Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ

Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ, Religious organisation, Bandarawela.

21/12/2025

විවාහය අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි...

🚫ඉතින් ඔයාට එක්කෙනෙක්ට තුන් හිතින්ම ආදරේ කරගෙන එයා එක්කම ජීවිතේ බෙදා ගන්න බැරි නම් විවාහ වෙන්න එපා.

🚫එක ගැහැණියකහෙන් හෝ එක පිරිමියෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න බැරි නම් විවාහ වෙන්න එපා

🚫ඔබේ ලිංගික දිශානතිය (sexual orientation) එක විවාහ සංස්ථාවට නොගැලපෙනවනම් විවාග වෙන්න එපා

🚫විවාහය ඔයා දකින්නෙ කරදරයක් නැත්නම් වැඩකට නැති දෙයක් වගෙ නම් විවාහ වෙන්න එපා

🚫තව කෙනෙක් එක්ක ජීවිතේ ආදරෙන් විශ්වාසයෙන් බෙදා ගන්න බැරි නම් විවාහ වෙන්න එපා

🚫දකින දකින කෙනාට ලිංගික ආකර්ෂණයක් ඇති වෙනවා ඒ නිසා එක්කෙනෙක් එක්ක ඉන්න එක අමාරුයි කියල දැනෙනව නම් විවාහ වෙන්න එපා

🚫ප්‍රේමය සහ හුදු ලිංගික ආශාව වෙන් කර හදුනා ගන්න බැරි නම් ඒක දැනගන්නකං විවාග වෙන්න එපා

🚫තනියෙන් ඉන්න ඉතාම කැමති කෙනෙක් නම්, දෙදෙනෙක් එකට වගකීම් බෙදාගෙම ගෙවන ජීවිතය පිළිබදව තේරුම් නොගෙන විවාහ වෙන්න එපා

🚫තමන්ගේ තනිකම වහගන්න ඕන නිසා පමණක් නං විවාහ වෙන්න යන්නෙ විවාහ වෙන්න එපා

🚫තමන්ගේ ජීවිතේ වගකීමක් තනියම ගන්න බැරි නම් විවාහ වෙන්න එපා

🚫Basic adult skills, ඒ කියන්නෙ මුදල් භාවිතය, තව කෙනෙක්ගේ චිත්තවේග තේරුම් ගැනීම, නිරෝගී සන්නිවේදනය, මනා සෞඛ්‍ය පුරුදු, තමන්ගේ ආතතිය කලමණාකරනය, කොහෙත්ම බැරි නං විවාහ වෙන්න එපා

🚫විවාහයට සහ ආර්ථිකයට බලපාන ඇබ්බැහියක් තියනවනම් විවාහ වෙන්න එපා

🚫ලෝකෙට පේන්න නං විවාහයක් කරගන්න වෙලා තියෙන්නෙ කොහෙත්ම විවාහ වෙන්න එපා

🚫ඔයාගේ සහකරු හෝ සහකාරියට අවංකවම මුලු හදවතින්ම කැමැත්තක්, ප්‍රේමයක් නැත්නම් ( සල්ලි වලට ලස්සනට හෝ වත්කම් වලට නෙවෙයි) විවාහ වෙන්න එපා

🚫අම්ම තාත්ත කියනම නිසානං විවාහ වෙන්න වෙලා තියෙන්නෙ විවාහ වෙන්න එපා

👉විවාහය කියන්නෙ කරගන්නම ඕන දෙයක් නෙවෙයි, ඒක දෙන්නෙක්ගේ ගොඩනැගිලා තියන ගැඹුරු ලස්සන සම්බන්ධතාවයක් තවත් අර්ථවත් කරගන්න කැපවෙන්න පුළුවන් අය පමණක් ගන්න ඕන තීරණයක්.

👉ඒක ඔයාට විතරක් නෙවෙයි, හම්බෙන්න ඉන්න දරුවන්ටත් ඒ දරුවන් හදන පරම්පරා ගාණකටත් කරන ලොකු සේවයක්.

❌ඉතින් විවාහවෙන්නංවාලේ විවාහ වෙලා traumatize වුණු දරු පරම්පරාවක් හදනවට වඩා සතුටින් තනියම ඉන්න. නැත්නං මනෝ උපදේශනයට යොමු වෙලා ඔබේ ජීවිතය සුවපත් කරගෙන ඉන්න.

ආදරෙයි

නදීපා රණසිංහ
මනෝවිද්‍යා උපදේශිකා

www.nadeepa.com

🇱🇰

07/11/2025
06/11/2025

📢 St. Carlo Borromeo’s Church, Willorawatta, Moratuwa – 129th Annual Feast 2025

We warmly invite all devotees to join us in celebrating the 129th Feast of St. Carlo Borromeo.

✨ Vespers: Saturday, November 8th at 7.00 PM
✨ Feast Day Holy Mass & Final Blessing (after the procession): Sunday, November 9th at 8.30 AM

Our Media Unit has made arrangements to broadcast the celebrations live on the St. Carlo Borromeo’s Church, Willorawatta, Moratuwa page.

All pilgrims abroad and devotees who are unable to attend in person are invited to join us online and share in the joy and blessings of this special occasion.

Please help us spread this message among family and friends. God Bless You All....! 🙏
------------------------------------------------------------------------------------
📢 මොරටුව, විල්ලෝරාවත්ත ශු. කාර්ලෝ බොරෝමෙයෝ මුනිදුන්ගේ දේවස්ථානය - 129 වන වාර්ෂික මංගල්‍යය 2025

ශු. කාර්ලෝ බොරෝමෙයෝ දේවස්ථානයේ 129 වන මංගල්‍යය සැමරීමට අප හා එක්වන ලෙස අපි සියලුම බැතිමතුන්ට සාදරයෙන් ආරාධනා කරමු.

✨ සන්ධ්‍යා මෙහෙය : නොවැම්බර් 8 වන සෙනසුරාදා සවස 7.00 සිට
✨ මංගල්‍ය දින ශුද්ධ දිව්‍ය පූජාව සහ අවසාන ආශිර්වාදය (පෙරහැරෙන් පසු): නොවැම්බර් 9 වන ඉරුදින පෙ.ව. 8.30 සිට

මොරටුව, විල්ලෝරාවත්ත ශු. කාර්ලෝ බොරෝමෙයෝ මුනිදුන්ගේ දේවස්ථානයේ ෆේස්බුක් පිටුව (St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa) ඔස්සේ සන්ධ්‍යා මෙහෙය සහා මංගල්‍යය මහා දිව්‍ය පූජාව සජීවීව විකාශනය කිරීමට අපගේ මාධ්‍ය ඒකකය කටයුතු යොදා ඇත.

විදේශගතව සිටින සියලුම මීසම්වාසි ජනතාවට සහ පුද්ගලිකව සහභාගී වීමට නොහැකි බැතිමතුන්ට අන්තර්ජාලය හරහා අප හා එක්වී මෙම විශේෂ අවස්ථාවේ ප්‍රීතිය හා ආශිර්වාදය බෙදා ගැනීමට ආරාධනා කෙරේ.

කරුණාකර මෙම පණිවිඩය සියලුම දෙනා සමග බෙදා ගැනීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ සැමට ජේසු පිහිටයි...! 🙏

... ..



St.Charles Youth Society - Willorawatta
St.Charles Borromeo YCS Willorawatta, Moratuwa
St.Charle's Church Choir - Willorawatta

27/10/2025

විල්ලෝරාවත්ත ශු.කාර්ලෝ බොරෝමෙයෝ දේවස්ථානයේ 129 වන වාර්ෂික මංගල්‍යය සදහා වැඩ පිළිවෙළ.....!

10/10/2025

LGBTIQ පුද්ගලයෙක්ව bully කරපු straight කොල්ලෙක් කියන කතාවක්...

TikTok තුලින් උපුටාගත් විඩියෝවකි...

Source: https://www.tiktok.com//video/7558543318854995208

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share