19/08/2026
බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතයේ කෙටි බව උපමා කළේ උදෑසන හිරු එළියට වියළී යන ‘තණ අග පිනි බිඳුවකටයි’. ආයුෂ අසූදහසක් තිබුණු යුගයකත් උන්වහන්සේ ජීවිතයේ අනිත්‍යතාව එහෙම දැක්කා නම්, අවුරුදු හැට-හැත්තෑවකට සීමා වුණු අපේ මේ ජීවිත කොතරම් කෙටිද?
මේ පුංචි කාලය ඇතුළේ තරහව, වෛරය සහ ඊර්ෂ්‍යාව වගේ කෙලෙස්වලින් හිත පුරවාගෙන කාලය නාස්ති කරනවා කියන්නේ ලොකු මුළාවක්. අපට තියෙන්නේ මේ යථාර්ථය තේරුම් අරගෙන, කෙලෙස් අත්හරිමින් හැමෝම එක්ක මෛත්‍රියෙන් ජීවත් වෙන එක විතරයි.
බෞද්ධයා - The Buddhist