Our Lady of Rosa Mystica Church - Chilaw Parish

Our Lady of Rosa Mystica Church - Chilaw Parish අභිරහස්‍යමය රෝස කුසුමෙනි, අප නිසා යදිනු මැනවි 🙏✝️ Join us in prayer and experience the divine presence of Our Lady of Rosa Mystica. 🌿✨

Nestled in the serene village of Maikkulama, Chilaw, Our Lady of Rosa Mystical Church stands as a sacred place of faith, prayer, and devotion. Dedicated to Our Lady of Rosa Mystica, this church is a beacon of spiritual guidance, bringing the community together through worship and grace. With a deep-rooted history of miracles and blessings, the church serves as a place of peace and hope for all who

seek the intercession of the Blessed Virgin Mary. Regular Masses, prayer services, and special feast celebrations draw devotees from near and far, strengthening their faith and love for God.

හලාවත මීසමේ පවුල් දිනය - 2026            Our Lady of Rosa Mystica Church - Chilaw Parish
21/08/2026

හලාවත මීසමේ පවුල් දිනය - 2026

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

14/08/2026

අද දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යයයි.

"බලන්න, මින් මතු සියලු පරම්පරාවෝ මට භාග්‍යවන්තියයි පවසන්නාහ."

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

30/07/2026
අද රෝසකුසුමේ මෑනියන්ගේ මංගලෝත්සවයයි !රෝස කුසුමේ දෙව් මව්ගේ දර්ශනය වීම.රෝස කුසුම හෙවත් ROSA MYSTICA අභිරහස්මය දේව මාතා පු...
13/07/2026

අද රෝසකුසුමේ මෑනියන්ගේ මංගලෝත්සවයයි !

රෝස කුසුමේ දෙව් මව්ගේ දර්ශනය වීම.

රෝස කුසුම හෙවත් ROSA MYSTICA අභිරහස්මය දේව මාතා පුවත මේ දිනවල නිතරම අසන්නට ලැබෙයි. ඉමහත් විශ්වාසයෙන් හා කැපවීමෙන් රෝස කුසුමේ මෑණියන්ගේ නානා අන්දමේ පිහිටාධාර ලබා ගන්නෝ අපමණය. ලුර්දු, පාතිමා වැනි ස්ථාන වල කන්‍යමරිය මාතාවන් දර්ශනය වූ අයුරින් ඉතාලියේ ඇල්ප්ස් කදු පාමුල දර්ශනය වූ මරිය මාතාවන් රෝස කුසුමේ දෙව් මව් හැටියට හදුන්වනු ලබයි.

ROSA MYSTICA නමින් ලොව පුරා ප්‍රචලිත මෙම දර්ශනයටද කදිම ඉතිහාසයක් ඇත. මිට වසර 59 කට ඉහත උතුරු ඉතාලියේ ” මොන්තිචියරි” නම් පිටිසර ගම්මානයක ජිවත් වූ සාත්තු සේවිකාවට මරිය මාතාවන් දර්ශනය වීම තුලින් මෙම සිද්ධිය ඇරබේ. ඇය නමින් පියරිනා ගිලිය. ඕ ප්‍රථම වරට දෙව් මවුන් දුටුවේ ඇය සේවය කල රෝහල තුලදීය. ඇය හදිසියේ දර්ශනය කල මරිය මාතාවන් සුදු පාට වේලයක් හිසෙහි රදවා ගෙන ලා දම් පාට ඇදුමකින් සැරසී සිට ඇත. ඇගේ දෙනෙත් වල කදුලුය. මුහුණ ශෝකාකුලය. ඇගේ වත වසා ගත් කඩු තුනකි. පසු දර්ශන වලදී ඒ කඩු සුදු හා රන්වන් පාට රෝස මල් තුනකට හැරී තිබිණි. ඒ අයුරින් දර්ශනය වූ මරිය තුමිය පියරිනාට පැවසුවේ වදන් තුනකි. යාච්ඤා, පශ්චාත්තාපය හා පරිත්‍යාගය යන වචනයි.

මේ අයුරින් මරිය මාතාවන් කිහිප වතාවක්ම පියරිනාට දර්ශනය වී ඇත. ඇයගේ ඉල්ලීම වුයේ මනුෂ්‍යයින් තම වැරදි වලට සැහැසිකම් වලට මනස්ථාපනය විය යුතු බව හා ඒවාට වන්දි ගෙවිය යුතු බවකි. මෙම දේව මාතා ඉල්ලීම එතුමියගේ කලින් සුදුවූ සෙසු දර්ශන වලද දුටු පොදු ඇයදීමකි. ලෝකය තම පාපී ජීවිතය අතහැර දැමිය යුතු බව එයින් කියවේ.

පියරිනා සාත්තු සේවිකාව දුටු මෙම දර්ශනය ටික දිනකින් ලැව් ගින්නක් මෙන් මුළු මහත් ඉතාලිය පමණක් නොව එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියා යන රටවල් ගණනාවකට පැතිර ගියේය. ලක්ෂ ගණනක් ජනයා මොන්තිචියරි ගමට ඇදී ආහ. මෙහි විශේෂත්වය වුයේ ආබාධිතයින් සුවය ලැබීමයි, යකුන් දුරු වීමයි. ඊට අමතරව ඇතැම් දින වල දර්ශනය සිදු වන අවස්ථාවන්වලදී අහසේ පුදුමාකාර සලකුණු පහල වීමද වන්දනාකරුවන්ගේ මවිතයට හේතු විය.

මෙම දර්ශන මාලාව 1947 වසරේ ජුලි 13 වන දින , ඔක්තෝම්බර් 22 වන දින , නොවැම්බර් 16 වන දින , නොවැම්බර් 22 වන දින , දෙසැම්බර් 7 වන දින, දෙසැම්බර් 8 වන දිනයන්හිදී දර්ශනය විය.

පසුව කලක් නැවතී තිබුණු මෙම රෝස කුසුමේ දර්ශනය 1966 වසරේදී පියරිනා හෙදියට නැවතත් දර්ශනය විය. ඒ 1966 අප්‍රේල් 17 දින, මැයි 13 වන දින, ජුනි 9 වන දින සහ අගෝස්තු 6 වන දිනයහිදීය. මෙවර දෙව් මව් දර්ශනය වුයේ FONTANELLE නම් දිය උල්පතට යාබදවය. දෙව් මවගේ සෙවන ලද මෙම දිය උල්පතින් දිය පානය කල විට ශරිරාබාධ සහිත රෝගීන් සුවය ලද බව වාර්තා වෙයි. යුරෝපයේ වෛද්‍ය විශේෂඥයෝ ඒවා තමන්ට හිතා ගැනීමට පවා නොහැකි ප්‍රාතිහාර්යයන් බවට සාක්ෂි දැරුහ.

දෙව් මවගේ උපදෙස් මත පියරිනා විසින් තමා දුටු දෙව්මව්ට අනුරු ප්‍රතිමා සෑම තැනම අරබන ලදී. පදක්කම්ද සාදවන ලදී. ඕ මෙම සුරුවම් හා පදක්කම් FONTANELLE දිය උල්පත අසල තබා මරිය මව්ගේ ආශිර්වාද ලබා ගත්තාය. එසේ ලබා ගත් රෝස කුසුමේ අභිරහස්මය ප්‍රතිමා අද ලෝකයේ සෑම රටකටම පාහේ බෙදා හැර ඇත. මෙම ප්‍රතිමා කිහිපයක් ශ්‍රී ලංකාවටද ලැබී ඇත. ROSA MYSTICA දේව මාතා ප්‍රතිමා වල අභිරහස වනුයේ එහි දෙනුවන් වලින් කදුළු ගලා ඒමයි. මෙම ප්‍රාතිහාර්යය විද්වතුන්ට පවා තේරුම් ගැනීමට නොහැකි වී ඇත. 1958 ශුද්ධෝත්තම පියතුමා බටහිර ජර්මනියේදී මෙය සත්‍ය සිදුවීමක් බවට සනාථ කළේය.

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

"අප මීසම් පවුල සමග නතර වන්න, ජේසුනී…"හලාවත මීසම් දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය - 2026            Our Lady of Rosa Mystica C...
15/06/2026

"අප මීසම් පවුල සමග නතර වන්න, ජේසුනී…"

හලාවත මීසම් දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය - 2026

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

24/05/2026

පෙන්තකොස්ත මංගල්‍යය (පනස් වන දවස): ශුද්ධවූ සභාවේ උපන් මංගල්‍යය 🔥

පෙන්තකොස්ත (Pentecost) යනු ග්‍රීක භාෂාවෙන් "පනස්වන දිනය" යන්නයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් (පාස්කු මංගල්‍යයෙන්) පසු ගතවන 50 වන දිනයේදී ශුද්ධෝත්තම බලවේගය හෙවත් ශුද්ධවූ ආත්මයාණන් වහන්සේ ප්‍රේරිතවරුන් මතට වැඩම කිරීම මෙමඟින් සමරනු ලබයි. මෙය කතෝලික හා සමස්ත ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සනිටුහන් කරන බැවින්, "ශුද්ධවූ සභාවේ උපන් මංගල්‍යය" ලෙසද හැඳින්වේ.

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවය - 2026" මා අනුව එන්න… මම නුඹ ආලේප කරමි… "ඔබ මත , ඔබගේ පවුල සහ අප මීසම් සංඝය මත බලගතු ශුද්ධා...
18/05/2026

ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවය - 2026

" මා අනුව එන්න… මම නුඹ ආලේප කරමි… "

ඔබ මත , ඔබගේ පවුල සහ අප මීසම් සංඝය මත බලගතු ශුද්ධාත්ම වැගිරීමක් පතා අවදිව සිට යැදුමෙන් , වැයුමෙන් , රැගුමෙන් හා ප්‍රශංසාවෙන් සාංඝික වෙමු.

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය අදයි." එසේ ආශිර්වාද කරද්දී ම , ඔවුන් කෙරෙන් වෙන් ව , ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. "උන...
17/05/2026

ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය අදයි.

" එසේ ආශිර්වාද කරද්දී ම , ඔවුන් කෙරෙන් වෙන් ව , ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. "

උන්වහන්සේ ස්වර්ගාරෝහණය වූ සේක , එය අපට සදාකාලික ජීවිණය පිළිබඳ බලාපොරොත්තුවකි.

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

විශේෂ පෝෂණ වැඩසටහන සහ ඥානකාන්තියගිහි ඔබ දේව රාජ්‍ය වෙනුවෙන් අපෝස්තලික සේවයේ නියැලෙන්නෙකු සහ ගිහි තේවාධරයෙකු ලෙස කැපවන්න....
16/05/2026

විශේෂ පෝෂණ වැඩසටහන සහ ඥානකාන්තිය

ගිහි ඔබ දේව රාජ්‍ය වෙනුවෙන් අපෝස්තලික සේවයේ නියැලෙන්නෙකු සහ ගිහි තේවාධරයෙකු ලෙස කැපවන්න.

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

ශුද්ධ ලියවිල්ල මත අප ජීවිතය ගොඩනගා ගනීමු.බයිබල් අපෝස්තලික සේවාව සමග ඔබත් එක්වන්න.            Our Lady of Rosa Mystica Ch...
14/05/2026

ශුද්ධ ලියවිල්ල මත අප ජීවිතය ගොඩනගා ගනීමු.

බයිබල් අපෝස්තලික සේවාව සමග ඔබත් එක්වන්න.

Our Lady of Rosa Mystica Church - Chilaw Parish

Address

Maikkulama
Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Rosa Mystica Church - Chilaw Parish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share