Jacome Gonsalvez Sunday School Bolawatta

Jacome Gonsalvez Sunday School Bolawatta Little works, little thoughts, little loves, little prayers for little Christians, and larger and larger as the years grow...

Warmly invite you all
23/10/2018

Warmly invite you all

THE ASSUMPTION OF MARYපරලෝක රජෙශ්වරියනි අප නිසා යාච්ඤ කල මැනව
15/08/2016

THE ASSUMPTION OF MARY
පරලෝක රජෙශ්වරියනි අප නිසා යාච්ඤ කල මැනව

15/08/2016

THE ASSUMPTION OF MARY: A BELIEF SINCE APOSTOLIC TIMES

Father Clifford Stevens

The Assumption is the oldest feast day of Our Lady, but we don't know how it first came to be celebrated.
Its origin is lost in those days when Jerusalem was restored as a sacred city, at the time of the Roman Emperor Constantine (c. 285-337). By then it had been a pagan city for two centuries, ever since Emperor Hadrian (76-138) had leveled it around the year 135 and rebuilt it as in honor of Jupiter.

For 200 years, every memory of Jesus was obliterated from the city, and the sites made holy by His life, death and Resurrection became pagan temples.

After the building of the Church of the Holy Sepulchre in 336, the sacred sites began to be restored and memories of the life of Our Lord began to be celebrated by the people of Jerusalem. One of the memories about his mother centered around the "Tomb of Mary," close to Mount Zion, where the early Christian community had lived.

On the hill itself was the "Place of Dormition," the spot of Mary's "falling asleep," where she had died. The "Tomb of Mary" was where she was buried.

At this time, the "Memory of Mary" was being celebrated. Later it was to become our feast of the Assumption.

For a time, the "Memory of Mary" was marked only in Palestine, but then it was extended by the emperor to all the churches of the East. In the seventh century, it began to be celebrated in Rome under the title of the "Falling Asleep" ("Dormitio") of the Mother of God.

Soon the name was changed to the "Assumption of Mary," since there was more to the feast than her dying. It also proclaimed that she had been taken up, body and soul, into heaven.

That belief was ancient, dating back to the apostles themselves. What was clear from the beginning was that there were no relics of Mary to be venerated, and that an empty tomb stood on the edge of Jerusalem near the site of her death. That location also soon became a place of pilgrimage. (Today, the Benedictine Abbey of the Dormition of Mary stands on the spot.)

At the Council of Chalcedon in 451, when bishops from throughout the Mediterranean world gathered in Constantinople, Emperor Marcian asked the Patriarch of Jerusalem to bring the relics of Mary to Constantinople to be enshrined in the capitol. The patriarch explained to the emperor that there were no relics of Mary in Jerusalem, that "Mary had died in the presence of the apostles; but her tomb, when opened later . . . was found empty and so the apostles concluded that the body was taken up into heaven."

In the eighth century, St. John Damascene was known for giving sermons at the holy places in Jerusalem. At the Tomb of Mary, he expressed the belief of the Church on the meaning of the feast: "Although the body was duly buried, it did not remain in the state of death, neither was it dissolved by decay. . . . You were transferred to your heavenly home, O Lady, Queen and Mother of God in truth."

All the feast days of Mary mark the great mysteries of her life and her part in the work of redemption. The central mystery of her life and person is her divine motherhood, celebrated both at Christmas and a week later (Jan. 1) on the feast of the Solemnity of Mary, Mother of God. The Immaculate Conception (Dec. 8) marks the preparation for that motherhood, so that she had the fullness of grace from the first moment of her existence, completely untouched by sin. Her whole being throbbed with divine life from the very beginning, readying her for the exalted role of mother of the Savior.

The Assumption completes God's work in her since it was not fitting that the flesh that had given life to God himself should ever undergo corruption. The Assumption is God's crowning of His work as Mary ends her earthly life and enters eternity. The feast turns our eyes in that direction, where we will follow when our earthly life is over.

The feast days of the Church are not just the commemoration of historical events; they do not look only to the past. They look to the present and to the future and give us an insight into our own relationship with God. The Assumption looks to eternity and gives us hope that we, too, will follow Our Lady when our life is ended.

The prayer for the feast reads: "All-powerful and ever-living God: You raised the sinless Virgin Mary, mother of your Son, body and soul, to the glory of heaven. May we see heaven as our final goal and come to share her glory."

In 1950, in the Apostolic Constitution , Pope Pius XII proclaimed the Assumption of Mary a dogma of the Catholic Church in these words: "The Immaculate Mother of God, the ever-virgin Mary, having completed the course of her earthly life, was assumed body and soul into heaven."

With that, an ancient belief became Catholic doctrine and the Assumption was declared a truth revealed by God.

Father Clifford Stevens writes from Tintern Monastery in Oakdale, Neb.

ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.It is easier for a camel to g...
15/08/2016

ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.
It is easier for a camel to go through the eye of a needle than for someone who is rich to enter the kingdom of God.

එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ''සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ...
15/08/2016

එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ''සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය. යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය''යි වදාළ සේක.ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, ''එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ''යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, ''මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය''යි වදාළ සේක.
එවිට පේදුරු කතා කරමින්, ''බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: ''සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය. ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.''

Then Jesus said to his disciples, “Truly I tell you, it is hard for someone who is rich to enter the kingdom of heaven.Again I tell you, it is easier for a camel to go through the eye of a needle than for someone who is rich to enter the kingdom of God.”

When the disciples heard this, they were greatly astonished and asked, “Who then can be saved?”

Jesus looked at them and said, “With man this is impossible, but with God all things are possible.”

Peter answered him, “We have left everything to follow you! What then will there be for us?”

Jesus said to them, “Truly I tell you, at the renewal of all things, when the Son of Man sits on his glorious throne, you who have followed me will also sit on twelve thrones, judging the twelve tribes of Israel. And everyone who has left houses or brothers or sisters or father or mother or wife or children or fields for my sake will receive a hundred times as much and will inherit eternal life. But many who are first will be last, and many who are last will be first.

ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින සේක.The Son of Man will come at an hour when you do not expect him.
07/08/2016

ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින සේක.
The Son of Man will come at an hour when you do not expect him.

”කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක. ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන ප...
07/08/2016

”කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක. ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති.මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”
”ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න.තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු, පෙරළා අවුත් දොරට තට්ටු කළ වහා ම දොර හරිනු වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමාන ව සිටින්න. ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය. ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙ‍සේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”එවිට පේදුරු කතා කරමින්, ”ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. එවිට සමිඳාණන් වහන්සේ මෙ‍සේ පිළිතුරු දුන් සේක: ”ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද? ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි.එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්, ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය. සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය. එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නො‍් ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”

“Do not be afraid, little flock, for your Father has been pleased to give you the kingdom.Sell your possessions and give to the poor. Provide purses for yourselves that will not wear out, a treasure in heaven that will never fail, where no thief comes near and no moth destroys. For where your treasure is, there your heart will be also.

“Be dressed ready for service and keep your lamps burning,like servants waiting for their master to return from a wedding banquet, so that when he comes and knocks they can immediately open the door for him. It will be good for those servants whose master finds them watching when he comes. Truly I tell you, he will dress himself to serve, will have them recline at the table and will come and wait on them.It will be good for those servants whose master finds them ready, even if he comes in the middle of the night or toward daybreak. But understand this: If the owner of the house had known at what hour the thief was coming, he would not have let his house be broken into.You also must be ready, because the Son of Man will come at an hour when you do not expect him.”

Peter asked, “Lord, are you telling this parable to us, or to everyone?”

The Lord answered, “Who then is the faithful and wise manager, whom the master puts in charge of his servants to give them their food allowance at the proper time?It will be good for that servant whom the master finds doing so when he returns.Truly I tell you, he will put him in charge of all his possessions. But suppose the servant says to himself, ‘My master is taking a long time in coming,’ and he then begins to beat the other servants, both men and women, and to eat and drink and get drunk.The master of that servant will come on a day when he does not expect him and at an hour he is not aware of. He will cut him to pieces and assign him a place with the unbelievers.

“The servant who knows the master’s will and does not get ready or does not do what the master wants will be beaten with many blows.But the one who does not know and does things deserving punishment will be beaten with few blows. From everyone who has been given much, much will be demanded; and from the one who has been entrusted with much, much more will be asked.

”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා ! "“Whoever wants to be my disciple must deny th...
05/08/2016

”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා ! "
“Whoever wants to be my disciple must deny themselves and take up their cross and follow me. "

එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා...
05/08/2016

එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා! මන්ද, සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැති කරගන්නේ ය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැක ගන්නේ ය.
යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?
මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.
සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”

Then Jesus said to his disciples, “Whoever wants to be my disciple must deny themselves and take up their cross and follow me.For whoever wants to save their life will lose it, but whoever loses their life for me will find it.
What good will it be for someone to gain the whole world, yet forfeit their soul? Or what can anyone give in exchange for their soul? For the Son of Man is going to come in his Father’s glory with his angels, and then he will reward each person according to what they have done.

“Truly I tell you, some who are standing here will not taste death before they see the Son of Man coming in his kingdom.”

“You are the Christ, the Son of the living God.”''ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''
04/08/2016

“You are the Christ, the Son of the living God.”
''ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''

පේදුරුගේ මහා ප්‍රකාශනය ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, ''මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්ස...
04/08/2016

පේදුරුගේ මහා ප්‍රකාශනය

ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, ''මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ''යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.
ඔව්හු කතා කොට, ''සමහරෙක්, 'ස්නාවක ජොහන් ය' කියා ද සමහරෙක්, 'එලියා ය' කියා ද, අන් සමහරෙක් 'ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය' කියා ද කියති''යි කී හ.
''එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
සීමොන් පේදුරු උත්තර දෙමින්, ''ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි කී ය.
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි.
ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය''යි වදාළ සේක. තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.

Peter Declares That Jesus Is the Messiah

When Jesus came to the region of Caesarea Philippi, he asked his disciples, “Who do people say the Son of Man is?”

They replied, “Some say John the Baptist; others say Elijah; and still others, Jeremiah or one of the prophets.”

“But what about you?” he asked. “Who do you say I am?”

Simon Peter answered, “You are the Messiah, the Son of the living God.”

Jesus replied, “Blessed are you, Simon son of Jonah, for this was not revealed to you by flesh and blood, but by my Father in heaven. And I tell you that you are Peter,[b] and on this rock I will build my church, and the gates of Hades[c] will not overcome it. I will give you the keys of the kingdom of heaven; whatever you bind on earth will be[d] bound in heaven, and whatever you loose on earth will be[e] loosed in heaven.” Then he ordered his disciples not to tell anyone that he was the Messiah.

The Faith of a Canaanite WomanLeaving that place, Jesus withdrew to the region of Tyre and Sidon. A Canaanite woman from...
03/08/2016

The Faith of a Canaanite Woman

Leaving that place, Jesus withdrew to the region of Tyre and Sidon. A Canaanite woman from that vicinity came to him, crying out, “Lord, Son of David, have mercy on me! My daughter is demon-possessed and suffering terribly.”

Jesus did not answer a word. So his disciples came to him and urged him, “Send her away, for she keeps crying out after us.”

He answered, “I was sent only to the lost sheep of Israel.”

The woman came and knelt before him. “Lord, help me!” she said.

He replied, “It is not right to take the children’s bread and toss it to the dogs.”

“Yes it is, Lord,” she said. “Even the dogs eat the crumbs that fall from their master’s table.”

Then Jesus said to her, “Woman, you have great faith! Your request is granted.” And her daughter was healed at that moment.

කානානිය ස්ත්‍රියකගේ ඇදහිල්ල

ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, ''දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය''යි කියමින් මොරගැසුවා ය.

එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, ''මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ''යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ.

උන් වහන්සේ කතා කරමින්, ''මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ''යි වදාළ සේක. එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, ''ස්වාමීනි, මට පිහිට වුව මැනවැ''යි කීවා ය.

උන් වහන්සේ උත්තර දෙමින්, ''දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ''යි වදාළ සේක. එහෙත් ඈ කතා කොට,
''එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති''යි කීවා ය.
එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ''ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා''යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.

Address

Bolawatta Church
Bolawatta
61110

Opening Hours

07:30 - 10:30

Website

Alerts

Be the first to know and let us send you an email when Jacome Gonsalvez Sunday School Bolawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share