Mahamevnawa Bandarawela

Mahamevnawa Bandarawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamevnawa Bandarawela, Buddhist Temple, Mahamevnawa Monastery, Kubalwela, Ella, Bandarawela.
(1)

මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය
‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර

්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරළ සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී ලෙස ධර්මය ඉදිරිපත් කිරීම නිසා මිහිරි ධර්මයේ රසය මිනිස් හදවත් තුළට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම, ත‍්‍රිපිටක ධර්මය ඇසුරු කරගනිමින් නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම ලබාදීමට කටයුතු කිරීම මහමෙව්නාවේ සුවිශේෂීම ලක්ෂණයයි. ඒ අනුව රට පුරා භාවනා කරන, ධර්මය ශ‍්‍රවණය කරන තරුණ පිරිසක් බිහිවුණා. ධර්මයට ලැදි, සිල් රකින දරු පිරිසක් බිහිවුණා. මේ දෙපිරිසම සමඟින්, ගෞතම බුදු සමිඳුන් විසින් මේ ලෝකයට හඬ ගා කියන ලද, එම ඒකායන ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වෙනුවෙන් ධර්මයේ හැසිරෙන වැඩිහිටි පිරිසක් ද බිහිවුණා.

21/08/2026
21/08/2026

මෛත්‍රී භාවනාවේ ආනිසංස...

29/05/2026
14/05/2026

🌕🙏 සුපින්බර වෙසක් පුන් පොහෝ දිනයේ ගල්නෑව, නෑගම්පහ සුපිහිටි ශ්‍රී ආනන්ද මහා සෑරදුන්ගේ සතරැස් කොටුවෙහි වඩාහිඳුවනු ලබන

🔴 ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව...

🗓️ මැයි 24 සිට 29 දක්වා උදෑසන සිට සවස් වනතුරු

🙏සිය දෑසින් දැකබලා දස්සනානුත්තරිය මහා පුණ්‍යස්කන්ධය රැස්කර ගැනීමට පින් කැමැත්තෝ සුවඳ මල් ගෙන..🌸

📍හලාවත, බිංගිරිය, බෝවත්ත ශ්‍රී අංගුලිමාල සෑ බිමට පැමිණෙත්වා..! 🙏🌺

Address

Mahamevnawa Monastery, Kubalwela, Ella
Bandarawela

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94768255729

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Bandarawela:

Shortcuts

Share