Sri Gangaramaya Werahera Boralesgamuwa

Sri Gangaramaya Werahera  Boralesgamuwa Gangaramaya Temple is one of the most important temples in Colombo, Sri Lanka, being a mix of modern architecture and cultural essence.

16/12/2025
 #සිවුරේ_පැහැය“න භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධා...
10/08/2025

#සිවුරේ_පැහැය

“න භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි,
න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි,
න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි,
න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි,
න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි,
න සබ්බමහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි,
න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි.

(මහාවග්ග චීවරක්ඛන්ධක)

මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් සම්පූර්ණයෙන් නිල් පැහැය ඇත්තා වූ ද,
කහ පැහැය ඇත්තා වූ ද,
රතුපැහැය ඇත්තා වූ ද,
මදටිය පැහැය ඇත්තා වූ ද,
කළු පැහැය ඇත්තා වූ ද,
පත්තෑයන් ගේ පිටේ පැහැය ඇත්තා වූ ද, ඉදුණු කොළවල පැහැය ඇත්තා වූ ද,
සිවුර නො දැරිය යුතු ය.

අකැප පැහැයවල් ඇති සිවුරු ලදහොත් සෝදා ඒ පැහැයවල් වෙන් කොට නියම පැහැය ඇති පඬුපොවා ගත යුතු ය.

පාට ඉවත් කළ නොහැකි නම් ඇතිරිලි ආදිය සඳහා යෙදිය යුතු ය.

තථාගතයන් වහන්සේ විසින් සම්පූර්ණ නිල් කහ ආදි වර්ණයන් ප්‍ර‍තික්ෂේප කර තිබීමෙන් පෙනෙන්නේ සිවුරේ පැහැය මිශ්‍ර‍ වර්ණයක් විය යුතු බව ය.

නුග පොතු තම්බා පෙවූ කල්හි ඇති වන පැහැය සිවුරේ නියම පැහැය විය යුතු ය. එය කළු රතු කහ යන පාට තුන මිශ්‍ර‍ වී ඇති කසට පැහැය ය.

ලෝකයෙහි ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් මේ කසට පැහැය ම සිවුරට ගෙන ඇත්තේ එහි අනුසස් සලකා ගෙන ය. සුදුපැහැය ඇති සිවුරු පරිභෝග කරතහොත් එය ඉතා ඉක්මනින් කිලිටි වන බැවින් නිතර සෝදන්නට වීමේ පළිබෝධය හා අලුත් වස්ත්‍ර‍ සොයන්නට වීමේ පළිබෝධය ඇති වන්නේ ය.

ඒ පළිබෝධය නැති බව මේ කසට පැහැයෙහි එක් අනුසයෙකි. වරක් පෙවූ කල්හි බොහෝ කල් පවත්නා වූ මේ පැහැයෙහි නිතර පඬු පෙවීමේ පළිබෝධය නැති බව එක් අනුසසෙකි.

සිවුර ලස්සනය කියා තණ්හාමානාදි කෙලෙස් නූපදනා බව එක් අනුසසෙකි. දුරට නො පෙනෙන බැවින් අන්තරාය අඩු බව එක් අනුසසෙකි.

මෙය මදුරුවන්ට අප්‍රිය වර්ණයෙකි. එබැවින් සිවුරට මදුරුවන් පැමිණෙනවා අඩු ය. එය කසට පැහැයේ එක් අනුසසෙකි. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් මේ කසට පැහැය පැවිද්දන්ට ඉතා යෝග්‍ය පැහැය වන්නේ ය

(ශාසනාවතරණයෙනි)

නිදුක් නීරෝගී බව ලැබෙිවා..!
14/07/2025

නිදුක් නීරෝගී බව ලැබෙිවා..!

12/07/2025

ප්‍රාණඝාතය මෙලොවත් ,පරලොවත් දෙලොවමටම අයහපත උදාකරයි.

Address

11/A Gangarama Road
Boralesgamuwa
10290

Telephone

+94705611743

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gangaramaya Werahera Boralesgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share