Ephphatha

Ephphatha We walk by faith, not by sight

'' 3දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. 4 ඔබ එකිනෙකා තම තමා...
10/11/2021

'' 3දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය.
4 ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. 5දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය.''
- 1 තෙසලෝනික 4:3-5 -

ශු. මහා ගර්ට්රූඩ් තුමිය 1263 ජර්මනියේ උපත ලැබුවාය. එතුමි බෙනදියානු තාපසිකාව වූවාය. එතුමි ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප...
03/11/2021

ශු. මහා ගර්ට්රූඩ් තුමිය 1263 ජර්මනියේ උපත ලැබුවාය. එතුමි බෙනදියානු තාපසිකාව වූවාය. එතුමි ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන නිතර භාවනා කළාය. බොහෝවර එතුමි කඳුළු ගංගාවල ගිලී සිටියාය. තවද එතුම් බොහෝ මර්ධන ක්‍රියා ඉටු කළාය. අප අප ස්වාමින් වහන්සේ කීපවරක් එතුමියට දර්ශනය වූ සේක. 1334 දී එතුමිය මොලොවින් වියෝ විය. එතුමියගේ සංවත්සරික මංගල්‍යය නො. 16 වනදාය.

අප ස්වාමින් වහන්සේ ශු. ගර්ට්රූඩ් තුමියට වදාළේ මේ යාච්ඤාව බැතියෙන් උච්චාරණය කරන සෑම අවස්ථාවකදීම ශුද්ධගිනිස්ථානයේ ආත්ම දහසක් මිදීම ලබන බවයි.

--------------------

(මේ යාච්ඥාව දිනකට බොහෝ වරක් කියවන්න.)

ශුද්ධගිනි ස්ථානයේ ආත්ම 1000 මුදවාගැනීම සඳහා යාච්ඤාව

අනන්ත පියාණෙනි,
ඔබ වහන්සේ දිව්‍යමය පුත‍්‍රයාණන් වන ජේසු සමිදුන්ගේ අති අම්ල රුධිරයද, අද දින ලෝකය පුරා ඔප්පු කරන දිව්‍ය පූජාවන් සියල්ල ශුද්ධගිනි ස්ථානයේ
ආත්මයන් සඳහා ද, එසේම සෑම තැනම සිටින පව්කාරයන් සඳහා ද, මගේම නිවසේ හා මා පවුල තුල අය සඳහා ද, ඔබ වහන්සේට පූජා කර සිටිමි. ආමෙන්.

ශු. මර්ගරීතා මරියතුමි - ( මංගල්‍යය දිනය - ඔක්තොම්‍බර් 16 )” මනුෂ්‍යයන්ට මෙපමණ පේ‍්‍රම කළා වූ හෘදය බලනු..... ඊට සැලකීමක් ...
16/10/2021

ශු. මර්ගරීතා මරියතුමි - ( මංගල්‍යය දිනය - ඔක්තොම්‍බර් 16 )

” මනුෂ්‍යයන්ට මෙපමණ පේ‍්‍රම කළා වූ හෘදය බලනු..... ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙන් මට ලැබෙන්නේ මේ මාගේ පේ‍්‍රමයේ ප‍්‍රසාද නිධානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු ගතියෙන් සහ අපහාස කිරීමෙන් පෙන්වන්නා වූ නොසැලකීම් සහ දේව ද්‍රෝහිකම වේ.
මාගේ දුක් ප‍්‍රාප්තියේදී වින්දා වූ සියලූ දුක් ගාවිනා වලට වඩා මේ කරුණු මට වඩා දුක් සහිත වන්නේ, ඔවුන් යම් ස්වල්ප වශයෙන්වත් මාගේ පේ‍්‍රමයට
ප‍්‍රති පේ‍්‍රමය දෙන්නේ නම්..... ඔවුන් උදෙසා හැකි නම් තවත් වඩා දුක් ගාවිනා විඳින්නට මම ආශාවෙමි ”‍

දිව්‍ය හෘදයේ අප ස්වාමින් වන ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ විසින් ශු. මර්ගරීතා මරියතුමියට පවසන ලදී.
1674 ජුනි

✝ කය දුෂ්කාර ප්‍රාර්ථනාව ✝

සර්වදයාබර වූ ජේසුනී ! පාපීවූ අපට දයාවෙනවා සොදේ.
දයාවෙනවා සොදේ ස්වාමි, දයාවෙනවා සොදේ.

අප නීච මනුෂ්‍යයින්ට කරුණා කර නීච මනුෂ්‍ය කය දරා, පොළොවේ උපන්නේ, මගේ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

ඉගැන්වූ ගෝලයා සදිකරමින්. ගැතිවූ ජුදුයෝ සතුරු වෙමින්, දිව්‍යා කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ, මගේ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

අපරාධ අයමෙන් සිරවෙමින් ශ්‍රී හස්තවලෙහි බැමිලවා ගනිමින්, බැටළු පැටවෙකු මෙන් බිල්ලට වැඩියේ, මගෙ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොදේ ස්වාමි, දයාවෙනවා සොඳේ.

අණ​ඩු ගුරු සභාවට යටත් වෙමින්, බොරු සාක්ෂි වැරදි අසමින්, දේව අපරාධකාරයා යයි කියන ලද්දේ, මගේ දයාබර වූ ජේසුනී !
දයා වෙනවා සොදේ ස්වාමි, දයාවෙනවා සොදේ.

ශ්‍රී වත මඬල පහර ගසමින්, ශ්‍රී නේත්‍ර රෙදි වසමින් වද පරුෂ කරන ලද්දේ, මගෙ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ.

පිලාත්තු රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැඳුම් කමින්, ලේ සාගරකොට කස පහරවල් වින්දේ, මගෙ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

ශ්‍රී සිරසේ කටු ඔටුන්න දරා, රතු ජගලාත්තුව ඇඟ පොරවා, කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ, මගේ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ.

බරවූ කුරුසේ කර තබමින්, උසස්වූ කපාල සෙල් නගිමින්, වසක් කේඩුවෙන් වැටුනේ, මගෙ දයාබර වූ ජේසුනී !
දයා වෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

ශ්‍රී මේල සළු ගලවා, සර්වාංග ලේ වන පහදවා, දිව්‍යාරූප ගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ, මගේ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොදේ ස්වාමි, දයාවෙනවා සොදේ.

කුරුසියේ පිට බාවමින්, ශ්‍රී හස්ත පාද ඇණ ගසමින්, සර්වාංග වදයෙන් සොරුන් මැද සිටුවන ලද්දේ, මගෙ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොදේ ස්වාමි, දයාවෙනවා සොදේ.

කුරුසේ ඉඳ උපදෙස් වදාරා, සතුරන්ට ක්ෂමාවී වදාරා, සියල්ලන්ට දයා පෑ වදාළේ, මගෙ දයාබරවූ ජේසුනී !
දයා වෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

එතෙක් කොට සියළු සික්ෂා විඳලා, නිමක් නොකොට සියලු යහපත්කම් පාලා, මරණාසන්න වුණේ, මගෙ දයාබර වූ ජේසුනී |
දයාවෙනවා සොදේ ස්වාමි, දයාවෙනවා සොදේ.

දිව්‍ය මුහුණ කමල මැලවෙමින් දිව්‍ය නේත්‍ර​ වසා හෙලමින්, දිව්‍ය සිරස නමා වැටෙමින් උකුත්වුණේ, මගේ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ.

මා නිසා මේ සියළු දුක් විඳ, මගේ පව් නිසා අච්චුවිඳ, මාගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ, මගේ දයාබර වූ ජේසුනී !
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා, මා නිසා විඳපු දුක් සිහි නොකර ඔබට අනදර අපරාධ කෙළෙම්වේද, මට දයා වෙනවා සොඳේ.
දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොදේ.

මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී මනස්ථාපයෙන් පැළී පොඩි වී, ඇසින් කඳුළු ධාරා කොට අඩා ඉන්නා, මට දයාවෙනවා සොඳේ.
දයාවෙනවා සොඳේ ස්වාමි දයාවෙනවා සොදේ.

මගේ දුෂ්ඨකමුත් අලසකමුත් නොබලා ඔබගේ යහපත්කමත්, දයාබර කමත් බලා,
මට ක්ෂමා වෙනවා සොදේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ.

අනදර දරුවයි මා නොබලා දයාවන්ත පියානොයි ඔබ බලා,
මගේ සියලු පව් මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ.

ඔබගේ කස පහරවල් හා කටු ඔටුන්න උදෙසා,
මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොදේ.

ඔබගේ සර්වාංග වණවල් හා ලේ ධාරාවල් උදෙසා,
ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ.

ඔබගේ කුරුසය හා මරණය උදෙසා ක්ෂමා වෙනවා
සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ.

ආමෙන්.

ශු. ඇල්ෆොන්සස් ද ලිගෝරේගේ සහ වෙනත් සාන්තුවරුන්ගේ ලේඛන වලට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ පිටුපසට නිවැරදි නිරූපණයක්. මෙම පින්ත...
11/10/2021

ශු. ඇල්ෆොන්සස් ද ලිගෝරේගේ සහ වෙනත් සාන්තුවරුන්ගේ ලේඛන වලට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ පිටුපසට නිවැරදි නිරූපණයක්. මෙම පින්තූරය බැලීමට ඉතා අසීරුය.

ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ දුක්ප්‍රාප්තිය හා සමඟ සැසඳීමේ දී මෙම රූපයට ද සමාන නොවේ.

ඔබ ඊළඟ වතාවේ මුල් අගුණ පව් වන උඩඟුව, ලෝභය, මෝහය, ක්‍රෝධය, රාගය, කෑදරකම, කෝපය සහ අලසකම සමඟ පොරබදින විට ක්‍රිස්තුස් වහන්සේ දුක් වේදනා වින්දේ ඔබේ පව් වලට වන්දි වශයෙන් බව සැමවිටම මතක තබා ගන්න.

“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.

“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති. එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක. ( ජොහන් 3:16‭-‬21 )

🔥 ශුද්ධ වූ ජපමාලයේ ප්‍රයෝජන 1. ශුද්ධ වූ ජපමාලය මගින් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පරිපූරණ දැනුම ක්‍රම ක්‍රමයෙන් ලැබීම. 2. ශ...
08/10/2021

🔥 ශුද්ධ වූ ජපමාලයේ ප්‍රයෝජන

1. ශුද්ධ වූ ජපමාලය මගින් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පරිපූරණ දැනුම ක්‍රම ක්‍රමයෙන් ලැබීම.
2. ශුද්ධ වූ ජපමාලය මගින් ආත්මය පිවිතුරු වන අතර පාපයන් සෝදා හරිනු ලැබිම.
3. ශුද්ධ වු ජපමාලය මගින් අපගේ සියලු සතුරන්ට එරෙහිව විජයක්ග්‍රහණය ලැබීම.
4. ශුද්ධ වු ජපමාලය මගින් දේව ගුණ ධර්මයන් ක්‍රියාවට නැන්වීම පහසු කරනු ලැබීම.
5. ශුද්ධ වු ජපමාලය මගින් දෙවි සමිඳුන්ගේ ප්‍රේමයේ ගිත්ත මත පිහිටු වීම.
6. ශුද්ධ වු ජපමාලය මගින් දේව වරප්‍රසාදයන් හා ආශිර්වාදයන් වැඩි වර්ධනය කරනු ලැබීම.
7. ශුද්ධ වු ජපමාලය මගින් දෙවි සමිඳුන්ට හා අප අසල්වැසි මනුෂ්‍ය වර්ගයාට අප පියවීමට ඇති සියළු ණය තුරුස් ගෙවිමට අවශ්‍ය දෑ ලැබෙනු ඇත. තවද අවසාන වශයෙන් එමගින් සියලු බලැති දෙවිමහොත්තමයාණන්ගේ සියලු ආකාරයේ දේව ප්‍රසාදයන් ගලා එනු ඇත.

🔥 ශුද්ධ වු ජපමාලයේ ආශිර්වාදයන්

1. පව්කරුවන්ට සමාව ලැබීම.
2. පිපාසිත ආත්මයන්ට ආත්මීය සංතර්පනය ලැබීම.
3. නපුරාගේ මල පත්වලට හසු වුවට බැඳීම් වලින් නිදහස.
4. කදුළු සලන්නන්ට ප්‍රීතිය ලැබීම.
5. දුක් පරීක්ෂාවට ලක්වන්නන්ට ආත්මීය සාමය ලැබීම.
6. දුගී දිළින්දන්ට සහනය ඇති විම.
7. පැවදිවරුන්ට නැවුම් ආත්මීය ප්‍රබොධයක් හිමි වීම.
8. නොදනුවත්කමින් සිටින අයට දැනුවත් භාවය ඇති කර දීම.
9. මෙලොව ජීවත් වන්නන් පුහු ආටෝපයෙන් මිදීමට ඉඩ ප්‍රස්තාව සැලසවිම.
10. මෙලොව හැර ගිය පිඩා විඳින ආත්මයන්ගේ පිඩාවන් හීන විමට අවස්ථා

සිංහල උපුටා ගැනීම - "සුරලොව රන් මල්දම" ග්‍රන්‍ථයෙන්


Benefits of the Rosary and The Rosary Blessings

දේව දයාවෙි උතුම් පැය ==================="සවස 3.00 ට විශේෂයෙන් පව්කරුවන් වෙනුවෙන් මගේ දයාව අයැදින්න. මගේ දුක්ප්‍රාප්තියෙහ...
04/10/2021

දේව දයාවෙි උතුම් පැය
===================

"සවස 3.00 ට විශේෂයෙන් පව්කරුවන් වෙනුවෙන් මගේ දයාව අයැදින්න. මගේ දුක්ප්‍රාප්තියෙහි විශේෂාකාරයෙන් මා අත්හැර දමනු ලැබූ දුක් සාගරයෙහි ගිලෙන්න. එය මුළු ලෝකයටම දයාවේ උතුම් පැය වන්නේය. මගේ මරණීය වේදනාවට ඇතුළු වන්නට මම ඔබට ඉඩ හරිමි. එම පැයේදී මගෙන් ඉල්ලන දෙයක් දෙවියන් වහන්සේගේ අභිමතයට එකඟ වන්නේ නම් මම එය ප්‍රතික්ෂේප නොකරමි."

( ශුද්ධ වූ ෆවුස්තිනා තුමියගේ දින පොත, 1320 )

ජේසුස් වහන්සේ පස්වරු 3 ට පාද නමස්කාරය කරන්නට ශුද්ධ වූ ෆවුස්තිනා තුමියට උපදෙස් දී තිබේ. වෙලා නැතිනම් දයාවේ මල්දම කරන්න. එසේත් නැතිනම් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියෙහි සුළු මොහොතකට ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මෙනෙහි කරන්න. සවස 3 ට කරන යැදුම කියන්න.

( ශුද්ධ වූ ෆවුස්තිනා තුමියගේ දින පොත, 1572 සාරාංශය )

සවස 3.00 ට කරන යැදුම
=====================

ජේසු සමිඳාණෙනි, ඔබ වහන්සේ උකුත් වූ සේක. එනමුදු ජීවනයේ උල්පත ආත්මයන් වෙත ගලා යමින් ඔබ වහන්සේගේ කරුණා සාගරය මුළු ලෝකයටම විවෘත කල සේක. ජීවනයේ උල්පතෙනි, ඔබ වහන්සේගේ අපිරිමිත කරුණාවෙන් මුළු ලෝකය වැළදගෙන ඔබව අප වෙත හිස් කළ මැනව.

කරුණාවේ උල්පත වන ක්‍රිස්තුන් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වෑහුණු රුධිරය සහ ජලයෙනි, මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි.
( 3 වරක් )

දේව දයාවේ පාදනමස්කාරය
========================

+ සෑම පාදනමස්කාර ස්ථානයක් ආරම්භයේ දී පහත යැදුම කියන්න

ක්‍රිස්තුනි, ඔබ වහන්සේට නමස්කාර කොට ස්තූති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසියෙන් ඔබ වහන්සේ ලෝකය ගළවා ගත් සේක.

+ සෑම පාදනමස්කාර ස්ථානයක් අවසානයේ දී පහත යැදුම කියන්න

ජේසු තුමන්ගේ අතිකඨූර වූ දුක් ප්‍රාප්තිය මඟින් අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව. ආමෙන්.

1 වන ස්ථානය
============

ජේසුස් වහන්සේ මරණයට තීන්දු කරනු ලබන සේක

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේගේ නිවැරදි බව තේරුම් ගත් පිලාත් ආණ්ඩුකාරයා, පූජකයන්ටත් ජනතාවටත් බියවී, තමාගේ වාසිය තකා ජේසුස් වහන්සේව මරණයට තීන්දු කළේය.

යැදුම : ආදර ජේසුනී, නිවැරදිව සාධාරණව තීරණ ගැනීමටත්, පැමිණෙන පාප පරීක්ෂා වලින් මිදෙන්නටත්, අනිත් අයව විනිශ්චය කිරීමෙන් අපව වැළැක්වුව මැනව.

2 වන ස්ථානය
============

ජේසුස් වහන්සේ ජුදයින් විසින් සිය කරපිට තැබූ කුරුසිය සතුටින් වැළඳගත් සේක

මෙනෙහි කිරීම : පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට ජේසුස් වහන්සේ කුරුසිය සතුටින් කරට ගත් සේක. ජේසුස් වහන්සේ අනුව යන්නට අපත් අපේ කුරුස කරට ගත යුතුය.

යැදුම : ආදර ජේසුනී, දුක් කරදර පැමිණි විට ඒවා සතුටින් විඳ දරා ගැනීමට අපට පිහිට වුව මැනව. මේ කුරුසිය ඔබ වහන්සේගේ නොවෙයි. එය මගේම විය යුතුයි. ඔබව ඇණ ගැසුවේ මාගේ පාපයයි.

3 වන ස්ථානය
============

ජේසුස් වහන්සේ කුරුසියේ බරින් පළමු වෙනි වර බිම වැටෙන සේක

මෙනෙහි කිරීම : අපගේ පව් බර ජේසුස් වහන්සේට දරා ගත නොහැකි විය. එබැවින් උන් වහන්සේ බිම ඇද වැටුණු සේක.

යැදුම : ආදර ජේසුනී, අප ජීවිතයේ ප්‍රශ්න, කරදර, දුක්වේදනා තුළ අප ඇද වැටෙන විට නැගී සිටින්නට අපට විශ්වාසය; ශක්තිය දුන මැනව. ඔබ වහන්සේගේ පළමු වැටීම හේතු කොට ගෙන කිසිම පාපයකින්, විශේෂකොට මරණීය පාපයකින් ඇද වැටෙන්නට කිසි දිනක අපට ඉඩ නුදුන මැනව.

4 වන ස්ථානය
============

ජේසුස් වහන්සේට මහත් දුක් වේදනාවෙන් සිටින සිය මෑණියන් හමුවෙයි

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්ය කරන විට හෝ මිනිසුන් ජේසුව රජ කෙනෙකු ලෙස හෝසන්නා කියා පිළිගන්නා විට, මරියතුමිය ඒ ගෞරවයෙන් කොටසක් හිමි කරගන්න ගියේ නැහැ. නමුත් තම පුතණුවන් මරණයට ගෙන යන විට ඒ වේදනාවට, නින්දාවට, අපහාසයට කොටස් කාරියක් විය. ජේසුස් වහන්සේ තම මවට පියාට කීකරු විය, ගෞරව කළ සේක.

යැදුම : ආදර ජේසුනී, මව්පියන් සතුටු කරන පිණිස සියලුම යුතු දේ වලදී ඔවුන්ට කීකරු වෙන්නට අපට සලස්වා වදාළ මැනව. වැඩිහිටියන්ට ආදරේ කිරීමටත්, ගරු කිරීමටත්, උදව් කිරීමටත් අවැසි වරප්‍රසාද දුන මැනව. කොතරම් මානුෂික සමීප බැඳීමකින්වත් ඔබ වහන්සේගේ කුරුසියේ අනුගාමිකත්වයෙන් ඉවත් වන්නට අපට ඉඩ නුදුන මැනව.

5 වන ස්ථානය
============

කුරුසිය ගෙන යන පිණිස සීමොන් සිරනේවුස් ජේසුස් වහන්සේට උදව් වෙයි

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේගේ කුරුසයේ බරට අත දීමට බලකිරීමෙන් වුවද සීමොන් නැමැත්තාට අවස්ථාව ලැබිණි. ඔහු ජේසුස් වහන්සේගේ ගැළවීමේ කාර්යයට පංගුකාරයෙකු විය.

යැදුම : ආදර ජේසුනී, අන් අය වෙනුවෙන් වැයවීමට, කැපවීමට, යුතුකම් ඉටු කිරීමට අපට අවැසි වරප්‍රසාද දුන මැනව. අකමැත්තෙන් වුවද, සීමොන් සිරනේවුස් ඔබට සහය වුවාක් මෙන් දුක් වේදනා ඔබ වෙනුවෙන් ඉවසීමෙන් විඳ දරා ගන්නට අපට පිහිට වුව මැනව.

6 වන ස්ථානය
============

වෙරෝනිකා ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ පිස දමයි

මෙනෙහි කිරීම : එදා ජුදා සමාජයේ ස්ත්‍රිය දෙවන තලයේ පුරවැසියෙකි. නමුත් වෙරෝනිකා විරෝධතා නොතකා සොල්දාදුවන්ට බිය නොවී තම අතේ තිබූ පිසුම්කඩෙන් ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ පිස දැමුවාය.

යැදුම : ආදර ජේසුනී, වෙරෝනිකා මෙන් දුකේදි අන් අයට පිහිට වීමටත්, සැමට එක සේ සැලකීමටත්, ඒ තුළින් අපට නිරන්තරයෙන් ඔබ වහන්සේව එකිනෙකා තුළ දැකීමට අවැසි වරප්‍රසාද දුන මැනව. ඔබවහන්සේගේ ප්‍රතිරූපය වෙරෝනිකාගේ පිසුම්කඩෙහි තැන්පත් කළාක් මෙන්, මාගේ හෘදයෙහිද ඔබේ දුක් ප්‍රාප්තිය හා මරණය නොමැකෙන ලෙසින් සනිටුහන් කළ මැනව.

7 වන ස්ථානය
============

ජේසුස් වහන්සේ කුරුසියේ බරින් දෙවෙනි වර බිම වැටෙන සේක

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේ ලෞකිකත්වයට යට නොවූ සේක.

යැදුම : ආදර ජේසුනී, ඔබ වහන්සේට මුල් තැන දෙමින් දේව වචනය අනුව ජීවත් වීමටත්, මෙලොව දිවියේ කාරණා පිළිබඳව අනිසි ලෙස කරදර වීමෙන් ද, යක්ෂයා, ලෝකයා හා මාංශයාව රස වින්දනයෙන් ගැලවීමට අපට අවැසි වරප්‍රසාද දුන මැනව.

ඔබ වහන්සේගේ දෙවෙනි වැටීම හේතු කොටගෙන යලි යලිත් පාපයට වැටීමට ඇති ප්‍රස්තාවන්ගෙන් අප වැලැක්වුව මැනව.

8 වන ස්ථානය
============

ජේසුස් වහන්සේ ජෙරුසෙලමේ ස්ත්‍රීන් සනසා වදාරණ සේක

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේගේ දුක් විලාපය දුටු ස්ත්‍රීන් හඬා වැටුණි. එහෙත් ජේසුස් වහන්සේ පැවසුවේ උන් වහන්සේ උදෙසා නොව ඔබ හා ඔබගේ දරුවන් උදෙසා හඬන්න යනුයි.

යැදුම : ආදර ජේසුනී, අප දරුවන් සහ වැඩිහිටියන් සමාජ දූෂණ වලින් වළකා යහපත් මඟ ගෙන ගිය මැනව. මව් කුස තුළ ඇති ජීවිතයට ආදරය කරන, පවුල් ජීවිතයේ ශුද්ධවන්ත භාවය රකින, අස්වාභාවික ලිංගික සම්බන්ධතා පිටුදකින, මිහිතලය ටත් එහි වෙසෙන සියලු දෙනාටත් ආදරය කරන පිරිසක් වීමට අපට අවැසි වරප්‍රසාද දුන මැනව.

මගේ ලොකුම සැනසිල්ල වන්නේ " ඔබ බොහෝ ආදරය කළ නිසා ඔබේ පව් ඔබට කමා විය. " ( ලූක් 7:48 ) යන ඔබ වහන්සේ වදාළ වදන් ඇසීමයි.

9 වන ස්ථානය
============

ජේසුස් වහන්සේ කුරුසේ බරින් තුන්වන වර බිම වැටෙන සේක

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේ තුන්වන වරටත් බිම වැටෙන්නේ අපගේ පාප වල ඇති බරපතලකම නිසා ය.

යැදුම : ආදර ජේසුනී, ඔබ වහන්සේ වැටි වැටි නැගිට්ටා සේ, අපි ද අපගේ වැරදි නිවැරදි කර ගනිමින් පාපයෙන් ජය ගන්නට අපට අවැසි වරප්‍රසාද දුන මැනව.

10 වන ස්ථානය
=============

දුෂ්ට ජුදයෝ ජේසුස් වහන්සේගේ වස්ත්‍ර කඩා දමති

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේ නිරුවත් වී උග්‍රතම ලජ්ජාවට පත් වූයේ අපගේ පාප වල ඇති දූෂිත බව නිසාය.

යැදුම : ආදර ජේසුනී, නවීන සමාජයේ පවතින නිරුවත් ඇඳුම් විලාසිතාවන් වලට වහල් නොවී ඔබ වහන්සේට ප්‍රසන්න වන ලෙස අපගේ ශරීර තබා ගැනීමටත්, අන් අයගේ ශරීර වලට ගෞරව කිරීමටත් අපට අවැසි වරප්‍රසාද දුන මැනව.

අපගේ ආත්මයේ පිරිසිදුකම අප නැති කරගෙන ඇත. අප හට සැබෑ පසුතැවිලි සිතක් ද, පාපය කෙරෙහි වෛරයත් ඇති කළ මැනව. අපටත් ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීමට අවැසි වරප්‍රසාද ලබා දුන මැනව.

11 වන ස්ථානය
=============

ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසනු ලබන සේක

මෙනෙහි කිරීම : දේව පුතණුවන් අප හැමදෙනාගේ පාපයේ දඬුවමින් අප ගළවා ගන්නට තම කැමැත්තෙන්ම කුරුසයේ මරණයට යටත් විය.

යැදුම : ආදර ජේසුනී, ඔබ වහන්සේ අප වෙනුවෙන් කුරුසපත් වූවාසේ, අපට ද අන් අය වෙනුවෙන් පරිත්‍යාගයේ ජීවිතයක් ගත කිරීමට අවැසි වරප්‍රසාද දුන මැනව.

" මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. " ( ජොහාන් 13:34 ) යැයි අපට අණ කළ ඔබ වහන්සේ, ඔබගේ සතුරන්ට කමා කළ සේක. තුවාල අමතක කර අපගේ සතුරන්ට සමාව දීමට අපට ඉගැන්වුව මැනව.

12 වන ස්ථානය
=============

ජේසුස් වහන්සේ කුරුසයෙහි උකුත් වන සේක

මෙනෙහි කිරීම : ජේසුස් වහන්සේ අප උදෙසා මරණයට පත් වූ නිසා උන් වහන්සේ කෙරෙහි අදහා ඒ ඇදහිල්ල තුල ජීවත් වන සියල්ලන් හට මරණින් මතු ප්‍රීතිමත් සදාතන ජීවිතයක් ඇත.

යැදුම : ආදර ජේසුනී, අපගේ පාපී බව දුරු කර ගනිමින් ඔබ වහන්සේ පෙන්වා දුන් ආදරයේ මාවතට අපව යොමු කළ මැනව. දේව රාජ්‍යයේ වටිනාකම් අප තුළ වර්ධනය කළ මැනව. ඔබ වහන්සේ උකුත් වූ සේක. එහෙත් ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයේ ගැස්ම තවමත් ඔබගේ පවුකාර දරුවන් කෙරෙහි වන්නේය. ඔබ වහන්සේගෙන් ඈත්ව ගිය අය නැවත ලන් කරදීමට අපට අවැසි වරප්‍රසාද දුන මැනව.

13 වන ස්ථානය
=============

ජේසුස් වහන්සේ කුරුසෙන් බාන ලදුව තමන් වහන්සේගේ පිරිසිදු මැණියන්ගේ උකුලෙහි පුනවනු ලබන සේක

මෙනෙහි කිරිම : කුරුස ගමනයේදී මරියෝත්තමාවන්ගේ හමුවීම ජේසුස් වහන්සේට මහා සැනසිල්ලක් සහ ශක්තියක් විය. සිය පුතුණුවන්ගේ මරණයෙන් පසුව ද වේදනාවෙන් සිදුරු වී ගිය හදවතකින් යුතුව සිටින ඇය සිය පුතුණුවන් සමඟ රැඳී සිටින සේක.

යැදුම : ආදර අම්මේ, ඔබ තුමියගේ පුතණුවන්ට මැදිහත්හත් කාරියක් වුවාසේ අපටද දිනපතා ශුද්ධ වූ ජපමාලය භක්‍තියෙන් උච්චාරණය කිරීම තුළින් සදාතන ජිවිතය උරුම කර ගැනිමට මැදිහත් වී අපට මඟ පෙන්නුව මැනව.

වික්ෂෝප දේව මැණියනි, අප භාර ගෙන, අපගේ පාප වලට පුර්ණ වන්දි ගෙවිමකට අප යොමු කර මැනව. මට ද මුළු ලෝකයාටද දයාවෙන ලෙසින් ඔබ පුතණුවන් ඉදිරියේ යාච්ඥා කළ මැනව.

14 වෙනි ස්ථානය
==============

ජේසු ස්වාමිදරුවෝ ගල්ලෙනෙහි තැන්පත් කරනු ලබන සේක.

මෙනෙහි කිරීම : අරමිතියාවේ ජෝශප් මෙතරම් භාග්‍යවන්ත වූයේ ජේසුගේ මෘත ශරීරය තැන්පත් කිරිම භාර ගත්තේ සාමාජ වටිනාකම් ඉවත දමමිනි. මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රාතිහාර්යය වූ ක්‍රිස්තුස් වහන්සේ මරණින් නැවත නැගිටීම ඒ ගල්ලෙන තුළ සිදුවිය. මරියාවන්ගේ ගර්භය තුළ දෙවියන් වහන්සේ මිනිසත් බව ගත්තා සේ, අප ජීවිතයේ ද අප සතුටු සිතින් පරිත්‍යාග කරන විට ජේසුස් වහන්සේ මහත් ප්‍රාතිහාර්යය ඒ තුළින් සිදු කරන සේක.

යැදුම : ආදර ජේසුනී, ජිවිත කාලය මුළුල්ලෙහිම යහපත කරනටත්, සාමය ගොඩනගනටත් අපට පිහිට ආශිර්වාදය දුන මැනව.

ආදර ජේසුනී, දිව්‍ය සත්ප්‍රසාදයෙන් ඔබ වහන්සේ මා වෙත වඩින කල මාගේ හෘදය ඔබ වහන්සෙගේ වන්දනීය සිරුරට ඔබින වාසස්ථානයක් බවට පත් කළ මැනව.

අවසානය
========

+ 3 වරක් පහත යැදුම කියන්න

ශුද්ධ වූ දෙවියන් වහන්ස,
ශුද්ධ වූ සර්වබලධාරීන් වහන්ස,
ශුද්ධ වූ අමරණීයාණන් වහන්ස,
අපටත් මුළු ලෝකයාටත් දයාවුව මැනව.

අවසන් යැදුම
===========

සදාතන දෙවිඳුනී, කිසිදින නොසිඳෙන දයානුකම්පාවේ නිධානය වන අනන්ත කරුණාබර ස්වාමිනි, අප දෙස දයාවෙන් බලා, ඔබ වහන්සේගේ කරුණාව අප තුළ වැඩි වර්ධනය කල මැනව. අපගේ කරදර හා කම්කටොළු වලදී කලකිරීමට සහ අධෛර්යය වීමට ඉඩ නුදුන මැනව. මහත් බලාපොරොත්තුවකින් යුතුව ආදරය හා කරුණාව වන ඔබ වහන්සේගේ ශුද්ධ වූ කැමැත්තට අපි භාර වෙමු. ආමෙන්.

දැනුම්දීම්
========

පෝලන්තයේ ශුද්ධ වූ ෆවුස්තිනා කන්‍යා සොහොයුරියට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වදාළ වදන් කිහිපයක් පහත සඳහන් ය.

“ ඔබ මාගේ අවසාන ආගමනයට ලෝකය සූදානම් කරනු ඇත. ” ( දිනපොත, 429 )

“ ... මගේ දියණිය, මෙම වචන ලියා ගන්න. මාගේ දයාව ගැන ලෝකයාට කියන්න. මුළු මිනිස් වර්ගයාට මාගේ අපිරිමිත දයාව හඳුනාගැනීමට සලස්වන්න. අවසාන කාලයට එය සළකුණකි. එයට පසුව පැමිණෙන්නේ විනිශ්චයේ දිනයයි. තවම කාලය තිබිය දී දයාවේ උල්පත කෙරෙහි ඔවුහු සහය පතත්වා; ඔවුන් වෙනුවෙන් වගුරුවන ලද රුධිරයෙන් සහ ජලයෙන් ඔවුන් ප්‍රයෝජනය ලබත්වා! ” ( දිනපොත, 848 )

“ ඔබ මාගේ දයාවේ ලේකම්වරියයි. එම කාර්යය සඳහා මෙම ජීවිතය ද මින් මතු ව ද මම නුඹ තෝරා ගනිමි. ” ( දිනපොත, 1605 )

ගරු. ගියොම් නෝනිස් පියතුමාගේ “ දේව දයාවේ බැතිය ” පොත අනුසාරයෙන් සකසන ලද්දකි.

මෙවැනි ආගමික තොරතුරු බෙදාගන්න කැමතිනම් WhatsApp හරහා Online MOG Center වෙත එවන්න: 0777235643 / 0761603999

නොමිලේ කතෝලික පොත් පත්, ගීතිකා, චිත්‍රපට හෝ වෙනත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.
https://bit.ly/onlineMOGcenter

ස්තුතියි! ජේසු පිහිටයි!

LU: 2021Oct05, CB: J, N, G, ZAM & J.

“ නිහතමානී ආත්මයක් තමා කෙරෙහි විශ්වාසය තබන්නේ නැත, නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි සියලු විශ්වාසය තබයි. ” ( දින පොත 593 )- ශ...
24/09/2021

“ නිහතමානී ආත්මයක් තමා කෙරෙහි විශ්වාසය තබන්නේ නැත, නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි සියලු විශ්වාසය තබයි. ” ( දින පොත 593 )
- ශු. ෆවුස්තිනා මුනිවරිය -

දේව දයාවෙි උතුම් පැය ==================="සවස 3.00 ට විශේෂයෙන් පව්කරුවන් වෙනුවෙන් මගේ දයාව අයැදින්න. මගේ දුක්ප්‍රාප්තියෙහ...
23/09/2021

දේව දයාවෙි උතුම් පැය
===================

"සවස 3.00 ට විශේෂයෙන් පව්කරුවන් වෙනුවෙන් මගේ දයාව අයැදින්න. මගේ දුක්ප්‍රාප්තියෙහි විශේෂාකාරයෙන් මා අත්හැර දමනු ලැබූ දුක් සාගරයෙහි ගිලෙන්න. එය මුළු ලෝකයටම දයාවේ උතුම් පැය වන්නේය. මගේ මරණීය වේදනාවට ඇතුඵ වන්නට මම ඔබට ඉඩ හරිමි. එම පැයේදී මගෙන් ඉල්ලන දෙයක් දෙවියන් වහන්සේගේ අභිමතයට එකඟ වන්නේ නම් මම එය ප්‍රතික්ෂේප නොකරමි." ( ශුද්ධ වූ පවුස්තිනා තුමියගේ දින පොතෙන් )

ජේසුස් වහන්සේ පස් වරු 3 ට පාද නමස්කාරය කරන්නට ශුද්ධ වූ පවුස්තිනා තුමියට උපදෙස් දී තිබේ. වෙලා නැතිනම් දයාවේ මල්දම කරන්න. එසේත් නැතිනම් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියෙහි සුළු මොහොතකට ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මෙනෙහි කරන්න. සවස 3 ට කරන යැදුම කියන්න.

දේව දයාවේ පාදනමස්කාරය පහත ලින්ක් එකේ සඳහන්ය. https://m.facebook.com/story.php?story_fbid=1404645669906873&id=654810584890389

ජේසු ඉල්ලූ පරිදි දිනපතා මෙම භක්ති අභ්‍යාසය කරන්නට ආරාධනා!
ස්තුතියි! ජේසු පිහිටයි!

“ අඳුරු කාලවලදී, ජපමාලය අතැතිව සිටීම ඔබේ ආශීර්වාදලත් මාතාවන්ගේ අත අල්ලා ගැනීම හා සමානය. සෑම දිනකම ජපමාලය උච්චාරණය කරන්න....
23/09/2021

“ අඳුරු කාලවලදී, ජපමාලය අතැතිව සිටීම ඔබේ ආශීර්වාදලත් මාතාවන්ගේ අත අල්ලා ගැනීම හා සමානය. සෑම දිනකම ජපමාලය උච්චාරණය කරන්න. දේවමාතාවන්ගේ අතට ඔබව බාරකරන්න. ඇය ඔබව බලා ගනීවි. ”

ශු. පියෝ මුනිතුමා ( මංගල්‍යය දිනය - සැප්තැම්බර් 23 )

St. Padre Pio incorrupt body ( Feast day - September 23 )ශු. පියෝ මුනිතුමන්ගේ නොදිරූ සිරුර ( මංගල්‍යය දිනය - සැප්තැම්බර්...
22/09/2021

St. Padre Pio incorrupt body ( Feast day - September 23 )
ශු. පියෝ මුනිතුමන්ගේ නොදිරූ සිරුර ( මංගල්‍යය දිනය - සැප්තැම්බර් 23 )

20/09/2021
මා ගන්නා හුස්මක් පාසාමා ගන්නා හුස්මක් පාසාමා ගෙවනා දිනයක් පාසාඔබ මට ආදරේ ඇති පියතුමෙකිඔබ මට ආරක්ෂස්ථානයකි //ඔබ මට ලොකු ශ...
20/09/2021

මා ගන්නා හුස්මක් පාසා

මා ගන්නා හුස්මක් පාසා
මා ගෙවනා දිනයක් පාසා
ඔබ මට ආදරේ ඇති පියතුමෙකි
ඔබ මට ආරක්ෂස්ථානයකි //

ඔබ මට ලොකු ශක්තියකි
මට ඔබ ආලෝකයකි
මම පව්කරුවෙකු වී සිටියා
ඔබ ඉන් මා ගලවා ගත්තා

මම කසල ගොඩේ දිවි ගෙව්වා
ඔබ ඉන් මා ඔසවා ගත්තා
මඩ වගුරේ ගිලෙමින් සිටියා
ඔබ ඉන් මා ඉවතට ගත්තා

තව කුමක් කියන්නද
ඔබ මා දෙව් සමිඳා
ගන්නා හුස්මක් දිනයක් පාසා ///

ගීතිකාව YouTube හරහා සවන් දීමට පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.
https://youtu.be/H565elsmXD0

Lyrics at
https://www.sinhala-geethika.com/lyrics/ma-ganna-husmak-pasa

Address

Colombo
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Ephphatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share