වාජ රාමායණාය නමහ:
14 ශීව රාමායණාය නමහ:
15 ක්‍රෞ'ච රාමායණාය නමහ:
16 භරත රාමායණාය නමහ:
17 ජෛමිනි රාමායණාය නමහ:
18 ආත්මධර්ම රාමායණාය නමහ:
19 ගේවතකේතු රාමායණාය නමහ:
20 ජටායුරාමායණාය නමහ:
21 රවිරාමායණාය නමහ:
22 පෞලස්ති රාමායණාය නමහ:
23 දේවී රාමායණාය නමහ:
24 ගෘහ්යක රාමායණාය නමහ:
25 මංගල රාමායණාය නමහ:
26 විශ්වාමිත්‍ර රාමායණාය නමහ:
27 සුත්තික්ෂණ රාමායණාය නමහ:
28 සුග්‍රීව රාමායණාය නමහ:
29විභීෂණ රාමායණාය නමහ:
30ආනන්ද රාමායණාය නමහ:
31වියාසොක්ත්‍ර රාමායණාය නමහ:
32ශුක රාමායණාය නමහ:
33 ශේෂ රාමායණාය නමහ:
34 ආගම රාමායණාය නමහ:
35කුර්ම රාමායණාය නමහ:
36ස්කන්ධ රාමායණාය නමහ:
37අරුණ රාමායණාය නමහ:
38පද්ය රාමායණාය නමහ:
39ධර්ම රාමායණාය නමහ:
40ආශ්චර්ය රාමායණාය නමහ:
41අද්භූත රාමායණාය නමහ:
42අත්‍රි රාමායණාය නමහ:
43අංබිකා රාමායණාය නමහ:
44අවධුත්ත්‍ර රාමායණාය නමහ:
45ආචාර්ය රාමායණාය නමහ:
46ඖසන්ස රාමායණාය නමහ:
47දුර්වාසස රාමායණාය නමහ:
48නන්දි රාමායණාය නමහ:
49ඊශ්වර රාමායණාය නමහ:
50කපිල රාමායණාය නමහ:
51කලි රාමායණාය නමහ:
52කාලීකා රාමායණාය නමහ:
53කුමාර රාමායණාය නමහ:
54ගණේශ රාමායණාය නමහ:
55ගරුඪ රාමායණාය නමහ:
56චම්පු රාමායණාය නමහ:
57ජෛන රාමායණාය නමහ:
58ජාමවංත රාමායණාය නමහ:
59නල රාමායණාය නමහ:
60නීල රාමායණාය නමහ:
61නාටක රාමායණාය නමහ:
62නරසිංහ රාමායණාය නමහ:
63පද්ම රාමායණාය නමහ:
64පරාශර රාමායණාය නමහ:
65බකලාල්භ්ය රාමායණාය නමහ:
66බ්‍රහ්ම වෛවර්තක රාමායණාය නමහ:
67බ්‍රහ්මාණ්ඩ රාමායණාය නමහ:
68භවිශ්යෝත්තර රාමායණාය නමහ:
69භාගවත රාමායණාය නමහ:
70භාර්ගව රාමායණාය නමහ:
71භාරත රාමායණාය නමහ:
72මෛ'ද රාමායණාය නමහ:
73මරිචි රාමායණාය නමහ:
74මාහේශ්වර රාමායණාය නමහ:
75මානව රාමායණාය නමහ:
76මාර්කණ්ඩේය රාමායණාය නමහ:
77මාරුති රාමායණාය නමහ:
78මුද්ගල රාමායණාය නමහ:
79ලිංග රාමායණාය නමහ:
80වරද රාමායණාය නමහ:
81වරුණ රාමායණාය නමහ:
82වශිෂ්ට රාමායණාය නමහ:
83වායූ රාමායණාය නමහ:
84විෂ්ණු රාමායණාය නමහ:
85ශ්‍රී රංග රාමායණාය නමහ:
86සනත්කුමාර රාමායණාය නමහ:
87වාමන රාමායණාය නමහ:
88සුකංද රාමායණාය නමහ:
89සූර්ය රාමායණාය නමහ:
90හරිවංශීය රාමායණාය නමහ:
91ශෛව රාමායණාය නමහ:
92පංචරාත්‍ර රාමායණාය නමහ:
93හනුමංත රාමායණාය නමහ:
94මත්ස්‍ය රාමායණාය නමහ:
95වරාහ රාමායණාය නමහ:
96 #මහාකාලී රාමායණාය නමහ:
97අග්නී රාමායණාය නමහ:
98මහාභාරත රාමායණාය නමහ:
99ශීව භවානී රාමායණාය නමහ:
100ආත්ම රාමායණාය නමහ:
101සවෘත රාමායණාය නමහ:
102කිශෝර රාමායණාය නමහ:
103නරකුටක රාමායණාය නමහ:
104ප්‍රසන්න රාඝව රාමායණාය නමහ:
105රාධේශ්යාම රාමායණාය නමහ:
106වරත්වෛ රාමායණාය නමහ:
107අභිනව රාමායණාය නමහ:
108 රාම චරිතමානස රාමායණාය නමහ:

පින්තූරය අන්තර්ජාලයෙනි

උපුටා ගැනීම තහනම්

💙Jay radha madhav, 💙

🙏අන්නමයියාචාර්ය කීර්තනලූ - සතුලාලා චූඩ රේ ✨🌺තල්ලපාක අන්නාමාචාර්ය යනු 15 වන සියවසේ  #තෙළිඟු නිර්මාපකයෙකු මෙන්ම කවියෙකි. ත...
23/02/2024

🙏අන්නමයියාචාර්ය කීර්තනලූ - සතුලාලා චූඩ රේ ✨

🌺තල්ලපාක අන්නාමාචාර්ය යනු 15 වන සියවසේ #තෙළිඟු නිර්මාපකයෙකු මෙන්ම කවියෙකි. තෙළිඟු සාහිත්‍යයට ඔහු කළ දායකත්වය හේතුවෙන් ඔහු ආන්ද්‍ර පද කවිතාපිතෘ ලෙස සැලකේ. #කර්නාටක #සංගීත ශිල්පීන් අතර තවමත් ජනප්‍රිය ගීත මෙම ජනප්‍රිය කවියාගේ ජීවිතය සහ උරුමය පිළිබඳ රසවත් කරුණු කියාපාති .

🌺අන්නමයියාචාර්ය විසින් රචනා කරන ලද මෙම "සතුලාලා චූඩ රේ" දේවත්වයේ උත්තරීතර පෞරුෂය වන ශ්‍රී ක්‍රිෂ්ණ දෙවිඳුගේ ජන්මය මනරම් ලෙස කියාපාති.

🌺මෙම #භජන් ගීතය එදිනෙදා දෛනික පූජාවලින් අනතුරුව ඔබ සැමට ගායනා කළ හැකිය.

රාගය: කපි
තාලය : ආදී තාලම්

🌺සතුලාලා ඕ සතුලාලා
සතුලාලා චූඩ රේ ශ්‍රාවණබහුලාෂ්ටමි
කථලායා නඩුරෙයි කලිගේ ශ්‍රී කෘෂ්ණඩු

💓සියලුම කාන්තාවනී (දෙවිදුන්ගේ ගේ උත්තර පෞරුෂයත්වයෙ කරුණ සැලකිල්ලට ගෙන #වෛෂ්ණව ඒතුමන්ව පරම පුරුෂයා ලෙස සලකනු ලබන අතර අන්‍යන් එතුමන් ව ස්වාමියා ලෙස සලකනු ලබයි.)ශ්‍රවණ බහුලාෂ්ටමි දිනය දෙස බලන්න.
මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ක්‍රිෂ්ණ පැමිණියේය.
සියලුම කාන්තාවන්ගේ අවධානය යොමු කරමින් අන්නමයියාචාර්ය ආරම්භ කරන ගීත වලින් එකකි .මෙම අවස්ථාවේ දී, ක්‍රිෂ්ණා උපත ලැබූ ශ්‍රවණමාස යේ අට වන දිනයි. බහුලාෂ්ටමි යනු පුර පසළොස්වක පොහොයෙන් පසු පැමිණෙන අටවන දිනයයි.

🌺පුට්ටේ යපුඩේ චතුර්භුජාලූ සංඛචක්‍රාලූ
යෙට්ටු ධරියිංචෙනේ ඒ කෘෂ්ණඩු
අට්ටේ කිරීටමු ආභරණාලූ ධරිමචි
යෙට්ට එඩුට උන්නාඩු ඒ කෘෂ්ණඩු

💓කෘෂ්ණ දෙවිදු උපතේදී, අත් සතරක් , ශංඛ සහ චක්‍ර එතුමන් අත්වලින් දැරුවේ ය.
මෙම ක්‍රිෂ්ණ දරුවා අලංකාර සුන්දර ඔටුන්නක් වගේම මනරම් ආභරණ (ඔහු) පැළඳ සිටියහ.
අලුත උපන් අයෙකු ශංඛයක් සහ චක්‍රයක් අල්ලාගෙන අත් සතරකින් උපදින්නේ කෙසේද යන්න ගැන අන්නමයියාචාර්ය ශ්‍රාවකයන් පුදුමයට පත් කරයි.

🌺වච්චි බ්‍රහ්මයු රුද්‍රඩු වාකිට නුති ඉන්චගනු
යිච්චගින්චි විනුචුන්නා ඩේකෘෂ්ණඩු
මුච්චටාඩි දෙවකිතෝ මුන්චි වසුදෙවනිතෝ
හෙච්චින මහිමලතෝ ඒ කෘෂ්ණඩු

💓ක්‍රිෂ්ණ දෙවිදු ඉපදෙන විට, බ්‍රහ්මදෙවිදු සහ #ශිවදෙවිදු විෂ්ණු දෙවිදුන්ගේ මෙම ළමා අවතාරය ගැන ගුණ ගායනා කළහ. අන්නමයියාචාර්ය ඊළඟ පේළි දෙකින් ක්‍රිෂ්ණාගේ දෙමාපියන් සමඟ ඊළඟට සිදු වූ දේ විස්තර කරයි. විෂ්ණුදෙවිදුන් දේවකීමාතාව සමඟ කතා කළ බවත් සිරගෙයක් වූ ඔහුගේ උපන් ස්ථානයෙන් ඔහුව මාරු කිරීමට උපදෙස් දුන් බවත් කියනු ලැබේ. එබැවින් ඔහුගේ පියා වාසුදේව ඔහුව කූඩයක දමා සිරගෙයින් පිටතට ගෙන යයි. එදින මහාවර්ෂාවක් ඇද හැළුණු බව විශ්වාස කෙරෙන අතර, වාසුදේව යමුනා ගඟ තරණය කර ඔහුගේ මිතුරෙකු වූ ගෝපාල නන්දමහාරාජගේ ස්ථානයට ගෙනයාමට සිදු වූ බව විශ්වාස කෙරේ. එසේම හිර ගෙදරින් එළියට එන වෙලාවේ ඉඳන් මහ වැස්ස මැද්දේ යමුනාගඟේ අනිත් කෙලවර වෙනකන් බොහෝ ආශ්චර්යන් රැසක් සිදුවිය.

🌺කොඩ ඩීර මරි නන්ද ගෝපනකු යශෝධකු
ඉඩිවෝතා බිඩ්ඩඩායේ නීකෘෂ්ණඩු
අදන ශ්‍රී වෙන්කටේශුඩේයි අලමේලුමංග ගුඩි
යෙඩුටනේ නිලුචුන්නා ඩේකෘෂ්ණඩු

💓සියලු කාරණාවලින් පසු ක්‍රිෂ්ණ දෙවිදු සිය ළමා කාලය ගත කළේ නන්දමහාරාජ්ගේ සහ යශෝධාගේ නිවසේය. එහි එතුමන් අනේක ලීලාවන් සිදුකරන්නට වූහ.අන්නමයියාචාර්ය පවසන්නේ එම ක්‍රිෂ්ණා දැන් එතුමාගේ බිරිඳ අලමෙල්මංගා ( #ලක්ෂ්මී )සමඟ වෙන්කටේශ දෙවිදුන් ලෙස තමා ඉදිරියේ සිටින බවයි....

උපුටා ගැනීම තහනම් 💓

සැමට ශ්‍රී කෘෂ්ණ පරමාත්මයන්ගෙත් ශ්‍රී මති රාධා රාණියගේත් ආශිර්වාදය ලැබේවා ❤️

පින්තූරය අන්තර්ජාලයෙනි

❤️Sri ram mandir-❤️ Ayodhya ❤️❤️❤️💓🎆Jay Sri ram....... ශ්‍රී අයෝධ්‍යාපති ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගේ සත්වන මනුලොව පහලවීම වන ...
21/01/2024

❤️Sri ram mandir-❤️ Ayodhya ❤️❤️❤️

💓🎆Jay Sri ram....... ශ්‍රී අයෝධ්‍යාපති ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගේ සත්වන මනුලොව පහලවීම වන පුරුෂෝත්තම් රාම චන්ද්‍රන් ගේ භව්ය මහා මන්දිරය හෙටින් සමස්ථ භක්තගණයන් උදෙසා විවෘතවන වගයි...❤️💓

මීට සමගාමීව ඔබත් ශ්‍රී රාම දෙවියන් උදෙසා භක්තියෙන් යුක්තව නිවසේ දී හෝ දේවස්ථානයකට ගොස් පූජා පවත්වා එම විශ්ව ආශිර්වාදයත් එක්ක එකතු වෙන්න....❤️

ශ්‍රී රාම පූජා මන්ත්‍ර පහත සබැඳියෙන් 😊

https://m.facebook.com/story.php?story_fbid=117694480877777&id=102674412379784&mibextid=Nif5oz

සීතාවර රාමචන්ද්‍ර කී ජය ❤️😊🙏

🙏🙏🙏

❤️🌺2024 වර්ෂයේ ඒකාදශී පූජා දින 🌺❤️මෙම වසරේ ඒකාදශි පූජා දින ඔබ සැමට මෙසේ ලබා දෙන්නේය.ඒකාදශී පූජාවන් සිදු කරන්නේ කෙසේ ද යන...
06/01/2024

❤️🌺2024 වර්ෂයේ ඒකාදශී පූජා දින 🌺❤️

මෙම වසරේ ඒකාදශි පූජා දින ඔබ සැමට මෙසේ ලබා දෙන්නේය.

ඒකාදශී පූජාවන් සිදු කරන්නේ කෙසේ ද යන්න දැන ගැනීම සදහා පහත සදහන් සබදි හරහා එක්වෙන්න
https://m.facebook.com/story.php?story_fbid=195076936154309&id=106417011686969&mibextid=2JQ9oc

https://m.facebook.com/story.php?story_fbid=195571182771551&id=106417011686969&mibextid=2JQ9oc

❤️2024 ජනවාරි 07 සඵලා ඒකාදශි
2024 ජනවාරි 21 පුත්‍රදා ඒකාදශි

❤️2024 පෙබරවාරි 06 සත්තිලා ඒකාදශී
2024 පෙබරවාරි 20 භාමි ජය ඒකාදශී

❤️2024 මාර්තු07 විජයා ඒකාදශි
2024 මාර්තු 20 අමල්කි ඒකාදශී

❤️2024 අප්‍රේල් 05 පාපමෝචනි ඒකාදශී
2024 අප්‍රේල් 19 කාමදා ඒකාදශි

❤️2024 මැයි 04 වෛෂ්ණව වරුතිනී ඒකාදශී
2024 මැයි 19 මෝහිනි ඒකාදශී

❤️2024 ජුනි 03 අපරා ඒකාදශි
2024 ජුනි 18 පාණ්ඩව නිර්ජලා ඒකාදශි

❤️2024 ජූලි 02 යෝගිනි ඒකාදාශි

❤️2024 ජූලි 17 දෙව්ශයනි ඒකාදශි
2024 ජූලි 31 කමිකා ඒකාදශි

❤️2024 අගෝස්තු 16 පවිත්‍රෝපන ඒකාදශි
2024 අගෝස්තු 30 අන්නදා ඒකදශි

❤️2024 සැප්තැම්බර් 14 ප්‍රශ්ව ඒකාදශි
2024 සැප්තැම්බර් 28 ඉන්ද්‍රා ඒකාදශි

❤️2024 ඔක්තෝබර් 14 ප්‍රාන්කුෂ ඒකාදශි
2024 ඔක්තෝබර් 27 රාම ඒකාදාශි

❤️2024 නොවැම්බර් 12දෙව්‍රෘත්තනා ඒකාදශි
2024 නොවැම්බර් 26 උත්පන්න ඒකාදශි

❤️2024 දෙසැම්බර් 11 මෝක්ෂදා ඒකාදශි
2024 දෙසැම්බර් 26 සඵලා ඒකාදශි

සැමට ශ්‍රී කෘෂ්ණ පරමාත්මයන්ගෙත් ශ්‍රී මති රාධා රාණියගේත් ආශිර්වාදය ලැබේවා!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Radha madhav राधा माधव posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share