16/08/2026
_නිරුදක කතරට දහම් අමා බිඳක් වනු වස්,_
යශෝධාරා'26 🌷✨
✨ගෞතම බුද්ධ ශාසනයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම කාන්තා රත්නය ඇයයි. රාහුල මාතා නම් වූ යශෝධරා මහ රහත් තෙරණියයි.
ඒ උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණින් වන්දනාව සහ උඩුපිල යශෝධරා මහ සෑ රජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලැබූ උතුම් පිංකම් මාලාව නිකිණි මස 09 වන දා පිංවත් මෙහෙණින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් උඩුපිල යශෝදරා මහ සෑ පිංබිමේදී සාර්ථකව පැවැත්විණ.🙏
ඒ වෙනුවෙන් සහභාගී වූ, නොවූ සියල්ලන්ටම සතුටු සිතින් දැක බලා අනුමෝදන් වීම උදෙසා මේ සියල්ල ඔබ හා සැදැහැ සිතින් බෙදාගන්නෙමු.🙏
පිං කැමති සියලෝම දැක බලා අනුමෝදන් වෙත්වා!🙏✨
🪷🪷🪷🪷🪷🪷
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨ බෞද්ධ සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය