Parish News - Diocese of Chilaw

Parish News - Diocese of Chilaw The official page for the Parish News, Roman Catholic Diocese of Chilaw, Sri Lanka.

11/08/2026

ගරු සුභසිංහ ආරච්චිගේ රොබට් පර්සිවෙල් ලෑන්ස්ලෝ විජේවර්ධන ජයතිලක පූජා ප්‍රසාදින් වහන්සේ සීදූව ගමේ සුභ සිංහ ආරච්චිගේ රොබට් ස්ටීවන් විජේවර්ධන ජයතිලක සහ දංකොටුව ග්‍රාමයේ සෙම්බු කුට්ටිආරච්චිගේ මේරි ගර්ට්රෑට් සිල්වා යුවලගේ දරුවන් හය දෙනෙකු වූ පවුලේ පළවෙනි පුතුණුවාය. 1941 ජුනි 07 වැනි දින දංකොටුවේදී උපත ලැබූ මෙතුමා දුම්මලකොටුව ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කඳාන ඩී මැසේනඩ් විදුහලෙන් ද්වීතිය අධ්‍යාපනය ලැබීය .
වසර දාහතේදී අතිගරු බැසිල් පෝන්සේකා පියතුමාගේ මග පෙන්වීම ඇතුව මෙතුමා මාරවිල දෙව් සත් හලට ඇතුළු වී පසුව අම්පිටිය ජාතික දෙව් සත්හලේ 1959 සිට යේ 1965 දක්වා දේවධාර්මික ඉගෙනුම ලබා 1965 දෙසැම්බර් මස 21 වෙනි දින වෙන්නප්පුව ශාන්ත ජෝසප් දේව මැදුරේදී අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන් අතින් පූජකවරිය ලැබීය. මෙතුමා සහායක පියතුමෙකු ලෙස තලවිල ,වෙන්නප්පුව මාරවිල කුරුණෑගල යන මිසම් වල
සේවය කර ඇති අතර 1971 වසරේ අගුණවිල මීසම් සේවක ලෙස පත්වීම ලබා ඇත .පසුව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 76 සිට 79 දක්වා රොමයේ විශ්ව විද්‍යාලවල මනෝවිද්‍යාව සහ සදාචාරය STL උපාධිය සහ මාජ විද්‍යාව ශාස්ත්‍රපති ඩිප්ලොමාව හදාරා විදෙස් අධ්‍යාපනය නිමකර ඇත .
විදෙස් අධ්‍යාපනයෙන් පසුව හාල්දඬුවන මීසම් සේවක ලෙස වැඩ කර ඇති මෙතුමා හලාවත පදවියේ පවුල් සේවා නව ආයතන ගොඩනැගිල්ල ඉදිකිරීමේ ප්‍රමුඛතාවය දැරූ අතර 83 සිට 87 දක්වා පවුල් සේවා අධ්‍යක්ෂක ලෙස මහඟු සේවාවක් පදවියට ඉටු කර ඇත .
1987 කුරුණෑගල පදවියට බැඳුණු මෙතුමා බක්මීගොල්ල කටුපත යන මීසම් වල සේවය කර ඇති අතර ඉන් පසුව 86 සිට 2002 දක්වා මිල්ලව කුඩා දෙව් සත්හලේ අයුරු ලෙසද 2002 සිට 2010 දක්වා කුරුණෑගල පදවි අනූනායක හිමියන් ලෙසද සේවය කර ඇත. පසුව 2010 වසරේ අම්පිටිය ජාතික දෙව්සත් හලේ ඇදුරු මඩුල්ලේ සේවයට ඇතුළුවී සේවයට කැපවිය.
උන්වහන්සේගේ සැදෑ සමය කුරුණෑගල රදගුරු මැදුර අසල ඇති වැඩිහිටි පියතුමල්ලාගේ නිවහන වන බුහුමන් නිවස තුළ නිහඩව හා සාන්තව ගතකර 2026 අගෝස්තු 10 දින දහවල් ස්වර්ගස්ථ විය. එතුමාගේ දේහය එතුමාගේම ඉල්ලීම පරිදි තම දෙමව්පියන් භෑමදානය කර ඇති ගොඩැල්ල දේවස්ථානයේ සුසාන භූමියේ 2026 අගෝස්තූ 11 දින භූම දානය කරන්නට නියමීතය.. වයඹ පළාත නමැති සමිඳු මිදි උයනේ දේව රාජ්‍යය ගොඩනගන්නට ඇප කැප වී
දිවි ගෙවූ අතිගරු
රොබට් ජයතිලක පූජා ප්‍රසාදින් ඔබවහන්සේට නිත්‍ය ස්වර්ගීය සැපත ලැබේවා!
ගරු ලයනල් ප්‍රනාන්දු පියතුමා

27/07/2026
09/07/2026
09/07/2026
පදවි එඬේරාණ් පුත්තලම මීසම බැහැදැකීම
02/07/2026

පදවි එඬේරාණ් පුත්තලම මීසම බැහැදැකීම

හලාවත දිසා පූජා සහයක දරුවන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය - සා. මරියා විදුහල් ක්‍රීඩා පිටියේදී සිදු විය. 2026/06/28
01/07/2026

හලාවත දිසා පූජා සහයක දරුවන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය - සා. මරියා විදුහල් ක්‍රීඩා පිටියේදී සිදු විය. 2026/06/28

පුත්තලම දිසා පූජා සහයක දරුවන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය - පුත්තලම/ හින්දු විදුහල් ක්‍රීඩා පිටියේදී සිදු විය- 2026/06/27
01/07/2026

පුත්තලම දිසා පූජා සහයක දරුවන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය - පුත්තලම/ හින්දු විදුහල් ක්‍රීඩා පිටියේදී සිදු විය- 2026/06/27

හලාවත පදවියේ තොඩුවාව මීසම් සේවක, ගරු ෆීලික්ස් කොළඹගේ පියතුමා ස්වර්ගස්ථ විය !
04/05/2026

හලාවත පදවියේ තොඩුවාව මීසම් සේවක, ගරු ෆීලික්ස් කොළඹගේ පියතුමා ස්වර්ගස්ථ විය !

මේ සෙනසුරාදා.... තමයි දවසඔබ සැමට ආරාධනා !
16/03/2026

මේ සෙනසුරාදා.... තමයි දවස
ඔබ සැමට ආරාධනා !

Address

Bishop's House, Puttalam Road
Chilaw Town
61000

Alerts

Be the first to know and let us send you an email when Parish News - Diocese of Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Parish News - Diocese of Chilaw:

Shortcuts

Share