29/07/2026
පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දින, දකුණු ලක බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාරස්ථානයේ චෛත්‍යය ගර්භයේ වැඩ සිටින්නා වූ තුන් ලෝකයටම ඇති එකම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවමාන දන්ත ධාතූන් වහන්සේ උදෙසා දෙතිස් ව්‍යංජන සහිත දළදා පූජාව, ගලපාත රාජමහා විහාර මූලායතනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද රඹුක ධම්මරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන ලදී. මෙම පූජාව සැදැහැවතුන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී අනුබුද්ධ මහා කාශ්‍යප දළදා පූජා කමිටුව විසින් ගෞරව භක්තිය පෙරටු කරගෙන විහාරස්ථානයේ දී සිදු කරන්නට යෙදුණි.
සෑම මසකම පුර පසළොස්වක පොහෝ දිනයේ දී මෙම අසිරිමත් දෙතිස් ව්‍යංජන දළදා පූජාව විහාරස්ථ දළදා පූජා කමිටුව විසින් සිදු කරන අතර ඒ සඳහා නන් දෙසින් පැමිණෙන සුපින්වතුන් දායකත්වය දරනු ලබයි. පින්වත් ඔබටද මෙම පූජාව සඳහා දායක වීමට හැකි අතර, ඒ සඳහා ශ්‍රී අනුබුද්ධ මහා කාශ්‍යප දළදා පූජා කමිටුව වෙනුවෙන් අරුණ ශාන්ත මහතා විසින් (+94776240959) සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.